දඹුලූ සිද්ධිය හා ජනතාවගේ අධික ජීවන බර ගැන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ මතවාදයි මේ.
ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව දේශීය මෙන්ම ජාත්‍යන්තරව නා ගැනීම් කරන අතරේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තරගෙට නානවා දැයි සමහරු අහනවා. දඹුල්ලේ පූජා භූමිය තුළ දේවස්ථානයකට ඉඩ දීලා අලූතින්ම නෑව ඇමති ඔබද?
පිළිතුර:- මේ පල්ලි ප‍්‍රශ්නය එක පාරටම ආවෙ කොහෙන්ද කියල මට පුදුමයි. මොකද මම අනවශ්‍ය දේ නොකියන නොකරන ඇදගෙන නාන්නෙ නැති කෙනෙක්. මේ අර්බුදය ආවාම මම නිශ්ශබ්දව හිටියෙත් ඒකයි. කවුරු කළත් මම අසාධාරණයට හිස නමන්නෙ නෑ. ඔය මුස්ලිම් පල්ලිය ගැන මම දැන ගත්තෙත් අහම්බෙනුයි.
ප‍්‍රශ්නය:- දඹුල්ලේ ප‍්‍රධාන පුරවැසියා ලෙස ඔබ ගමේ පල්ලිය දැන නොසිටියේ ඇයි. පල්ලියක් යනු අදෘශ්‍යමාන එකක් නෙවෙයි නේද?
පිළිතුර:- ඇත්ත. මේ පල්ලිය පාරට පේන්නෙ නෑ. පටු පාරක ඇතුලේ තිබෙන්නේ. පාර දෙපස කුඩා නිවාස රාශියක් තිබුණා. තහඩු අහුරගෙනයි එතන යාච්ඤා කළේ. ඒක සුප‍්‍රසිද්ධ පල්ලියක් නොවෙයි. ඒත් කාලයක් පුරා මෙහි මුස්ලිම්වරුන් විශාල පිරිසක් ඇවිත් ආගමික කටයුතු සිදු කරල තියෙනවා.
ප‍්‍රශ්නය:- ඒත් කතාව යන්නෙ එහෙම නෙවෙයි. දේශීය හා ජාත්‍යන්තර මුස්ලිම්වරුන් සමඟ ”ඞීල්” එකක් දාලා ඔබ පූජා භූමිය කිලිටි කරමින් අතයට ගනුදෙනුවක් මත හෝ මේ පල්ලිය ස්ථාපිත කරන්නට ඉඩ දුන් බව නේද? මේක බරපතළ චෝදනාවක්. ඔබේ පියා ඔබ මෙන්ම පළාත් සභා මන්තී‍්‍ර ප‍්‍රමිත තෙන්නකෝන්ලා මහා බෞද්ධයන් ලෙස නේද පෙනී සිටින්නේ..?
පිළිතුර:- මේ චෝදනාව කරන අයට හොඳක් වෙන්නෙ නෑ. මේ දවස්වල වහිනවා. අකුණු පාත් වෙනවා. ඔය බොරු කියන අයගෙ ඔළුවට හෙණ පතයක් පහත් වේවි කියලයි මම කියන්නෙ. මොකද උඩක් බිමක් නොදැන මේ වගේ චෝදනා කරන්න නරකයි.
මේ පල්ලිය හදල තියෙන ඉඩම මුස්ලිම් ජාතිකයකුට අයිති එකක්. හෙළ උරුමයත් කියන්නේ 1962 දී මුස්ලිම් කෙනෙකුට මේ ඉඩම ලබාගෙන ඇති බවයි. ඒක 1982 දී රජයට පවරාගෙන සංවර්ධනය කළ යුතු ප‍්‍රදේශයක් ලෙස නම්කරල තියෙනවා. එහෙම ඉඩමක් මම කොහොමද විකුණන්නෙ. ඉඩම් ඇමති කියල රටේ ඉඩම් ඕන හැටියට මට විකුණන්න පුළුවන්ද? පුළුවන් නම් දඹුල්ලේ ඒවාට කලින් මම කොළඹ 07 ඉඩම් ටිකනේ විකුණන්නේ. මම කවදාවත් වැරැදි වැඩ කරන්නෙ නෑ. මගේ නමයි වඩා වටින්නේ. මම ස්තී‍්‍ර දූෂකයෙක්, කුඩු කාරයෙක්, අරක්කු ජාවාරම්කාරයෙක්, කප්පම් හෝ පගාකාරයෙකුත් නෙවෙයි. නිර්දෝෂී මට මේ චෝදනා කරන අයටම ඒවා කැරකේවි.
