කතරගම දේවාලය මුල් කර ගෙන සෑම වසරකදීම පෙරහර මංගල්‍ය තුනක් පැවැත් වේ. ඒ පෙරහරට කාවාඩි, මොණර නැටුම් ඇතු`ඵ අංගද අලි ඇතුන්ද එක්කර ගැනෙති. කතරගම දෙවියන් වැඩමවාගෙන මේ පෙරහර වීදි සරයි.
ඇතා පිටින් දෙවියන් වැඩම වන කරඬුව ඇතුළු මාලිගයට වැඩම කැරැවූ ගමන් දෙවින් වැඩම වන ඇතා අසළට කොල්ලේ කුරුට්ටෝ එකතු වෙති. කර`ඩුවට පැළැඳ වූ මල් මාලයක් ගැනීමට ඔවූහු පොරකති.
මල් මාල 30 ක් විතර මේ කරඩුවට පැළැඳවති. එකක් ගන්නට 100 ක් විතර පෙර කති. සමහර අයට මල් මාලයක් ලැබෙන්නේ නැහැ මල් මාලයකින් කැඩුණු කෑල්ලක් තමයි අතට අහුවෙන්නේ ඒ ලැබෙන මල් මාල කෑල්ල වැඳුම් පිදුම් කිරීමට ගෙදර ගෙන යති.
කතරගම දේවාලය යනු ලංකාවේ ඇති පැරණිම පෙරහැර මංගල්‍යයි. කතරගම දේවාලයේ සිදු කරන සෑම චාරිත‍්‍රයක්ම අතීතයේ සිදු වු සත්‍ය සිදුවීමට නෑකම් කියයි.
කි‍්‍රස්තු පුර්ව 161 සිට 133 දක්වා රජකල දුටු ගැමුණු මහා රජතුමන් කතරගම දේවාලය ඉදිකර කඳ සුරිදුන්ට පුජාකර ඉරහඳ පවතිනා තුරා කතරගම දෙවියන්ට චාරිත‍්‍ර ඉටුකිරිමට නියෝග කළ බව ඉතිහාසය කියයි.
එතැන් සිටි කතරගම දේවාලයේ සියලුම පුද චාරිත‍්‍ර අඛණ්ඩව සිදු කැරෙයි.
කතරගම යන එන කිසිවකුට කිසිදා නැරඹීමට නොහැකි පුද සත්කාර කැරෙන ලබන අපුරු කුටියක් ඇත.
කතරගම දේවාලයේ ප‍්‍රධානම පරිපාලන නිළධාරියා වන්නේ බස්නායක නිළමේය. මේ නිළයට අදළ නිළ නිවසක්ද ඇති අතර කතරගම දේවාලය ආසන්නයේ මෙම වලව්ව පිහිටා ඇත. දුටුගැමුණු මහා රජතුමා ගේ මාමා වන අයකු දේවාලයේ ප‍්‍රථම බස්නායක නිළමේ ලෙස පත් වු අතර එතැන් සිට මේ දක්වා පත් වු සියලුම නිළමේවරුන් මෙම නිල නිවසේ සිට සිය රාජකාරි සිදු කර තිබේ.
මුලින් තිබුණු වලව්වද පිහිටා ඇති භුමියේම මේ දක්වා මෙම වළව්ව පිහිටා ඇති අතර අතීතයේ තිබුණු වළව්ව ගොම මැටි බිත්ති වලින් ඉදිකර තිබු බව කතිකාවත්හි සඳහන්වේ.
මෙම කුටිය පිහිටියේ බස්නායක නිළමේ ගේ නිල නිවසේය. අද එහි දුටුගැමුණු රජුට පිං අනුමෝදනා කිරීමේ දානයකි.