නොකළ වරදකට වරදකරු වූ තවත් කොල්ලෙක්


17_RASA_P_5  tfui

 

මුළු රටක් කඳුළින් තෙත් කළ ‘‘සේයා’’ ගේ ඝාතනයේ සැකකරුවෙක් පිළිබඳ අවසානයක් තවමත් නැත. මේ අප කථා කරන මොහොතේද පොලීසියේ දෙපැත්තට අඳින කඹ ඇදිල්ලේ මැද සිරවී සිටින්නේ ‘‘කොණ්ඩයා’’ නැමැති තැනැත්තාගේ වැඩිමහල් සොහොයුරාය. හෙට දවසේ කොටදෙණියාවෙන් පොලිසියේ දෙපැත්තට අදින කඹයේ සිරවන අවාසනාවන්තයා කවුරුන්දැයි රටේ ජනතාව දෑස් අයා බලා සිටින්නේ ඒ තරමටම රටේ නීතිය හෑල්ලූවට පත් වී ඇති නිසාය. කෙසේ වෙතත් සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පසු ගිය දිනෙක අත්අඩංගුවට ගනු ලැබූ 17 හැවිරිදි පාසල් සිසුවා සමඟ ආන්දෝලනාත්මක තවත් සිදුවීම් කිහිපයක් හටගත්තේය. ඝාතනයට සම්බන්ධව කිසිඳු සාක්‍ෂියක් නොමැතිව අත්අඩංගුවට පත්වූ පාසල් ශිෂ්‍යා වෙනුවෙන් මුළු රටක් හඬ නැඟුවේය. එහෙත් ඒ වන විට ඔහු සමාජ අපරාධකරුවෙකු කර හමාරය. 

 

   
දොස් නඟන්නට කෙනෙකු නැත. එකිනෙකාට වරද පටවමින් වගකිවයුත්තෝ අත පිසදා ගත්හ. හරි හැටි සාක්‍ෂි නැත. එකම සාක්‍ෂිය ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය වීඩියෝ දර්ශනයි. සමාජය විවිධ අදහස් දැරීය. සමාජය ඉදිරියේ අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසීය. නොකළ වරදක් කළා යැයි පිළිගන්නා ලෙස වධ හිංසා කළෝය. සියල්ල සිදුවී හමාරය. මුළු ලෝකයක් ඉහළින් සැමරු ලෝක ළමා දිනය දා 17 හැවිරිදි පාසල් සිසුවා නිදහස් විය. 
එහෙත් මෙය මෙරට අහිංසක ජීවිත බිල්ලට දුන් ප‍්‍රථම අවස්ථාව ද නොවේ. පොලිසියේ නොසැලකිල්ලෙන් සමාජය ඉදිරියේ වැරදිකරුවන් වී නීතියෙන් බැටකන අහිංසක මිනිසුන් අනන්තය, අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය. මෙය 17 හැවිරිදි පාසල් සිසුවා ගැන කීමට දරන වෑයමක් නොවේ. ඔහු ගැන මතකය අවදි කිරීමට අදහස් වූයේ එවැනිම තවත් අනුවේදනීය හඬක් අද ළමා නිවාසයේ සිරවී සිටින දරුවන්ගේ ලෝකයේ කථා නායකයා වීමත් සමඟය.


ජීවිතයේ අපට වැරදෙන, වැරදුණ තැන් බොහෝය. දුක, ක්‍රෝධය, වෛරය ඇති නොවන සිතක් මේ මිහිපිට නොමැත. මේ දෛවයේ ඉරණම ළමා නිවාසයක ලියවුණු දරුවකුගේ තවත් අනුවේදනීය කථාවකි.

 

1


ගාල්ල ප‍්‍රදේශයට අයත් එක්තරා ගමක ජීවත් වුණු ගයාන් පවුලේ වැඩිමහල් දරුවා. උපතින්ම අරගෙන ආපු සහජ හැකියාවන්ගෙන් පාසලේ කැපීපෙනෙන ශිෂ්‍යයෙක් වෙන්නටත් ගයාන් වාසනාවන්ත වුණා. ගයාන්ගෙ පියා අකාලයේම ජීවිතයෙන් සමුගන්න කොට ගයාන්ට අවුරුදු හයයි. අධික ලෙස මත්පැන්වලට යොමු වෙලා සිටි ගයාන්ගේ පියාට බීමත්කම නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුණා.


