කාලීන දේශපාලනය හා ආර්ථිකය ගැන ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක තෙන්නකෝන් මහතාගේ මතවාදයයි මේ. |
ප‍්‍රශ්නය:- මේ ලෝකයේ සියලූ ව්‍යසන මෙන්ම සතුටට ද හේතුවන්නේ ඉඩමයි. ඞී.ඇස්. මැතිතුමා පවා දැරූ ඉඩම් ඇමැතිකම අද ඔබ සතුයි. ඊට අදාළව ඔබ සිදු කළ ප‍්‍රගතිය ප‍්‍රමාණවත්ද?
පිළිතුර:- මේ ඇමැතිකම ලැබීම භාග්‍යයක් සේම කනගාටුවක්. මොකද? මිනිස්සු ආරවුල් ඇතිකර ගන්නේ ඉඩමටයි. මවුපියන් දරුවන් වගේම සහෝදර සහෝදරියන් පවා මරා ගන්නේ ඉඩමටයි. රජයේ ඉඩම් රටේ සංවර්ධනයට ඉවහල්වෙන විදියට ජනතාවට පැවරීමයි අපේ පිළිවෙත වෙන්නේ. අනවසරයෙන් රජයේ ඉඩම්වල පදිංචි අය හොර වැඩක් කරන්නේ. වසර 25-30 ක් පදිංචිවෙලා ඉඳලා ඔප්පුවක් දෙන්නැයි ආණ්ඩුවට බලකිරීම අසාධාරණයි. සමහරු ඉතා අසරණයි. අපි නීතිය අංක එකට හා මනුස්සකම අංක දෙකට බලලයි තීන්දු ගන්නේ. ජනතා ගැටලූ ගැන මට අවබෝධයක් හැඟීමක් ඇතිනිසා නම්‍යශීලීවයි මම වැඩ කරන්නේ. හොඳ නිලධාරි පිරිසකුත් අපට ඉන්නවා.
ප‍්‍රශ්නය:- ඒත් උතුරු නැගෙනහිර ඉඩම් ප‍්‍රශ්නය තවමත් උග‍්‍රයි. උගත් පාඩම් කොමිසමෙන් පවා ඒ ඉඩම් ගැන නිර්දේශ ඇවිත් තියෙනවා නේද?
පිළිතුර:- ඒ නිසාම මම ආරක්ෂක අංශ කැඳෙව්වා. සාධාරණ ඉඩම් ප‍්‍රමාණයක් තියාගෙන ඉතිරිවා ජනතාවට නිදහස් කරන ලෙසයි මම කිව්වේ. මොකද ඒ ජනතාව වගේම ජාත්‍යන්තරයෙනුත් චෝදනා එනවා හමුදාව ඒ ඉඩම් අල්ලගෙන ඉන්නවා කියලා. ඒ අනුව මෙතෙක් හමුදාව භාරයේ තිබූ අක්කර 5000කට වඩා බේරාගත්තා. ඒවා ඒ ජනතාවට බෙදනවා. ඒත් මේ රටේ දෙමළ මුස්ලිම් සිංහල ඉඩම් කියල දෙයක් නැහැ. ලාංකිකයන්ගේ ඉඩම් විතරයි තියෙන්නේ.
![]() |
ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් |
ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුවට නගරබද ඉඩම් පේන්න බැරිය ජනතාව එළවලා හෝ ඒවා බලෙන් පවරාගෙන විදේශික සමාගම්වලට තුට්ටුවට විකිණීම හා පැවරීම කරන බවට චෝදනා තිබෙනවා. එකී ව්‍යාජ දේශීයත්වය ගැන ඔබ මොකද කියන්නේ.
