පසුගිය යුද සමයේදී වත් විනාශ නොවූ නැගෙනහිර පළාතේ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන වලට වර්තමානයේ අත්ව තිබෙන්නේ ශෝචනීය ඉරණමකි.
විශේෂයෙන්ම දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කයට අයත් වෙරළබඩ ප‍්‍රදේශයේ බොහෝ සිද්ධස්ථාන දිනෙන් දිනම අන්‍යාගමිකයින්ගේ කුරිරු හස්තයනට අසුවී විනාශ වෙන්නට පටන් ගෙන ඇත. යුද සමයන් හි එවැනි ප‍්‍රදේශවලට ළඟාවීමට නොහැකි වූ නිසාදෝ එම ස්ථාන ආරක්ෂා වී තිබුණ බව පැහැදිලිය.
කෙසේ නමුත් දැන් වෙරළබඩ ප‍්‍රදේශයේ බෞද්ධ ආගමික සිද්ධස්ථාන දෙකක් විනාශ කර දමා හමාරය. මීට මාස කීපයකට පෙර අක්කරපත්තුවේ අලයාඩිවෙම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල කන්ද පාමුල පිහිටි දාගැබක් ද ඩෝසර් කර දැමුවේය. ඉන් මාස කීපයකට අනතුරුව ඉකුත් 23, 24 සහ 25 යන තෙදින තුළ ඊට යාබද තිරික්කෝවිල් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගම ප‍්‍රදේශයට යාබද ඌරක්කල් නැමති කුඹුරු යායේ උස් බිමක පිහිටි ඉපැරණි සුවිසල් දාගැබක් ඩෝසර් කර ඒ මැද හාරා වටිනා නිධන් වස්තු සොරා ගෙන තිබුණි. දින කීපයක් තිස්සේ මෙලෙස ඩෝසර් කරමින් සිටිය දී අම්පාර පොලිස් කොට්ඨාසයේ විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට තොරතුරු ලැබුණි. වහාම ක‍්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක ජාලිය දලූවත්ත, පොලිස් සැරයන් චන්න ප‍්‍රනාන්දු යන මහත්වරුන් සාමාන්‍ය මිනිසුන් ලෙස වෙස් ගෙන එම ස්ථානයට ගොස් මෙම විනාශයේ තතු සොයා බලා වහාම අම්පාර කොට්ඨාසයේ පුරා විද්‍යා ආරක්ෂණ ඒකකයට දැනුම් දුන්නේය.
අනතුරුව එම නිලධාරීහු වැටලීම් කර දමිළ පුද්ගලයන් 07 දෙනකු සහ එම කටයුත්ත සඳහා භාවිත කළ ඩෝසරයද අත්අඩංගුවට ගෙන තිරික්කෝවිල් පොලිසියට භාරදුන් අතර එම පොලීසිය මගින් ඔවුන් සහ ඩෝසරය පොතුවිල් උසාවියට ඉදිරිපත් කළේය. ඒ අනුව පොතුවිල් උසාවියේ වැඩ බලන මහේස්ත‍්‍රාත් යූ.එල්. හිල්මි මහතා විසින් එම සැකකරුවන් ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට නියෝග දෙන ලදී.
මෙවැනි විශාල දාගැබක් තුළ වටිනා නිදන් වස්තු තිබිය යුතු බව බොහෝ දෙනා පැවසූ අතර එසේ නම් ඒවාට සිදුවූයේ කුමක් ද යන්න ප‍්‍රශ්නාර්ථයක් විය. ඉකුත් 27 වැනිදා සවස් භාගයේ එයටද පිළිතුරක් ලැබුණි. මෙම වටිනා නිදන් වස්තු සඟවාගෙන සිටින පුද්ගලයා පිළිබඳව තිරික්කෝවිල් පොලීසියට තොරතුරක් ලැබිණි. ඒ අනුව තිරික්කෝවිල්, අංක 2 ගම්මානයේ පුද්ගලයකු අත්අඩංගුවට ගැණිනි. ඔහු සතුව තිබූ වටිනා නිදන් වස්තු රැසක්ද සොයා ගත හැකි විය. මෙම සැකකරු මීට පෙර අත්අඩංගුවට ගත් 7 දෙනා අතර සිටි ජාලී පෝඩි ශිිවානන්දන් හෙවත් ශිවා නැමැත්තාගේ පුත‍්‍රයකු බවද පොලීසිය සඳහන් කළේය.
