කොළඹගෙආර සහ උඩවළවට බස්නාහිර දෙසින් පෙනෙන සූරියකන්ද ක`දුවැටිය මීට විසිඑක් වසරකට පෙරදී මුළුමහත් රටටම ගෙනා අමිහිරිවූ, වේදනාබර මතකය යළි සිහියට ආවේ පසුගිය 15දා උදෑසනය.
ඊට පෙරදින එනම් 14 වැනි ඉරිදා මිරිස්වැල්පොත ප‍්‍රදේශයේ උපකාරක පන්තියකට ගිය දාසය හැවිරිදි පාසල් ශිෂ්‍යයකු වූ මහගමගේ හසිත එරංජන ලක්‍ෂාන්ගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුර ඒ සූරියකන්ද පෙනෙන ඉසව්වේ කොළඹගෙආර, මිරිස්වැල්පොත ප‍්‍රදේශයේ තේක්ක කැලයක උඩුබැලි අතට දමා තිබියදී හමුවීමත් සමගය.
කොළඹගෙආර මහා විද්‍යාලයේ එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හසිත එරංජන විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක්ද විය. විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායමේ නායකයා වූයේ ද ඔහුය. මෙවර අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටියේය.
උඩවළව, කොළඹගෙආර, මිරිස්වැල්පොත පාලම අසල ඔහු පදිංචිව සිටි ලිපිනයයි. ඇඹිලිපිටිය ඩිපෝවේ කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන මහගමගේ ටිෂාන් ඉන්දික (40) ඔහුගේ පියාය. මව වූයේ සාගරිකා මනෝරිය. ඇය තිස්නව හැවිරිදිය. දාසය හැවිරිදි වියේ පසුවූ හසිත එරංජන පවුලේ මද්දුමයා විය. දහනව හැවිරිදි අක්කා වූ දිනිති නයාංජලී පවුලේ වැඩිමලා විය. නංගී ජනනී මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතය.
හිිරිමල් යොවුන් වියේ පසුවූ හසිත එරංජන කා සමගත් කුළුපගු යෞවනයෙක් විය. මිතුරන් මිසක හතුරන් නොවූ බව පාසලේ සහ ගමේ හැම වයසේම පසුවන අය ඔහු ගැන ගුණ වයමින් කියති.
හසිතගේ මරණයෙන් මිරිස්වැල්පොත ගම පමණක් නොව ඒ අවට ප‍්‍රදේශයේ ලොකු කුඩා සැම දෙනාත්, කොළඹගෙආර මහා විද්‍යාලයේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යවෝ මෙන්ම ආචාර්ය මණ්ඩලයද කම්පාවට පත්ව සිටිති.
හසිත එරංගන මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින නිසා ඉරිදා දිනයේ හැන්දෑවේ මිරිස්වැල්පොත පැවැත්වෙන උපකාරක පන්තියට යන්නට බලාපොරොත්තුව සුපුරුදු පරිදි 14 වැනිදා සවස නිවසින් පිටව ගියේය. වෙනදා සවස හයයි තිහ හත පමණ වනවිට උපකාරක පන්තිය අවසන්ව ගෙදර එන හසිත එදා නොපැමිණියේය.
හසිත ගෙදරට එන වෙලාව පසුවී අඩහෝරාවක් ගෙවි ගියේය. එය හෝරාවක් දක්වා ළංවිණ. නමුත් හසිත තවම පැමිණියේ නැත. නිවසේ අය කලබලයට පත්ව හිත මිතුරන් සහ ඥාතීන්ට දන්වා, ඔහු එන්නට පමා ඇයි දැයි විපරම් කරන්නට වූහ. උපකාරක පන්තියට නොගිය බව දැනගත් පසු ඔහු සෙවීම වඩාත් ඉක්මන් විය.
යාළුවන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස් පළමුව සෝදිසියට ලක්විය. ඒ කිසිවෙකටත් නොපැමිණි වග ආරංචි වූ පසු වටේ පිටේ හැම තැනකම සොයා බලන්නට වූහ. හසිතගේ මව දෙවියන්ට කන්නලව් කරමින් තම පුතා සොයා දෙන ලෙස අයැද සිටියාය.