ප‍්‍රශ්නය:- දඹුලූ පූජා භූමිය තුළ මෙවැනි පල්ලියක් නිරුපද්‍රිතව පැවතීම පිටුපස ඔබ සිටිනා බව ඇතැම් අයගේ අදහසයි?
පිළිතුර:- අපි රාජ්‍ය නිලධාරීන් හමුවෙලා පල්ලියේ අතීතය හාරලා බැලූවා. සමහර නිලධාරීන් පෙන්වා දුන්නේ මේ පල්ලිය පූජා භූමියට අයත්ද නැද්ද කියන එක ගැන සැකයක් තිබෙන නිසා තවදුරටත් සොයා බැලිය යුතු බවයි. කලින් තිබූ පූජා නගර සැලැස්ම දිනේෂ් ඇමැතිතුමා ජනතා සුබ සිද්ධිය හා සංවර්ධනය වෙනුවෙන් අඩුකර තිබෙනවා.
මේ පල්ලිය හැදුවෙ කවදද හැදුවෙ කවුද කියල මට අදාළ නෑ. මම බෞද්ධයෙක් වුණත් අන්‍යාගම්වල සිද්ධස්ථාන අලූතින් හදනවා මිසක් කඩල ඉවත් කරනවාට මම විරුද්ධයි. ඒත් මේවා පිළිවෙළකට කරන්න ඕනෑ. කාක බෝධිත් වටකරල හන්දි අහුරන එකත් වැරැදියි.
සියලූ ජාති ආගම්වලට ගෞරවණීය ලෙස නිදහසේ ජීවත්වීමේ පොදු අයිතීන් හා ආගම් ඇදහීමේ වරප‍්‍රසාද හිමිවිය යුතු බව මගේ පිළිගැනීමයි. සමහරු මේ කොහේවත් නැති කුණු අවුස්සලා නැති ගැටුම් ඇති කළාට දඹුල්ලේ සියලූ ජාතීන් සහජීවනයෙනුයි ඉන්නේ.
ප‍්‍රශ්නය:- මේ කුණු අවුස්සා නැති ගැටලූ ඇති කරන බවට ඔබ චෝදනා කරන්නේ කාටද?
පිළිතුර:- මේ අනවශ්‍ය ගැටුම කරළියට ගෙනාවේ දඹුල්ලේ හිමිනමක්. උන්වහන්සේ එදා ඉඳලම මට පහර දෙනවා. මම අජාසත්තගෙ පුතා කිව්වා. ඊට පස්සෙ කිව්වේ මම චේතිය රජ්ජුරුවන්ගෙ පුතා කියලයි.
ප‍්‍රශ්නය:- ඔබ බෞද්ධ උරුමය වනසන බවටත් චෝදනා එල්ලවීම බරපතළ එකක්?
පිළිතුර:- ඒ චෝදනාව කළ අයට විරුද්ධව මම නඩු දාලා චෝදනාව ඔප්පු කරන ලෙස අභියෝග කරනවා. මම තරම් බුදු දහම වෙනුවෙන් කැපවූ කෙනෙක් ඒ පළාතෙම නෑ. ගිය වසරේ ලෝක තරුණ බෞද්ධ සංඝ සම්මේලනයේ 8 වැනි ලෝක සම්මේලනය දඹුල්ලේ තිබ්බා. රටවල් රැසකින් හිමිවරු 1000 ක් වැඩමෙව්වා. නිකාය භේදයක් නැතිව ”වන් බුද්ධ, වන් සංඝ” අපේ තේමාව වුණා. මමයි මගේ පුතා පළාත් සභා මන්තී‍්‍ර ප‍්‍රමිතයි ඒ දැවැන්ත වැඬේ කළේ. 1000 නමටම දානය දුන්නේත් අපේ ගෙදරයි. ගිය වසරේ සම්බුද්ධත්ව ජයන්තිය නිසා අපි පන්සල් 100 ක් සංවර්ධනය කරන්න දායකත්වයක් ලබා දුන්නා. මුල්වරට දඹුල්ලෙන් හිමිවරු ඊජිප්තුවට ගෙනිහිං පිරිත් සජ්ජායනයක් පවා කළේ මමයි පුතයි තමයි. එහෙව් අපි බෞද්ධ උරුමය වනසන බව කීම මහපොළොව උහුලන්නේ නැති දෙයක්.
ප‍්‍රශ්නය:- ඉන්පසු ඔබ කිව්වේ උන්වහන්සේ චේතිය රජ්ජුරුවන්ගේ මහප්පා කියල නේද? මේ නයි මුගටි සටනට හේතුව මොකද්ද?
