ලෝකයේ බොහෝ දේවල් වලට මෙන්ම සිනමාවටද තරඟ ඇත්තේය. එහිදි සිනමාවද තරඟ කරති. ජය ගනිති, පරාජය වෙති, කුසළාන දිනති, සම්මාන ලබති. මලල ක‍්‍රීඩාවට ඔලිම්ෆික්, පාපන්දුවට ලෝක කුසළාන, බයිසිකලයට ප‍්‍රංශ සවාරිය මෙන් සිනමාවටද ඔලිම්ෆික් ඇත්තේය. ලෝකයේ සුප‍්‍රසිද්ධ අග නගරයන් හෝ සුවිශේෂි අනු නගරයන් හරහා වර්තමානය වන විට විවිධ අන්තර් ජාතික සිනමා තරඟ මෙම විශ්වය පුරාවට විසිරී මහ ඉහලින් මංගල්‍යයන් මෙන් පැවැත්වේ. ඒ අතරින් හොලිවුඞ් ඔස්කාර්, බර්ලින් , මොස්ට‍්‍රාර් වැනීසිය , එංගලන්තයේ බාපා , ප‍්‍රංශයේ කෑන්ස් , ඩෝවිල් යනු මෙම අන්තර් ජාතික උළෙලයන් අතර ලෝක ප‍්‍රසිද්ධ විශිෂ්ඨ ශ්‍රේණියේ ඇති සමහරක් දැවැන්තයෝය. ඉහත සදහන් උළෙලකට තම සිනමා නිර්මානයක් සුදුසුකම් ලැබීම සිනමා කලාවේ නියුතු සංවේදි දැවැන්ත නිර්මාන කරුවන්ගේ එකම බලාපොරොත්තුවක් මෙන්ම අන්තර් ජාතික ගොමුව තුල තම කෘතිය ඇගැයීමට ලක්වීම ඔහු හෝ ඇය ජීවිතයේ ලබා ගන්නා වටිනාම අවස්ථාවකි. එවැනි වාසනා මහිමයන් හිමි කර ගත්තෝ සිනමා සමාජයේ විරලය. සාපේක්ෂක ලෙස ලෝක සිනමා ක්‍ෂේත‍්‍රය තුල ශ්‍රීලාංකික සිනමාව සැසඳීමේදි ලබන අගයන් එතරම් ධන මට්ටමක නොපවතී. එසේ නමුදු විශිෂ්ඨ නිර්මාන නැතුවාද නොවේ. ඒ අතරින් ශ්‍රී ලංකා සිනමා ක්‍ෂේත‍්‍රයේ වර්තමානයේ සිටින දැවැන්තයන් අතර අති දක්ෂ නිර්මාණශීලි, සංවේදිශීලි සිනමා බිහි කරන්නෙකි ප‍්‍රසන්න විතානගේ.
ප‍්‍රසන්නගේ සිනමාව තුල බොහෝ දෙනා නොදකින කලාත්මක ත‍්‍රිකෝණ , වර්නය , සංවේදිත්වය , සරල සත්‍ය හා හෙලිදරව්ව ආදි සංකලනයන්ගෙන් හැඩ වැඩ වීම තුල ඔහුගේ සිනමා නිපැයුම් විශිෂ්ඨ මෙන්ම ඇගැයීමටත් සමාජ කථිකාවටත් ලක් කෙරේ. එය සිනමාවක සිදුවිය යුත්තක් මෙන්ම නිර්මාණයක සාර්ථක බව සැගවී ඇත්තේම එතැනය. ලෝක සිනමාව තුල ප‍්‍රංශයද ආන්ෙදාා්ලනාත්මක කෘති බිහි කරන රටකි. එමෙන්ම කලාවට සුවිශේෂි සැලැකිල්ලක් මෙන්ම කාලාවට ආදරය කරන රටකි ප‍්‍රංශය. ප‍්‍රංශ ඉතිහාසය තුල එවැනි සාක්ෂි වලින් පිරී පවති. එබැවින් ප‍්‍රංශය විසින් පවත්වන අන්තර් ජාතික සිනමා උළෙලයන් ලෝක සිනමා ක්‍ෂේත‍්‍රයේ මහ ඉහලින් පැසසුමට මෙන්ම