උඩවළව පොලිසියට හසිතගේ අතුරුදන්වීම ගැන පැමිණිල්ලක් ලැබීමෙන් පසු පොලීසිය ද හසිත සෙවීමේ කාර්යයට පැමිණියේය. පසුදා පාන්දර පහ පමණ වනතුරු හැම තැනකම සෙව්වත් හසිත ගැන කිසි`දු හෝඩුවාවක් නොවීය.
පසුදා එනම් 15වන ස`දුදා උදේ හයයි හතළිස්පහට පමණ මිරිස්වැල්පොත විදුහලට මීටර් පන්සියයක් පමණ ආසන්නයේ තේක්ක කැලෑවක් පැත්තට ලේ පැල්ලමක් ඇති බවට තොරතුරක් ලැබුණි. හසිත සොයමින් සිටි පිරිස වහ වහා එතැනට ආහ. ආරංචිය හැබෑවකි. ලේ පැල්ලමකි. එතැන සිට තේක්ක කෑල්ල දෙසට ලේ පාරක් ද දක්නට ලැබුණි. ඒ ලේ පාර ඔස්සේ අඩි පනහක් පමණ යද්දී උඩුබැලිි අතට වැටී වම් කම්මුලේ පැත්තක් කපාදැමූ ප‍්‍රාණය නිරුද්ධ හසිතගේ සිරුර විය. එය රුධිරයෙන් රත්පැහැ ගැන්ව තිබුණි. ගෙලෙහිද තදබල කැපුමක් යැයි සිතිය හැකි තැනකි. වම්අත සහ දකුණු අත වම් කම්මුල දෙසට නැවී තිබුණි. ඇ`දසිටි කමිසයත් බැනියමත් රක්තවර්ණ ලෙයින් තෙත්වී ඒවා වියළීම නිසා කලූපැහැති පැල්ලම්ය. යටිකය වසා තිබූ කොට කලිසමේද, ලේ පැල්ම්ය. පැළ`දසිටි පාවහන් දෙපාවල නොවීය.
‘‘වෙන කොහේ හරි මරලා මෙතනට ගෙනත් දාලා’’ එතනට ආ හැමෝම කීවේ එකම කතාවකි. සිරුරට මීටර් තුන්සිය පනහක් පමණ දුරින් පිහිටි යකඩගල පාරේ වැටී තිබී හසිත පන්ති ගෙනගිය රතු පැහැති ෆයිල් කවරය හමුවූයේ ඒ අතරය. එහිද රුධිරය තැවරී තිබිණි.
හසිතට කවුද මේ අපරාධය කළේ? ඔහු මරා දමන්නට තරම් කළ වරද කුමක් ද? සැමටම ගැටලූවක් වූයේ එයයි. මේ අතර එතැනට පැමිණ සිටි තරුණ පිරිස් අතර පැතිරගිය රාවය වූයේ ‘‘ආදර සම්බන්‍ධයක්’’ මෙයට මුල් වෙන්නට ඇති බවයි.
එහෙත් ආදර සම්බන්‍ධයක් නිසා මේ විධියට කපාකොටා මරා දමයිද? කවුද එය කළේ. එහෙම සම්බන්‍ධයක් තිබුණා නම් වැඩිහිටියන්ට කියලා ඒක නවත්වලා දාන්න අවවාද කරන්න තිබුණනේ? නිමක් නැති ප‍්‍රශ්න සහ පිළිතුරුය.
මොහොතින් මොහොත ඒ ආදර සම්බන්ධය යැයි මුලින් ඉස්මතුවූ කතාව වැඩි විස්තර ඇතිව කනින්කොනින් ඇසෙන්නට විය.
‘‘මරලා දාලා තියන ළමයා ගෑනු ළමයෙක් එක්ක යාළුයිලූ. ඒ ගෑනු ළමයා ගැන මේ ගමේම ත‍්‍රීවිල් එකක් එළවන හාදයෙකුගේ හිත ගිහිං. ඒ හාදය ඇහුවම ගෑනු ළමයා බෑ කියලා. ඊට පස්සේ ඒ ගෑනු ළමයා එයාගේ ඉස්කෝලේ පන්තියේ යාළුවන්ට මේ කාරණය කියලා. යාළුවෝ එකතුවෙලා ත‍්‍රීවීල්කාර කොලූවට කියලා ඒ ගෑණු ළමයට කරදර කරන්න එපා කියලා. එතැනදි කොල්ලෝ පොඩි සද්දයකුත් ත‍්‍රීවීල් කොලූවට දාන්න ඇතිනේ.’’
