ජනපතිවරණය කැඳවූ පසු නීතිමය කි‍්‍රයාවලිය


 5 

මහින්ද රාජපක්ෂ ජනපති සිය දෙවැනි ධුර කාලයෙන් වසර හතරක් ගෙවුණු තැන පසුගිය 20 වැනි දා දහවල් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කිරීමේ නිල ප‍්‍රකාශය මැතිවරණ කොමසාරිස් වෙත යැවීය. ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කළ පසු ක‍්‍රියා පිළිවෙළ කුමක්දැයි නීතීඥ ප‍්‍රතිභා මහානාමහේවා මහතාගෙන් විමසීමු.


button මහින්ද රාජපක්ෂ සිය ධුර කාලයෙන් අවුරුදු හතරක් ඉක්ම යන මොහොතේ ජනාධිපතිවරණයක් තැබිය යුතු බවට වූ ප‍්‍රකාශ මැතිවරණ කොමසාරිස්ට යොමු කළා.  ජනාධිපතිවරණය පැවැත්වෙන මොහොත දක්වා සිදුවන ක‍්‍රියාවලිය මොකක්ද?

2
ජනාධිපතිවරණ පනත හා 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව තමයි ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ. තුන් වැනි හා 18 වැනි සංශෝධන ගත්තට පස්සේ වසර හතරත් ධුරය දැරීමෙන් පසු ඉන්න ජනාධිපතිවරයාට පුළුවන් ජනාධිපතිවරණයක් කැඳවන්න. මෙවර ගැටලූවක් ආවා පළමු ධුර කාලයෙන් විතරයි පුළුවන් දෙවැනි ධුර කාලයෙන් අවුරුදු හතරක් ඉක්ම ගිය පසු පවත්වන්න බැහැ කියලා.


ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දී තිබෙන නිසා ජනාධිපතිවරණයක් කැඳවා තිබෙනවා.


සිය අභිලාෂය මත ජනාධිපති ගැසට් නිවේදනය නිකුත් කළ පසු ඔහුගේ කාර්ය භාරය ඉවරයි. ඉන් පසු සම්පූර්ණ කාර්ය භාරය පැවරෙන්නේ මැතිවරණ කොමසාරිස්ට.


මුලින්ම කළ යුත්තේ දින 27ක් තුළ නාමයෝජනා කැඳවීමයි. දින 45ක් තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. නාමයෝජනා කැඳවන අවසන් දිනයේ කෙටි වෙලාවක් දෙනවා විරෝධතා ගොනු කරන්න.


ඡන්දය පවත්වන දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමසාරිස්.   තමන්ට තියන සම්පත්, තමන්ගේ නිලධාරීන් ගැන සලකා බලා තමයි ඔහු දිනය තිරණය කරන්නේ. දේශපාලන පක්ෂයකට පුළුවන් අවශ්‍ය නම් මෙපමණ කාලයක් අවශ්‍ය යැයි කියන්න. එය පිළි ගැනීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම මැතිවරණ කොමසාරිස්ගේ කාර්යයක්. මැතිවරණය ප‍්‍රකාශයට පත් කළායින් පසු සම්පූර්ණ බලය තියෙන්නේ මැතිවරණ කොමසාරිස්ට.

 


button නාමයෝජනා කැදවීමේදී  ඕනෑම කෙනකුට තරග කළ හැකිද?


නාම යෝජනා භාර දීම සෑම කෙනකුටම කරන්න බෑ. අවුරුදු 30 සම්පූර්ණ වෙලා තියෙන්නේ  ඕනෑ. ඔහු පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් යෝජනා කළ යුතුයි.   පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස සිටියානම් ඔහුගේ නමත් ඉදිරිපත් කළ හැකියි.

 


button මහ මැතිවරණවලට ස්වාධීන අපේක්ෂකයන් ඉදිරිපත් වෙනවා වගේ ජනාධිපතිවරණයට එසේ ඉදිරිපත් විය  හැකිද?


එසේ ඉදිරිපත් වනවා නම් දේශපාලන පක්ෂයකින් ආ යුතුයි. ඔබට මතක ඇති වික්ටර් හෙට්ටිගොඩ ආවා. ඔහු ආවේ දේශපාලන පක්ෂයකට ඇතුළු වෙලා.

 


button සමහරුන් කියනවා ස්වාමීන්වහන්සේ නමකට හෝ එහෙමත් නැත්නම් අවිවාහකයකුට හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියලා.?


නෑ එය සම්පූර්ණයෙන්ම වැරදි. එය මිථ්‍යාවක්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එහෙම සඳහන් කරලා නැහැ. වයස සම්පූර්ණ නම් පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරනවා නම්, සිහි මද ගතිය ආදී අනිකුත් නුසුදුසුකම් නැතිනම් ස්වාමීන් වහන්සේ නමකට විතරක් නෙමෙයි කතෝලික පූජකයකුට හෝ  ඕනෑම ආගමික නායකයකුට ඉදිරිපත් විය හැකියි. අවිවාහකයකුටත් ඉදිරිපත් විය හැකියි.

