පොළොව යට පිහිටි ගුහාවකට ගිය ගමනක්


    25_SLT_P26 

 

ශ්‍රී ලංකාව ඉපැරණි මානව ශිෂ්ටාචාරයන්ට විවිධ අවස්ථාවල ලක්වුණු අතර ඒ හා එදවස බැඳි ජන ජීවියේ වැදගත් ස්ථානයක් උමං, ලෙන් හා ගුහාවලට හිමිවිය. නිවසක් වූ ඒවා පසු කලෙක රාජ යුද්ධවලදී රහසිගත ස්ථාන හා වටිනා දෑ සුරැුකිව තබන ගුප්ත ස්ථාන බවට පත්විය. පාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලිලෙන ආදී සරල ලෙන් හා ගුහා ලාංකේ5ය ඉතිහාසය තුළ වැදගත් තැනක් ගනියි. ඊට අමතරව ඌව පළාත යනු ගුහා හා උමංවලට ඉතා ප‍්‍රසිද්ධියක් උසුලන ප‍්‍රදේශයකි. අද වන තුරුත් අප දන්නා උමං රාශියට අමතරව තවමත් සොයා නොගත් උමං ඇති බව එම ප‍්‍රදේශවල ජනයාට පවා නොරහසකි. අද අපේ චාරිකාව දිවෙන්නේ ඓතිහාසික වටිනාකමක් පිළිබඳ කිසිදු පොතපතක සඳහනක් නොමැති  ඕපනායක ප‍්‍රදේශයේ කාලයාගේ ඇවෑමෙන් සැඟවී තිබෙන ඉපැරණි විශාල ලෙනක් සොයා යෑමය. එය අඳුරින්ම පිරී වනගත සැඟවුණු ‘ඇඳිරි ලෙන’ වේ.

 


රත්නපුර සිට බදුල්ල දක්වා දිවෙන ප‍්‍රධාන මාර්ගයේ  ඕපනායක ප‍්‍රදේශයේ එක්තරා හන්දියකදී ඔබට ‘කන්දේ පුරාණ රාජමහා විහාරය සහ මහා දේවාලය’ ලෙස සඳහන් නාම පුවරුවක් දක්නට ලැබේ. එම මාර්ගය ගැමි ජීවිතවල සෞන්දර්ය පෙන්වමින් එම විහාරය දෙසට දිවෙයි.  වාහන ඒ අසල නවතා කැලයට අවතීර්ණවී ගමන ඇරඹිය යුතුය. මේ ඈතින් පෙනෙන කන්ද ‘පෙට්ටිගල කන්ද’ යි. ඒ අවට සැඟවුණු ඇඳිරි ලෙන යනු වළගම්බා රජ සමය හා බැඳී ඇති බව ගම්වැසියෙකු අප සමඟ පවසන ලදී. මෙම වන පියස පවා අඳුරු ස්වභාවයක් ඇති තෙත් කලාපීය අඩවියකි. කැලෑ ගමන ආරම්භයේ පටන්ම අපට කූඩැල්ලන්ගේ ප‍්‍රහාරවලට ගොදුරු වීමට සිදුවිය. මෙතැන් සිට විටින් විට මැකී යන අඩි පාරක් තිබෙන නමුත් ශාක හා පඳුරුවල ව්‍යාප්තිය නිසා එය එපමණ පැහැදිලි නොවීය. මහා රූස්ස ගස් අතරින් තෙත, මඩ සහිත මාර්ගයේ පය තබන සැණින් එල්ලීමට බලා සිටින කූඩැල්ලන් දැක ගත හැකිය.