පිළිතුර:- ආණ්ඩුවට ඒ ගැන චෝදනා එන්න ගත්තා. ඒවා බොහොමයක් දේශපාලන ස්වරූපයේ ඒවායි. විදේශිකයන්ට මේ රටේ ඉඩම් විකුණන්න බැරිවෙන විදියට අපි කැබිනට් පති‍්‍රකාවක් ගෙනාවා. වැදගත් ඇමැති කෙනෙක්වූ ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න ඇමැතිතුමාගේ සහාය හා ජනාධිපතිතුමාගෙ මඟ පෙන්වීම තුළයි අපි එකතුවෙලා ඒක කළේ. චෝදනාවලින් ගැලවෙන්න විතරක් නෙවෙයි මේ රටේ ඉඩම් විදේශිකයන්ට අයිතිවීම වැළක්වා ගැනීමත් මගේ අරමුණයි. ඒත් ඉඩම් හා ඔප්පු හොරු 100%ක් නැතිවෙන එකක් නෑ. ඒවා බලාගන්න ඕනෑ පොලිසියයි. ආණ්ඩුවේ ඉඩම් හොරට විකුණපුව හුඟක් අපි යළි පවරාගෙන තිබෙනවා. ඉඩම්වලට බොරු කරපු සුළුතරයක් ප‍්‍රාදේශීය ලේකම්වරු පවා ඉන්නවා.
ප‍්‍රශ්නය:- මේ රට යුද්ධයෙන් මිදුනත් එදාටත් වඩා අද අධික ජීවන බර විරැකියාව, අධික ණය බර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ ස්වාධීන බව හා මාධ්‍ය නිදහස වැළලීයාම මෙන්ම ආණ්ඩුවේ ආදායම් අඩුවී ණය බර වැඩිවී නාස්තිය හා දුෂණය ජාත්‍යන්තරව හිරවීම ආදිය ගැන හිතනවිට ඔබගේ වත්මන් මානසිකත්වය සුබදායකද?
පිළිතුර:- ආණ්ඩුවක් කරනකොට සුබ අසුබ හැමදේම වෙනවා. ඒකට ආණ්ඩුවේ අඩුපාඩු වගේම ලෝක තත්ත්වයනුත් බලපානවා. මේ රටේ හුඟ දෙනෙක් නිකම් ඉන්නේ. මගේ මාමණ්ඩිය ඉහළ පොලිස් නිලධාරියෙක්. එදා ඔහු අපට නියෝග දුන්නේ හන්දි ගානෙ බෝක්කු ගානේ රස්තියාදුවෙන අය එළවන ලෙසයි. අද එහෙම කළා නම් ඒ අය මානව හිමිකම් නඩුවක් දාවි. ඒත් රස්තියාදුවෙන අය වැඩක් කරනවා නම් ඔවුන්ටත් රටටත් කොයිතරම් හොඳද? රස්තියාදු වෙමින් කරන සාකච්ඡාවලින් තමයි හොරකම් හා අපරාධවලට පෙළඹෙන්නේ. දියුණු රටවල් ඒ තත්ත්වයට ආවේ සියලූදෙනා කැපවෙලා වැඩ කරපු නිසයි. ආණ්ඩුවකට විතරක් රටක් දියුණු කරන්න බැහැ. එවැනි සමාජ ආකල්පවල වෙනසක් දැන් අත්‍යවශ්‍යයි. හැමදේම නිකම් දීමත් හෙනයක්.
මිනිස්සු කි‍්‍රයාශීලී වෙන්න ඕනෑ. මට තියෙන ලෙඩ රෝග වෙන කෙනෙකුට තිබුණ නම් එයා මෙලහකට ඇඳේ. නැත්තං මැරිලා. ඒත් මම ධෛර්යයෙන් රටට ජනතාවට වැඩ කරනවා. මගේ ලොකුම ඖෂධය ඒකයි. මම අදත් මව්පියන්ගෙ පොටෝවලට වැඳල එළියට යන්නේ. අපේ දරුවොත් හැදෙන්නේ ඒ දිහා බලාගෙනයි. දේශපාලන නායකයො හැටියට අපිත් ආදර්ශමත්ව බලයෙන් මත් වෙන්නෙ නැතුව පම්පෝරි ගහන්නෙ නැතුව ජාති ආගම් කුල භේද නැතුව නිහතමානිව සේවය කළ යුතු වෙනවා. එහෙම වුණොත් මේ රට ඉක්මනින් දියුණු වේවි. ජනතාව අද පෙළන බොහෝ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබේවි.
