දෙවරක් ජනාධිපතිධුරය ඉසිලූ මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයට ඉදිරිපත්වීමට නියමිතය. ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් නොදුන් මහින්ද රාජපක්‍ෂ මහතා පළමුවරට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්නේ ඉරිදා ලංකාදීප පුවත්පතටය. මේ ඒ සම්මුඛ සාකච්ඡාවය.
ප‍්‍රශ්නය:- ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වෙලා හත් මාසයක් වුණා. මේ ගෙවුණු හත් මාසය ඔබට දැනුනේ කොහොමද?
පිළිතුර:- මට දැනෙනවා මේ රට අස්ථාවර වුණා කියලා. සංවර්ධනය අත්හිටලා. විරැුකියාව වැඩිවෙලා. මේවත් එක්ක රටේ මිනිසුන්ගේ හැම කෙනෙකුගේම ව්‍යාපාරික ලෝකයේ ඉඳලා ගොවි ජනතාව දක්වා... කම්කරුවා දක්වා... සෑම දෙනාටම මේ පීඩනය දැනෙනවා.
ප‍්‍රශ්නය:- ඔබේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත් වෙනසක් ඔබට දැනෙනවද?
පිළිතුර:- ඇත්ත වශයෙන්ම මට ලොකු සහනයක් දැනෙනවා. ඒත් අවිවේකී බව නම් අඩු නෑ. ඒ දවස්වල මම හරිම කි‍්‍රයාකාරීව හිටියේ. අවිවේකීව හිටියේ. ඒ අවිවේකි ගතිය අඩුවෙලා ගියා. ජනතාව ඍජුව මුණ ගැසුණා. ගමේ හිටියා. ගමට ජනතාව එනවා. මම පන්සල් යනවා. කෝවිල් යනවා. පල්ලි යනවා. ඒ නිසා මට බොහොම නිදහස් මනසක් ලැබුණා.
ප‍්‍රශ්නය:- ජනතාව ඉල්ලූවෙත් වෙනසක්. ඒ වෙනසම ඔබටත් ලැබුණා?
පිළිතුර:- අපෝ නෑ. ඒ වෙනස නොවෙයි. රටේ ජනතාවට දැනෙන වෙනස මටත් දැනෙනවා. ඒක ඇත්ත. මොකද, ඇතිවෙච්ච වෙනස තමයි රටේ සංවර්ධනය නතර වෙලා තියෙනවා. පලිගැනීම් ඉතාම වේගයෙන් කරනවා. රට විනාශ වෙලා. ජනතාවට ඒ වෙනස දැනෙනවා. මටත් ඒ වෙනස දැනෙනවා.
ප‍්‍රශ්නය:- ඔබේ පරාජයට හත් මාසයයි. පරාජයට හේතු ගැන හිතලා බලන්න මේ කාලය ප‍්‍රමාණවත්. ඔබ එහෙම සිතා බැලීමක් කළාද?
පිළිතුර:- පරාජයට හේතු බැලූවොත් දැන් ඒවා කාටත් පේනවානේ. මම දිස්ති‍්‍රක්ක කීයක් දිනුම්ද? ආසන සංඛ්‍යාව බලන්න. ඒ ගැන මම තෘප්තිමත් වෙනවා. ඡන්ද පදනම වැඩිවෙලා තියෙනවා. මට නැතිවුණේ ඇත්තටම මිනිසන්ගේ නොමග යෑම තුළ විශේෂයෙන්ම විවිධ ජන කොටස්වල ඔළුවට දාපු වැරදි මත, ඒ වගේම උතුරු නැගෙනහිර ඡන්ද තමයි මට බලපෑවේ. පොදුවේ අනික් තැන්වලින් මම ජයග‍්‍රහණය කරලා තියෙනවා. ඒ ජන පදනම දිහා බැලූවම මේ රටේ ජනතාව අපි ගැන විශ්වාසය තියලා තියෙනවා. එක්සත් ජාතික පක්‍ෂය මොන තරම් බොරු ප‍්‍රචාරය කළත් ජනතාව දැන් ඒවා විශ්වාස කරන්නේ නැහැ.
ප‍්‍රශ්නය:- ඇයි මේ සුළු ජාතික ඡන්ද දිනාගන්න ඔබට බැරිවුණේ?
