දකුණු කොරියාවේ ‘මර්ස්’ වෛරසය ආවොත් බේරෙන හැටි


20_PAGE_24_M 

දකුණු කොරියාවේ ව්‍යාප්ත වෙමින් පවතින ‘මර්ස්’ කොරොනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත් 15 වැනිදා ප‍්‍රකාශ කළේය.


වෛරස් ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 150කට වැඩි බවත්, මරණ සංඛ්‍යාව 16 වී තිබෙන අතර තවත් 17 දෙනකු අවදානම් මට්ටමක පසුවන බවත්, එහිදී අනාවරණය විය.


ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් ලක්ෂ 4කට වඩා වැඩි පිරිසක් කොරියාවේ සේවය කරන නිසාම දකුණු කොරියාවේ ව්‍යාප්ත වෙමින් යන මාරාන්තික මර්ස් කොරෝනා වෛරසය මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති විය හැකි බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.

g
එම නිසාම දකුණු කොරියාවේ සිට සහ මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණෙන සියලූම ගුවන් මගීන් ගුවන්තොටුපල සෞඛ්‍ය ඒකකයේදී පූර්ව පරීක්ෂාවකට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන්තෙටුපළ කළමනාකාරිත්වය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද අමරසිංහ මහතාගෙන් අප ඒ පිළිබඳ විමසීමක් කළෙමු.


‘‘මර්ස්” වෛරසය අප රටට පැමිණීමේ වැඩි ඉඩ කඩක් තිබෙන්නේ දකුණු කොරියාවේ සහ මැදපෙරදිග රටවල මේ වන විට විශාල ශ‍්‍රමිකයන් පිරිසක් සේවය කරන නිසා. සෑම සතියකම දකුණු කොරියාවේ සිට මෙරටට ශ‍්‍රමිකයන් නිවාඩුව සඳහා හෝ සේවය අවසන් කර පැමිණෙනවා. මේ නිසාම ‘මර්ස්’ වෛරසය ශාරීරගත වූ අයෙකු මෙරටට පැමිණීමේ ඉඩකඩ ඉතාම වැඩියි.


රෝගය ව්‍යාප්ත වීම හුදෙක් සිදුවන්නේ වෛරසය ශරීරගත වූ රෝගියෙකුගේ ශ්වසන බිඳිති මාර්ගයෙන් පිටවන කිවිසුම් සහ කැස්ස මගින්. එම නිසා සංක‍්‍රමනිකයන් මගින් රටකින් රටකට රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.


මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන මෙරට ගුවන් තොටුපළ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් දකුණු කොරියාවේ සිට හා මැදපෙර දිග සිට මෙරටට පැමිණෙන සෑම මගියෙකුටම දැනුවත් කිරීමේ පත‍්‍රිකාවක් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. එහි සටහන් කර තිබෙනවා. භාෂා තුනෙන්ම ”මර්ස්” කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ. රෝගය වැළඳුනහොත් කළ යුත්තේ කුමක් ද සහ රෝගී ලක්ෂණ ඇත්නම් දැනුම්දිය යුතු පාර්ශ්ව කවරේද යන්න.
මීට අමතරව මැදපෙර දිග සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන  ඕනෑම මගියෙකුට ලංකාවට ඇතුළු වන අවස්ථාවේදී උණ රෝගයෙන් පෙළෙන්නේ නම් ඒ බව ගුවන්තොටුපළ සෞඛ්‍ය මණ්ඩලයට දැනුම් දෙන ලෙසට දැනුවත් කිරීම් කටයුතු කර තිබෙනවා. එහිදී සෑම මගියෙකුම ස්වේච්ඡුාවෙන් රටේ පුරවැසියකු ලෙසට රටට රෝගය ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් එම කාර්යය කරයි කියලත් බලාපොරොත්තු වෙනවා.


ගුවන්තොටුපළින් ලංකාවට ඇතුළු වන ගුවන් මගියෙකුට රෝගයේ රෝග ලක්ෂණ තිබුණහොත් එම රෝගියා වෙන් කර හිරකර තබලා රෝහල් වෙතට යැවීමට බලාපොරොත්තු වෙන්නෑ.


එලෙස මර්ස් වෛරසයේ රෝග ලක්ෂණ ඇති රෝගියෙකු හමුවුවහොත් ඔවුන්ව දැනුවත් කර, දෙසතියක පමණ කාලයක් ඔහු පදිංචිව සිටින ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මගින් අධීක්ෂණය කරවීමට කටයුතු සලස්වනු ලබනවා. ලොව දියුණු රටවල පවා බෝවන රෝග වළක්වා ගැනීමට අනුගමනය කරනු ලබන්නේ මෙවැනි පියවරක්.


උණ, හිසරදය, මාංශපේෂි වේදනාව, ඇඟපත වේදනාව, කෑම අරුචිය ප‍්‍රධාන වශයෙන්ම මාර්ස් රෝගයෙහි දැකගත හැකි රෝගී ලක්ෂණය. මෙම රෝග ලක්ෂණම සාමාන්‍ය වෛරස් ආසාදනයකදී මෙන්ම, ඩෙංගු සහ ඉන්ෆ්ලූවන්සා රෝගයක පවා දැකගත හැකි වන බැවින් රෝගය නිශ්චිතවම හඳුනාගත හැකි වනුයේ රෝගියා රුධිර පරීක්ෂාවකට භාජනය කිරීමෙන් පසුවය.


එම නිසාම රුධිර පරීක්ෂාවකින් රෝගය හඳුනා ගැනීමත් රෝගීන් වෛද්‍ය උපදෙස් මත ප‍්‍රතිකාර ලබා ගැනීමට යොමු වීමත් කළ යුතුය.


රසායනාගාර පරීක්ෂාවෙන් පසු රෝගියා මර්ස් කොරොනා වෛරසය ශරීරගත වූ අයකු ලෙස හඳුනාගතහොත් හැකි ඉක්මනින් ළඟම ඇති රජයේ රෝහලට ගොස් හෝ පිළිගත් සුදුසුකම් ඇති ෙවෛද්‍යවරයෙකු වෙත යොමු කර ප‍්‍රතිකාර ගත යුතුය.


මුල් අවස්ථාවේදී රෝගීන්ගෙන් සියයට 10කට පමණ සායනික ලක්ෂණ හෝ වසංගත වේද ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත.


රෝග ලක්ෂණ ඇති රෝගියෙකුට වෛද්‍යවරුන් ලබාදෙන උපදෙස් ඒ අයුරින්ම ඉෂ්ඨ කිරීම ඉතාම වැදගත්ය. නියම කරනා ඖෂධ ප‍්‍රතිකාරත් ඒ අයුරින්ම ලබාගත යුතු අතර රෝගීන් රෝගය සුවවනතුරු රැුකියාව, පාසල හෝ පොදු ප‍්‍රවාහනවල ගමන් කිරීමෙන් වැළකී සිටීමට ද වග බලා ගත යුතුය.


මර්ස් වෛරසයට විශේෂ ප‍්‍රතිකාරයක් නොමැති අතර හුදෙක් සිදුවන්නේ රෝග ලක්ෂණවලට ප‍්‍රතිකාර කිරීමය.

m