මීට මාස ගණනාවකට පෙර මොට්ටයාගල දාගැබ ඩෝසර් කිරීමෙන් පසුව එම ස්ථානය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බව හැඳින්වෙන නාම පුවරුවක් හෝ ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපොහොසත් වූ බව මහා සංඝරත්නය ඇතුළු බොහෝ දෙනා චෝදනා කළහ. එම ස්ථානයේ ඉහළ කඳු ගැටයේ ද ශේෂ වී ගිය දාගැබකි.
කෙසේ නමුත් නැගෙනහිර ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමෙහි ලා ඉමහත් වෙහෙසක් දරණ හිමිවරුන් අතර දිගාමඩුල්ලේ සිටින ප‍්‍රධානම හිමි නමක් වූ අම්පාර ශී‍්‍ර විද්‍යානන්ද පරිවේනාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් සිද්ධිය සැළ වූ විගස එම ස්ථානයට ගොස් මේ මහා අපරාධය සියැසින් දුටුවේය. එම දාගැබ ඩෝසර් කර තිබූ ආකාරය සැබවින්ම හද කම්පාකරවනසුළුය. දාගැබ වටාම ඩෝසර් කර එම ගඩොල් සහ පස් හොඳින් සමතලා කර ඉන් පසුව දා ගැබ දෙපළු වන සේ අඩි දහයක් දොළහක් යටට හාරා ඇත. ඉතා සවිමත් ගඩොළු තැන තැන විසිර තිබුණි. දැන් මේ දාගැබේ ප‍්‍රමාණය අනුව බලද්දී අතීත රජ දවසේ මෙය අඩි හැට හැත්තෑවකට වඩා උසකට තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. දාගැබ වටා කැණීම් කළහොත් මෙහි තවත් කොටස් පාදා ගත හැකි බව සෝමරතන හිමියෝ සඳහන් කළහ. පෙර සේම කිරිඳිවැල සෝමරතන හිමියන් වහාම සියළු වගකිවයුත්තන්ට මේ මහා අපරාධය පිළිබඳව දැනුම් දුන් අතර දැන්වත් මෙවැනි ඓතිහාසික ස්ථාන රැක ගැනීමට පෙරට එන්නැයි ද ඉල්ලා සිටියේය.
මෙම ඓතිහාසික පූජා භූමිය වනසා ඇති බව කණවැකුණු පසු බොහෝ දෙනා මෙම ස්ථානයට ඇදී එන්නට වූහ. ඒ අනුව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිිමියන් ඇතුළු පිරිසක්ද කිරිඳිවැල සෝමරතන හිමියන් ඇතුළු පිරිසක්ද අම්පාර වෙළඳ සංගමයේ පිරිසක්ද අම්පාර නගරයේ තරුණ පිරිසක්ද වූහ. මීට අමතරව අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික‍්‍රම, උප නගරාධිපති චමින්ද සුගත්, නාගරික මන්ත‍්‍රීවරුන් වන කැළුම් ප‍්‍රනාන්දු, දුලිප් කුමානායක යන මහත්වරුද, අක්කරපත්තුව බෞද්ධ සංගමයේ සභාපති සමන් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
දාගැබ වටා ද දැකුම්කළු වෙල් යායයි. මෙම ස්ථානයට ගිය සියළු දෙනාම මහ සඟ රුවන පෙරටු කරගෙන බැනර් පෝස්ටර් සහිතව විරෝධතාවයක නිරත වූහ.
මෙහිදී අදහස් දැක්වූ කිරිඳිවැල සෝමරතන හිමියෝ මෙසේ ද සඳහන් කළහ.
ජනාධිපති තුමන් මේ රටේ යුද්ධය අවසන් කළා. මේ රටට නිදහස ලබා දුන්නා. අපි ඒ පිළිබඳව ස්තූති වන්ත වෙනවා. නමුත් දැන් මේ ප‍්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන විනාශ වෙනවා. මීට පෙර කීප වරක්ම මේවා පිළිබඳව පුරාවිද්‍යා බලධාරින්ටත් අනෙක් සියලූ බලධාරින්ටත් කිව්වා. නමුත් වැඩක් වුනේ නැහැ. මීට කලින් දීඝවාපි පරිවාර චෛත්‍යයක් ඩෝසර් කළා. මොට්ටයාගල චෛත්‍යයක් එහෙම පිටින්ම ඩෝසර් කළා. දැන් මේ ඌරක්කල් චෛත්‍යය ඩෝසර් කළා. එහෙත් බලධාරින් නිහඬයි. දැන්වත් මේවා ආරක්ෂා කිරීමේ, සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතුයි. නිධන් ගැනීමේ චේතනාවෙන් පමණක් නෙවෙයි, අපේ උරුමය මකා දැමීමේ අරමුණිනුත් තමයි ධන වැද්දන් මේ මහා අපරාධය කරලා තියෙන්නේ. අපි කිසිම ජන කොට්ඨාසයකට විරුද්ධ නෑ. අපි උත්සහ කරන්නේ අපේ උරුමය රැක ගන්නයි. අතීත රජ දරුවන් මේවා බුදු සසුනට පූජා කළේ බුදු සසුන බබළවන්නයි. මෑත කාලයේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් මේවා රැක ගත්තේ අනාගත පරම්පරාව වෙනුවෙන්. මේවා රැුක ගැනීම ඔවුන්ට කරන පූජනීය උපහාරයක් ලෙස සැලකිය යුතුයි. ජනාධිපතිතුමාගෙන් අප නැවත නැවත ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර නැගෙනහිර බොදු උරුමය රැක දෙන ලෙසයි.
මෙහිදී අදහස් දැක් වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ කීහ.
අද නැගෙනහිර මුස්ලිම් අන්තවාදය ක‍්‍රියාත්මක වෙනවා. මේ රටේ උරුමය එක එක මිනිස්සුන්ට ඕන විදිහට විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. මේවා මේ රටේ අනාගත පරම්පරාවට අයිති දේවල්. මේ තමයි බොදු ජනතාවගේ උරුමය. තවමත් මේ රටේ බෙදුම් වාදයේ අඳුරු සෙවනැලි හොල්මන් කරනවා. උන්ට ඕන අපේ අනන්‍යතාව නැති කරන්න. ඒ නිසා මේවා දුරදීම දැකලා නිහඬ කළ යුතුයි. මොට්ටයාගල ඩෝසර් කරපු වෙලාවේ අපි ඉල්ලීම් කළා ඒ ස්ථානය ගැසට් කරන්න කියලා. පුරාවිද්‍යා මහත්වරු තවත් මර නින්දේ. නිසැකවම අපි තව දින කීපයකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. කරුණාකරලා මේවා අරක්ෂා කරපල්ලා. අපි අහන්නේ තොපි නිදිද කියලයි. මේවා අපේ උරුමය විතරක් නොවෙයි, මේවා සමස්ත ශ‍්‍රී ලාංකිකයින්ගේ උරුමයන්. පුරාවිද්‍යා, වන සංරක්ෂණ අණ පනත් සුද්දෝ හදපුවා. මේවායින් මේ බොදු උරුමයන් රකින්න බැහැ. මේවා වෙනස් විය යුතුයි. මේ රටේ 64000ක් වැව් හැදුවේ සිංහලයෝ. එක මුසල්මානුවෙක් එක වැවක් හැදුවේ නෑ. එක දාගැබක් හැදුවේ නැහැ. අදත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්නේ සුද්දෝ වගේ නිළධාරි පැළැන්තියක්. උන් තවමත් නිදි. මම මේවා වගකීමෙන් කියන්නේ. පඹයෝ නොවෙන නිලධාරි පිරිසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පත් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කොන්ද පණ තියෙන ඇමැතිවරුන් අදාළ අමාත්‍යාංශ වලට පත් කළ යුතුයි.” ඥානසාර හිමියෝ කීහ.
සටහන, සේයාරූ- දිගාමඩුල්ල සමන් දිසානායක සහ අම්පාර වසන්ත චන්ද්‍රපාල