අලි අද මිනිස් ජීවිතයට තර්ජනයක් වී ඇත. 2008 සිට 2012 දක්වා අලි ප‍්‍රහාර හේතුවෙන් මියගිය මිනිස් සංඛ්‍යාව 341කි. ඒ අනුරාධපුර, මහවැලි කලාපය, යාල, බුන්දල හා මධ්‍යම, නැගෙනහිර, මහවැලි, වයඹ, දකුණ හා ඌව පළාත් වලිනි. මෙයින් වැඩි පිරිසක් මිය ගොස් සිටියේ වයඹ පළාතෙනි. වර්ෂ 2008 සිට 2012 දක්වා මෙසේ අලි ප‍්‍රහාර වලින් මිය ගිය අය අතර වැඩිහිටි පිරිමි 278 කි. වැඩිහිටි ගැහැණු 59කි. ළමයි සංඛ්‍යාව 4කි. මේ කාලය තුළ අලින්ගෙන් සිදු වූ දේපල හානි සිද්ධීන් සංඛ්‍යාව 7,916කි. මේ වසර වන විට මිනිස් මරණ සංඛ්‍යාව හා දේපල හානිය තවත් වැඩි වී ඇත.
අලිxමිනිස් සුහදතාවය පිළිබඳව අසන්නට ලැබුණේ අපේ පැරණි රජවරුන්ගේ කාලයේ සිටය. රට බේරා ගැනීමට රජවරු සමඟ පෙරට ගිය හමුදා අතර ඇත් හමුදාව ප‍්‍රධාන ස්ථානයක් ගත් බවට ඉතිහාස පොත්පත් සාක්ෂි දරයි.
එසේ ඉතා කීකරු, නුවණැති හොඳ මතක ශක්තියක් ඇති සත්වයෙක් ලෙසින් ද අලියා හැඳින්වේ. ඒ සඳහා හොඳ උදාහරණයක් පෙන්විය හැකිය. තමන් බලා කියා ගන්නා ඇත් ගොව්වා බීමතින් පාර මැද වැටී සිටි අවස්ථාවක අලියා ඔහු අතහැර ගියේ නැත. පාර මැද වැටී සිටින සිය ස්වාමියාට අනතුරක් වීම වැළැක්වීම සඳහා ඔහු මැදිකර ගෙන පාර මැද අලියා සිට ගෙන සිටි පුවතක් වාර්තා විය.තවත් සිද්ධියක් නම් අලියකුට කෑමට කෙසෙල් ගෙඩියක් දිගුකර එය නොදී ආපසු ගත් කාන්තාවක් ඊට වසර කීපයකට පසු හමුවූ අවස්ථාවක හොඬවැලෙන් උඩට ඔසවා යළි බිම තැබූ පුවතක් පිළිබඳව ද වාර්තා වේ.
ඒ අලි පිළිබඳ සුන්දර කතාය. නමුත් අලි අද මිනිස් ජීවිතයට තර්ජනයක් වී ඇත. 2008 සිට 2012 දක්වා අලි ප‍්‍රහාර හේතුවෙන් මියගිය මිනිස් සංඛ්‍යාව 341කි. ඒ අනුරාධපුර, මහවැලි කලාපය, යාල, බුන්දල හා මධ්‍යම, නැගෙනහිර, මහවැලි, වයඹ, දකුණ හා ඌව පළාත් වලිනි. මෙයින් වැඩි පිරිසක් මිය ගොස් සිටියේ වයඹ පළාතෙනි.
වර්ෂ 2008 සිට 2012 දක්වා මෙසේ අලි ප‍්‍රහාර වලින් මිය ගිය අය අතර වැඩිහිටි පිරිමි 278 කි. වැඩිහිටි ගැහැණු 59කි. ළමයි සංඛ්‍යාව 4කි. මේ කාලය තුළ අලින්ගෙන් සිදු වූ දේපල හානි සිද්ධීන් සංඛ්‍යාව 7,916කි. මේ වසර වන විට මිනිස් මරණ සංඛ්‍යාව හා දේපල හානිය තවත් වැඩි වී ඇත.
