ඉසුරුපුර උපත ලැබූ ඥානා, ඇගේ පියාද වී ගොවිතැනෙන් ජීවත් වූ අයකු නිසා වගා කිරීමට කැමැත්ත දැක්වූවාය.
දීපානි මහා විද්‍යාලයට ගිය ඇය (දැන් ජනාධිපති විද්‍යාලය) ඇගේ සාමාන්‍ය පෙළ විභාගය සමත්වී, දෙමාපියන්ගේ කැමැත්තට පිටින් ඇගේ ආදරවන්තයා සමග විවාහ වූවාය. කේ.ඒ. ජයසූරිය නම් වූ ඇගේ ස්වාමියා නුගේගොඩ වාසය කළ පවුලක අයෙකි. ඔවුහු නුගේගොඩින් අනුරාධපුරයට පැමිණ පදිංචි වූ අය වෙති. ඒ 1970 ගණන්වල අගභාගයේය.
අපි හමුවුණේ ඉස්කෝලෙ ගිය කාලෙදීමයි. මම ගියේ දීපානියට, එයා ගියේ නිවන්තක චේතිය මහා විදුහලට. ඇය කීවාය. විවාහ දිවිය ගත කරද්දීම තම උසස් පෙළ විභාගයට පෙනී සිටි ඥානා එක් විෂයකින් සමත්වී ඇටෙන්ඩන්වරියක ලෙස රැකියාව ඇරඹුවාය. පසු කලෙක විභාග සමත්වීම නිසා ඇය අනුරාධපුර රෝහලේ දුරකථන ක්‍රියාකරු තනතුරට පත් වූවාය. ජයසූරිය, ජීවත්වීම සඳහා කුඩා කොන්ත්‍රාත් කටයුතු කළ අතර පසුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුරකරු තනතුරකට පත්වූයේය. එම යුවලට පුතකු සහ දුවක ලැබුණි. පුතුගේ නම අනුරාධ නලින් කුමාරය. දුවගේ නම නදීශානිය. මේ වන විට ඥානා දරුවන් තිදෙනෙකුගේ ආච්චි කෙනෙකි.
ඇගේ සැමියාගේ මරණය වටා ගෙතුණු කතා රාශියක් ගැන අපි කතා කළෙමු. ඔව් එයා මැරුණෙ 1996 අප්‍රේල් 14 අවුරුදු දවසෙ. ඇය කීවාය. එය දේශපාලනය හා බැඳුනු යටි අරමුණු ඇතිව කළ මිනීමැරුමකි. වෙනත් අය සමග ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී මොහුව මරා දමා තිබිණි. ජයසූරිය එජාප ආධාරකරුවකු වූ අතර ශ්‍රීලනිප ආධාරකරුවන් ඔහු ඝාතනය කළ බව ඇය කියයි. ඔහුගේ මරණය පිළිබඳ කට කතාවක කියවෙන්නේ ඔහු තවත් 10 දෙනෙකු සමග දිය නෑමට ගිය අවස්ථාවේදී ගැටුමක් ඇතිවී මරණයට පත්වූ බවයි. පොලු මුගුරුවලින් පහර දී ඔහු මරා දමා තිබුණු අතර ඥානා ඔහුගේ සිරුර හඳුනා ගත්තාය.
තමා දැඩි වෙහෙස මහන්සිවී දරුවන් ඇතිදැඩි කළ බව ඥානා කියයි. වරෙක ඇය වැලි පටවන වැඩවලට උදව් වී තිබේ. වරෙක පමුණුවට පැමිණ ඇය අනුරාධපුරයට රෙදි තොග ගෙන ගොස් කුඩා ලාබයක් ඇතිව විකුණා මුදල් උපයාගෙන තිබේ. ඇයට වැඩිපුරම මුදල් ලැබුණේ ඉඩම් විකිණීමේ බ්‍රෝකර් වැඩ කිරීමෙනි.
