නුවරඑළියට මල් තුහින


21-Page-01-Nim-3  

 

වසන්ත උත්සවයට පෙර නුවරඑළිය හා අවට ප‍්‍රදේශ ගණනාවකට මල් තුහින පතිතවීම ඉකුත් දින කිහිපයේදී සිදුවිය. එය ඉතා ආකර්ෂණීය වූ සිද්ධියකි.

 


මුහුදු මට්ටමේ සිට අඩි 6,182ක උසින් පිහිටි නුවරඑළිය නගරය අවට ප‍්‍රදේශවල පවතින සාමාන්‍ය උෂ්ණත්වය පහත වැටී සෙල්සියස් අංශක 4 - 5 දක්වා ඉකුත් දින කිහිපය තුළදී සටහන් විය. මෙසේ උෂ්ණත්වය පහත වැටීමත් සමඟ දැඩි ශීත දේශගුණයක් අළුයම් කාලයේදී නුවරඑළිය පුරා පවතින අවස්ථාවන් හීදී මෙම මල්තුහින පතිතවේ. මේ කාලය නුවරඑළිය පරිසරය ඇතැම් විට සාමාන්‍ය ජනතාවට ඉතා කටුක බවක් ගෙන දේ.  

21-Page-01-Nim-4

 


නුවරඑළිය ආශ‍්‍රිත සීමිත ප‍්‍රදේශයකට මෙම මල් තුහින පතිතවීම දෙසැම්බර් අග භාගයේ සිට පෙබරවාරි මස අවසාන කාල සීමාව තුළදී විටින් විට දැකගත හැකිය. මල්තුහින පතිතවීම ඉතා ආකර්ෂණීය දසුන් මවන්නක් වුවද, එය නුවරඑළිය ගොවීන්ට දැඩි බලපෑම් එල්ල කරන්නකි. අර්තාපල් ප‍්‍රධාන එළවළු වගාවෙන් ආර්ථිකය සරිකර ගන්නාවූ ගොවීන් මෙම දේශගුණ රටාවෙන් තම ගොවිබිම් බේරාගැනීමට දැඩි දුෂ්කරතාවෙන් තුළ යෙදෙන අයුරු ඉතා කනගාටුදායකය.  


මේ අතර, නුවරඑළිය ආශි‍්‍රතව රාත‍්‍රී කාලයේ සේවාවන්වල යෙදෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩල දැඩි අපහසුතාවන් මැද තම සේවාවල නියුක්තවීම අගය කළ යුත්තකි.

21-Page-01-Nim-5


විශේෂයෙන්ම ආරක්‍ෂක අංශවලට අනුයුක්ත අයට මෙම උෂ්ණත්වය පහළ බැසීම මහත් පීඩාවක් ගෙන දෙන්නකි. ඒ සමඟම අළුයම් කාලයේදී පාසල් යන දූදරුවන්ටද මෙම තත්ත්වය ඉතාම කටුක එකක් වේ.  


කෙසේ වූවත්, මල් තුහින පතිතවීම ඉතා ආනන්දනීය දසුන් මවන්නකි. එය නුවරඑළිය ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට සීමාවූ කඳු වළල්ලක පහත් බිම්වලට පතිතවීම විශේෂ සිද්ධියකි. මල්තුහින දැක ගැනීමට නම්, නුවරඑළිය ආශ‍්‍රිත කඳුකරයට පැමිණිය යුතු වේ.

21-Page-01-Nim-1

 

 

sdg