මේ කාලය තුළ අලි මරණ සංඛ්‍යාව 250ක් බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මිනිස් ජීවිතවලට අලින්ගෙන් සිදුවන හානියත් දේපල විනාශයත් නිසා මේ මොහොත වන විට අලියා මිනිසාගේ දරුණු සතුරෙක් බවට පත් වී ඇත. මේ හතුරුකමේ අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ නීති විරෝධී ලෙස අලි මරා දැමීමය. ගිනි අවි, විදුලිය වැදීම්, වසදීම්, හක්කපටස්, දුම්රිය අනතුරු යනාදී හේතුන් වලින් අලි මරණ සංඛ්‍යාව ද දිනෙන් දිනම ඉහළ යමින් පවතී.
අලිගෙන් සිදුවන මිනිස් ඝාතනවලදි බොහොමයක් ප‍්‍රදේශවල ජනතාව උද්ඝෝෂණය කිරීමටත්, සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා කෑ කෝ ගැසීමටත් පුරුදු වී සිිටිති.
මෙය අද ඉතාම බරපතළ ප‍්‍රශ්නය වී ඇත. පිළියම වී ඇත්තේ අලින්ට ගම් ප‍්‍රදේශවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිකිරීමයි.
ශ්‍රී ලංකාව තුළ වනජීවි රක්ෂිත ප‍්‍රදේශ ජාලයක් ස්ථාපිත කර, කළමනාකරණය කිරීමේ නීතිමය වගකීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී ඇත. එසේ ස්ථාපිත රක්ෂිත භුමි ප‍්‍රමාණයේ මුළු එකතුව වර්ග කිලෝ මීටර් 8,500 ඉක්මවා ඇත. එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් සියයට 13කි. එහෙත් අද වන විට කැලෑව බෙහෙවින් අඩු වී ඇත.
සංවර්ධන ක‍්‍රියාවලිය, කැලෑ එළපෙහෙළි කිරීම හා අලි ගමන් ගන්නා මාර්ග ඇහිරීයාම නිසා අද වන විට ශ්‍රී ලංකාවේ අලිගහනය බලවත් තර්ජනයකට ලක් වී සිටිති. මේ වන විට අලි සංඛ්‍යාව 4,500 දක්වා අඩු වී ඇත.
තමන්ට හිමි භුමිය අහිමි වීමෙන් ගම් වදින අලින්ගෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජාතික වන අලි සංරක්ෂණ ප‍්‍රතිපත්තිය මගින් නිර්දේශ කර ඇති විවිධ උපාය මාර්ග ක‍්‍රියාත්මක කිරීම මූලික වශයෙන් සිදු කෙරේ. මෙහිදී ප‍්‍රධාන ක‍්‍රියාමාර්ගය වී ඇත්තේ විදුලි වැට ඉදිකිරීමයි. මීට අමතරව වන අලි මෙහෙයුම, අලි වෙඩි බෙදා දීම, වෙනත් ප‍්‍රදේශවලට ඵලවා දැමීම, වන අලින්ගේ වාසස්ථාන අතර සම්බන්ධතාවය ස්ථාපිත කිරීම මෙම යෝජනා අතර වෙති.
අලිx මිනිස් ගැටුමෙන් පීඩාවට පත් වන දිස්ත‍්‍රික්ක 18ක් තුළ පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 58 ක් තුළ වනxඅලි මිනිස් ගැටුම මැඩලීමට සිදු වී ඇත.
විදුලි වැට ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීම ආරම්භ වූයේ 1966 සිටය. අද වන විට අලිxමිනිස් ගැටුම මැඩලීමට යොදා ගන්නා ප‍්‍රධානම මෙවලම වී ඇත්තේ විදුලි වැට ඉදිකිරීමයි.වර්ෂ 2012 දී කිලෝමීටර් 377.6ක දුරකට විදුලි වැට ඉදි කර තිබෙන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2012 වර්ෂයේදී ඉදි කරන ලද විදුලි වැටවල් මෙසේය.ඉහකුළුවැව, කටුකැලියාව, මනම්පිටිය, කටුවන්විල, දිය කැපිල්ල ගමවටා, එරියාව ගම්මානය වටා, කහල්ල කරවිලගල, වැලිගත්ත, පියංගල උන්නච්චි, උඩවලව (ද්විත්ව), පුල්ලූමලේ කෝපාවේලි, තෙරිපැහැ, වික්ටෝරියා, කලාවැව, කොහොඹදිගාන, දෙමටපැලැස්ස, හුංගමල ඔය, සීගිරිය, මිනිපේ, බුලත්වැල්කඳුර, හුණුවිලගම.
වර්ෂ 2012 දී විදුලි වැට ඉදිකිරීම සඳහා රුපියල් දශලක්ෂ 100ක වියදමක් දරා ඇත. එහෙත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට විදුලි වැට ඉදිකිරීමේ කටයුතු කියන තරම් කඩිනමින් හා සුන්දරව සිදු නොවන බව වාර්තා වේ.
පුත්තලම දිස්ත‍්‍රික්කයේ අලිxමිනිස් ගැටුම් පිළිබඳ කළ විමසීමකදී වනජීවි සංරක්ෂණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා නම් ප‍්‍රකාශ කළේ අලිxමිනිස් ප‍්‍රශ්න රටපුරාම පවතින බවත්, සැලැස්මක් අනුව ඒ සඳහා ක‍්‍රියා කරන බවත්ය.
ඇමතිවරයාගේ ඒ සැලැස්ම සාකච්ඡාවට පමණක් සීමා වී තිබෙන බව නම් සඳහන් කළ යුතුව ඇත. විදුලි වැට ඉදිකිරීම කටින් බතල කොළ සිටුවන තත්ත්වයට පත්ව ඇත. වචනයෙන් පමණක් ප‍්‍රශ්න විසඳන තත්ත්වයට දේශපාලනඥයන් හා නිලධාරීන් පත් වී සිටින බවක් සඳහන් කළ හැකිය.
මුදල් හිඟය විදුලි වැට ඉදිකිරීමට බාධාවක් වී ඇති බව දැනගන්නට ඇත. ඇතැම් ආයතනවල වංචාවට දුෂණයට වැය කරන අති විශාල මුදල මේ මිනිස් ජීවිත රැකගැනීමටත් වැය කළ යුතුව ඇත. තාවකාලික පියවරක් වුවත් මේ රටේ ජනතාවට සැකයෙන් - බියෙන් තොරව ජීවත් වීමට විදුලි වැට ඉදිකිරීම කඩිනම් කළ යුතුව ඇත.
අලි - මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා විදුලි වැට ඉදි කිරීම තාවකාලික විසඳුමක් වශයෙන් හැඳින්විය හැකිය. මේ ගැටුම්වලට මූලිකම හේතුව වූයේ සංවර්ධන කටයුතුවලින් අලි වාසස්ථාන අහිමිවීමයි. අක‍්‍රමවත් සංවර්ධන කටයුතු නිසා තම භූමිය අලින්ට අහිමි විය. මේ සඳහා කදිම උදාහරණයක් ඉදිරිපත් කළ හැකිය. බෝගහපට්ටිය හා යාල වනාන්තරයත්, දහයියාගල අභය භූමිය, උඩවලව, වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය, ලූණුගම්වෙහෙර, යාල මෙම ස්වභාවික ප‍්‍රදේශ එකම ජාලයක් ලෙසින් ව්‍යාප්තව පවතී. මෙම ප‍්‍රදේශ ජාලය තුළ ජීවත් වන ජිවීන් කිසියම් ප‍්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකි තත්ත්වයක් පවතී. අලිxමිනිස් ගැටුම් අවම කිරීමට තාවකාලික විසඳුමක් ලෙසට විදුලි වැට උපාකාරී වී ඇත. මෙම විදුලි වැට ඉදිකිරීමේ කටයුතු විධිමත් නොවීමට හේතු කීපයක් බලපා ඇත. ප‍්‍රධාන හේතුවක් නම් අලි වාසය කරන ප‍්‍රදේශ රාජ්‍ය ආයතන කීපයකට අයත් වීමයි. වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම, මහවැලිය ආදී වශයෙන් අංශ කීපයකට මෙම භූමි අයත්ව පැවතීම නිසා අලි වැට ඉදිකිරීමේ කටයුතු වලට යම් යම් බාධා සිදු වන බව සඳහන් කළ යුතුයි. මෙම ආයතන අතර විධිමත් සම්බන්ධතාවයක් නොවීම අලි වැට විධිමත් ලෙස සැකසීමට බාධා ඇති වී ඇත. පොදුවේ ප‍්‍රශ්නයට විසදුම් ලබාදීමට මේ සියලූ ආයතන ඒකරාශී වීම වෙනුවට තමන්ගේ සීමාවෙන් ඔබ්බට යෑමක් සිදු නොවේ. තමන්ගේ මායිමට පමණක් සීමා වීම සිදු වී ඇත. එකිනෙකා අතර සම්බන්ධතාවක් නොමැත.
සංවර්ධනය, වාසස්ථාන අහිමිවීම ආයතන ඒකාබද්ධව පියවර නොගැනීම යනාදී හේතු නිසා අලිxමිනිස් ගැටුම උග‍්‍ර වී ඇත. තමන්ට නිදහසේ ජීවත් වීමට තිබූ වාසස්ථාන අහිමි වන විට ගම් වැදීම සිදු වෙති. මෑත කාලයේදී මේ තත්ත්වය වර්ධනය වී ඇත. අලි වාසස්ථාන ඛණ්ඩනය වන ලෙස අලි විදුලි වැට ඉදිකිරීම මගින් සිදුවන්නේ අලි වෙනත් මාර්ගවලට යොමු වීමයි. |
විදුලි වැට ඉදි කිරීම සැළසුම් සහගතව සිදු වන අතර, කිලෝමීටර් 3500ක පමණ භූමියක විදුලි වැට පිහිටුවීමට නියමිතය.
ප‍්‍රශ්නය: විදුලි-වැට ඉදි කිරීම ප‍්‍රමාද වන්නේ මුදල් ප‍්‍රශ්නයක් නිසාද? |
අපේ ප‍්‍රදේශවල අලිxමිනිස් ගැටුම බොහොම බලවත් ලෙසින් සිදු වෙනවා. මිනිස් ජීවිත මෙන්ම අලි විනාශ වීමත් ඉතාම බහුලව සිදු වෙනවා. මේ වසරේ පමණක් අපේ ප‍්‍රදේශයේ මිනිස් ජීවිත 100ක් පමණක් අලි 50ක පමණ ගණනකුත් විනාශයට පත් වුණා. මේ අලිxමිනිස් ගැටුම් වැළැක්වීමට රජයට විධිමත් වැඩ පිළිවෙළක් නැහැ. වනජීවි ඇමති විජිතමුණි සොයිසා ඇමතිවරයාට මේ අලිxමිනිස් ගැටුම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට තරම් ශක්තියක්xදැනුමක් නැහැ. ඒ වගේම ඔහුට මුදල් නැහැ. කතා කරන කොට නම් සැලැස්මක් ඇතිව මේ අලි විදුලි වැට ඉදි කිරීම් කරනවා කියනවා. ඒ කියන විදියට වැඩ කෙරෙනවා නම් මිනිස්සුන්ගෙත් අලින්ගෙත් ජීවිත ආරක්ෂා වෙන්න ඕනෑ. අපේ පළාත්වල බොහොමයක් ප‍්‍රදේශවල විදුලි වැට නැහැ. විදුලි වැට තිබෙන ස්ථාන වල නිසි නඩත්තුවක් නොමැති කමින් වැට විනාශ වෙලා. වල් බිහි වෙලා. අලි ප‍්‍රහාරයකින් මිනිස් ජිවිතයක් විනාශ වූ විට ඒ ප‍්‍රදේශවල ජනතාව උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් පවත්වනවා. එවැනි අවස්ථාවල විදුලි වැට ගහනවා කියනවා. සමහර අවස්ථාවල ඒ මරණයෙන් පසු වැට කොටසක් හදනවා. එහෙම නැති නම් ඒ උණුසුම අවසන් වූ පසු සියල්ල අමතක කරනවා. රජයට විධිමත් සැලැස්මක් නොමැති නිසා අලි - මිනිස් ගැටුම් එන්න එන්නම දරුණු වෙනවා.
|