පිළිතුර:- උන්වහන්සේට ඕන හැටියට මට මන්තී‍්‍රකම් කරන්න බැහැනේ. මම පත්කළේ ජනතාව නිසා ජනතාව හා ඔවුන්ගේ අවශ්‍යතා අනුවයි මම කටයුතු කරන්නේ. ජනතාව ප‍්‍රතික්ෂේප කළ දිනයේ මම ගෙදර යනවා. ඒත් උන්වහන්සේට හෝ වෙන කිසිම ජගතෙකුට මම යටවෙන්න නෑ. මට හිතෙන්නේ දෙමළ ජාතිවාදය නිසා බැටකන මේ රට මුස්ලිම් ජාතිවාදයක් අවුස්සා ගිනි තියන්න විදේශ බලවේගයක් කුමන්ත‍්‍රණකාරීව හැසිරෙන බවයි. මේ හාමුදුරුවො එදා කණ්ඩලම හෝටලය හැදුවොත් ගිනි තියාගෙන මැරෙනවා කිව්වා. හෝටලය හදලා දැන් දශක 02ක්. මේ පල්ලි ප‍්‍රශ්නය ගහෙන් ගෙඩි එනවා වගේ ඇවිස්සීමත් එවැනි කුමන්ත‍්‍රණයක් හා ව්‍යාජ රඟපෑමක් බවයි හැමෝම කියන්නෙ. මුස්ලිම්වරුන්ට එරෙහි ජාත්‍යන්තර සංවිධානයක් මේ පිටුපස ඉන්නවද දන්නෙ නෑ.
ප‍්‍රශ්නය:- මේ දඹුල්ලේ පල්ලිය එතනින් ඉවත් කරන්නට අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ෆවුසි, අලෙවි මව්ලානා, අබ්දුල් කාදර්, හිස්බුල්ලා වැනි මුස්ලිම් නායකයන් සාකච්ඡාකර පොදු තීන්දුවකට එළඹුණු බව අගමැතිවරයා රටට කියා කට ගන්නත් කලින් පවුසි හා අලෙවි මවුලානා ප‍්‍රකාශ කළේ එවැනි සාකච්ඡාවකට තමන් එක් නොවූ බවත් පල්ලිය ඉවත් කිරීමට තමන් එකඟ නැති බවත්ය. ආණ්ඩුවේ ප‍්‍රධානීන් ආණ්ඩුවේ ඇමතිවරුන් ගැන පවා මෙවැනි බොරු කියමින් රට හා ජනතාව ඇන්දීම ගැන ඔබ මොකද කියන්නේ?
පිළිතුර:- ඒක නම් මට අදාළ ප‍්‍රශ්නයක් නොවෙයි. හැබැයි ඒ ඇමැතිවරු එළිපිට කියනවා නම් ඔය සාකච්ඡාවට ගියේ හෝ පල්ලිය ඉවත් කිරීමේ තීන්දුවට සම්බන්ධ නැති බව කියනවා නම් ඒක පිළිගන්න වෙනවා. අගමැතිතුමා මේ කතාව මොන හේතුවක් නිසා කිව්වද මම දන්නෙ නෑ. ඔබ මේ ප‍්‍රශ්නය අගමැතිතුමාගෙනුයි අහන්න ඕනෑ.
ප‍්‍රශ්නය:- පල්ලිය එතනින් ඉවත් කර වෙනත් තැනක හදන බවට යන ප‍්‍රචාරය වැරැදිද? වෙනත් තැනක හදනවා නම් දඹුල්ලේ ප‍්‍රධාන පන්සලකින් ඊට මුදල් පරිත්‍යාගයක්ද ලබාදෙන බව කියනවා නේද?
පිළිතුර:- මේ අනවශ්‍ය ගැටලූව නිසා එකට දඹුල්ලේ ජීවත්වූ මුස්ලිම් සිංහල සියලූ දෙනා අනවශ්‍ය තැතිගැන්මක ඉන්නේ. ගිය 23 දා මේ පල්ලියේ ප‍්‍රශ්නය කතා කරන්න අගමැතිතුමා මම හිමිවරු පල්ලියේ අය රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලූ දෙනාට 16 දා ලිපි යැව්වා. එතනදී ගන්නා තීන්දුව පිළිගන්න මුස්ලිම්වරුත් සූදානමින් හිටියේ. ඒත් 20 දා ජාතිවාදීන් මේක ගිනි තිබ්බා. ජාත්‍යන්තරයටත් දැන් මේ ප‍්‍රශ්නය ගිහින්. මුස්ලිම් අය දැන් සාකච්ඡාවකටවත් සූදානම් නෑ. කාගේවත් හිත් නොරිදවා සාකච්ඡාවෙන් කළ හැකිව තිබූ දේ අවුල් කළා. එක්තරා හිමිනමක් හා පන්සලක් තමයි මේ ගැටුමට මුල් වුණේ.