ප‍්‍රශ්නය:- වසර 30 ක බෙදුම්වාදී ජාතිවාදී ත‍්‍රස්තවාදයෙන් ගොඩ ආ මේ රට තුළ දැන් මුස්ලිම්වරුන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග දියත්ව තිබෙනවා. දෙමළ ජනතාවට සිටියේ තමිල්නාඩුව විතරක් වුවත් මුස්ලිම් රටවල් 50 කට අධික සංඛ්‍යාවක් ලොව පවතින පසුබිම තුළ ලංකාවේ ඇතැම් කණ්ඩායම් ගෙන යන හලාල් හා මුස්ලිම් විරෝධය ගැන ආණ්ඩුවේ ස්ථාවරය කෙබඳුද? දඹුල්ලේ මුස්ලිම් පල්ලිය කඩන්නටත් මේ බලවේග කි‍්‍රයාකරන්න උත්සාහ කළා නේද?
පිළිතුර:- ඔව්. මම ඒ ප‍්‍රශ්නය සමබරව හා ධෛර්ය සම්පන්නව දුරදිග නොයා බේරාගත්තා. මම කිසිම භේදයකට ජාතිවාදයකට ආගම්වාදයකට කැමැති නැති කෙනෙක්. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. නියම බෞද්ධයො මේක තේරුම් ගන්න ඕනෑ. අද බුදුන්වහන්සේ හිටියානම් අපේ සමහර හාමුදුරුවරු හා බෞද්ධයි කියාගන්නා අය කරන දේවල් දැකල පිරිනිවන් පානවා. අල්ලා දෙවියන් සමහර මුස්ලිම්වරු කරන දේවල් දැක්ක නම් ස්වර්ගස්ථ වෙනවා. මේ දෙගොල්ලම අනවශ්‍ය වැඩ අද මේ කරන්නේ. මේ පිටුපස කුමන්ත‍්‍රණයක් තියෙනවද කියලයි මට හිතෙන්නෙ. මම හැමදේටම කුමන්ත‍්‍රණ කියල විහිළු කරන කෙනෙක් නොවුනට මෙතන නම් යමක් තිබෙනවාද කියල සැකයක් තියෙනවා. හුඟක් ආණ්ඩු ඇද වැටුණා. මැද පෙරදිග සිදුවුණෙත් මේ වගේම වැඩ පිළිවෙළක් ලිබියාවෙ ඊජිප්තුවෙ සිදුවුණේ සිරියාවේ සිදුවන්නේ මේකම තමයි. හතර පෝයට සිල් අරගෙන හැමෝටම මෛති‍්‍රය කරන රටේ මේ වගේ වලිග පටලවාගෙන දැඟලීම අපි‍්‍රයයි.
ප‍්‍රශ්නය:- මෙතැන දෙපාර්ශ්වයක් ඉන්නවා. මුස්ලිම්වරු හලාල් හරහා මුදල් හම්බ කරමින් අල්කයිඩා ඇතුළු එම අන්තවාදීන්ට ලබාදීම හා බොදුබලසේනා නමින් ඊට එරෙහිව මුස්ලිම් විරෝධයක් දක්වනවා. ඔබ චෝදනා කරන්නේ මේ දොගොල්ලගෙන් කාටද?
පිළිතුර:- මම මේ දෙගොල්ලටම චෝදනා කරනවා. අමාරුවෙන් සාමය ඇති කරගත්ත රට ගිනි තියන්න දෙගොල්ලම දඟලනවා. වැරැදි කරන එකා මොකා වුණත් ඌ වැරැදි බවත් ඒවාට ඉඩ තියන්න නරක බවත් මම දැඩිව කියනවා.
ප‍්‍රශ්නය:- දැන් ආණ්ඩුව මොකද කරන්නේ.
පිළිතුර:- ආණ්ඩුව තවම මේ දිහා බලාගෙන ඉන්නවා. මේ දෙපිරිසම අන්තවාදයටම යන්න කලින් ආණ්ඩුව නිසි කි‍්‍රයා මාර්ග ගන්න ඕනෑ, නැත්නම් නියපොත්තෙන් කැඩිය හැකිදේ පොරොවෙනුත් කපන්න බැරි වේවි. මොකද මුස්ලිම්වරුන්ට ආගම ඇදහීමට පල්ලි අවශ්‍ය බවට වූ ඔවුන්ගේ පරම අයිතිය වෙනුවෙන් මම පෙනී හිටියා. ඒත් ඔවුන් හලාල් කරට අරන් ප‍්‍රශ්න ඇති කරන්න ආවොත් ඒවාට ඉදිරිපත් වෙන්න අපට ඕනකමක් නෑ.