1980 ගණන්වල ඈ සිය සැමියා සමග ශ්‍රී මහා බෝධිය වඳින්නට ගිය විට ඇගේ මනස සසල වූ බව ඇය කියයි. ඇය ඒ ගැන වැඩිපුර සිතුවේ නැත. ඉන්පසු ඇයට අද්භූත බලයක් ලැබුණු බව ඇය කියයි. ඇයගෙන් පළමුව උපකාර ලබාගත්තේ මුස්ලිම් ජාතිකයෙකි.
පළමුවෙන්ම ආවේස වූ ඥානාට එහිදී සිදුවූදේ ගැන මතකයක් කිව නොහැකි විය. භෞතික ජීවත් වන ඇය සහ ඈ තුළ තවත් අයකු සිටින බව ඈ කියයි. ඈ දේව පණිවිඩය ඈ තුළින් පවසනා මාධ්‍යයක් බව ඇය කියයි.
අවුරුදු 41 කට පෙර ඇගේ සාස්තර අසන්නට වැඩි පිරිසක් නොසිටියද කල් යත්ම කටින් කට ඈ ගැන විස්තර ප්‍රචාරය වී ඇගෙන් ප්‍රතිකාර ගන්නට වැඩි පිරිසක් එන්නට ගත්තේය. මේ වනවිට 800-1000 ක පමණ පිරිසක් ඇගෙන් ප්‍රතිකාර අසා ඇගේ පිහිට ලබාගන්නට පැමිණේ.
ඇයගේ පුද බිම දේවාලයක් නොවන බව ඥානා කියයි. ඇය යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් අනවින කොඩිවින සාස්තර කීම නොකරන බවත් ඈ වෙදකම් කළ බවත් ඥානා කියයි. එය පන්සලක් වැනිය. එහි බෝධියක් ද ඇත.
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම සුදු ඇඳුමෙන් සැරසුණ ජනයා රංචු පිටින් පැමිණෙති. ඔවුන් මිදුල ඇමද ගේ දොර පවිත්‍ර කරති. පහන් දල්වා දානය දී මෑණියන්ගේ ඇමතුම ලැබෙන තුරු බලා සිටිති. කුටියේ ඉන්නා මෑණියන්ට පත්තිනි ආවේස වූ විට තමා ළඟට පැමිණිය යුතු තැනැත්තාගේ විස්තර ඇය කියයි. ඒ අනුව පැමිණ සිටින අය ඇගේ දියණිය විසින් ඈ ළඟට කැඳවයි. දිනකට 200 ක් පමණ දෙනා ඒ සඳහා තෝරාගැනේ.
කාලි, පත්තිනිගෙන් වෙනස් බව ඥානා කියයි. ආවේස වූ විට ඈට වෙන දේ ඇය නොදනී. වෛද්‍ය ප්‍රතිකාර පවසන පත්තිනි, කාලි මෑණියන් හමුවෙන ලෙස කියයි. ඍජු පිළිතුරු දෙන්නේ කාලි බව ඇගේ පවුලේ අය කියති.
ඉනවටා බඳින නූල් ගැන අපි විමසුවෙමු. රතුනූල් කල්ලිය කාලි අම්මාට අයත් අයයි. සුදුනූල් කල්ලිය පත්තිනි මෑණියන්ට අයත් අයයි. ඒවා ආශීර්වාද පමණකි. සමහරු ඒවා බඳිති. සමහරු ඒවා ගලවා ගනිති. කාලි විනකරන යකිනියක් නිසා අනෙක් අය පීඩාවට පත් කොට මුදල් උපයන්නේද යන්න ඇගෙන් විමසූ විට ඇය කියන්නේ කාලි අන් අයට අනවින හෝ ලෙඩ නොකරන බවයි.
ඥානා මුදල් අය නොකරයි. එසේ වූවාද ජනයා බුලත් අතක් මත රු. 20 ක් පමණ මුදලක් තබා ඇයට දෙති. ඒවා ඇය ගන්නේ බෙහෙත් උදෙසාය. ඇතැම් අයට ඇය බස් ගාස්තුව දුන් බව කියයි. එහෙම හම්බකරලා නෑ. වැරදි පැත්තට හැරිලා නෑ. ඥානා කීවාය.
(***)