 


button පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ නම් ඔහු ඉදිරිපත් විය යුත්තේ පක්ෂයකින්මද?


ඔව්. අනිවාර්යයෙන්ම. පක්ෂයක් විසින් යෝජනා කරන්න  ඕනෑ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණේ අත. එම පක්ෂය හා තවත් පක්ෂ ගණනාවක් එකතු වෙලා සන්ධානයක් හදලා බුලත් කොළයෙන් ලියාපදිංචි කළා.


පොදු අපේක්ෂයෙක් එද්දි ඔතන පොඩි ගැටලූවක් තියෙනවා.  ඊළඟට මතු වෙන ගැටලූව තමයි මේ වෙලාවේ පක්ෂ ලියාපදිංචි කරන්න පුළුවන්ද කියන එක. එතන තර්කයක් තියෙනවා. මැතිවරණය ප‍්‍රකාශ කළාට පස්සේ කිසිම දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරනු ලැබේ. පොදු විපක්ෂයේ සලකුණ මොකක්ද? පාට මොකක්ද ගැටලූ මතුවෙනවා.

 


buttonකෙටි කාලයක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් අපේක්ෂකයන්ට ප‍්‍රචාරණයට කාලය අඩු වෙනවාද?


ඉතාම වැදගත්. මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කළායින් පසු ඒ අපේක්ෂකයන්ට ප‍්‍රමාණවත් ගුවන් කාලයන් ලබා දෙනවා අදාළ නාලිකාවල. පිට්ටනි වෙන්කිරීම ආදියත් සමානව වෙන්න  ඕන. ඔබ අහන්නේ කාලය ප‍්‍රමාණවත් ද කියන එකනේ. කාලය ප‍්‍රමාණවත් නැති නම් ඒ පක්ෂයෙන් මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. එම ඉල්ලීම සලකා බලනවා ද නැති ද යන්න මැතිවරණ කොමසාරිස්ගේ කාර්යයක්.


මේ මැතිවරණයේ දී මැතිවරණය ප‍්‍රකාශ කිරීමට පෙර ඉඟි දැක්කා. දෙපැත්න්ම ඉගි පළ වුණා. පොදු අපේක්ෂකයකු තෝරා ගන්න කතිකාවත් හැදුණා. ගිවිසුම් අත්සන් කරන්න යන බවට කතා පැතිරුණා. ඒ කියන්න පෙර සූදානම් වෙලා තියෙනවා කියන එකනේ. නීතිය අනුව අදාළ කාල සීමාව තුළ මැතිවරණ කොමසාරිස් විසින් මැතිවරණය පැවැත්විය යුතුයි.

 


button ආණ්ඩුවේ විශාල පිරිසක් විපක්ෂයට යන බවට ආරංචි පැතිරෙනවා. ආණ්ඩුවට හානියක් වන බව පේනේ නම් ජනපතිට ජනාධිපතිවරණය අවලංගු කරන්න පුළුවන්ද?


පිළිතුර- ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි  සංශෝධනයයි, 18 වැනි සංශෝධනයයි අනුව අවුරුදු හතරක් ගිය කළ ජනාධිපතිවරයාගේ අභිමතය අනුව ජනාධිපතිට පුළුවන් ජනාධිපතිවරණයකට යන්න. ජනාධිපතිගේ අභිමතය අනුව ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කළායින් පසු මැතිවරණ කොමසාරිස් විසින් ජනාධිපතිවරණයට දින නියම කිරීමට පෙර ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා.


හදිසි අවශ්‍යතා, විවිධ රෙගුලාසි මත එහෙම නිකුත් කළ ගැසට් නිවේදන දෙකක් නැවත ඉවත් කර ගත් අවස්ථා දෙකක් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලයේ තිබුණා.


මැතිවරණ කොමසාරිස් විසින් මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන දිනිය ප‍්‍රකාශයට පත් කළොත් ඉවත් කර ගන්න බැහැ. එයට පෙර ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා.මේ ගැසට්පත‍්‍රය වෙන ගැසට් පත‍්‍ර වගේ නෙමෙයි. මෙතන තයෙන්නේ ජනාධිපතිගේ අභිමතය. මෙතනට ගිවිසුම් නීතියත් එනවා. අර්පනය ප‍්‍රතිගහණය කරන්න පෙර ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවානේ.  


යම් හෝ ආකාරයකට මැතිවරණ කොමසාරිස් දිනය ප‍්‍රකාශයට පත් කළොත් එය ඉවත් කර ගන්න බැහැ. ඒ වුණාට එහෙම ඉවත් කර ගත්තත් ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව කිසිම නඩුවක් ඉදිරිපත් කරන්නත් බැහැ.


M