මේ ජීවිතයේදීම කළකම් පළදෙන හැටියමකු යහපත් දෙයක් කළහොත් ප‍්‍රතිඵලය යහපත්ය. අයහපත් දෙයෙහි ප‍්‍රතිඵලය ද අයහපත්ය. කළකම් පළදෙන බව වටහා ගැනීමට ඊටත් වඩා මගක් නැත. මෙම විශේෂාංගය ඒ වෙනුවෙනි.
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවක් මෙසේය.
කෙල්ලන් අමාරුවේ දැමූ නීටා ඇන්ටිට මේ ජීවිතයේදීම දුක උරුම විය සත්වයකු මියගිය පසු කිසියම් ආත්මයක උපත ලබයි. පව් කළ අය මරණින් මතු දුගතියෙහි උපදියි. පිං නොහොත් යහපත් ක‍්‍රියාවන් සිදු කළ අය මරණින් මතු සුගතියක උපත ලබයි. ‘නිරයං පාප කම්මන්තා - පුඤ්ඤකම්මාච සුග්ගතිං’ යනුවෙන් ඒ බව බුදු දහමෙහි පෙන්වා දෙයි. අකුසල කර්ම කළ අයෙකු මිය ගිය පසු දුගතියෙහි ඉපදුණහොත් දානාදී පිංකම් කර පිං අනුමෝදනා කිරීමෙන් ඔහුට හෝ ඇයට හෝ සුගතියක් ලබාදිය හැකි බව පවසයි. එහෙත් එලෙස සුගතියක් ලබා දීමට නොහැකි ස්ථානවල උපත ලැබුවහොත් කිසිවකුටත් ගලවා ගත නොහැක. ‘පරදත්ථූපජීවී’ නම් පේ‍්‍රත ආත්මයක උපත ලැබුවකුට නම් ඥාතීන් පිං ලබා දීමෙන් යහපත් ආත්මයක් ලබා දිය හැකි බව සඳහන් වෙයි.
මිනිසත් බව ලැබූ ඇතැම් දෙනා විසින් යහපත් ක‍්‍රියාවන් සිදු කිරීමෙන් තමන්ටම යහපතක් කර ගැනෙයි. එහෙත් ඇතැම්දෙනා විසින් අකුසල් නොහොත් පාපකර්ම කිරීම මගින් තමන්ට මෙන්ම බොහෝ දෙනෙකුට අවැඩක්ම සිදු කරනු ලබති. එවැනි පාප කර්ම නිසා පේ‍්‍රත ආත්ම භාවයන් ලබා ඉතා දුකසේ කාලය ගත කරයි. ඔවුන් විඳින දුක් කොතෙක්ද යන්න ‘පේ‍්‍රතවත්ථු වර්ණනාව’ ග‍්‍රන්ථයේ එන කථා පුවත්වලින් දැන ගත හැකිය. ඇතැම්හු පේ‍්‍රත ආත්ම භාවයන් ලබා අනේක දුක් විඳිති. පේ‍්‍රත ආත්ම හතරක් ඇත. එනම්, 1. නිජ්ඣම තණ්හික 2. කුප්පිපාසිකය 3. පාංශු පිසාචය 4. පරදත්ථූප ජීවය යනුවෙන් හඳුන්වයි. පරදත්ථූපජීව යනු අනුන් දෙන දෙයින් යැපෙන්නා යන අර්ථය ගෙන දෙයි. එවැනි පේ‍්‍රත ආත්මයක උපත ලදහොත් ඥාතීන් විසින් දෙනු ලබන පිං අනුමෝදන් වීමෙන් එම පේ‍්‍රත ආත්ම භාවයෙන් මිදිය හැකිය.
අකුසල් කිරීම නිසා පේ‍්‍රත ආත්ම භාව ලබා, තමන් මිනිස් ආත්ම ලබා ජීවත් වූ නිවෙස්වලට පැමිණ නිවෙස් තුළ හෝ පිටත එම ගෙවත්තේ, නිවසෙහි අඳුරු ස්ථාන තුළ ඇතැම් විට වැසිකිළිය තුළ, ඉඳුල් බත් සහ කසළ දමන ස්ථානයේ, බිත්ති අයිනේ ඇඳුම් පැළඳුම්, ආහාර පාන නොලබමින් ඉතා දුකසේ කල් ගෙවති. යමක් ඉවතලන තුරු බලා සිටිති. ඇතැම් පේ‍්‍රතයෝ කෙළ, සෙම් සොටු, මළ මුත‍්‍ර පවා ආහාර වශයෙන් ලැබෙන තුරු බලා සිටිති. ඇතැම් පේ‍්‍රතයන් වැසිකිළි වළ තුළට වී අසූචි වැටෙන තෙක් බලා සිටිති. මෙම පේ‍්‍රතයන් මිනිසුන්ගේ පියවි ඇසට නොපෙනෙති. එහෙත් සැරියුත් මුගලන් වැනි අධිමානසිකත්වය ලැබූ උතුමන් පේ‍්‍රත ආත්ම ලැබූවන් සමඟ අදහස් හුවමාරු කර ගෙන තිබෙන බව ඉහත සඳහන් ‘පේ‍්‍රතවත්ථු වර්ණනාවේ’ එන කතාපුවත්වලින් පැහැදිළි වෙයි. එසේම මෑත භාගයේ විසූ මහාචාර්ය ‘නන්දසේන රත්නපාල’ වැනි වියතුන් කරන ලද පර්යේෂණවලින් ද පේ‍්‍රතම ආත්ම භාව ලැබූවන් පිළිබඳ කරුණු සොයාගෙන ඇත.
පේ‍්‍රත ලෝකය යනු සැප සම්පත් නොමැති, නිශ්චිත ස්ථානයක් නොමැති, ශරීර ඉතා කෘෂ, බඬේ යට කොටස පිට කොන්දට ඇලී ඇති, බඩ ඉදිරියට නෙරා ඇති, අප‍්‍රසන්න රූපයකින් යුක්ත සත්ව කොට්ඨාසයක් බව පැහැදිලිය. ඔවුන්ට කුසගින්න නිවාගැනීමට ආහාර ද පිපාසය නිවාගැනීමට ජලයද කිසි දිනක නොලැබේ. එහෙත් කළ අකුසල් නිසා මිනිසුන්ගේ මෙන්ම තිරිසනුන්ගේ ද මළ මුත‍්‍ර ආහාර වශයෙන් ගනිති. ඇතැම් පේ‍්‍රතයෝ තමන්ගේම සිරුර සූරා කති. ඇතැමුන් තම සිරුරේම තුවාලවලින් ගලන ලේ සැරව පානය කරති. ‘මුහුණු කුණුව තව පේ්‍්‍රතව විඳි ගැහැට - පිසුනු බසක් නොකියව් අද පටන් සිට’ කේලාම් කියා භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කිරීමේ විපාක වශයෙන් බොහෝ කලක් අපා දුක් විඳ නැවත පේ‍්‍රත ආත්මයක ඉපදී මුහුණ කුණුවී අපමණ දුක් විඳි අයුරු එලෙස සඳහන් වෙයි. ඇතැම් විට ඔබේ ඥාතීන් පේ‍්‍රත ආත්මයක ඉපදී මුහුණ කුණුවී අපමණ දුක් විඳි අයුරු එලෙස සඳහන් වෙයි. ඇතැම් විට ඔබේ ඥාතීන් පේ‍්‍රත ආත්ම ලබා ඔබේ නිවසේ සිටිය හැක. එහෙත් ඒ පිළිබඳ කිසිසේත්ම බිය විය යුතු නැත. පේ්‍්‍රතයන්ට කිසිවකුත් කිසිඳු හානියක් කළ නොහැක. එවැනි ශක්තියක් ඔවුනට නැත. එහෙත් ඔවුන්ට පහසුවෙන් නිවෙස් තුළ සිටීමට අවශ්‍ය පසුබිම ඔබ ගන්නා ක‍්‍රියා මාර්ග තුළින් ලැබිය හැක. නිවස අවට කුණු කසළින් පිරී ඇත්නම්, අපිරිසිදුව ඇත්නම්, කෙළ සෙම් සොටු මිදුල පුරා ඇත්නම් පිළුණු ආහාර තැන තැන දමා ඇත්නම් නිවැසියන් අතර සමගිය නැත්නම් එවැනි ස්ථාන පේ‍්‍රතයන්ගේ වාසස්ථාන බවට පත්වෙයි. එසේ වන්නේ එවැනි තැන්වලින් ඔවුනට පහසුවෙන් යැපීමට හැකි නිසාය.
පේ‍්‍රතයන් පිළිබඳ මෙතෙක් දුරට පැහැදිළි කළේ පේ‍්‍රත ආත්මයක් ලදහොත් විඳීමට සිදුවන දුක් කන්දරාව පැහැදිළි කිරීම සඳහාය. මේ ජීවිතයේදීම පේ‍්‍රතියක බවට පත්වූ, මියගිය පසුවත් පේ‍්‍රත ආත්මයක් ලැබූ එක්තරා කාන්තාවක පිළිබඳ හඳුන්වාදීමට අදහස් කළෙමි.
ඇය රජරට දුෂ්කර ප‍්‍රදේශයක වාසය කළාය. නියම නම එය නොවුණත් කවුරුත් ඇය හඳුන්වනු ලැබුවේ ‘නීටා’ යන නමිනි. තරමක රූමතියක් වූ ඇය පාසල් ගමන නතර කළ වහාම කොළඹ ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැුකියාවක් ලබාගත්තාය. ඇඟලූම් ආයතනයක බව පැවසුවත් එය කොතෙක් දුරට සත්‍යදැයි කිසිවෙක් නොදත්හ. මසකට වතාවක් ගමට එන ඇය අළුත් විලාසිතාවන්ගෙන් සැරසී පැමිණීම ගමේ තරුණියන්ට අදහාගත නොහැකි තරම්ය. ඇය අත දිගහැර කරන වියදම් දුටු බොහෝ දෙනෙකු සිතුවේ ඇය ගමට එන සුර දූතිකාවක වශයෙනි.
හේන් ගොවිතැනින් ජීවත් වූ මිනිසුන් සිටි මෙම ගම්මානයෙහි දුප්පත්කමින් පීඩා විඳි තරුණියෝ විශාල පිරිසක් සිටියහ. ‘නීටා’ ඇන්ටි මෙය දඩමීමා කරගත්තාය. තමන් ගත කරන සුරංගනා ලොව පෙන්වීමට එක් එක් තරුණිය කොළඹට රැුගෙන ගියේ උසස් ආයතනවල ඉහළ වැටුපක් ලබා දෙන රැුකියාවක් ලබාදෙන බව පවසමිනි. ඇගේ ඉච්ඡුා බස්වලට රැුවටුණ බොහෝ අහිංසක තරුණියෝ ඇය පසුපස ගොස් අවසන කොළඹ ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ ගණිකාවෝ බවට පත්වූහ. තරුණියන් රවටාගැනීමේ මනා හැකියාවක් ඇයට තිබුණි. තම දියණියන් එවැනි තත්ත්වයකට ඇද වැටී ඇති බව දැනගත් මාපියන් ‘නීටා’ ඇන්ටිට ශාප කළහ. ඇතැම් දෙන සමාජයට මුහුණ දීමට නොහැකිව දිවි නසාගත්හ.
මෙසේ අහිංසක තරුණියන් වරදට පොළඹවා ගෙන විශාල වශයෙන් ධනය ඉපැයූ නීටා සුවකළ නොහැකි පිළිකා රෝගයකට ගොදුරු වූවාය. පිළිකාව හැදුනේ කිසිවකුටත් පෙන්වීමට අපහසු ස්ථානයකය. කොතෙක් ප‍්‍රතිකාර කළත් සුවයක් ලැබීමට නොහැකි විය. ඇය දවසින් දවස කෘෂ වූවාය. හිසෙහි කෙස් සියල්ල හැලී, දත් මුල් දියවී දත් ඇඳි පෑදුණි. මුලූ ගතම වැහැරුණ ඇය බැලූ බැල්මට පේ‍්‍රතියක් මෙන් දිස්වුණි. ඉතා අපහසුවෙන් ගමට පැමිණි ඇය ලෙඩ ඇඳෙහි දිගු කලක් දුක් වින්දාය. මළ මුත‍්‍ර ගොඩෙහි දුඟඳ හමමින් කිසිවකුගේත් අනුකම්පාවක් පවා නොලබමින් සෑහෙන කාලයක් දුක් විඳ මිය ගියාය. සුසාන භූමියෙහි වළලා දැමුව ද ඇය වාසය කළ නිවසෙන් ඉවත්ව නොගිය ලකුණු තිබිණි. නිවස කොතරම් සෝදා පිරිසිදු කළත් දුර්ගන්ධය නැති කළ නොහැකි විය. ඇතැම් දිනවල ඇය වැළපෙන හඬ ඇසෙන බව නිවැසියෝ පැවසූහ. බොහෝ දෙනා පැවසුවේ ඇය පේ‍්‍රතියක වශයෙන් උපත ලබා නිවසෙහි සැරිසරමින් සිටින බවය. පිළිකාවක් වැළඳීමට විවිධ හේතු සාධක තිබිය හැක. අප ගන්නා ආහාර පාන, ජීවත් වන පරිසරය වැනි විවිධ හේතු බලපානු ඇත. එබැවින් සියලූ පිළිකා රෝගීන් මේ ජීවිතයේදීම පව්කළ අය වශයෙන් සැළකිය යුතු නොවේ. එහෙත් නීටා ඇන්ටිට පලදුන්නේ මේ ජීවිතයේදීම ඇය විසින් කරන ලද අකුසල කර්මවල විපාක බව සක්සුදක්සේ පැහැදිලිය.
අනුරාධපුරයේ පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.
රෝගීන්ට අකාරුණික වූ සේවකයාට දේව දඬුවමක්
රෝහල් සේවකයන් රෝගීන්ට අකාරුණික ලෙස සලකන බව නිතර නැෙඟන චෝදනාවකි. රෝහල් සේවකයන් සිතා සිිටින්නේ උසස් නිලධාරීන්ගෙන් හෝ දෙපාර්තමේන්තුවෙන් හෝ දඬුවම් නොලැබෙන්නේනම් තමා දිනා ඇති බවයි. එහෙත් ඔවුන්ට ඒවා කවදා හෝ පළදෙන බව ඔවුහු නොදනිති. එහෙත් රෝගීන්ට අකාරුණික ලෙස සැලකූ අයට මේ ආත්මයේදීම ඒවා පලදුන් හැටි මම දැක ඇත්තෙමි.
අවුරුදු 40ක හෙද සේවා කාලයක් නිමවා විශ‍්‍රාම දිවියේ දසවැනි වසර ගෙවන මට ඒවා බොහොමයක් සිහිපත් කළ හැක. දැනට සේවයේ සිටින අයට හා රෝහල් සේවයට පිවිසීමට සිතා සිටින අයට ඔවුන්ගේ දැන ගැනීම සඳහා සංස්කාරක තුමාගෙන් අවසර ලැබෙන්නේ නම් වරින් වර ඒවා ඉදිරිපත් කළ හැක. පහත දැක්වෙන්නේ එක් සිදුවීමකි.
රජරට ප‍්‍රධාන රෝහලක සේවය කළ සේවකයකු වූ මොහු විලියම් නමින් හඳුන්වමි. විලියම් කිසි දිනක රෝගීන්ට හොඳින් සැලකූ අයෙකු නොවේ. ඔහුට විරුද්ධව කොතරම් පැමිණිලි කළත් ඔහුට දඬුවම් නොලැබුණ නිසා හෙදියන්ට ද පැමිණිලි කිරීම එපා විය. කාටත් හිසරදයක් වූ මොහු දෙපාර්තමේන්තුවෙන් දඬුවම් නොලැබුණු නිසා තමාට වුවමනා විදියට හැසිරෙන්නට විය. ඇඳෙන් බැසීමට අපහසු රෝගියකු මළ මුත‍්‍රා පහකිරීමට පෝච්චියක් ඉල්ලූ විට මොහුගෙන් ලැබුණේ බැණුම් හා ගෙරවිලි පමණකි. රෝගීන්ට ඔහු වහ කදුරු විය. රෝගීන් මෙන් අනෙක් රෝහල් සේවකයන් ද මොහුගෙන් නිදහස් වන දිනයක් ගැන ඇඟිලි ගනිමින් සිටියේ ඔහු විශ‍්‍රාම වයසට ආසන්නව සිටි කාලයේය. රෝගීන්ගේ දේ ගසා කා ඔවුන්ට නොසලකා අවසානයේ විශ‍්‍රාම ගොස් හොඳ විශ‍්‍රාම දිවියක් ගෙවන්නට ඔහුද කල්පනා කරමින් සිටින්ට ඇත. වඩාත්ම ආසන්න සිද්ධිය පහත දැක්වෙන පරිදි මගේ අත්දැකීමෙන්ම දක්වමි.
එදා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් පරීක්‍ෂා කරන දිනයයි. නේවාසික වෛද්‍යවරයකු හා වෛද්‍යවරියක සමඟ ඔහු රෝගීන් පරීක්‍ෂා කරමින් සිටියේය. වේලාව දහවල් දොළහට ආසන්නය. රෝගීන්ට දිවා ආහාරය ද පැමිණියේ මේ වෙලාවේය. ආහාර ගෙන යන ට්‍රොලිය වෙත ගිය හෙදියක් උපස්ථායකත් සමඟ ආහාර බෙදීමට පටන් ගත්තාය. ඇඳෙන් ඇඳට ට්‍රොලිය ගෙන යමින් රෝගීන්ට ආහාර බෙදීම සාමාන්‍ය සිරිත වේ. ඇඳක් නැති රෝගීන්ට වෙනම ආහාර බෙදීම සිදුකෙරේ. ඇවිද යා හැකි රෝගීහු තම පිඟන් ගෙනැවිත් අහාර ලබාගනිති.
මහ පාරේ වැටී සිටි කාත් කවුරුත් නොමැති සරදියෙල් නම් රෝගියකු ඉස්තෝප්පුවේ කොනක බිම සිටියේය. ඔහුට ඇවිදීමට ද නොහැකිය. ඔහුට රජයේ පිඟානක ආහාර බෙදා ආහාර බෙ¥ හෙදිය එය රෝගියාට ගෙන ගොස් දෙන ලෙස ඉහත කී විලියම් නැමැති සේවකයාට පැවරුවාය. ඔහු අකමැත්තෙන් එය රෝගියා ළඟ බිම තබා යන්නට ගියේය. පිඟාන ගැනීමට අත දිගු කළ නොහැකි නිසා ‘අනේ කංකානම් මහත්තයෝ බත් එක ළඟට දෙන්නකෝ’ කියා ඉල්ලා සිටියත් ඔහු එය නෑසුනාක් මෙන් ඉවත්විය. මා වෛද්‍යවරුන් සමඟ රෝගීන් පරීක්ෂා කිරීමේ කාර්යයෙහි නියැළුණු නිසා මට ඉන් ඉවත් වීමට නොහැකිය. මම විලියම් නම් සේවකයා කැඳවා රෝගියා ළඟට පිඟාන ලංකරන ලෙස පැවසීමි. එයින් උරණ වූ ඔහු රෝගියා වෙත ගොස් කකුලෙන් පිඟාන රෝගියා වෙත ළං කළේය.
‘කෑම පිඟානට නේද පයින් ගැහුවේ. ඔය පව කවදා හරි පලදේවි’ මා ඔහුට කියද්දී වෛද්‍යවරුන් ඔහුට අප‍්‍රසාදය පළ කළහ. මෙය සිදුවී මාසයක් පමණ ගිය පසු ඔහුගේ විශ‍්‍රාම දිවිය උදා වුණි. විශ‍්‍රාම ගෙන සති දෙකකට පමණ පසු ඔහු අංශභාගය වැලඳී එම වාට්ටුවේම නතර විය. කිසි දිනක සුවකළ නොහැකි තරම් දරුණු අංශභාගයක් බව විශේෂඥ වෛද්‍යවරයා තීරණය කර තිබුණි. එම රෝග විනිශ්චය කර විශේෂඥ වෛද්‍යවරයා මා වෙත හැරී ‘ඔන්න එදා ඔයා කියාපු දේ හරි ගිහින්’ යැයි පැවසීය. ඒ රෝග තත්ත්වය සුව නොවී මාස දෙකක් පමණ දහදුක් විඳ විශ‍්‍රාම වැටුප ලැබීමටත් පෙර ඔහු මියගියේය. මෙය 1975 දී පමණ සිදුවූවකි.
(මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න)