ප‍්‍රශ්නය:- පල්ලිය ඉවතට ගෙන යාමේ තීන්දුවක ආණ්ඩුව ඉන්නවද?
පිළිතුර:- අගමැතිතුමා කිව්වාට පල්ලිය ඉවත් කරගන්න මුස්ලිම් නායකයො කැමැතියි කියලා එයාල කියන්නෙ අපි එහෙම සාකච්ඡාවකට හෝ තීන්දුවකට නොපැමිණි බවයි. පල්ලිය ඉවත් නොකරන බවත් ඔවුන් දැන් කියනවා. මුස්ලිම් කාගේත් එකඟත්වයෙන් ගැටුම්වලින් තොරව පල්ලිය ඉවත් කරගන්නවා නම් අපට ප‍්‍රශ්නයක් නෑ. එතන මුස්ලිම් පල්ලියක් තියාගන්න මට අවශ්‍ය නෑ.
ඒ පැත්තෙ මුස්ලිම්වරු දැන් කිපිල ඉන්නේ. පල්ලිය ඉවත් කරගන්නත් සූදානමක් ඔවුන් තුළ තිබුණා. ඒත් හාමුදුරුවරු ඇවිත් ආවේගාත්මකව හැසිරිලා පහරදීමක් වුණාට පස්සෙ ඒ අය කියන්නෙ අපි යන්නෙ නැහැ කියලයි. අනවශ්‍ය ගැටුමක් මේ ඇති කළේ. ජනාධිපතිතුමන් මට කිව්වේ කතාබහ කරල ප‍්‍රශ්නය ගොඩින් බේරන්න කියලයි. ඒකට සූදානම් වන විටයි හාමුදුරුවරු වැඬේ අනවශ්‍ය ලෙස ව්‍යාකූල කළේ. ඊට පසු ඒ අය එක්ක ඒවා සුහදව කතා කරන්න පුළුවන් තත්ත්වයක් නෑ. දරදඬු දරුණු තත්ත්වයක් දැන් තියෙන්නේ. නියපොත්තෙන් කළ හැකිවූ දේ දැන් පොරොවෙනුත් බැරි තත්ත්වයකට පත් කරල තියෙන්නේ. ජනාධිපතිතුමා මැදිහත්වෙලා අවසන් තීන්දුව ගනීවි.
ප‍්‍රශ්නය:- ආණ්ඩුව රටත් ජනතාවත් දේශීය ලෙස මෙන්ම ජාත්‍යන්තරවත් අනාථකළ බව විපක්ෂය ඇතුලූ සමහරුන්ගේ විග‍්‍රහයයි. 2009 දී ආණ්ඩුව ජිනීවාහිදි ජයගත්තත් ඊට වසර 03 කට පසුව ලැබූ පැහැදිලි පරාජය ගැන ඔබ කරන විග‍්‍රහය කුමක්ද? එදා ලංකාවට පක්ෂව ඡන්දය දුන් ඉන්දියාව ඇතුළු රටවල් මෙවර අපට එරෙහි වුණේ එදා ලබාදුන් ප‍්‍රතිඥා ඉටු කිරීම ආණ්ඩුව කර ඇරලා ලෝකය ගොනාට අන්දන්න යාම තුළ නේද?
