නපුරු සිතුවිලිවලින් පිරුණු අඟනුන් මෙලොව උපදින්නේ ඇයි?


28_PAGE_20_T   

 

කෙනෙක් තමන්ගේ කටින් වචනයක් කීමේ දී කටින් වචන පිටවීමට කලින් සිය මනසින් ද එය කියනු ලබයි. මනසින් උච්චාරණය වූ දෙය කටින් ප‍්‍රකාශවෙන්නේ ඉන් අනතුරුවය. වාචසික ක‍්‍රියාවක් සඳහා මානසික බලපෑම එන්නේ එපරිදිය. කායික කි‍්‍රයාවක් ද එපරිදිය. කයින් කිසියම් ක‍්‍රියාවක් කිරීමට පළමුව මනසින් එය කරනු ලබයි. මනසින් කළ ක‍්‍රියාව කායික ක‍්‍රියාවක් බවට පත්වනු ලබන්නේ ඉන් අනතුරුවය. ඇතැම් මානසික ක‍්‍රියා කායික ක‍්‍රියාවක් බවට පත්වීමට පළමුව වාචසික ක‍්‍රියාවක් බවට ද පත්වෙයි.

 

SLTK - 08.qxd
සමාජයක ජීවත්වෙන පුද්ගලයෝ විවිධය.


ඇතැම්හු සිතින් සිත සිතා ඉන්නට කැමැත්තෝය.


ඇතැම්හු සිතින් සිතා ඒවා කතාකර කර ඉන්නට කැමැත්තේය.


ඇතැම්හු සිතින් සිතා ඒවා කරන්නට කැමැත්තෝය.


ඇතැම්හු අලූත් යමක් සිතන්නේ නැතිව ඔහේ ඉන්නෝය.


සිත, කය, වචනය යන තුන්දොරින් සමාජයට දෙන දෙය පෙරළා ආපිට තමාට ලැබෙන බව උගන්වන බුදුදහම තමා ලැබීමට කැමැති දෙය සමාජයට පරිත්‍යාග කරන ලෙස මිනිසාට උගන්වයි. තමා යහපත් දෙය සමාජයට දිය යුත්තේ එම දෙය පෙරළා තමාට ලැබෙන නිසාය. තමා අයහපත් දෙය සමාජයට නොදිය යුත්තේ පෙරළා එය තමාට ලැබෙන නිසාය. බුදු දහමේ කියන කාරණය ඉතා පැහැදිලිය. පුද්ගලයා සමාජයට ද සමාජය පුද්ගලයාට ද අන්‍යොන්‍ය වශයෙන් කරගනු ලබන බලපෑම ප‍්‍රබලය. එය මැනවින් අවබෝධ කරගෙන සමාජය තුළ ජීවත්විය යුතු අන්දම බුදු සමය පැහැදිලි කරනු ලබයි. එකී යථාර්ථය මැනවින් පසක් කර නොගෙන ජීවත් වුවහොත් මිනිසා අතින් වැඩිපුර වරද සහිත දෙයම සිදුවෙයි.

66
යටගිය දවස බරණැස්නුවර බඹදත් නම් මහ නිරිඳෙක් රජකම් කරනු ලැබීය. එම කාලයේ එම රජතුමාගේ අන්තඃපුරයේ සිටි අගබිසවුන් වහන්සේ රජතුමාට හොර රහසින් පරදාර සේවනයේ යෙදෙන්නීය. රජතුමාට ද මේ බව ආරංචිවන්නට විය. රජතුමා මේ ආරංචිය බිසවුන් වහන්සේගෙන් ඇසීය. ඇය ඒ හැම අවස්ථාවකම කීවේ ‘‘ඉරිසියාවට එක එකා කියන කතා ඇසීමෙන් රජතුමා මිදෙන්න’’ කියාය. නමුත් කලක් යාමේ දී සිදුවූ සිද්ධි නිසා රජතුමා සිය අගබිසොවුන් වහන්සේගෙන් කාරණය නැවතත් විමසා සිටියේය. එම අවස්ථාවේ තමාගේ නිවැරැුදි බව පෙන්වීම පිණිස ඇය මෙසේ කියයි.


දේවයන් වහන්ස, මම සිල්වත් වෙමි. එම නිසා කිසිම දිනයක අනාචාරයේ හැසිරීම තියා එබඳු සිතුවිල්ලක් පවා පහළකර ගත්තේ නැත. යම් කෙනෙක් මා එසේ හැසිරුණයි කියද්ද සත්‍ය වශයෙන්ම මා එසේ අනාචාරයේ හැසිරුණා නම් මතු උපදින උපදින හැම භවයකම අශ්ව මුහුණක් ඇති යකින්නක්ව උපත ලබාවා යනුවෙන් ඈ දිවුරුවාය. ඈ එම අවස්ථාවේ රජතුමා ඉදිරියේ දිව්රනු ලැබුවේ තම හෘද සාක්ෂියට එකඟව නොවේ. තමා එම වරද කරමින්ම සමාජයට එය නොකරන බව ඇඟවීම සඳහාය. දිව්රීම වරදක් හැටියට දක්වනු නොලැබුවත් බොරුවට දිව්රීම බරපතළ අයහපත් ප‍්‍රතිඵල ලබාදෙන අකුසලයක් ලෙස බුදු සමයේ උගන්වයි. ඒ අනුව කාලයාගේ ඇවෑමෙන් මිය පරලොව ගිය අගබිසව තමා බොරුවට දිවුරලා සේම අශ්ව මුහුණක් ඇති යකින්නක්ව උපත ලැබුවාය. රාජ අගබිසවකවීමට පින් තිබුණත් එම භවයේ දී සිදුකරනු ලැබූ අකුසල් නිසා ඊළඟ භවය උත්පත්තිය ලැබුවේ යක්‍ෂණියක වෙලාය. ඒත් විරූපී මුහුණක් සහිතවය.


දවසක් මල්ලිකා දේවි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියාය. කාන්තාවන්ගේ විවිධත්වය ඇයට ප‍්‍රශ්නයක්ව තිබුණේය. ඒ විවිධත්වය මෙසේය. ඇතැම් කාන්තාවක් මනා වූ පැහැයෙන් හා රුවින් ආඩ්‍යව උපත ලබයි. ඇතැම් කාන්තාවක් එසේ නැත. දුර්වර්ණ පැහැයෙන් ද අවලස්සන බවින් ද යුතු වෙයි. ඇතැම් කාන්තාවන් ධන ධාන්‍ය හා භවභෝග සැප සම්පත්වලින් පිරිපුන්ය. ඇතැම් කාන්තාවන් එසේ නොවේ. දුප්පත්ය. මේ සඳහා කිසිදු තැනකින් හරිහමන් පිළිතුරක් නොලද නිසා ඇය අවසානයේ බුදුරජාණන් වහන්සේගෙන් විමසීමට තීරණය කළාය. ඇය තමන්ගේ ගැටලූ ප‍්‍රශ්න සතරකට ගොනුකර ගත්තාය. පළමු ප‍්‍රශ්නය මෙයයි.


බුදුහාමුදුරුවනේ මේ ලෝකයේ සමහර ස්ත‍්‍රීන් ශරීරය දුර්වර්ණයි. හරිම නපුරු ස්වරූප පවතියි. දකින්නට පවා ප‍්‍රිය නූපදවයි. හරිම දුප්පත්ය. ආර්ථික වශයෙන් අගහිඟ ද පවතී. පිරිවර ද අඩුය. හුදකලාය. මෙබඳු කාන්තාවන් දක්නට ලැබේ. එසේ දුර්වර්ණව සහ දුප්පත්ව උපත ලැබීමට යම්කිසි හේතුවක් තිබේද?


මල්ලිකාට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ පළමුව පැහැදිලි කරනු ලබන්නේ දුර්වර්ණ වී උපත ලැබීමට බලපාන ප‍්‍රධාන හේතුවයි. යම් ස්ති‍්‍රයක් නිතර නිතර ක්‍රෝධසහගත සිතුවිලිවලින් පසුවෙයි ද ක්‍රෝධ බහුල කෙනෙක් වන්නී ද පුංචි පුංචි දෙයට පවා කිපෙයි ද නියම ස්වභාව අත්හරී ද තද බවට පැමිණේ ද කෝපයෙන්, ද්වේෂයෙන් නොසතුටම ප‍්‍රකාශ කරනු ලබයි ද එබඳු තැනැත්තිය එම අකුසලයේ ප‍්‍රතිවිපාක වශයෙන් දුර්වර්ණ වී උපත ලබයි. කිසියම් කාන්තාවක තුළ ආගම දහම කෙරෙහි භක්තියක් ශ‍්‍රද්ධාවක් නැති ද ඒවායේ නොයෙදේ ද දන් පහන් නොදේ ද මල්, ....?.. , විලවුන් නොදේ ද ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිත් ඇත්තී ද නිතර නිතර අමනාප වේද ඒ ආත්ම භාවයෙන් චුතව නැවත උත්පත්තිය ලබන විට ක්‍රෝධ පහළ කළ නිසා දුර්වර්ණ වන්නීය. දානාදී පින්කම් නොකළ නිසා දිළිඳු වන්නීය. උපභෝග පරිභෝග සම්පත් නොලබන්නීය.

 


ඊළඟ ප‍්‍රශ්නය:
ස්වාමිනී, මේ ලෝකයේ යම් ස්ත‍්‍රියක් දුර්වර්ණයි, නපුරු ස්වරූප පවතියි, දකින්නට අප‍්‍රියයි. නමුත් මහත් ධනය තිබේ. උපභෝග පරිභෝග වස්තුව තිබේ. මහත් පිරිස ද ඇත්තීය. මේ වගේ තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු කාරණා පවතින්නේද?


මේ ලෝකයේ යම් ස්ත‍්‍රියක් ක්‍රෝධ සිත ඇතිව වෙසෙයි. නිතර නිතර ක්‍රෝධ කරයි. පුංචි දෙයටත් කිපෙයි. තම නියම ස්වභාවය අත්හරියි. තද බවට පැමිණෙයි. කෝපය නොසතුට පළකරයි. නමුත් දානමාන මහ පින්කම් නිතර නිතර කරයි. ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිතිවිලි නැත. අනුන්ගේ ලාභ සත්කාර වැඳීම් පිදීම් පූජාවන්හි ඊර්ෂ්‍යා නොකරයි. ද්වේෂ නොකරයි.  ඕ ඉන් චුතව මෙලොව යම් තැනක උපත ලබයි ද ක්‍රෝධ පහළ කළ නිසා දුර්වර්ණ වී නපුරු ස්වරූප ඇත්තී වන්නීය. දකින්නට ප‍්‍රිය නොවෙයි. 


නමුත් ද්වේෂයෙන් තොර සිතින් දානාදී පින්කම් කළ නිසා වස්තුවෙන් ආඩ්‍ය වී උපභෝග පරිභෝග වස්තු සහ මහත් පිරිවර ඇතිවෙයි යනුයි.

 

m6