ඒ වගේම සිංහල බෞද්ධයා රකිනවා කියමින් රට තුළ ගැටලූ ඇති කරන්න යම් සංවිධානයක් උත්සාහ කළොත් ඒකටත් ඉඩ නොතැබිය යුතුයි. නැති ප‍්‍රශ්න ඇති කරගෙන අවිශ්වාසය ඇති වුණොත් ඒවා පරම්පරා ගණනක් දක්වා පැතිර යාවි. ඒකට ඉඩ දෙන්න බෑ. දෙමළ ප‍්‍රශ්නයකින් වසර 30 ක් බැට කාලා ඔළුව උස්සපු වෙලාවේ ආපහු වළේ වැටෙන්න පුළුවන්ද?
අනික ජාත්‍යන්තරය තුළ අපි බිත්තියටම වගේ හේත්තුවෙලා ඉන්න වෙලාවේ මුස්ලිම් රටවල් තරහ කරගන්න අපට ඇති අවශ්‍යතාව මොකද්ද? අපි ඒ සමහර රටවලින් තෙල් පවා ණයට හෝ සහන මිලට ගන්න අවස්ථාත් තිබෙනවා. ඒවා නැති කරගන්නද අන්තවාදි අදහස් දරන අය කියන්නේ? අනික මැද පෙරදිග රටවල අපේ ලක්ෂ 20 ක් රැකියා කරනවා. උඹල පලයල්ලා කියල ඒ රටවල් කිව්වොත් ලංකාවේ ප‍්‍රධානම ආදායම් මාර්ගයට මොකද වෙන්නේ? ඒ විදේශ විනිමය මේ රටට සොයාදෙන විකල්ප ක‍්‍රමයක් හොයල දෙන්න ඔය දඟලන බලවේගවලට පුළුවන්ද? අනික ජිනීවාවලදී ලංකාවට විරුද්ධව ලෝකය නැගී සිටින වෙලාවේ මුස්ලිම් රටවල් අපට උදව් කළා. මුස්ලිම් අන්තවාදයට යට නොවන අපි ඒ රටවල ෂරියා හෝ වෙනත් නීති හා බුදු පිළිමයක් තබා ගැනීමට පවා ඉඩ නොදෙන සම්ප‍්‍රදායන් ප‍්‍රතික්ෂේප කරනවා. ඒත් මා ඉහත දැක්වූ යථාර්ථයකුත් අපට අමතක කරලා වැඩ කරන්න බැරි බව මේ සියලූදෙනා අවබෝධ කරගත යුතුයි. බොරු චූන් ආවේගවලට යටවෙලා බෑ. යථාර්ථයට හා බුද්ධියටයි ඉඩ දිය යුත්තේ. ටී.වී. කැමරා දැක්කම සෙනඟ ටිකක් දැක්කම රෙදි අතට අරන් නළු නිළියො වෙලා රඟපාන්න ගියොත් රට යළිත් ජාතිවාදයෙන් ගිනි ගනීවි. ඒ ටික තේරුම් ගන්න මොන්ටිසෝරිය පාස් වුණත් ඇති අනික හලාල් ගැන ඒ බලපත‍්‍ර දෙන අයගෙ පැත්තෙන් නම්‍යශීලීබවක් ඇතිවෙලා හලාල් මුස්ලිම් අයට විතරක් බවට මත පළ කළා. ඒක හොඳයි. ඒක ඒ විදියටම කි‍්‍රයාත්මකවීමත් අත්‍යවශ්‍යයි.
