‘තිස්ස මහත්තයෝ, මේ ඉන්නේ අපේ වැඩේට හරි යන කෙල්ලයි. ‘ 1967 අවසාන භාගයේ දිනක අකල් වැස්ස නාට්‍ය නැරඹූ ජෝ අබේවික්‍රම මහතා විසින් පුංචි බබා සිනමා පටය නිපැයූ තිස්ස ලියනසුරිය මහතාට එසේ කිවේලූ. එදා දුටු ඒ තරුණ කෙල්ල පුංචි බබා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයකට පණ පෙවීමට තෝරා ගත්තේය.
අකල් වැස්ස වේදිකා නාට්‍යයේ හොඳම නිළිය ලෙස තේරී පත්වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නිළිය ප්‍රථම වරට රඟපෑවේ පුංචි බබා චිත්‍රපටයේය.
![]() |
![]() |
![]() |
සුගතදාස මාරසිංහ මහතා නිශ්පාදකයාය. තිස්ස ලියනසූරිය මහතාගේ නිර්මාණයකි.ජෝ අබේවික්‍රම , මාලනී ෆොන්සේකා හා අනුලා කරුනාතිලක ප්‍රධාන චරිත වලට පණ පෙවුහ. පුංචි බබා 1968 පෙබරවාරි 26 වැනිදා ශ්‍රී ලංකා රිදී තීරයේ තිරගත වුයේය. වර්තමාන › ලංකාවේ සිනමා අග රැඡින විරුදාවලියෙන් සැලකුම් ලබන පනස් වසරක වේදිකාව හා සිනමා දිවියක මග ගෙවූ මාලනී ෆොන්සේකා රිදී තීරයට පිවිසියේ එසේය.
එදා සිට අද දක්වා දෙස් විදෙස් සිනමා කෘති 150ක පමණ ප්‍රධාන චරිත රඟපා පසු කාලීනව අධ්‍යක්ෂකවරියක, නිශ්පාදකවරියක ලෙස ලංකා සිනමා ක්ෂේත්‍රයට ඇය කළ දායකත්වය කිසි විටෙකත් මිල කළ නොහැකිය. එදා ආරම්භ කළ සිනමා දිවියේ මේ දක්වා ඇගේ රඟපෑම් දුටු සිනමා ලෝලියෝ සතුටු කඳූළු සැළුවෝය. සමහරෙක් ඇඩුවෝය. සමහරු දුක් වූවෝය. සමහරු පුදුම වූවෝය.
නිධානය, වැලිකතර, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ආකාස කුසුම්, ස්ත්‍රී , යන සිනමා කෘතිවල ඇගේ ප්‍රතිභාපූර්ණ රඟපෑම් වලින් ඔපවත් කර ඇත්තේය. ඇගේ රඟපෑම් ඒ තරමටම උසස්ය . විශිෂ්ටය . එම දක්ෂතාවයන්ට ඇය ලැබූ සම්මාන ගොන්නෙන් ඇගේ විසිත්ත කාමරය පිරී ඉතිරී ඇත්තේය.
සරසවි සම්මාන. කලා ශ්‍රී සම්මාන, විශ්ව ප්‍රසාදනී සම්මාන, රිදී මොනරා සම්මානය ආදි සම්මාන රැසක් හිමි කරගත් ඇය 2012 දි හා 2013 දි අනුපිළිවෙළින් ඉන්දියාවේ ජාත්‍යයන්තර සිනමා උළෙලෙ හා ඔස්ට්‍රේලියාවේ ආසියා පැසිපික් ජාත්‍යයන්තර සිනමා උළෙලේ විශේෂ ජූරියේ සමාඡිකාවක ලෙසද ඇය කටයුතු කළාය
පසුගිය මාර්තු 05 වැනිදා ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ ධෝවිල් 16 වැනි අන්තර් ජාතික ආසියා සිනමා උළෙලෙ ආරම්භ වුයේ ඇයගේ පනස් වසරක කලා දිවියට විශේෂ උපහාරයක් පුදමිනි.