දරුපැටව් තුන්දෙනෙක් එක්ක තනිවුණ ශි‍්‍රයානි ජීවිතය ගැටගහගන්න ගාල්ල ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ ඇඳුම් සාප්පුවක රැුකියාවට ගියා. ගයාන්ගේ නිවසේ පරිසරය තුළ කුඩා අවධියේ සිටම අහන්න දකින්න ලැබුණේ බීමත්ව එන පියාගෙත් මවගෙත් අඩදබර විතරයි. පියා බීමත්ව කියන සමහර පරුෂ වචනවලින් ගයාන් නොදන්නාකමට ඒ වචනවලින්ම පෙරළා මව්පියන්ද ඇමතූ අවස්ථා අප‍්‍රමාණයි. ගෙදර පරිසරය නිසාම ගයාන් කුඩා කාලයේ සිටම ගතකළේ දඩබ්බර චරිතයක්. තම ස්වාමියාගේ වියෝවෙන් පසුව හෝ පුතුගේ දඩබ්බර කි‍්‍රයාවන් අඩුවේ යැයි සිතු ශි‍්‍රයානිට අත්විඳීමට සිදුවුයේ පැවතියාටත් වඩා හාත්පසින්ම වෙනස් සිදුවීම් ජාලාවකටය. සිය මවට පවා ගයාන් අමතන්නට වුයේ පරුෂ වචනයෙනි. එහෙත් කිසි විටෙකත් ශි‍්‍රයානි පුතුගේ මේ නොහොබිනා කි‍්‍රයාවන්වලට තරවටු කළේ නැත. සිය දහස් ගණන් වැරදි තිබුණද ඇය ඉතා ආදරයෙන් පුතුට ළංවීමට උත්සාහ දැරූ අවස්ථා බොහෝය. ‘‘පුංචි කාලේ ඉඳලා මට හරියට කේන්ති යනවා. කවුරුහරි මට මොනවාහරි කිව්වොත් මරන්න තරම් කේන්තියක් එනවා. මගේ තාත්තා නැති වෙනකොට මට අවුරුදු හයක් විතර ඇති. තාත්තා බීලා ඇවිල්ලා අම්මාට කුණුහරුප කියන ඒවා, අම්මට ගහන ඒවා මම හොඳට දැකලා තියෙනවා. මාත් පුංචි කාලෙදි හරියට කුණුහරුප කියනවා. ලොකු තාත්තා මගේ කටත් පුච්චලා තියෙනවා, කුණුහරුප කිව්වා කියලා.


එදා අම්මා මාව බේරගන්න ආවාම ලොකු තාත්තා අම්මව තල්ලූ කරලා, ලොකු රණ්ඩුවක් ඇති වුණා. එදායින් පස්සේ තාත්තගේ පවුලේ අය අපි ගැන වැඩිය සෙව්වෙ බැලූවෙ නැහැ. තාත්තා රැුකියාවක් කළත් ඉතුරුවක් කළේ නැහැ. හැම සතෙන්ම බිව්වා. තාත්තා නැති වුණාට පස්සේ අම්මා රැුකියාවකට ගියා. අම්මා අපිව ජීවත් කරන්න විඳපු දුක එදා මට දැනුණේ නැහැ. අම්මගෙන් සල්ලි ඉල්ලලා අම්මාත් එක්ක රංඩුකරපු අවස්ථා  ඕන තරම්. මම පාසලේ අධ්‍යාපනයේදී හැමදාම ඉදිරියෙන් හිටියා. ඒත් මාව පිළිගන්න කවුරුත් කැමති වුණේ නැහැ. මම පාසලේදි හරියට ළමයින්ට ගැහුවා. මට හිතාගන්න බැහැ ඇයි මට එහෙම වුණේ කියලා. මම ළමයි එක්ක රංඩු වෙනවා කියලා ඉගෙන ගත්ත පාසලෙන් මාව ඉවත් කරන්න හැදුවා. ගුරුවරු මගේ දිහා බැලූවේ හරියට අමුතු සතෙක් දිහා බලනවා වගේ. මම කොච්චර නරක වැඩ කරත් පොත පතේ වැඩ ටික හරියට කළා. ඒත් කවදාවත් ගුරුවරු මගේ හොඳක් කිව්වේ නැහැ. පාසලෙන් ගිය හැම විනෝද චාරිකාවකම මගේ නම කැපුණා. මාව එක්ක යන්න බැහැ කියලා. ඔය විදිහට ටිකෙන් ටික මට පාසල එපා වුණා. පාසලේ වැඩිමහල් පන්තිවල අයියලගෙන් මම මත්ද්‍රව්‍යයට පුරුදු වුණා.


මුලින්ම මම බිව්වේ කැස්සට බොන පැණියක්. ඒක සීමාවට ඉක්මවලා බිව්වාම මත් වෙනවා. පස්සේ පස්සේ මම අනිත් දේවල්වලටත් ඇබ්බැහි වුණා. ඒත් පස්සේ මට ඒ දේවල් නැතුව බැරි වුණා. ගන්න සල්ලිත් නැහැ. අම්මගෙන් ඉල්ලූවට දෙන්නේ නැහැ. මම අම්මගේ සල්ලි හොරෙන් අරන් කුඩු ගැහුවා. අම්මගේ බැංකු කාඞ් එකෙන් සල්ලි හොරෙන් ඇදලත් අරගෙන තියෙනවා. ටික ටික පානස්දාහක් ඇදලා අරගෙන අහුවුණත් අම්මා මට ගැහුවේ නැහැ. අම්මා ඇහුවෙ ඉල්ලන්නෙ නැතුව හොරෙන් ගත්තේ ඇයි කියලා විතරයි. අම්මා මගේ වැරදිවලට කවදාවත් සැර වැර කළේ නැති නිසා වැරදි කරන්න මම බය වුණෙත් නැහැ. ඒත් මගේ සමහර වැරදි නිසා අම්මට මම පුතා කියන්නත් ලජ්ජා වුණ අවස්ථා තිබුණා. මගේ බාප්පලා, ලොකු තාත්තලා මම වෙනුවෙන් කොතනකදිවත් කථා කළේ නැහැ. කොටින්ම තාත්තා නැති වුණාට පස්සේ අපි ගැන සෙව්වෙ බැලූවෙම නැහැ. සමහර අවස්ථාවලදි නංගිට ඉගෙන ගන්න උදව් කළා. ඒ හැමදේම නැති වුණේ මම නිසා නේද කියලා මම අද හිතින් දහස් වාරයක් විඳවනවා.

 

fj


ගමේ මිනිස්සුත් මගේ වැරදිවලට දොස් නැගුවේ අම්මට. පස්සේ පස්සේ ගමේ සිද්ධවෙන සමහර රණ්ඩුවලටත් ගමේ මිනිස්සු මගේ නම පටබැන්දා. මගේ තාත්තගේම ලොකු අයියා (ලොකු තාත්තා) ගෙදර සල්ලි වගයක් නැති වෙලා කියලා මාව සැක කරලා මාව පොලිසි ගෙනිච්චා. ඒත් මම කවදාවත් මගේ අම්මගේ රුපියලක් හොරෙන් ගත්තත් පිට මිනිහෙකුගෙ සතපනහක්වත් හොරෙන් අරන් නැහැ, අරගන්න හිතලත් නැහැ. එදා ඒ අවස්ථාවේ මම නිර්දෝශ වුණා. 


ඒ සිද්ධිවලින් පස්සේ අම්මා මාව දුර පළාතක නෑදෑගෙදරක නතර කරන්න හැදුවා. ඒත් බප්පලා කේළම් කියලා ඒ නෑදෑයෝත් මාව එහේ ගෙනැත් තියාගන්න එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. පස්සේ අම්මා මාව පන්සලක නතර කළා. පන්සලේ පරිසරයත් එක්ක මගේ ජීවිතේ හිටපු තැනින් මාව ගොඩගත්තා කිව්වොත් මම හරි. ඒ ජීවිතේ මාව ගොඩක් වෙනස් කළා. මගේ ජීවිතේ ඒ තරම් ආගාධයකට වැටුණේ කොහොමද කියලා මම දහස් වාරයක් හිතෙන් විඳෙව්වා.


අවුරුද්දක් මම පන්සලේ පරිසරයේ ගොඩක් හොඳට හිටියා. අම්මා මාව ආයෙම ගෙදර අරගෙන ආවා. ආවේ පුංචි නිවාඩුවකට වගේ. ගෙදර ආවම මට ආයෙම පන්සලට යන්ත හිතුණේ නැහැ. පන්සලේ ඉඳපු කාලේ මම ඉගෙන ගත්තේ පිරිවෙනක. අම්මා ඒ පිරිවෙනෙන් අස් කරලා මාව ගමේ වෙනත් පාසලකට දැම්මා. මම හොඳට පාසල් වැඩත් කරගෙන ඉන්න කොට ගමේ මිනිස්සුන්ගේ ඇස්වල කටු අනිනවා වගේ වුණා. කොච්චර හොඳට හිටියත්, මම කොච්චර හොඳට ඉන්න හැදුවත් හැමෝම බැලූවේ මම හිටපු තත්වෙටම ආයෙම ඇදලා දාන්න. වරදක් නොකර වැරදිවලට පටබඳිනකොට දරාගෙන ඉන්න බැරුව හිටපු තත්ත්වෙටම මාව ආයෙම පත්වෙන්න ගත්තා. ගෙදර පරිසරය නිසා කුඩා කාලයේම දඩබ්බර චරිතයක් වුණු ගයාන් අම්මගේ සුරතලය නිසාම එක්තරා අවධියකදි ජීවිතේ අගාධයටම ඇද වැටෙනවා. ඒ ජීවිතේ ගොඩගන්න උත්සහ ගන්නවා වෙනුවට පවුලෙම අය කළේ තව තවත් ගයාන්ගේ මුරණ්ඩු කම්වලට පාරකපපු එක. ගයාන් මේ සමාජයේ පිළිකුල් චරිතයක් බවට පත් කෙරුණේ මේ සමාජය විසින්මයි. පුංචි වරදෙදිත් සමාජ අපරාධකාරයෙක් විදිහට හංවඩු ගැහුවා මිස ඒ වරද හදාගන්න හොඳ මාර්ගයක් පෙන්වන ගුරුවරු ඒ පාසලේ හිටියේ නැහැ. හිතන්න, දරුවෙක් හොඳ හෝ නරකට හැරෙන්න බලපාන්නේ ජීවත්වෙන සමාජ වටපිටාව සහ පාසලේ ගුරුවරු නෙමෙයිද කියලා. දරුවෙකුට අම්මගෙන් පස්සේ ළං වෙන්න පුළුවන් ගුරුවරයට. එයා දරුවව හංවඩු ගහනවනම් ඒ දරුවා මුරණ්ඩු වෙනවා වෙනවාමයි.


හමන සුළඟ සුවදායක නැහැ. මේ ජීවිතය පිළිලයක් වුණු ගයාන් හීන ගොන්නක් තද කරගෙන මේ බිත්ති හතර ඇතුළෙ හිර වෙලා ඉන්නේ ඇයි කියන්න ඔබවත් මමවත් තවම දන්නේ නැහැ. ‘‘ඔය අතරතුර අපේ ගෙදරට යාබඳව තිබුණ ගෙදර මාමලත් එක්ක වසර ගාණනක ඉඳන් ඉඩම් ආරවුලක් තිබුණා. මම ඒ සිද්ධියේ සත්‍ය මොකක්ද කියන්න අදටත් දන්නේ නැහැ. මම ගෙදර ඉඳන් ආයෙම ඉස්කෝලේ යන්න ගත්තම මිනිස්සුන්ට ඒ දේවල් බලා ඉන්න බැරි වුණා. 

 

6

 


ඔය අතරතුර අපේ අම්මා එක්ක ඉඩම් ආරවුල තිබුණ මාමලගේ ගෙදරට හොරු පැන්නා. අපි කොහොමත් අමනාප නිසා අපි බලන්න ගියේ නැහැ. ඒ සිදුවීම සිදුවෙලා දින දෙකකට පස්සේ ? මම ඉස්කෝලේ වැඩ කර කර ඉන්න කොට පොලිසියෙන් ඇවිත් කිව්වා අසල්වැසියගේ ගෙදරට හොරු පැනපු එකට සැකයි පොලිසියට යමු කියලා. අම්මා උදේට පොලිසියට එන්නම් කියලා පොරොන්දු වුණත් රාති‍්‍රයේම මාව පොලිසියට අරන් ගියා. ගෙනිහින් මට ගැහුවා. ගහලා කිව්වා ඒ දේ කළා කියලා පිළිගන්න කියලා. මම නොකරපු දෙයක් පිළිගන්න බැරි නිසා මම කිව්වේ මම නිර්දෝශය කියලා විතරයි. පොලිසිය පොතේ ලියවුණු මගේ පෙර වැරදි තිබුණා. අවසානයේ ගමේ මිනිස්සු කියන්න ගත්තා මගේ පෙර වැරදි තිබුණ නිසා ගේ බිඳලා සල්ලි අරන් මම කුඩු ගැහුවා කියලා. මගේ අම්මා ගමේ අපවාද සියල්ලම දරාගෙන මම වෙනුවෙන් උසාවි පොලිසි ගාණේ ගියා. නොකරපු වරදකට මම චෝදනා ගණනාවක් එක්ක වැරදිකාරයෙක් වුණා. මම වැරදි වැඩ කළා. ඒත් පන්සලෙන් ගෙදර ආවේ මම වැටුණු වළෙන් නැගිටලා. මම කරපු වැරදි වැඩවලට එදත් වන්දි ගෙව්වා. අදත් හිතින් වන්දි ගෙවනවා.


ඒ ඔහු කියන කථාව පමණයි. දැන ගත් තොරතුරුවලට අනුව ගයාන් නිර්දෝෂ බව හෙළි විය. ගයාන්ගේ නිවසට යාබඳව සිටි ඉඩම් ආරවුල්ට සම්බන්ධ වූවන්ගේ වුවමනාව මත, මෙය සිදුවුවක් බව පසුව හෙළි වුණි. සිය මවට ගම්මුන්ගේ අපවාද මැද්දේ ගයාන් ගමේ ජීවත් කරවීමට අසීරු විය. එම නිසා ඇයගේ කැමැත්ත මත ළමා නිවාසයට භාර කර ඇති බව පසුව දැන ගත හැකි විය. 


නම් ගම් මනඃකල්පිතය

m