ප‍්‍රශ්නය:- යුද්ධය නිමවූ විගස ජීවන බර සහන හා රැකියා දෙන්නම් පැහැර ගැනීම් නවතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනවා. කිව්වත් අද තිබුණාටත් වඩා තත්ත්වය භයංකර වෙලා. පාරවල් හා රටේ යටිතල යම් ප‍්‍රමාණයකට දියුණු වුණත් ජනතාවට ප‍්‍රතිලාභයක් නැතිවීම විශාල ගැටලූවක් නේද?
පිළිතුර:- ජනතාවට ටිකක් අමාරුයි. ඒ නිසා ජනතාවත් ඔය ප‍්‍රශ්නයම අපෙන් අහනවා. රට දියුණු කළාට යටිතල දියුණු කළාට මදි ජනතාවටත් ප‍්‍රතිලාභ ලබාදීම අවශ්‍යයි. 2001 එජාප ආණ්ඩුව වැටුණේත් ජනතාව ගැන නොබලපු නිසයි. රට දියුණු කරලා දීර්ඝ කාලීනව ජනතාවට ප‍්‍රතිලාභ ලබාදෙන ක‍්‍රමයට වඩා කඩිනම් ප‍්‍රතිලාභ ජනතාවට අවශ්‍යයි. මොකද මේ රටේ ඒ තරමටම අසරණ මිනිස්සුත් ඉන්නවා. ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කරමින් ඉන්නේ.
ප‍්‍රශ්නය:- ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස නායයාම ගැනත් මම ඇහුවා. 2005 සිට මාධ්‍යකරුවන් 41 ක් ඝාතනය වී ඇති රටක ගිය සතියේත් මාධ්‍යකරුවෙකුට වෙඩි තබා ඝාතනය කරන්න හැදුවා. පුදුමය වන්නේ මෙතරම් දක්ෂ පොලිසියට මාධ්‍යවලට එන තර්ජන ඝාතන ගිනි තැබීම් ගැන සොයා ගන්න බැරිවීමයි. හිටපු පොලිස් ප‍්‍රධානියෙක් ලෙස ඔබ මොකද කියන්නේ.
පිළිතුර:- මාධ්‍ය නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ ස්වාධීන බව රටකට අවශ්‍යමයි. ඒවා නැතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි කියල හරියන්නෙ නෑ. මේ ආණ්ඩුව හැකිතාක් ඒ පීල්ලේ යනවා. ඒත් ඇතැම් සිදුවීම් කාටවත් අනුමත කරන්න බැහැ. මාධ්‍ය නිදහස නීතියේ ස්වාධීන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කැඩපතයි. මම ඉන්නේ එතැනයි. මාධ්‍යවලට කරන තර්ජන වෙඩි තැබිම් ඝාතන ගිනි තැබීම් හෙළා දකිනවා.
ප‍්‍රශ්නය:- මේවා හෙළා දැකලා හෝ පරීක්ෂණ පවත්වන්නැයි නියෝග දීලා මදි. ජනාධිපතිගේ මස්සිනාගේ ගේ බින්ද හොරු පැය 24න් ඇල්ලූවා වගේ ජනමාධ්‍යවලට පහර දෙන අය අල්ලන්න බැරි ආණ්ඩුව මේ පහත් කි‍්‍රයා පිටුපස ඉන්න නිසාදැයි අහන අයට ඔබ දෙන පිළිතුර කුමක්ද?
පිළිතුර:- මේවා අල්ලන්න බැරි ආණ්ඩුව මේ කි‍්‍රයා පිටුපස ඉන්න නිසාදැයි අහන අය හුඟක් ඉන්නවා. එහෙම හිතෙන එකේ සාධාරණකමකුත් තියෙනවා. මිනිස්සු එහෙම හිතන එක නැති කරන්න ආණ්ඩුව පැත්තෙන් වැඩ කටයුතු සිදුවිය යුතුයි. මිනිස්සුන්ට එහෙම හිතන්න ඉඩ තැබීම ආණ්ඩුව ආණ්ඩුවේම වළ කපා ගැනීමක් වෙනවා. මමත් පොලිස් නිලධාරියෙක් නිසා දන්නවා සමහර අපරාධ ක්ෂණිකව ඇල්ලූවත් හැම එකක්ම එහෙම බෑ කියලා.