මින් පෙර මෙම උළෙලේ උපහාර ලැබූවන් අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් අයත් වෙති. එය 2001 දී සිදුවුයේය.මෙවර උළෙල සදහා ඉරානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, දකුණු කොරියාව, චීනය, කසකස්ථානයේ සිනමා කෘති ඉදිරිපත් කර තිබුණේය.
උළෙල ආරම්භ කරමින් ධෝවිල් නගරයේ නගර සභාපති පිලිප් ඔඡියේ හා සිනමා උළෙලේ සභාපති ලයනල් ෂූසොන් දේශන පැවැත්වුහ. එහිදී සිනමා නිළි මාලනී පොන්සේකා විශේෂ ඇගයීමකට ලක් විය.
අත් පොලසන් හඩ මැද්දේ වේදිකාවට පැමිණි මාලනී පොන්සේකා මහත්මිය තම ආදරය මෑණියන් හා ඇගේ කලා දිවියට අත දුන් සියළුදෙනා සිහිපත් කරමින් විශේෂ දේශනයක් කළේය.
අනතුරුව ඇයට උපහාර දක්වමින් තිලිණි ප්‍රදානය සිදු විය. ඒ වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය, ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත්, හා ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම් යන චිත්‍රපටි උළෙල පවත්වන දින පහ ඇතුළත තිරගත වන්නේය. උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ප්‍රංශයේ ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත හා ඔහුගේ බිරිය සහාභාගි වුහ.
සිනමා උළෙල ආරම්භ වීමට ප්‍රථම මාලනී පොන්සේකා පුවත්පත් සාකච්ඡාවකට මෙලෙස එක්වුවාය. |
ප්‍රංශයේ පැරිස් නුවර ලෝකයේ කලා නගරයක් ලෙස හදුන්වනවා. ලෝක ප්‍රකට පඬිවරුන්, විශාරදයන්, විදුවරුන්, කවියන්, ලේඛකයන්, නළු නිළියන් ආදි ලෙස විශිෂ්ට මිනිසුන් මෙම කලා නුවර ආලෝකවත් කිරීමට දායකවී තිබෙනවා. මෙවැනි පරිසරයක ඔබේ සිනමා අඩ සියවසට ප්‍රංශයේ ධෝවිල් 16 වැනි අන්තර් ජාතික ආසියා සිනමා උළෙලේදි උපහාර ලබනවා. එය විස්තර කරන්නේ කෙසේද?
ඹව් මම බොහෝම සන්තෝස වෙනවා. මෙය විදේශ රටක තෝරා ගැනීමක්. විශේෂයෙන් ප්‍රංශය වගේ කලාව ඉහළින් සලකන රටක මෙවැනි උළෙලකට සහාභාගි වීම හා උපහාර ලැබීම ගැන ඉතාමත්ම සතුටු වෙනවා.
අකල් වැස්සෙන් වේදිකාව තෙත් කොට එයින් පෝෂණයවූ සිනමා දිවිය ආරම්භ කර ලංකාවේ සිනමා අග රැඡිණිය ලෙස විරුදාවලිය හිමිකර ගත් ඔබ ඇමතීමට සුදුසු වන්නේ එම අගරැඡි‚ය ලෙසද? එසේ නැත්නම් අඩ සියවසක් සිනමාව ආලෝකමත් කරමින් අප්‍රමාණ සිනමා රසිකයන්ගේ හදවත වැළඳ ගත් හා ඔවුන් විසින් ආදරයෙන් අමතන මාලනී අක්කා ලෙසද? එසේත් නැත්නම් වර්තමාන ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද?