පිළිතුර:- බොරු මතවාද පැතිරෙව්වනේ. අපි උතුර සංවර්ධනය කළා. දෙමළ ඩයස්පෝරාව ඔවුන්ගේ ඔළු හුඟාක්ම දුරට වෙනස් කරලා තිබුණේ. යුද්ධය තිබුණ කාලේ ගෙනිච්ච මතයම තමයි ඒ අය දිගටම ගෙනිච්චේ. අමතක කරන්න එපා... මට 2010 දී ලැබුණු ඡන්ද ප‍්‍රමාණයට වඩා දෙගුණයක් මට උතුරෙන් ලැබිලා තියෙනවා.
ප‍්‍රශ්නය:- මුස්ලිම් ජනයා ඔබෙන් දුරස්වෙන්න බොදු බලසේනා වැනි සංවිධාන බලපෑවා කියලා ඔබම කිව්වා?
පිළිතුර:- ඒක තමයි මම කිව්වේ. වැරැදි මතවාද ප‍්‍රචාරය වුණා. ඕනෑම ආගමකට, ආගමික කණ්ඩායමකට හැඟීමක් ගියොත් අපේ ආගමට විරුද්ධයි, අපට විරුද්ධයි කියලා. එහෙම මතවාදයක් ගියොත් ඒක මහා දරුණු ලෙස බලපානවා. ඒවා පවතින රජයේ ප‍්‍රධානියාට බලපාන්නේ. මගෙත් එක්ක තියෙන පෞද්ගලික ප‍්‍රශ්නයකට නොවෙයිනේ මගෙන් දුරස් වුණේ.
ප‍්‍රශ්නය:- ඇයි ඒවා පාලනය කරන්න පියවර නොගත්තේ?
පිළිතුර:- පාලනය කරන්න හැදුවා අපි. නමුත් ඒවා කි‍්‍රයාත්මක වුණේ බොහොම සූක්ෂම විදියට පාලනය කරන්න බැරිවුණේ ඒකයි. බොරු මතවාද ප‍්‍රචාර පාලනය කිරීම ලෙහෙසි නෑ.
ප‍්‍රශ්නය:- ඔබ විශ්වාස කරනවා ඔබ පරාජය වුණේ ඔබේ වැරැදි නිසා නොවේ කියලා?
පිළිතුර:- මෙහෙමයි, අපි ඇත්ත කතා කරමුකෝ. ඇමෙරිකාව දැන් කියනවා... ඔවුන් දායක වුණා කියලා මේ පෙරැළියට. එහෙ නායකයො පිළිඅරගෙන තියෙනවා. ඊළඟට එංගලන්තය කියනවා මේ වෙනස ඇතිකරන්න අපිත් දායක වුණා කියලා. මේ එහෙම ප‍්‍රසිද්ධියේ කියපු අය. ප‍්‍රසිද්ධියේ තවම නොකියපු කණ්ඩායමකුත් ඉන්නවා. එහෙම රටවල් ඉන්නවා. මේ විදිහෙ බලගතු සංවිධානත් එක්ක ගැටගැහිලා ආපු මෙහෙයුමක් මේක. වැරැදි නිසාම වෙච්ච දෙයක් නොවෙයි. මේක ලොකු මෙහෙයුමක්.
ප‍්‍රශ්නය:- ඔබේ චීනෙට ගැති විදේශ ප‍්‍රතිපත්තිය නිසා ලෝකයේ බොහෝ රටවල් ලංකාවත් එක්ක හතුරු වුණා?
පිළිතුර:- ඒක සම්පූර්ණ වැරදි මතයක්නේ. මම චීනයට ගැතිකම් කළේ නැහැනේ. ඒක බොහොම පැහැදිලිව කියනවා. මම කළේ ශී‍්‍ර ලංකාවට ගැතිවීමටයි. මගේ යුතුකම... මම ඉටු කරන්න ඕනැ කාටද? මගේ යුතුකම සියරටට සේවය කරන එකද? මේ රටේ ජනතාවට සේවය කිරීමද? මගේ රටේ ජනතාව වෙනුවෙන් මට මගේ රට සංවර්ධනය කිරීමේ වගකීම තිබුණ. මම දැක්කා මේ රටට ඒ සංවර්ධනය අවශ්‍යයි. ඒ සංවර්ධනය නැත්නම් රටේ ජනතාවගේ අතේ සල්ලි නැත්නම්, මිනිස්සු දුප්පත් වෙනවානම්, විරැුකියාව වැඩිවෙනවා නම්, සංවර්ධනයක් වෙන්නැත්නම්, රටට විදුලි බලය නැත්නම්, මිනිසුන්ට මහ පාරේ වළවල්වල වැටි වැටී යන්න වෙනවානම්, තොරතුරු තාක්‍ෂණ පහසුකම් නැත්නම්, අධ්‍යාපනය නැත්නම් මොනවද අපට තියෙන්න ඕනැ. මේ රට ඉදිරි ශත වර්ෂයකට ගෙනියන්න මේ රටේ තරුණ පරපුර සියයට 3ක් තිබිච්ච තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාව අද විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. එවැනි සංවර්ධනයක් තමයි ලෝකයේ රටවල් සමග එකතුවෙලා අපි කළේ.
ප‍්‍රශ්නය:- ඒ සයිබර් අවකාශයෙන්ම තමයි ඔබට ලොකුම ප‍්‍රහාරය එල්ල වුණේ.
පිළිතුර:- ඒක ඇත්ත. ඒ තාක්‍ෂණයම තමයි මට එරෙහිව වැරැදි චිත‍්‍රයක් ලොකුවට ගොඩනගන්න යොදා ගත්තේ. අද ඉන්න තරුණ පරපුර දන්නේ නැහැ... ඔවුන් එක්සත් ජාතික පක්‍ෂ පාලනයක් යටතේ ඉඳලා නැහැ. තරුණ තරුණියන් වධකාගාරවල මරලා දාපු හැටි. මහ පාරේ ටයර් දාලා පුච්චපු හැටි... ඔවුන් දන්නේ නැහැ. අවුරුදු විසි ගානක් තිස්සේ ඔවුන් හිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවක් යටතේ. මම පිළිගන්නවා මේ අය කියපු ඒවත් තරුණයන්ට ආකර්ශනය වුණා.
ප‍්‍රශ්නය:- මර්දනය, සුදු වෑන්, නිදහස අහිමිවීම් මේ ආදිය ගැන රටේ තරුණ පරපුර බියට පත්වෙලා හිටියේ?
පිළිතුර:- සුදු වෑන් ගත්තොත් ඒවා ආවේ 88-89 කාලයේ. හරියටම ගත්තොත් ඕවා මේ කාලයේ තිබුණද? මේ රටේ ජනතාවට ඔහොම ප‍්‍රශ්න තිබුණද? මේවා මේ අර මෙහෙයුමේම කොටස් හැටියට තමයි එළියට ආවේ. තරුණයන් මේවාට ආකර්ශනය වුණා. හැමෝම නොවෙයි. ඉතින් ඒ අය ෆේස් බුක් හරහා මේක ගෙනිච්චා. එක පැත්තකින් මම සතුටුවෙනවා... ගමට මේ තාක්‍ෂණය අපට යවාගන්න පුළුවන් වෙච්ච එක ගැන. තොරතුරු තාක්‍ෂණය දියුණු කරන්න ලෝකයේ ගොඩාක් රටවල්වලට අවුරුදු ගානක් මහන්සි වෙන්න වුණා. ඒ රටවල්වල තාමත් දියුණු වෙලා නෑ. ඒක පුද්ගල ආදායම වැඩි කරන්න අපට පුළුවන් වුණා. අද තත්ත්වය බලන්න. හෝටල් හිමියකුගෙන් අහලා බලන්න. ව්‍යාපාරික ලෝකයේ ඇත්ත තත්ත්වය බලන්න. අද ගිහින් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් අහලා බලන්න තත්ත්වය මොකද්ද කියලා. මැණික් මුදලාලිගෙන් අහලා බලන්න තත්ත්වය මොකද්ද කියලා. ටිපර් රථ 12000ක් ගාල් කරන් ඉන්නවා. වැඩ නැහැ. ති‍්‍රරෝද රථ කොච්චර ප‍්‍රමාණයක් පාක් කරලා තියෙනවද? බලන්න ගෙනියන්න කෙනෙක් නැතිව. රටේ ආර්ථිකයෙ කඩාවැටීම ඒකෙන්ම මැන ගන්න පුළුවන්. එක අංශයක් පෙන්වන්න මට දියුණු වෙච්ච. දියුණු වුණේ එක අංශයයි. ඒ තමයි පලිගැනීමේ අංශය.
ප‍්‍රශ්නය:- ඔබ ඉන්දියාවත් තරහා කරගත්තා.
පිළිතුර:- නෑ. ඉන්දියාව තරහා කරගත්තේ නැහැ. මතක තියාගන්න... මේ බලවේග ඔක්කොම එකට එනකොට ඒ බලවේග කරපු ප‍්‍රචාරවලට අපි හරියට උත්තර දුන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. එතැන දුර්වලකමක් තිබුණා. ඕනෑම රටක් එහෙම බලපෑම්වලට නතු වෙන්න පුළුවන්. හැබැයි මම පිළිගන්නේ නෑ ඉන්දියාව තරහා වුණා කියලා. දකුණු ඉන්දියාවේ දේශපාලන වාතාවරණය මට වෙනස් කරන්න බෑනේ. එහෙමනම් මට රට පාවා දෙන්න වෙනවා. එහෙම රට පාවා දුන්නා නම් දකුණු ඉන්දියාවේ අය හරියට සතුටු වේවි. නමුත් මොනවා නැති වුණත් මට මගේ රට පාවලා දෙන්න බෑ. අනික් පැත්තට ගන්න... රටේ සංවර්ධනයේදී ඉන්දියාව අපට කොච්චර සහාය දුන්නද? දැන් රටේ තියෙන්නෙ ඉන්දියන් බඩුනේ. චීන බඩු නෑ. ඉන්දියන් බඩු තමයි වැඩිපුර තියෙන්නේ. මෝටර් සයිකල් ජපානයෙන් නොවෙයිනේ ගෙන්නුවේ. ඇයි ඔබ දැන් විදේශ ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්න කරන්නේ නැත්තේ. මේ විදේශ ප‍්‍රතිපත්තිය ලෝකය පිළිගන්නවද? අද මේ වෙනකොට රටවල් කීයක් තරහා කරගෙන තියෙනවද? බටහිර ලෝකය තමන්ගේ සහායට එයි කියන විශ්වාසයෙන්නේ ඔය කරන්නේ. අපි නොබැඳුණු ජාතියක්. නොබැඳුණු රටක්. දැන් අපි දැන් බැඳුණු රටක් බැඳුණු ජාතියක්. නොබැඳුණු රටක්. ඒකයි වෙනස.
ප‍්‍රශ්නය:- ජනවාරි 8 පරාජයට රාජපක්‍ෂ සහෝදරවරුන් වගකිවයුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද?
පිළිතුර:- හැමදාම ඉතින් පැරදුණාම කාගේ හරි පිටින් යවනවා. 77 දී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පරාජය වුණාම ඒක ඉලංගරත්න මහත්තයාගේ පිටින්, ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ පිටින් ඇරියා. ඒ අය පරාජයට වගකිවයුතුයි කියලා කිව්වා. නොයෙක් දේවල් කිව්වා. පට්ටපල් බොරු කිව්වා. ඒවා තේරුණේ හුඟාක් පස්සෙ තමයි කට්ටියට. දැන් කවුරුවත් කියන්නේ නැහැ අනික් අය කරපු වැරැුදි. ඉන්නකම් හැමෝටම බණිනවා. පැරදුණාට පස්සේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අල්ලා ගන්නවා. ඵල ඇති රුකට තමයි ගල් ගහන්නේ. ඒක ලෝක ස්වභාවය.
ප‍්‍රශ්නය:- ඔබ ජාතික ධනය විශාල වශයෙන් හොරකම් කළා... කෝටි ප‍්‍රකෝටි ගණනින් ධනය විදේශයන්හි තැන්පත් කරලා කියලා චෝදනා තියෙනවා.
පිළිතුර:- ෆයිල් මිටි ගණන් අරන් ඇවිත්නේ පෙන්නුවේ. ඒ පෙන්නපු ෆයිල් මිටි ගණනින් ගිහිල්ලා හොයාගෙන එන්න පුළුවන්නේ. බැංකුවලින් හොයාගන්න ඇහැකිනේ. මේ කට්ටිය මේ කියන්නේ බිලියන 18ක් ගැනනේ. අඩු තරමින් බිලියන 18ක් නොවෙයි බිලියන එකයි දශම 8ක් හොයාගෙන එන්න කියන්න. වැඩිය ඕනැ නෑ. හොයාගෙන එන්න කියන්නකෝ. එහෙම නැත්නම් ඩොලර් 10ක් හොයාගෙන එන්න කියන්න. මේව තමයි දේශපාලන මඩ කියන්නේ.
ප‍්‍රශ්නය:- විදේශ වත්කම් හොයන්න සෑහෙන කාලයක් ගත වෙනවා කියලා ඇමැති මංගල කිව්වා?
පිළිතුර:- මොන බොරුද? ලොකයේ ඕනෑම ගිණුමක් ඕනෑම තැනක ඉඳගෙන බලන්න පුළුවන් විදිහයට තාක්ෂණය දියුණුයි. ඇමෙරිකාවට හොරෙන් ඩොලර්වලින් ගනුදෙනු කරන්න පුළුවන්ද? තනි බොත්තමක් ඔබලා හොයා ගත්තැහැකි. මෙයාලා මගේ නම තියෙනවද කියලා බලන්න ස්විස් බැංකුව ගෙන්නුවා. ලොක්කො ගෙන්නුවානේ. ලිස්ට් එකම දාලා තිබුණා. ටයිම්ස් එකේ. ඒ ලිස්ට් එකේ මගේ තියා අපේ ගෑවිච්ච එකෙකුගේ තියා පැත්ත පළාතේ එක්කෙනෙකුගේ නමක් නෑ. බොරුවට මිනිසුන්ට මඩ ගහන්න ලේසියි. මට වෙන මුකුත් කියන්න බෑනේ. සංවර්ධනය කළේ නෑ කියලා කියන්න බෑනේ. පාරවල් හදපු එක වැරදියි කියලා කියන්න බෑ.
ප‍්‍රශ්නය:- හැබැයි ඒවායින් කොමිස් ගත්තා, පගා ගත්තා කියලා චෝදනා නැගුණා?
පිළිතුර:- ඒක තමයි මම කියාගෙන ආවේ. කරපු හොඳ දේවල් නරකයි කියලා කියන්න බෑ. හැබැයි හොඳ දේ ඇතුළේ අරවගේ දේවල් වුණා කියලා කියනවා. මේක තමයි ක‍්‍රමය. ඕකෙන් තමයි ජනතාව නොමග යැව්වේ. දැන් බැඳුම්කර මංකොල්ලය බලන්නකෝ. ඒක මංකොල්ලයක්, ඒක හොරකමක් නොවෙයි. මම කියනනේ නැහැ ඒක හොරකමක් කියලා. ඒකෙන් ජනතාවට වැදුණේ. ඒක කෙළින්ම ජනතාවට බලපාන දෙයක්. සමස්ථ මුල්‍ය වෙළඳ පොළම ඒකෙන් වෙනස් වුණා. එතකොට ඒකට වගකියන්නේ කවුද? කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මෙච්චර කාලයක් දීපු වාර්තා ඔක්කොම හොඳයි. හැබැයි මේ වාර්තාව වැරදියිලූ. මම ඩිව්ව දන්නේ මම පොඩි කාලේ ඉඳලයි. එයා බොහොම ප‍්‍රතිපත්තිගරුක මිනිහෙක්. හොඳ වාමාංශිකයෙක්. ජාත්‍යන්තර අත්දැකීම් තියෙන අවංක කෙනෙක්. මගෙත් එක්කත් අනන්තවත් රණ්ඩුවෙලා තියෙනවා. එතුමගේ වාර්තාව පිළිගන්න එපැයි. පාර්ලිමේන්තුවට ඇවිත් දීපු සාක්කිවලින්නෙ වාර්තාව හදන්නේ. මේ නම් එළියට ආවේ අපෙන් නොවෙයිනේ, සාක්කි දීපු අයගෙන්නේ. යූඑන්පී එකේ අයත් කෝප් එකේ ඉන්නවා. මෙයාලා වාර්තාව හැංගුවේ ඇයි? අපිට තියෙන ප‍්‍රශ්නය ඒකයි. මම කියන්නේ මේක මංකොල්ලයක්, මේක මංකොල්ල කණ්ඩායමක්...
ප‍්‍රශ්නය:- හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ඇයි ඔබත් එක්ක මෙච්චර අරියාදුවෙන්?
පිළිතුර:- ඒක එතුමියගෙන් අහන්න එපැයි. මම කොහොමද ඒක දන්නේ.
ප‍්‍රශ්නය:- නමුත් ඔබට එරෙහිව චන්ද්‍රිකා නොයෙක් චෝදනා නගනවා?
පිළිතුර:- මට නම් ඉතින් ඒවා ගණනක් නෑ. එතුමිය කියන ඒවා මහජනයාට දැනෙන්නේ නැතිවා වගේම මට දැනෙන්නෙත් නෑ. ඒ නිසා ඒ ගැන මගේ කිසිම හැඟීමක් නෑ.
ප‍්‍රශ්නය:- වසර 2ක් තිබියදී ඇයි ජනාධිපතිවරණයට ගියේ?
පිළිතුරු:- මං හිතුවා... ඔය ගොඩක් මැති ඇමැතිවරු මට කිව්වා... පාර්ලිමේන්තු මැතිවරණයට කලින් සර්ගේ එක තියන්න කියලා. ඒක ප‍්‍රතිපත්තිමය තීරණයක්.
ප‍්‍රශ්නය:- දැන් නක්‍ෂත‍්‍රය පිළිගන්නේ නැද්ද?
පිළිතුර:- නෑ. මම දැන් ගිහින් හිතුනු වෙලාවක අත්සන් කරනවා. හිතුන වෙලාවේ එනවා. වැඬේ සුබ නිසා සුබ විදියටම අවසන් වෙනවා.
ප‍්‍රශ්නය:- ඔබ ඡන්දෙන් පැරදුණා. ඇයි ගෙදරට වෙලා ඉන්නේ නැත්තේ? ඇයි මේ එන්න හදන්නේ බල ලෝභය නිසා?
පිළිතුර:- රනිල් වික‍්‍රමසිංහ කී පාරක් පරාදද? මං හිතන්නේ විසි නව පාරක් පරාදයි. මේ පාරත් ඉතින් පස්ස දොරෙන්නේ ආවේ. එයා දිනපු එකක් නොවෙයිනේ මේක. මේකේ දිනුම එයාට දෙන්න බැහැනේ. ජේ.ආර්. ගෙන් පටන් ගන්න. ඩඞ්ලිගෙන් පටන් ගන්න. බණ්ඩාරනායක මහත්තයටත් මුලින් ඇවිත් පරාදයිනේ. මැතිනිය ගන්න. මැතිනිය තමයි හොඳම උදාහරණය. මැතිනිය අන්තිමට රෝද පුටුවෙන් ආවනේ. ඒ තමයි ශක්තිය. මෙයාලට මේවා මතක නෑනේ. මැතිනියටත් ඔය අල්ලස් චෝදනා දැම්මනේ. ජේ.ආර්ට, පේ‍්‍රමදාසට කොච්චර කතා කිව්වද. මැතිනියට කියපු ඒවා මතකෙයි. ඉතින් ඒව එහෙම තමයි. මැතිනියට කිව්වා වගේම ධර්මපාලතුමාට කිව්වා වගේම තමයි මටත්, මම මේ එක පාරක් පැරදිලානේ මේ. දෙකක් දිනලා එකක් පැරදුණාම ගෙදර ඉඳපං කියනවා.
ප‍්‍රශ්නය:- මගේ ප‍්‍රශ්නය වුණේ ඔබ එන්නේ රටට ආදරයටද? තියෙන චෝදනා වහගන්නද? බලය නැතිව ඉන්න බැරි නිසාද? කියලයි.
පිළිතුර:- මම ගෙදර ගියානේ. මැදමුලනනේ හිටියේ. මිනිස්සුනේ මාව හොයාගෙන ආවේ. මම ගියේ නැහැනේ. මම ගියේ පංසල්වලටනේ. ජනතාවනේ මාව ඉල්ලන්නේ. මම එන්නේ ඒ නිසයි.
ප‍්‍රශ්නය:- ජනවාරි 8 වැනිදා රාජපක්‍ෂ කල්ලියෙන් රටමුදා ගත්තා කිව්වා. ඔබ මේ හදන්නේ ඒ කල්ලිය අතට යළිත් රට ගන්නද?
පිළිතුර:- සම්පූර්ණ වැරැදි මතයක්. කැබිනට් මණ්ඩලයෙන් තමයි හැම තීන්දුවක්ම ගන්නේ. එතකොට කොහොමද එක කල්ලියක් තමයි රට පාලනය කළේ කියලා කියන්නේ. තීන්දු ගත්තේ කැබිනට් මණ්ඩලය සාමූහිකව. ඔය කතා කියන ඇමැතිවරු එදා ඔය ගැන වචනයක් කතා කළේ නැහැ.