ඉඟිනියාගලදී මම මිනී මැරුමක් ඇල්ලූවේ බුලත් හපයෙන්. මිනීමැරුමකට කෙනෙක් ඇල්ලූවා. ඔහු හොඳට බුලත් කනවා. මම එයා ගෙනැත් බුලත් කන්න නොදී රැයක් තිබ්බා. පසුදා බුලත් වට්ටියක් හදලා මගේ මේසෙන් තියලා මමත් සුවඳ හමන්න හපයක් කාලා සැකකරු ගෙන්නුවා. වට්ටිය දැකපු ඔහු මට වැඳලා බුලත් ඉල්ලූවා. මැරුවෙ කවුද කිව්වොත් වට්ටියම දෙන බව මම කිව්වාම ”මැරුවෙ මමයි” කියල ඔහු පිළිගත්තා. ඒක මෙතනට ගළපන්න බැරි වුණත් මාධ්‍ය ප‍්‍රහාරකයන් අල්ලන්න ඕනෑ, පොලිසියටත් යම් බලපෑම් විවිධ අයුරින් එනවා. මම නැහැ කියන්නෙ නැහැ. ඒත් මාධ්‍යවලට එල්ලවන තර්ජන සොයා ගැනීම පොලිසියේ මෙන්ම ආණ්ඩුවේත් වගකීමක්. මාර්තුවල ජිනීවාවලදී ලෝකය අපට ඇඟිල්ල දිගු කරන්න යන වෙලාවේ සැබෑ සැකකරු සොයා ගැනීම ආණ්ඩුවට කොච්චර හිතකරද? ආණ්ඩුව ගැන ඇති කළු ලප මකන්න ඒක හොඳ අවස්ථාවක්.
ප‍්‍රශ්නය:- දැන් මේ රටේ ආදායමෙන් 98%ක් ණය හා පොලී ගෙවන්න යටවන නිසා රට දුවන්නෙ තවත් ණය අරගෙනයි. ණය අරන් හදපු හම්බන්තොට වරායට නැව් නැහැ. නොරොච්චෝලේ කැඩෙනවා. දැන් චීනයටම ඒක දෙන්න යනවා. 1948 සිට 2005 දක්වා මේ රට ගත් ණය මෙන් දෙගුණයක් 2005 සිට මේ දක්වා අරන් තියෙනවා. දැන් මේ රටට ණය ලැබෙන්නෙ නැති පසුබිමක රටේ අනාගතය කෙබඳු වේවිද?
පිළිතුර:- ණය අරගෙනම රටක් දුවන තැනට ඒම හොඳ නෑ. ඒත් මේවා කරන්නෙ ආර්ථික විශේෂඥයනුයි. ඔවුන්ට දැක්මක් ඇති. ඒත් මට ඒ ගැන තේරෙන්නෙ නැහැ. ණය ගන්න ඕනෑ ඒවා ගෙවලා නොමැරී ජීවත්වෙන්න පුළුවන් මට්ටමිනුයි. අඩු ගානේ ගන්නා ණය නිෂ්පාදනය ඉහල දාන තැන්වල ආයෝජනය කිරීම ඉතා වැදගත්.
ප‍්‍රශ්නය:- ණය ඉල්ලලා නොලැබුණාම ණය එපා කියල ආණ්ඩුව කියන්නෙ ඇයි?
පිළිතුර:- ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයො තමයි ඒකට උත්තර දෙන්න ඕනෑ.
ප‍්‍රශ්නය:- ජිනීවා අභියෝග යළිත් අත ළඟ. යළිත් ආණඩුවට එරෙහි යෝජනාවක් සම්මත වුණොත් තවත් හිරවෙනවා නේද?
පිළිතුර:- ජාත්‍යන්තරය එක්ක මිට වඩා උපක‍්‍රමශීලීව හැසිරිම වැදගත් බව මගේ මතයයි. විශේෂයෙන් ඉන්දියාව මිත‍්‍රශීලීව ආශ‍්‍රය කරන්න බැරි වුණොත් අපට ඉතා අවාසි වේවි. සුළු ප‍්‍රශ්න තිබේනම් ඒවා නිවැරැදි කරන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒකයි.
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග