සුගතදාස ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරය කසිප්පු විකිණීමයි. බිරිය යසවතී සුගතදාසගේ ව්‍යාපාරයට අකමැති වුවත් ඊට බාධා නොකර කරබාගෙන සිටින්නීය. දිනක් සුගතදාස අවශ්‍යතාවක් සඳහා නිවසින් පිටව ගියේය.
මේ අතරේ හදිසියේම ගමේ පොලිසිය සුගතදාසගේ ගෙදරට කඩා පැන්නේය. සෝදිසි වරෙන්තු නැතත් නිවස ද පරීක්ෂා කළේය. ගේ මුල්ලේ සඟවා තිබූ කසිප්පු කාලක් සොයා ගත් පොලිසිය සුගතදාස නැති නිසා බිරිය යසවතී පොලිස් ජිප්රියට නංවාගෙන කෙළින්ම ගියේ පොලිසියටය. එය ආරංචි වූ යසවතීගේ පුත‍්‍රයා ද පොලිසියට ගියේය. තාත්තා අල්ලගෙන ආවොත් අම්මව එවනවා. නැත්නම් කසිප්පු තියාගත්තා කියලා අම්මා උසාවි දානාවා. පොලිසියේ ලොකු මහත්තයා කීවේය. පැය ගණනකට පසු සුගතදාස පොලිසියට ආ අතර යසවතීට නිවසට යෑමට හැකි වූවාය.
ඒ එක්තරා ගමක කතාවකි. ඒ ගමේ හෙරොයින්, ගංජා නැත. ඇත්තේ කසිප්පු පමණි. කසිප්පු කාලක් නිසා පැය ගණනක් පොලිසියේ ලගින්නට යසවතීට සිදුවූවාය.
කසිප්පු කතාව එසේ වුවත් හෙරොයින් කතාව ඊට තරමක් වෙනස්ය. හෙරොයින් මත් කුඩු කිලෝ 261ක් සහිත කන්ටේනරයක් ගෙන්වූ අයටත්, ඒවා නිදහස් කර ගැනීමට ලියුම් දුන් අයටත්, ලියුම් දෙන ලෙස බලපෑම් කළ අයටත් එය අදාළ නොවේ.
කරච්චියේ ෂා ඉන්ඩස්ටී‍්‍රස් වෙතින් ඉකුත් ජූනි මස 17 වැනි දා නැව් ගත කළ අඩි 40ක් පමණ දිගැති කන්ටේනරයක් ජූනි 22 වැනි දා කොළඹට ළඟා විය. එහි ග‍්‍රීස්, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් ආදී දෑ ඇතැයි සඳහන් කර තිබිණි.
කන්ටේනරය එවා තිබුණේ මාලිගාවත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ නමිනි. ග‍්‍රීස් ගෙන්වීමට ඛණිජ තෙල් සංස්ථාවේ අවසරයක් තිබිය යුතු වුවත් මීට එවැනි අවසරයක් ලබා තිබුණේ නැත.
මෙවැනි කාරණා කිහිපයක් නිසා කන්ටේනරය රේගුවේ රඳවාගනු ලැබීය.
මාස දෙකකට ආසන්න කාලයක් කන්ටේනරය රේගු අංගනයේ තිබිණි.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරක් අනුව මේ කන්ටේනරය ගැන සෙවිල්ලෙන් සිටියේය. එය පරීක්ෂා කිරීම සඳහා පොලිස්පති හරහා රේගුවට දැන්වීය. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගු නිලධාරීහු කන්ටේනරය විවර කළහ. ඒ ඉකුත් අගෝස්තු 30 වැනිදාය.
ඒපීඑච්යූ6103222/09 දරන බහාලූමේ ග‍්‍රීස් ටින් අස්සේ සඟවා තිබූ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 261 යි ග‍්‍රෑම් 292ක් හමුවූයේ ඒ අනුවය. දකුණු ආසියාවේ එක්වරකදී අසුවූ වැඩිම කුඩු තොගය ලෙස වාර්තා තැබූ මේ කුඩු තොගය 2013 සැප්තැම්බර 02 වැනි දා ඊඑන්පී/2013/12809 යටතේ රස පරීක්ෂක වෙත යවන ලදුව නොවැම්බර් අටවැනිදා එන්/5481/2013 (සීඞී4055/2013) අනුව රසපරීක්ෂක වාර්තා ලැබිණි. එහි සඳහන් වූයේ රස පරීක්ෂණයට යොමු කළ දෑ හෙරොයින් ලෙස හඳුනා ගත් බවයි. එහි ශුද්ධ බර කිලෝග‍්‍රෑම් 131 ග‍්‍රෑම් 148ක් ලෙස එම වාර්තාවේ සඳහන් විය.
තිබූ කුඩු ප‍්‍රමාණයෙන් බාගයක් අඩුවූයේ කෙසේදැයි දැඩි කතාබහක් ඇති විය. විවිධ පිරිස් විවිද දෑ කීහ.
මත්කුඩු කන්ටේනරය ගැන විමර්ශන කළ පොලිස් කණ්ඩායම සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගත්හ. පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර අංක 323/එෆ්/11/3හි පදිංචි ජමාල් නාසීෆ් අසීස් අබ්දුල් එක් අයෙකි. කොළඹ 10 මාලිගාවත්තේ දුම්රිය නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඞ් කමීල් අනෙක් සැකකරුය.