‘‘මරාදාලා තියන මේ ළමයා එක්ක ඒ ගෑනු ළමයා යාළුයි කියලා ත‍්‍රීවීල් කොලූවා දැනගෙන. මෙයාට කියලා තියනවා ඒක නවත්වන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මේ ළමයා කිව්වාලූ ගෑනු ළමයා පුළුවන්නම් යාළු කරගන්න එයාට ප‍්‍රශ්නයක් නෑ කියලා. නමුත් ගෑනු ළමයා ත‍්‍රීවීල් කොලූව එක්ක යාළු නොවෙන්නේ මේ මරාදාපු ළමයා හින්දා කියලා හිතලා තමයි ඔය මරාදාලා තියෙන්නේ.’’ ඒ එසේ ඇසුණු කතාවකි.
කෙසේ වෙතත් සිරුර හමුවීමත් සමඟම එහි සිටිය අයගේ විවිධ කතා ඔස්සේ උඩවළව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්. එම්. ජේ. බණ්ඩාර මහතා පොලිස් කණ්ඩායමක් සමග වහා පරීක්‍ෂණ ආරම්භ කළේය. ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඞී. ඩබ්ලිව්. සී. ධර්මරත්න මහතා ඔහුට නිරන්තරයෙන් උපදෙස් දුන්නේය.
ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලීසිය විසින් ත‍්‍රිරෝද රථයක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය. එම ත‍්‍රිරෝද රථය පෙර දිනයේ මිරිස්වැල්පොත කළුමූකලාන වෙල්යායේ දොළකින් සේදූ බවට වූ තොරතුරක්ද පැතිර ගියේය. පොලීසිය කළ සෝදිසියකදී සැක කටයුතු ලේ පැල්ලම් එහි විය.
ත‍්‍රිරෝද රථයේ රියදුරු තරුණයාද අත්අඩංගුවට ගැනුනි. ඔහු විසි එක් හැවිරිදිය. වැඩිදුර විමර්ශන සිදුවෙද්දී වෙළ`දපොළේ විකිණීමට ඇති කුඩා පිහියක් ද සොයා ගැනුනි. මේ අතර දාහත්වන වියේ පසුවන පාසල් නොයන තරුණයෙක්ද අත්අඩංගුවට පත්විණි.
පොලීසිය සිය විමර්ශනයන් පුළුල් කළේය. හසිත මරාදමා තිබෙනු දුටු සෑම දෙනාගේම අදහස වූයේ කිහිප දෙනෙකු එකතුව ඔහුව ඝාතනය කර තේක්ක කැලේට ගෙනත් දමන්නට ඇති බවය. මේ අපරාධය ඇසු හැම දෙනාගේම මුවින් පිටවූයේ අපරාධකරුවන්ට නීතියෙන් නිසි ද`ඩුවම් ලබාදිය යුතු බවය. එහි වගකීම ඇත්තේ පොලීසියේය.
වෙනත් ඝාතනයන්ගේ පරීක්‍ෂණවලදී පොලීසියේ දුර්වලතාවෙන් සැබෑ අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී වෙනත් කවුරුන් හෝ ඊට ද`ඩුවම් වි`දින බව ඇස් පනාපිට පෙනෙද්දී මේ අපරාධයේ නියම අරපාරධකරු සොයාගන්නට මහජනයා පොලීසියට දුන්නේ නොමඳ සහයකි.
මහජනයා නීතිය අතට ගත්තේ නැත. අපරාධයේ සාධක විනාශ කරන්නට ගියේ නැත. ප‍්‍රශ්න කරන්නට අත්අඩංගුවට ගත් අයගේ දේපල ගිනිබත් කළේ නැත.
සිද්ධිය සම්බන්‍ධයෙන් දින කිහිපයක් යනවිට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔක්කොම සැකකරුවන් හතර දෙනෙකි. ඉන් තිදෙනෙක් අවුරුදු දාහතේ ය. අනෙක් තැනැත්තා විසිඑක් හැවිරිදි ත‍්‍රිරෝද රථ රියදුරාය. දාහත් වියැති සැකකරුවන් කළුමූකලාන වෙල්යායේ දොළේ දියනෑමට ගොස් සිටි නිසා අත්අඩංගුවට පත්වූ බවට කතා බහක්ද පැතිර යයි. ඔවුන් ඊට සම්බන්ධ නැති බවත් අපරාධයට යොදාගත් ත‍්‍රිරෝද රථය සෝදන අවස්ථාවේ ඔවුන් එහි දිය නෑම අත්අඩංගුවට පත්වීමට හේතුව බවට ඔවුන්ගේ ඥාතීන්ගේ පාර්ශ්වයන්ගෙන් නැෙඟන අෙ`දා්නාවකි.
කෙසේ වෙතත් මේ වනවිට අත්අඩංගුවේ පසුවන සිව්දෙනාම එකම ගමේ යහළු මිත‍්‍රයෝ වෙති. ඝාතනයට ලක්ව ඇත්තේද ඔවුන්ගේ ගමේ මිතුරෙකි. සැබෑ අපරාධකරු හෝ අපරාධකරුවන් හෝ කවුරුන්ද යන්නත් ඔහුට හෝ ඔවුන්ට හෝ එරෙහිව අධිචෝදනාවන් ඔප්පුකරන්නට ප‍්‍රමාණවත් සාක්කි සොයා ගැනීමත් විමර්ශකයන්ගේ වගකීමකි.
සැකකාර තරුණ පිරිස් අතර පොලිස් සේවයට සම්බන්‍ධ කෙනෙකුගේ ඥාතියෙක්ද සිටින බවට කතා බහක් පැතිර ගියේ මේ අතරය. ඒ නිසා මේ සිද්ධියේ ඇත්ත යටපත් වනු ඇති බවට අතෘප්තියට පත් පාර්ශ්වයෙන් කතා බහක් පැතිර ගියේය. එහෙත් පොලීසිය ඒවා තරයේ ප‍්‍රතික්‍ෂේප කළේය.
‘‘ආදරය’’ නිසා මෙම තරුණයා ඝාතනය කළේ නම් එය මහ පොළොව නුහුල්ලන මහා අපරාධයකි. ‘‘ආදරය’’ හමුවේ ප‍්‍රාණඝාත කළ බොහෝ දෙනෙක් අද හිරගෙවල්වල මැරි මැරී ජීවත් වෙති. උඩවළවට නුදුරු ඇඹිලිපිටියේ තරුණයන් තිස්එක් දෙනෙක් දිවි පිදුවේද ‘‘ආදරය’’ නිසා බව ප‍්‍රසිද්ධ කතාවකි.
කිරිඇල්ලේ පාසල් සිසුවෙක් අදත් සිරබත් කන්නේ ‘‘ආදරය’’ හමුවේ අන්ධවීම හේතුවෙනි.
මේ අතර නව යෞවන වියට පා තබන පාසල් දරුවන්ගේ අවදිවන හැ`ගීම් පාලනය කරන්නට උපදේශන සේවාවන් පාසල් පද්ධතියෙන් පටන් ගත යුතු බව හසිත එරංගන සිසුවාගේ පාසලේ විදුහල්පති කොළඹගෙආර ආනන්‍ද හිමියෝ පෙන්වා දුන්හ.
මෙය ලියන මොහොතවනවිට හසිත එරංජනගේ ඝාතනය සම්බන්‍ධයෙන් මිරිස්වැල්පොත ගමේම පදිංචි දලූමුර ගමඇතිගේ ක‍්‍රිෂාන් මධුෂංක නමැති විසිඑක් හැවිරිදි ත‍්‍රිරෝද රියදුරා සහ ඩබ්ලිව්. ගයාන් මධුෂංක යන දාහත් හැවිරිදි වියේ පසුවන තරුණයා රිමාන්ඞ්බාරයේ පසුවෙයි. ඉතිරි දෙදෙනාද ප‍්‍රශ්න කිරීමෙන් පසු අධිකරණය හමුවට යොමු කෙරෙනු ඇත.