විශාල පිලිගැනීමකටද ලක්වී ඇත්තේය. ඒ අතරින් ප‍්‍රංශයේ ඊසාන දිශාවේ ජර්මනියේ දකුනු දේශ සිමාවට මායිම්ව පිහිටි වෙසුල් නම් අනු නගරය කේන්ද්‍ර කොට 1994දී ආරම්භ කල ආසියාව දෙසට යන ඌධත පාඨය ඇතුලත් ආසියානු කළාපයේ සිනමා කෘති සදහා අන්තර් ජාතික සිනමා උළෙලක් පැවැත්වේ. ආසියාව හා මැද පෙර දිග රට වලට සිමා සහිත එම කළාපයේ රටවල් 45ක් අතරින් තෝරා ගත් සිනමා කෘති 70 කින් 25ක් අවසාන වටයට තෝරා එයින් විවිධ අංශ සදහා සම්මාන පිරිනමනු ලැබේ. 2013 වසරේ 19 වන වරටත් පැවැත්වූ ප‍්‍රංශයේ ඉහත සිනමා උළෙලට ප‍්‍රසන්න විතානගේ ගේ ඔබ නැතුව ඔබත් එක්ක නම් වූ ඉන්දු ශ්‍රී ලංකා නළු නිළි සංයෝජනයකින් යුත් අගනා සිනමා කෘතිය තේරි පත් වුයේය.
ප‍්‍රසන්නගේ නම වෙනි නිර්මානය වන මෙම සිනමා පටයට ඉහත සිනමා උළෙලේ හොදම නිර්මානයට හිමි සික්ලො ඩෝර් සම්මානය සමග ඡුුරියේ නෙට් ෆැක් කුසලතා සම්මානයත් හිමිකර ගැනීමට සමත් වුයේය. ශ්‍රී ලාංකික අපට එය මහත්වූ ආඩම්බරයකි. හමුදාාවේ සේවය අවසන් කල සරත්සිරි නම් සිංහල තරුනයෙක් කන්ද උඩරට සුදුපාට මීදුමින් පිරි කදු වැටිය පාමුල හරිත වර්ණ ලාකොල පාටින් දළු ලෑ රමණීය තේ වතු අතරේ ජීවිත සටන අරඹයි. අතීීතයේ අමිහිරිදේ අතීතයට නිදන් කරයි.යුධ කළාපයේ ජීවත්වී සහෝදරයන් සදාාහටම අහිමිවු මව් පියන් අස්ථාන ගතවී රැකවරනය ලබන සෙල්වි නම් සුරූපි දෙමල තරුනියක් ඔහුට නෙත ගැටේ. දවස් ගෙවෙන්නේ ආදරය, අසරණකම, තනිවීම එකතු වූ පරිසරයක දෙදෙනා විවාහා ගිවිස ගැනීමෙනි. එක වහල යට ජීවිතය අරඹන නව යුවල; ඔහු ගේ තුල ඇති බුදු මැදුරට උදේ සවස බුදුන් වඳින්නේය. උකස් බඩු වෙළදාාම හොදින් කරන්නේය. අල්මාරියේ සඟවන ලද පිස්තෝලයකුත් ඇත්තේය. ඇය ඇට වලින් සැරසු කුරස මාල අතැතිව අසල පල්ලියේ යාඥා කරන්නේය. ගෙදර වැඩ කරන්නේය.පවුල් ජීවිතය ගත කරන්නේය. ගොළු කල අතීතයක් ඇති වර්තමානයේ ආදරය වැළඳ ගත් යුවලට අතීත අනන්‍යතාවය හෙලිවීම ආදරයෙන් ගලා ගිය ජීවිතය ආදරය, හා වෛරය සමග සිදුවෙන එදිනෙදාා සිදුවීම් සුමට නමුත් ප‍්‍රබල දෙබස් වලින් පණ පෙව් ආදර කතාව නොසිතන ලෙස සුරූපි දෙමල තරුනිය මෙලොවින් සමු ගන්නේය. තරුනයා