කන්ටේනරය අත්අඩංගුවට ගැනීමට පෙර රටින් පිටවූ බව කියන සර්දර් අසාද් මොහොමඞ් ඛාන් නම් පකිස්තානුවා කුඩු කන්ටේනරය ගෙන්වීමට මූලික වී ඇතැයි පොලිසිය කියයි. පකිස්ථානයේ කාශ්මීර දේශසීමාවේදී එම සැකකරු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිවේදනය කළේය.
මත්ද්‍රව්‍ය කන්ටේනරය ලංකාවට ගෙන්වූයේ කවුද, කොපමණ කලක සිට මේ ජාවාරම ක‍්‍රියාත්මක වන්නේ ද ආදී ප‍්‍රශ්නවැලක් ඉතිරිව තිබියදී පොලිස් පරීක්ෂණවල තත්ත්වය ගැන කතාබහ යටපත් විය.
නැවත එය ඉස්මතු වූයේ අගමැති ලේකම්වරයකු විසින් කන්ටේනරය නිදහස් කර ගැනීම සඳහා ලබා දුන් බව කියන ලිපියක් නිසාය.
එම ලිපිය නිකුත් කර ඇත්තේ අගෝස්තු 25 වැනි දාතමින් ය. එහි අත්සන් තබා ඇත්තේ බුද්ධ ශාසන ඇමැතිගේ ලේකම්වරයෙකි. බුද්ධ ශාසන ඇමැති ලෙස කටයුතු කරන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අග‍්‍රමාත්‍යවරයා ය. ඒ අනුව කුඩු සහිත කන්ටේනරය නිදහස් කරන්නැයි ලිපි යවනු ලැබ ඇත්තේ ශ‍්‍රී ලංකා අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු විසිනි. එහි සඳහන්ව තිබී ඇත්තේ මාලිගාවත්තේ සමාගමක් විසින් ගෙන්වන ලද කන්ටේනරය ප‍්‍රමාද ගාස්තුවලින් සහ වරාය ගාස්තුවලින් නිදහස්කොට මුදා හැරීමට අවශ්‍ය පියවර ගනු ලබන්නේ නම් අගමැති වෙනුවෙන් ස්තුතිවන්ත වන බවයි.
ලේකම්වරයා විසින් යැවුණු බව කියන ලිපිය ගැන මාධ්‍ය අනාවරණය කරද්දී පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ ඒ ගැන ප‍්‍රශ්න කරන්නට වූහ. අගමැතිත්, ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරියාත් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ප‍්‍රශ්න කළහ. තවත් සමහරු මේ පිටින් දේශපාලන වශයෙන් ගොඩ යන්නට උත්සාහ කළහ. ඒ කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේම ඒ ගැන විශාල කතා බහක් ඇති විය.
ඒ අනුව පොලිසිය අදාළ සම්බන්ධීකරණ ලේකම්ගෙන් ප‍්‍රකාශයක් ලබා ගත්තේය. එම සම්බන්ධීකරණ ලේකම්වරයා ප‍්‍රසිද්ධියේ පැවසුවේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු විසින් එය මුදා හරින ලෙස ඉල්ලා සිටි බවයි. එම දේශපාලනඥයාද තවත් උත්තරයක් දී ලිස්සා ගියේය.
ලොක්කන්ගේ පව් සොක්කන් පිටින් යන න්‍යාය කුඩු කන්ටේනරයේ කතාවට ද ඈඳී ඇතැයි කෙනකුට සිතෙන්නට පුළුවන. විමර්ශන කෙරීගෙන යන ආකාරය දෙස බලන කළ එය අසත්‍ය යැයි කිසිවකුට කිව නොහැක. ඇතැම්විට ලේකම්ට මේ ලිපිය නිකුත් කිරීමට බලපෑම් කළ පුද්ගලයා යටපත් කර සියලූ චෝදනා ලේකම් පිටින් යැවීමට ද ඉඩ ඇත.
කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් අගමැති ලේකම් ලිපියක් දුන්නානම් මුලින්ම ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන කරබාගැනීමට පොලීසියට හැකියාවක් නැත. අනිත් අපරාධකරුවන්ගෙන් ඇත්ත දැන ගැනීමට ප‍්‍රශ්න කිරීමේ කලාව ඊට ද උපයෝගී කර ගත යුතුය. ලිපි නිකුත් කිරීමට අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම්ට උපදෙස් දුන්නේ කවුද යන්න ඊළඟට සොයා බැලිය යුතුය. ඒ ඔස්සේ දිගටම යමින් කුඩු කන්ටේනරයේ සුල මුල හෙළි කර ගත හැකිය. නමුත් එලෙස වන පාටක් තවම පෙනෙන්නට නැත.
කුඩු කන්ටේනරයට සම්බන්ධ ව්‍යාපාරිකයකු තරුණ දේශපාලනඥයකුගේ ඡන්ද ප‍්‍රචාරක රැලියකට වාහන සැපයීයැයි ද, ඔහුගේ ඡන්ද ප‍්‍රචාරයට වියදම් කළැයි ද පසුගියදා මාධ්‍ය වාර්තා කළේය. එය ද ඉවත දැමිය නොහැකි බරපතල කාරණයකි.
” |