පිළිතුර:- යුද්ධය නිමවූ පසු හා 2009 ජිනීවා ජයග‍්‍රහණයෙන් පසුව ආණ්ඩුව මොකුත්ම නොකළා කියන ස්ථාවරයේ මම නැහැ. හුඟාක් දේවල් කළා කියන තැනත් මම නැහැ. වසර 30 ක යුද්ධය නිම කරලා තවම වසර 03යි. අනාගතයට බලපාන බැරෑරුම් ගැටලූවලට ක්ෂණිකව විසඳුම් ලබාදීම දීර්ඝකාලීනව රඳාපවතින දෙයක් නෙවෙයි. ඒ නිසා ජනතාව හා සියලූ පක්ෂවල අදහස් අරගෙන ස්ථිර විසඳුමක් ලබාදීමට කාලයක් අවශ්‍යයි. ඒ අතරේයි ඇමෙරිකානු යෝජනාව ඇවිත් ලංකාව ජිනීවාහිදී පරාජයට පත්වුණේ. 2009 ජයගත් අපි වසර 03 කට පසුව පැරැදුණේ ඇයි. අපි මේ ගැන යථාර්ථවාදීව බලන්න ඕනෑ. කෑ ගහලා ගැලරියට කතා කරලා විතරක් මේවා තේරුම් ගන්න අමාරු වේවි. රටට ජනතාවට අනාගත පරපුරට ආදරේ කරන ආණ්ඩුවක වගකීම එයයි. බුද්ධියට විනා ආවේග හා දරදඬුකමට මුල් තැන දුන්නොත් අපි තවත් හිර වේවි. අපට සිදුවුණේ මොකද්ද?. එය නිවැරැදි කරගත යුතු මඟ කෙබඳුද ආදිය අපි සිහි බුද්ධියෙන් තේරුම් ගැනීම වැදගත් වෙනවා. නැතිනම් අපි අපවම රවටාගෙන අමාරුවේ වැටුණා වේවි. අපි ඉන් පරිස්සම් වීම වැදගත් වේවි. පසුගිය දේවල් විමර්ශනය කරලා වැරැුදුණු තැන් නිවැරැදි කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
ප‍්‍රශ්නය:- 77 දී ජේ. ආර් වරද්දාගත්තා වගේ මේ ආණ්ඩුවත් ඉන්දියාව වරද්දා ගෙන තිබෙනවා. ඔවුන් ගොනාට අන්දා ලණු දීලා ජිනීවාහිදී අපට එරෙහිව කි‍්‍රයා කිරීම දක්වා තල්ලූ කළේ ලංකාව විසින්ම බවට විග‍්‍රහ තිබෙනවා. 13+ දෙනවා කියා ළඟදී පැමිණි ඉන්දියානු දූත පිරිසට කියා ඔවුන් ගිය පසු එය ප‍්‍රතික්ෂේප කිරීම තත්ත්වය තවත් ව්‍යාකූල කිරීමක් නේද?
පිළිතුර:- ඉන්දියාව වරද්දා ගැනීම ලොකු අයියා නැතිවුණා වගේ බරපතළයි. ඉන්දියාව එක්ක මීට වඩා බුද්ධිමත්ව හා සුහදව කටයුතු කළ යුතුව තිබුණා. පුංචි අපි බලවත් ඉන්දියාව හා ලෝකයේ ශක්තිය තේරුම් අරන් කටයුතු කිරීම ගුණදායකයි. ඒ නිසා ඉන්දියාව හා ලෝකයේ සුහදත්වය ගොඩනගා ගැනීම අපේ වගකීමක්ව තිබෙනවා. මොකද ඉන්දියානු ආණ්ඩුව ජිනීවාවලදී දුන් පණිවිඩය වගේම ස්ථාවරයකයි ළඟදී ලංකාවට ආපු ඉන්දියානු දූත පිරිස හිටියෙත්. මේක ලංකාවට ඉතා අවාසි නිසා බුද්ධිමත්ව පරිස්සමින් රාජ්‍යතාන්ති‍්‍රකව කි‍්‍රයා කිරීම ඉතා අවශ්‍යයි. කැත්තට පොල්ල වගේ පටු විදියට කි‍්‍රයා කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නෙ අපිමයි.
ප‍්‍රශ්නය:- ජනතාවගේ ජීවන බර දරාගන්න බැරි තරමට ඉහළ යද්දී සහන නොදෙන ආණ්ඩුවේ අතැම් ඇමැතිවරු කියන්නේ රු. 2500 න් මාසයක් ජීවත්විය හැකි බවයි. ඉන්ධන මිල අධිකව ඉහළ දැමූ ආණ්ඩුව රුපියලට සාපේක්ෂව යළිත් ඒකම කරන්න යාම ජනතාවගේ කරටි මිරිකීමක් නේද?
පිළිතුර:- ජනතාව ඉන්නේ අමාරුවෙන්. මහ පොළොවේ පය ගහල ඉන්න අපි ඒ යථාර්ථය දන්නවා. රු. 2500 ක් ඇති කියල පිටි කිලෝවෙන් ඉඳි ආප්ප 350 ක් හදන්න පුළුවන්ය වගේ අපේ අය විකාර කියලා ජනතාව කෝප වෙලා ඉන්නේ. වහාම ආණ්ඩුව ජනතාවට සහන දිය යුතුයි කියන තැනයි මම ඉන්නේ. අපිටත් මෙච්චර අමාරු නම් ජනතාව ගැන කවර කතාද?
ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග