බුරුම ජයග‍්‍රහණයෙන් පරාක‍්‍රමබාහු රජතුමා උද්දාමයට පත්විය. ඒ නිසාම ජාත්‍යන්තර දිග්විජය ප‍්‍රතිපත්තිය අත් නොහැරියේය. ඊට ප‍්‍රධාන හේතු කීපයක් විය. එනම් එවකට මෙරට ආර්ථික සමෘධිමත් භාවය පැවතීමත් නිකරුණේ සිටි සිය හමුදාව ජාත්‍යන්තර දික්විජය ව්‍යාපාරයට දායක කරගැනීමත්ය.
මෙවැනි හේතු සාධක මත දියත් කළ දික්විජය ප‍්‍රතිපත්තියේ මීළඟ පියවර වූයේ මුහුදෙන් එපිට පිහිටි සමීපතම රට වූ දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශය ආක‍්‍රමණය කිරීමය.
එය සවිස්තරාත්මකව දක්වතොත් මෙසේය.
දහවැනි සියවසේ දී ප‍්‍රබල රාජ්‍යයක් වූ චෝලදේශය අධිරාජයක් වීමේ සිහිනයෙන් කටයුතු කළේය. එහෙත් කාලයත් සමඟ එහි ඇතිවූ මත ගැටුම් නිසා පරිහාණියේ සලකුණු දක්නට ලැබුණි. මෙම කාලය තුළ (1150x1170 දක්වා) චෝල දේශයේ පාලකයා වූයේ දෙවැනි රාජ රාජ රජතුමාය.
ඔහුගේ කාලසීමාව තුළ චෝල දේශයට එරෙහිව කේරළ පාණ්ඩ්‍ය යන රාජ්‍ය සංධාන ගතවී ක‍්‍රියා කළේය.
මේ කාලය තුළදී ලංකාවේ පාලකයා වූයේ පළවැනි පරාක‍්‍රමබාහු රජතුමාය. නිරන්තරයෙන්ම ලංකාව ආක‍්‍රමණය කිරීමට කටයුතු කළ චෝල රාජ්‍යය වසර තුනක පමණ කාලසීමාවක සිට නිහඬ ප‍්‍රතිපත්තියක් ගෙන ගියේය. හේතුව ඒ වනවිටත් චෝල බලපරාක‍්‍රමය දුර්වලවීමය.
ක‍්‍රි.ව. 1166-1169 කාලයේදී පාණ්ඩ්‍ය රාජ්‍ය සිහසුන සඳහාද අභ්‍යන්තර මත ගැටුමක් ඇතිවිය. හේතුව සිහසුනට උරුමකම් කියූ කුලසේකර නම් කුමාරයා පාණ්ඩ්‍ය පාලක පරාක‍්‍රමගේ අගනුවරවූ මදුරාවේලියට තද බල ප‍්‍රහාරයක් එල්ල කිරීමය. එම සටනට පරාක‍්‍රම රජු ලංකාවෙන් යුද ආධාර ඉල්ලා සිටියේය.
මෙහිදී කුලසේකර කුමරු චෝල රජුගේ ආධාර පැතු අතර ලංකාවේ පරාක‍්‍රමබාහු රජු පාණ්ඩ්‍ය දේශයේ පරාක‍්‍රම රජු වනුවෙන් සටන් කිරීමට සේනාපති ලංකාපුර යටතේ හමුදා සෙබළුන් රැුස් කළේය.
ඒ සඳහා ලංකාවේ මාන්තෙයි ප‍්‍රදේශයේදී රැුස්කළ හමුදාව සටනට සූදානම් වෙද්දී කුලසේකර කුමරුගේ හමුදාව විසින් පරාක‍්‍රම රජු සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිස මරාදැමූ පුවත පරාක‍්‍රමභාහු රජතුමාට දැනගන්නට ලැබුණේය.
මේ තත්ත්වය යටතේ පරාක‍්‍රමබාහු රජුට සිය හමුදාව පාණ්ඩ්‍ය දේශයට පිටත්කර හැරීමේ ගැටලූ මතුවිය. ඒ පිළිබඳ සැලකිලිමත් වූ පරාක‍්‍රමබාහු රජු සේනාධිපතිවරු රැුස්කර සටන ඉදිරියට ගෙනයාමට උපදෙස් දෙන ලදී. කුලසේකර රජු පරදවා පාණ්ඩ්‍යදේශයෙන් පලවාහැර පරාක‍්‍රම රජුගේ සිහසුනට උරුමකම් කියන අයෙකු සොයා සිහසුන භාරදීමට කටයුතු කරන ලෙස සේනාපති ලංකාපුර දැනුවත් කළේය.
ඒ වගේම මෙම යුදව්‍යාපාරයේ නායකත්වයද සේනාපති ලංකාපුරට පැවරුවේය. ඒ නිසාම වගකීම් සම්භාරයක් හිසදරාගත් සේනාපති ලංකාපුර ඔහුගේ සේනාවත් සමඟ නැව්නැග පාණ්ඩ්‍ය හමුදාවේ විරුද්ධ තාව මතම පාණ්ඩ්‍යදේශයේ ධණුස්කොඩිය නම් ස්ථානයට ගොඩ බැස්සෝය.
එතනින් සටන් ආරම්භ කළ ලංකාපුර රමේෂ්වරම තෙක් ඉදිරියට ගොස් එතනින් සේනාව විවිධ මං ඔස්සේ පිටත්කර හැරියේය. මෙහිදී පාණ්ඩ්‍ය අශ්වාරෝහක හමුදාවේ කාර්ය භාරයද සුවිශේෂිවිය. ලංකාපුර සතුරන් පරදවමින් ඉදිරියටම ගියේය.
ජයග‍්‍රහණ ලබාගත් ඔහු කුංඩුගල්හි බලකඳවුරක් ඉදිකර එය සිය රජුගේ නමින් පරාක‍්‍රම පුරය ලෙස නම්කළේය. මෙය ඉතා සුවිශේෂී සිද්ධියක් විය. එනම් දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ ලංකාවේ රජුගේ නමින් පරාක‍්‍රම පුර ලෙස උදාගමක් ලංකාපුර ඇතිකළේය. ඉන් නොනැවතුණු ලංකාපුර පරාක‍්‍රමබාහු රජතුමා සිහිවීම පිණිස ශ‍්‍රී පරාක‍්‍රමබාහු ලෙස කාසිද නිකුත් කර ඇති බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලි වෙයි.
මීට අමතරව ගලින් නිමකළ බළකොටු සහ දියඅගල්ද මේ ප‍්‍රදේශයේ දක්නට ලැබේ. මේ සියලූ දේ ක‍්‍රමානුකූලව සැලසුම්කළ ලංකාපුර, සටන්වලදී අල්ලාගත් දමිළ සිරකරුවන් ලංකාවට එවීමටද වගබලාගෙන ඇත.
එම සිරකරුවන් රුවන්වැලිසෑය පිළිසකර කිරීමට යොදාගත් බව ඉතිහාසයේ සඳහන්ය. මෙය ඓතිහාසික අවස්ථාවක් බව සඳහන් කළයුතුමය.
මන්දයත් අනුරාධපුර රාජධානියේ අවසන් සමය වනවිට චෝල ආක‍්‍රමණ සිදුවී තිබූ අතර දාගැබ් විහාර මන්දිර විශාල ලෙස විනාශකර ඇත. පරාක‍්‍රමබාහු රජු චෝලයන් විසින් විනාශකළ ඒ විහාරමන්දිර පිළිසකර කිරීමට චෝලයන්ම භාවිතා කිරීම ඊට ප‍්‍රධානම හේතුව ලෙස පෙන්වාදිය හැකිය.
මේ ආකාරයට ලංකාවට අහිමිවූ ගෞරවය ලබාගනිද්දී ලංකාපුර සෙන්පතියා ඇතුළු පිරිස දකුණු ඉන්දියාවේ සිට සතුරු ප‍්‍රහාර මැඩපවත්වමින් යුද කටයුතු ඉදිරියට ගෙන ගියෝය.
එනම් වේගායි ගඟ හරහා එගොඩට ගොස් අසල් වැසි ගම්මාන ආක‍්‍රමණය කර ආපසු බළ කඳවුරට ඒමට ක‍්‍රියා කළේය.
මෙහිදී කුලසේකරත් ඔහුගේ හමුදාවත් ශක්තිමත් කර මුහුදිනුත්, ගොඩබිමිනුත් ගොස් ලංකාපුරගේ බල කඳවුර පිහිටි පරාක‍්‍රමපුරට පහරදීමට කටයුතු කළේය. ඒත් ඒ සියලූ ප‍්‍රයත්නයන් අසාර්ථකවිය. ඒ නිසා පරාජිත කුලසේකරගේ හමුදාව සැතපුම් ගණනක් එපිටට පළවා හැරීමට ලංකාපුරගේ සේනාව කටයුතු කළේය.
ඉන්පසු වෙරළබඩ ප‍්‍රදේශය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ ලංකාපුර වේගායි ගෙඟ් උතුරු ප‍්‍රදේශයේ කොටස් කීපයක්ම අල්ලාගත්තේය.
පාණ්ඩ්‍ය සෙබළු අකමැතිවූ අවස්ථාවේදී හැරුණුකොට අන් සියලූ සාධක වාසියට හරවාගෙන යුද ජයග‍්‍රහණ ලබාගැනීමට සෙන්පති ලංකාපුර කාර්යශූරවිය.
එනම් දකුණු ඉන්දියාවේ රාම්නාත් දිස්ත‍්‍රික්කයේ විශාල කොටසක් අල්ලාගත් ලංකා පුර පාණ්ඩ්‍ය දේශයේ මධුරාපුරය කරා ගමන් ගත්තේය. නෙප්ටුර් ප‍්‍රදේශයේ නැවතුන ලංකාපුර දමිළ ප‍්‍රධානීන් කීපදෙනෙකුට තෑගිබෝග, තානාන්තර ලබාදී සිය විශ්වාසයට ග‍්‍රහණය කර ගත්තේය.
ඒ මගින් මියගිය පරාක‍්‍රම රජුගේ එක් පුත් කුමරෙකු වූ වීරපංඩු ට‍්‍රැවන්කෝර් පෙදෙසෙහි සැඟවී දිවිගලවාගෙන ඇති බව දැනගත්තේය.ඉන්පසු එම කුමරුවනට බිය නොවී ලංකාපුර සෙන්පති හමුවීමට එන ලෙස රහස් පණිවිඩයක් යැවූ අතර ඔහුට පාණ්ඩ්‍ය දේශයේ අහිමිවූ කිරුළ ලබාදීම එකම අරමුණ බව පැවසීය.
එම පණිවිඩය ලද පසු වීරපංඬු කුමාරයා ලංකාපුර සිටි කඳවුරට පැමිණි අතර ඔහු ඉතාම අසරණ තත්ත්වයට පත්ව ඇති බව තේරුම් ගත්තේය. වහා ක‍්‍රියාත්මකවූ ලංකාපුර එම තත්ත්වය පිළිබඳව පරාක‍්‍රමබාහු රජතුමාට වාර්තා කළේය. රජතුමා කුමාරයාට වස්ත‍්‍රාභරණ, රන්රිදී, සහ වෙනත් බොහෝ දේ යැවූ බව ඉතිහාසයේ සඳහන් වේ.
ඒ වගේම ලංකාපුර ගෙන ගිය ආක‍්‍රමණකාරී ප‍්‍රතිපත්තිය නිසා පාණ්ඩ්‍යදේශයේ වැසියා ඔහු විනාශවීමට දේවාලවලට ගොස් පොල් ගැසූ බවද ඉතිහාසයේ සඳහන් වේ.
ලංකාපුරගේ යුද ක‍්‍රියාවලියේ පළමු අදියර ඉන් අවසන් වූ අතර දෙවැනි අදියර ක‍්‍රියාත්මක වූයේ නෙට්ටුර් සිට උතුරු දෙසින් පිහිටි අකියවල් නම් ස්ථානයෙනි.
උතුරු දෙසින් හා වයඹ දෙසින් පිහිටි මංගල දිස්ත‍්‍රික්ක දෙක යටත්කර ගත් ඔහු ඒවා තමාට සහාය දුන් ප‍්‍රදේශවල සිටි ප‍්‍රධානීන්ට පැවරුවේය. එසේම බලය අත්පත්කරගැනීමට පැමිණි සතුරන් පරාජය කළ ඔහු නැවතත් නෙට්ටුර්හි බලය තහවුරු කළේය. නැවතත් නෙට්ටුර්වලට සැතපුම් 10 ක් ඔබ්බෙහිවූ මාතා මධුරයි නම් ස්ථානයේදී සටනක් ආරම්භ කළේය. ඉන් සුවිශාල ජයග‍්‍රහණයක් අත්පත් කරගැනීමට ලංකාපුර සමත්විය.
පාණ්ඩ්‍ය දේශයේ අගනුවර වූ මධුරාපුරයට යන මාර්ගයද සකස්කර ගත්තේය. එහිදී කුලසේකර රජුගේ පිරිසේ සිටි බොහෝ දෙනෙක් ලංකාපුරගේ සේවය සැපයීමට පැමිණියෝය.
ඔවුන්ගේ සහයත් ලබාගත් ලංකාපුර මධුරාපුරය ජයගත්තේය. පසුව නෙට්ටුර් තෙවැනි යුද මුලස්ථානය බවට පත් කළේය. බටහිර දෙසට එළවා දමාසිටි කුලසේකර යළිත් ආක‍්‍රමණයකට සූදානම් විය. එය ආරංචිවූ ලංකාපුර යළිත් කුලසේකරගේ හමුදාව රැුස්වූ ස්ථානයට පහරදීමට කටයුතු කළේය. ඉන් ඔහුගේ හමුදාව සමුල ඝාතනය විය.
ඉන් ජයග‍්‍රහණය ලබාගත් ලංකාපුර තව තවත් ඉදිරියට ගියේය. ඉන් තව තවත් ජයග‍්‍රහණ අත්කර ගත්තේය. එනම් නැගෙනහිර දෙසින් රමිනත් වෙරළේ මෙණ්ඩි සහ පාශි යන ස්ථාන හා තවත් ගම්මාන කීපයක් අත්පත්කර ගත්තේය.
මෙහිදී දමිළ මිතුරන් රැුසක් දිනාගැනීමටත් ලංකාපුර සමත්විය.
එසේම පුදුකෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි ෂම්පොට් ධමාර් අල්ලාගැනීමටත් කටයුතු කළේය. එම සටනින්ද ලංකාපුරට ජයග‍්‍රහණය ලැබුණේය.
මේ ආකාරයට දරුණු සටන්වලට මුහුණ දෙමින් දිගින් දිගටම ජයග‍්‍රහණ ලබාගැනීමට ලංකාවේ ලංකාපුර සමත්විය.
මෙහිදී ලංකාපුර දේව, ලංකා ගිරිසෝර, හෝකණ්ඩ සහ ශෝක, විජය, කිත්ති යන සෙනවිවරුන් පරාක‍්‍රම බාහු රජතුමාගේ සේනාවේ සිටි ඉතාමත් දක්‍ෂ සෙනවිවරුන් බවත් ඔවුන් දකුණු ඉන්දියානු ආක‍්‍රමණයට යැවීම තුළින් පරාක‍්‍රමබාහු රජු උපරිම ශක්තිය එම ආක‍්‍රමණයට යොදවා ඇති බවත් පැහැදිලිවේ.
ඒවාගේම කුලසේකරගේ හමුදාව සහ මෙවලම් විනාශකර ජගත් ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට ලංකාපුරට හැකිවිය. ඔහු දිනාගත් දිස්ත‍්‍රික්කවල සිටි අරාබි සම්භවයක් ඇති නගර වල වැසියන් ඔහුට තෑගි බෝග ප‍්‍රදානය කළබවත් ඉතිහාසයේ සඳහන්ය.
මේ සියල්ල දෙස බැලීමේදී පළමුවැනි හා දෙවැති අදියර වලදී යුද ජයග‍්‍රහණ ලබාගත් ලංකාපුර ඇතුළු පිරිස දකුණු ඉන්දියාව පුරා පරාක‍්‍රමබාහු රජතුමාගේ කීර්තිනාමය පැතුරූ බව නොරහසක්ම වන්නේය.