ප‍්‍රශ්නය:- නමුත් ඇමැතිවරුන්ට කතා කරන්නවත් නිදහසක් තිබුණේ නැහැ.
පිළිතුර:- සම්පූර්ණයෙන්ම වැරදියිනේ. එහෙම කරන්න පුළුවන්කමකුත් නෑ. මම දාපු කැබිනට් පති‍්‍රකා පවා ප‍්‍රතික්‍ෂේප වුණා. අපි තීන්දු ගත්තේ සාමූහිකවයි.
ප‍්‍රශ්නය:- නමුත් රාජපක්‍ෂවරු.....
පිළිතුර:- ඔව්! රාජපක්‍ෂවරු හිටියා තමයි. රාජපක්‍ෂවරු දේශපාලනය කළානේ. බැසිල් රාජපක්‍ෂ දේශපාලනය කළා. ගෝඨාභය රාජපක්‍ෂ විතරයි පිටින් ආවේ. එයා යුද්දෙ දිනන්න දායක වුණා. එයා එයාගේ හැකියාව පෙන්නුවා. අද ඔක්කොම අය පිළිගන්නවා... කොළඹ එදා තිබුණ තත්ත්වයත් අද තියෙන තත්ත්වයත්. වේගයෙන්ම දියුණුවුණු ලෝකයේ හොඳම නගරය ලෙස කොළඹ පත්වුණා. ඉතින් ඒ තත්ත්වය ඇති කළේ කවුද? වැඩ කරන්න පුළුවන් මිනිස්සු වැඩ කරනවා. වැඩ බැරි ටාසන්ලා ඒවා විවේචනය කරනවා. බණ්ඩාරනායක මහත්තයාට කොච්චර දේවල් කිව්වද? මැතිනියට කොච්චර දේවල් කිව්වද? පවුල් ගහක් කියලා. එකකුත් ඇන්දා. පවුල්වාදය කියලා පොතකුත් ගැහුවා. ඔය චන්ද්‍රිකා විශ්වාස කරගෙන ඉන්න අය තමයි ඒවා ලිව්වේ. චන්ද්‍රිකාගෙන් ඇහුවානම් එයා කියයි මට වඩා හොඳට. එයා හොඳට දන්නවා, එදා බණ්ඩාරනායක පවුල්වාදය කියලා ගැහුවා.
ජේ.ආර්ටත් ගැහුවා. ඔය රනිල් වික‍්‍රමසිංහ එන්නෙත් ඔය පවුල්වාදය හරහනේ. එයත් ඔය පවුල්වාදයේ පුරුකක්. සේනානායක පවුල්වාදය කියලා එකක් ගියා. එහෙම ගහනවා ඉතින්. මේ රටේ දේශපාලන පවුල් තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත්, පකිස්තානයේත් දේශපාලන පවුල් තියෙනවා.
ප‍්‍රශ්නය:- ඔය ඔබ පාර කපන්නේ නාමල් රාජපක්‍ෂට?
පිළිතුර:- එහෙම එකක් නෑ. මම කියන්නේ මේ රටේ දේශපාලනය කරන පවුල් ඉන්නවා. දේශපාලන හා ව්‍යාපාර පවුල් ඉන්නවා. ව්‍යාපාරික පවුල් ඉන්නවා. එහෙම තියෙනවා, හැබැයි වෙනස තියෙන්නේ දේශපාලනයේදී තීරණ ගන්නේ මහජනතාවයි. දැන් මට වුණේ, මාව යැව්වා. මම හැමදාම කියපු එකක් තමයි මට යන්න කිව්වොත් මම යනවා කියලා.
ප‍්‍රශ්නය:- නමුත් ජනවාරි 9 වැනිදා අලූයම අරලියගහ මන්දිරයේ කුමන්ත‍්‍රණයක් සිද්ධවෙච්ච බවටත් චෝදනාවක් තියෙනවා?
පිළිතුර:- මොන බොරුවක්ද? මම පැය ගාණක් හිටියෙ නෑ. ප‍්‍රතිඵල එන්නත් කලින්නෙ මම ගියේ. ඔක්කොම ප‍්‍රතිඵල එන්න පැය අටක් - නවයක් තියෙද්දි මම ගිහිල්ලා. මම ? දෙකහමාරට කිව්වේ මම පරාදයි කියලා.
ප‍්‍රශ්නය:- කාටද එහෙම කිව්වේ?
පිළිතුර:- මැතිවරණ කොමසාරිස්තුමාට මම එතුමට කතා කරලා කිව්වා.
ප‍්‍රශ්නය:- ඔබ මන්ත‍්‍රී කෙනෙක් වුණා. ඇමැති කෙනෙක් වුණා. විපක්‍ෂ නායක වුණා. අගමැති වුණා. දෙවරක් ජනාධිපති වුණා. මෙවර මැතිවරණයෙන් ඔබ දිනුවොත් පාර්ලිමේන්තුවට යන්නේ සාමාන්‍ය මන්ත‍්‍රී කෙනෙක් විදිහට. වෙනසක් දැනෙන්නේ නැද්ද?
පිළිතුර:- මට කිසි වෙනසක් දැනෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව මට හරි පුරුදු තැනක්නේ. අවුරුදු හතළිස් ගානක මගේ දේශපාලන ජීවිතයෙ අවුරුදු නවයයිනේ ජනාධිපතිවෙලා හිටියේ. ඒ වෙනකම් හිටියේ පාර්ලිමේන්තුවේනේ. පාර්ලිමේන්තුව මට බොහොම පුරුදු තැනක්.
ප‍්‍රශ්නය:- මෙවර මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
පිළිතුර:- පැහැදිලි ජයග‍්‍රහණයක් ලබනවා. එදා තිබුණ තත්ත්වය නොවෙයි අද තියෙන්නේ. එදා සුළු ජාතිකයන් අපට හිටියේ නෑ. අද යාපනෙන් කී දෙනෙක් ඇවිත් ඉන්නවද? මේ දවස්වල වැඩිම පිරිසක් එන්නේ යාපනෙන්... උතුරෙන්... ඔබ ගිහින් ගණන් කරලා බලන්න. අද ඒ අයට දැනෙනවා. මුස්ලිම් ජනතාවට දැනෙනවා. මේ වෙනස දැනෙනවා. මේ වෙනස වැඩියෙන්ම දැනිලා තියෙන්නේ වෙනස කරපු අයට.
ප‍්‍රශ්නය:- ඔබ ඇමැතිකම් දීපු නමුත් අගමැතිකම නොදීපු මෛත‍්‍රී අද රටේ ජනාධිපති. මොකද හිතෙන්නේ?
පිළිතුර:- අද 19 වැනි සංශෝධනය නිසා අගමැතිවරයාට පවරපු කාර්යභාරයක් තියෙනවා. පාර්ලිමේන්තුව බල ගැන්විලා තියෙන්නේ. හැබැයි මට හීනමානයක් නැති හින්දා මං හිතනවා මෛත‍්‍රීටයි මටයි වැඩ කරන එක එච්චර අමාරු දෙයක් නොවෙයි කියලා.
ප‍්‍රශ්නය:- ජනාධිපතිවරණයේදි ඔබට අහිමි වෙච්ච සුළු ජාතික ඡුන්ද මෙවර දිනාගන්න පුළුවන් කියලා හිතනවද?
පිළිතුර:- ඇත්ත වශයෙන්ම ඔව්! පුළුවන්, අපට විරුද්ධව ඡන්දය දුන් ඒ සියලූ ජනතාවට තේරිලා තියෙනවා මොකද වුණේ කියලා. අපි කියන දේ කරන, කරන දේ කියන අය කියලත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරනවා කියලත් ඔවුන් පිළිගන්නවා. මහජන මතයට ගරු කරනවා කියලා ඔවුන් දන්නවා. ඒ නිසා ඒ ජනතාවට මම කියනවා බොරු ප‍්‍රචාරවලට රැවටෙන්න එපා. යථාර්ථය දකින්න. ඔබේ ආරක්‍ෂාවට අපි ඉන්නවා.
ප‍්‍රශ්නය- ඔබ අගමැතිකම බලාපොරොත්තු වෙනවද?
පිළිතුර:- අගමැතිවරයා තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන්. පාර්ලිමේන්තුවේ බහුතර බලය තෝරන්නේ ජනතාව. මම නියෝජනය කරන්නේ ජනතා අභිලාසයන් පමණයි. ඉන් එහා අරමුණක් මට නැහැ.