තනි වන්නේය. එලෙසින් කථා පුවත අවසන්වේ. සම්පීඩනය වූ සාරාංශ කතාව එලෙසය. හමුදාාවේ සිටි සිංහල තරුනයෙක් වුවද දෙමල තරුනියකට ආදරය කිරීමට තරම් මානුෂික හදවත් ඇත්තෝ හමුදාාවේ සිටින බව මනාවට පෙන්නුම් කර ඇත. සුන්දර දසුන්, ප‍්‍රබල දෙබස්, නිහඩ හැගීම්, එකතු කල බෙළඳ නොවූ වර්නවත් කාලෝචිත නිර්මානයක් ලෙස හැදින්විම වරදක් නොවේ. 1881 දි මෙලොව හැර ගිය අපරාධය හා දඩුවම ලොවට හදුන්වා දුන් ශ්‍රේෂ්ඨ රුසියානු නව කථා කරුවෙකු වූ දොස්තොවිස්කි සුප‍්‍රසිද්ධ නවකථා කරුගේ නිර්මානයක සිංහල කථා පුවතක් වූ කීකරු යුවතිය නම් නව කථාවේ නිදන් ගත කල බීජය තුලින් නිර්මානය වු මෙම කථා පුවත ; පුරුෂාධිපත්තිය තුල ස්ත‍්‍රියගේ ජීවන රටාව, ප‍්‍රබලයා විසින් දුබලයා අක‍්‍රිය කිරීම, හා තේරුම් නොගැනීම, හා සාමාන්‍ය ජීවිතයේ ප‍්‍රයෝගිකරනයට ලක්වී ඇති පරිභෝගික වටිනාකම අභියෝගයට ලක් කිරීම, ආදරය හා වෛරය අතර ගැටීම මෙම කෘතියෙන් මනාවට පෙන්නුම් කර ඇත්තේය. ජාතික සංහිදියාව ගැන කථා කරන අපි වගේ රටවල විශේෂයෙන් සිංහල දෙමල සහජීවනයේ අත්තිවාරම සවිමත් විය යුත්තේ කෙසේද? යන්න ප‍්‍රසන්නගේ මෙම කථා පුවතින් ප්‍රෙක්ෂකයාට අවබෝධ කරදේ. එය අවබෝධ කරගත්තෝ අගයති ප‍්‍රසංශා කරති , සම්මාන දෙති. එය අවබෝධ කර නොගත්තෝ සම්ප‍්‍රලාප දොඩවති. එදින ශාලාවේදීම මෙම වෙනස සජීවි ලෙස දැක ගැනීමට ලැබුනේය. එබැවින් මෙම නිර්මාණය ශ්‍රී ලාංකික සිනමා කාන්තාරයේ මතුවු දිය උල්පතක් වැනිය. එයින් දිය දෝතක් දොවනය කර පිපාසය අඩු කළ හැක්කේ නම් කෙරතරම් වටින්නේද?
පසුගියදා පැරීසියේ වටිනා පෞරාණික හිමිකම් ඇති විශේෂ කළාපයක පිහිටි ආසියාතික සංස්කෘතිය හා කලාව සදහා වෙන්වු ඓතිහාසික ගිමේ කෞතුකාගාර ශාලාවේදි එම අවස්ථාව ලැබුනේය. එහිදි එම නිර්මාණය තිරගත වුයේය. එම සිනමා පටයේ අන්තර් ජාතික 43 වෙනි ඉන්දීය සිනමා උළෙලේ හොදම නිළිය ලෙස රිදි මොණරා සම්මානය හිමි කරගත් අන්ජලී පටිල් ඉන්දීය නිළිය හා ශ්‍යාම් ප‍්‍රනාන්දු ප‍්‍රධාන චරිත රඟපාන්නේය. මෙම නිර්මානය ලන්ඩන්, ජපානය, ඩබ්ලින්, කේරලය, කැනඩාවේ මොන්ට්රියල් අන්තර් ජාතික සිනමා උළෙලයන් නියෝජනය කළේය.
ප‍්‍රංශය යනු ආදරයේ සංකේතයකි. එයිනුත් පැරීසිය යනු එම සංකේතය එළිය කරන පහන් වැටකි. එබැවින් පැරීසිය යනු ආදරයෙන්ම පිරුනු නගරයකි. ප‍්‍රසන්නගේ ඔබ නැතුව ඔබත් එක්ක නිර්මානයේ න්‍යෂ්ඨීයේ හැදින්වීම ආදරය පමනක්ම නොසැහේ යන්නය. ඒ නිසාදෝ ආදරවන්තයන්ගෙන් පිරි ඉතිරී ඇති පෙනෙන මානයේ පිහිටි ලෝක දැවැන්තයෙක්වු සුප‍්‍රසිද්ධ අයිෆල් කුලූන අසල , වේල්සයේ කුමරිය වු ඩයනා කුමරිය ආදරය විඳිමින් අවසන් ගමන් ගිය උමං පාරට අතේ දුරින් හා ලෝකයේ ලස්සනම මාවත ලෙස සැලැකෙන ආදරවන්තයන්ගෙන් පිරි ඉතිරී ඇති ඇවනිව් ෂොම් සිලිසේ මාවතට හූවක දුරින් පිහිටි කෞතුකාගාරයකදි ප‍්‍රසන්නගේ ආදරයේ නිර්මාණය තිරගත වුයේය. එය නැරඹීමට ප‍්‍රංශ ජාතිකයෝ හා විවිධ ජාතින් සමග විශාල ශ්‍රී ලාංකික රසිකයෝ පිරිසක්ද පැමින සිටියෝය. නරඔන්නෝ අතර වැඩි ප‍්‍රතිශතය ප‍්‍රංශ ජාතිකයෝ වූයෝය. ආදරය හදුනන ඔවුන් බොහෝ දෙනා නිර්මාණය පැසසුමට ලක් කළේය.
ඊට අමතරව පැරීසියේ වගකිවයුතු කොටස් එකතුවක සංවිධානත්වයෙන් මෙම සිනමා පටය ශ්‍රී ලාංකිකයන් සදහා වෙනම දර්ශනයක් පෙන්වීමට පැරීසියේ සාකච්ඡාවක් පැවැත් වුවෝය. සුපුරුදු ලෙස තල් අත්තට බොරළුසේ උනුසුම් වාද විවාද, කෙස් පැලෙන නොව කෙස් හැලෙන විග‍්‍රහා වලින් පසු සිනමා පටය පෙන්වීමට සියල්ලෝ ඒකමතික වුවෝය. නමුත් ශ්‍රී ලාංකිකයෙක් නිපැයු විශිෂ්ඨ නිර්මාණයක් නොදැක සිටීමට තරම් පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ අවාසනාවන්තයෝ වුවෝය. විත‍්‍රපටියේ අන්තර්ගතය අන්තවාදි විශ්ලේෂන මත සිදුවන උපකල්පන හා විග‍්‍රහායන් සමාජගත වීම අධ්‍යක්ෂකවරයා අධෛ ර්‍්‍යයට පත් කළේය. එහි ප‍්‍රථිපලය වුයේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දර්ශණයක් නොලැබීමය.
ඕනෑම අන්තවාදයක අවසාන ප‍්‍රථිපලය නොලැබී යාමය. එය ජීවිතය විනාශ කිරීම හෝ විනාශ වීමද විය හැක. ලෝක ඉතිහාසයේ ඒ සදහා ඕනෑ තරම් නිදර්ශන ඇත්තේය. එලෙසෙම පැරීසියේ ශ්‍රී ලාංකික රසිකයන්ටද එවැනි ස්වර්ණමය අවස්ථාවක් නොලැබී ගියෝය. එයට වගකිව යුත්තෝ අන්තවාදීන්ම වන්නෝය.
ජපානය, ලන්ඩන්, මොන්ට්රියල්, කේරළය, ඩබ්ලින් යන රටවල අන්තර් ජාතික සිනමා සැනකෙළි නියෝජනය කල, ප‍්‍රංශයේ වෙසුල් සික්ලො ඩොර් සම්මානය දිනු ඔබ නැතුව ඔබත් එක්ක සිනමා නිර්මාණයට පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ කොස් ඇට සම්මානක් නොලැබුනාට කමක් නැතැයි අධ්‍යක්ෂක වරයාට සිතුනේ නම් ? එහිද දෝෂයක් නැත්තේය. එලෙස සිතීම වරදක් නොවන බව සිදුවීම් පෙල ගැසුනු ආකාරය සාක්ෂි දරනු ඇත. ඔබ නැතුව ඔබට ආදරය කල ඔබ නැතුව ඔබත් එක්්ක ආදරයෙන් පිරුණු පැරීසියේදි එලෙස නිමා විය.
ආදරයම පමනක් නොසැහේ !