පිලිතුර :ඔය මුලින් කිව් කොයි ආකාරයෙන් කථා කළත් මම හුගාක් සතුටුයි. මගේ ආදරණිය සිනමා රසිකයන් හැම දෙනා අමතන මාලනී අක්කා ලෙස ඇමතීම මගේ සිතට අසීමිත සතුටක් ඇති කරනවා. ඒ වගේම අක්කා ලෙස ඇමතීමේදි ලෙන්ගතු බවක් දැනෙනවා. ඒ වගේම මන්ත්‍රීවරියක් ලෙස ඇමතීමේදි ලොකු වගකීමක් හා ගෞරවයක් ඇතිවෙනවා.
ඔබගේ සිනමා අර්ධ සංවත්සරයට උපහාර ලබන අද ප්‍රංශයේ ධෝවිල් 16 වැනි ජාත්‍යයන්තර ආසියා සිනමා උළෙලේ තිරගතවූ නිධානය චිත්‍රපටියෙන් ඔබට ගුරු හරුකම් දුන් අප අතරින් සමුගත් සිනමා සක්විති ලෙස හැදුන්වූ ප්‍රතිභා පූර්ණ නළු ගාමිණි ෆොන්සේකා සිහිපත් කිරීම ගුරු උපහාරයක් වගෙයි.
ඔව් ගාමිණි ෆොන්සේකා අපේ සිනමාවේ අමතක නොවන දැවැන්ත සිනමා බළකණුවක්. ගාමිණි‚ අපිට කවදාවත් අමතක කරන්න බැරි දක්ෂ වටිනා චරිතයක්. ඔහු සිහිකිරීම ඇත්තටම ගුරුවරයකු සිහි කිරීමක් .
ඒ වගේම මගේ සිනමා දිවියට අත හිත දුන් අධ්‍යක්ෂකවරුන්, නිශ්පාදකවරුන් සිනමා සමකාලීනයන් සිහිපත් කිරීමද ඔවුන්ට කරන ගෞරවයක් වෙනවා. ඒ තුලින් අපේ වර්තමාන හා අනාගත සිනමා කරුවන්ට ලබා දෙන හොඳ ආදර්ශයක් .
එදා හා අද අතර ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ ගුණාගුණ හා එහි වෙනස් වීම් ගැන ඔබේ සමාලෝචනය කුමක්ද ?
ඇත්තටම පසුගිය කාලයේ ලංකාවේ යුද පරිසරයේ අපේ සිනමා කරුවන්ට බොහෝ අභියෝග වලට මුහුණ දීමට සිදුවුණා. දැන් එම තත්ත්වය සම්පූර්ණයෙන්ම මඟ හැරී තිඛෙනවා. ඒ අනුව අපට අළුත් පණක් ලැබී තිඛෙනවා. ඒ වගේම ලෝකයේ දියුණු වෙමින් පවතින ඩිඡිටල් තාක්ෂණය අපේ රටේත් ප්‍රචලිත වෙමින් පවතිනවා. එයින් ඉදිරියේදි හොඳ සිනමා ලෝකයක් බිහිකිරීමට හැකි වනු ඇතැයි මම හිතනවා.
ප්‍රංශය යනු කාන්තාව උතුම් කොට සලකන, කාන්තාව සම ලෙස සලකන ,මවක්සේ පුදන රටක්. අද ලංකාවේ මාලනි ෆොන්සේකා යනු අපගේ සිනමා මවකි. මන්ත්‍රීවරියකි. ලංකාවේ කාන්තාවන්ගේ අයිතීය සුරැකීම උදෙසා මේ දාකත්වය කෙසේද?
මට ලැබුණු එම නිලයෙන් යම් සේවයක් කරන්න ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. එදත් අදත් මම ඉතා නිහඩව එම සේවය ලබා දෙනවා. විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයේදි එම සේවය සලසනවා.
මාලනි අක්කා වැඩියෙන්ම කැමති සිනමාවටද? දේශපාලනයටද ?
සිනමාව යනු මගේ ජීවිතයයි . මම එයට ප්‍රථම තැන දෙනවා.