ලෙනට ඇතුල් වීමට තිබෙන ස්ථානය ඉතා කුඩා හා පටු ස්ථානයකි. වනය තුළින් එය සොයා ගැනීම පවා දුෂ්කර අපහසු කාර්යයක් බව ද ගම්වැසියන් අපට පවසන ලදී. කෙසේ  හෝ අප නඩය තනිවම එම ඉසව්ව සොයා යෑමට අදිටන් කර ගත්තේ අතරින් පතර සොයාගත් තොරතුරු අනුවය. කැලය තුළින් විනාඩි 30කද පමණ දුරක් පැමිණි අතර ගතට දැනෙන විඩාවද තරමක් වැඩිවිය. කුඩා දිය පහරක්ද අසුන් ගෙන ගිමන් හැරිය හැකි ගල් කුට්ටිද තිබුණු අතර වනය තුළින් නේක විධ සතුන්ගේ ශබ්ද ඇසෙන්නට විය. මාංශ භක්ෂක සතුන් පිළිබඳ තොරතුරක් නොලැබුණද සර්ප ගහණය තරමක් ඇති බව අපට දැනගැනීමට ලැබුණි. විටින් විට ගුවන ආරා නැග ඒ මේ අතර දුවන මීඳුම් සළු බොහොමයක් දැකගත හැකි අතර උදෑසනින්ම ගමන පටන්  ගත් නිසා පත‍්‍ර අතර රැුඳී ලස්සන පිනි බිංදු අපට දැකගත හැකි විය.


මෙම කැලෑ ගමන ඉතාමත් දුෂ්කරය. මේ වනවිට පැයකට ආසන්න කාලයක් අප කිලෝමීටර්  2කට වැඩි දුරක් ඇවිද්දෙමු. උමං කට සොයා ගැනීම ඉතාමත් අපහසු විය. මන්ද යත් එය ඉතා කුඩා හෙයිනි. කූඩැල්ලන් දෙකකුල්වල එල්ලී දණ හිස දක්වා පැමිණෙමින් තිබුණි. ඒ ඇසිල්ලෙන් අප ගමන හදිසියේ නැවතුනේ මාර්ගය හරහා ඇහැටුල්ලෙක් දැකීමෙනි. සුළු විෂ සර්පයෙකු වන කොළ පැහැති දණ්ඩක් බඳු මෙම සර්පයා බොහෝ විට ගස්වල ලැග සිටියි. මිනිසුන් ගමන් ගන්නා මාර්ගවල පිහිටි ගස්වල සැඟවී සිටින්නේ මිනිසුන්ගේ ඇස් මට්ටම අසලිනි. බොහෝ විට ඇස්මට්ටමින් සිටින මෙම සර්පයාට ඇහැටුල්ලා යැයි හඳුන්වයි. ඒ හැරුණු විට මෙම සර්පයා ඇස් උගුල්ලා දැමීමට නිරායාසයෙන් සෑදුණු සර්පයෙකු නොවේ. කෙසේ හෝ වනාන්තරයේ  හිමිකරුවෙකු වූ එම සර්පයා අපගේ මාර්ගයෙන් ඉවතට ගිය පසු අප නැවත ගමන පටන් ගත්තෙමු. පඳුරු, කැඞීගිය අතු රිකිලි හා ගස් මාර්ගය හරහා වැඞී තිබුණු හෙයින් ඒවා ඈත් මෑත් කොට අප ඉදිරියට ඇඳුනෙමු. සමහර ස්ථානවල විශාල මී වද දක්නට ලැබුණු අතර විටින් විට වන පියස සිසාරා මියුරු විහඟුන්ගේ හඬවල් රැව් පිළිරැුව් දුණි.

2


හෝරාවකුත් අඩක් ගිය පසු අප නිවැරදි ඉසව්වට පැමිණ තිබුණි. පොළව මත වේලී ගිය පත‍්‍ර බොහොමයක් තිබුණු අතර විශාල වැල් කිහිපයක් අවට ගස් මත දක්නට ලැබුණි. පුංචි ගල් දෙබොක්කාවක් අසල මීටර 5ක්  පමණ පහළට බැසීමට ඇති පුංචි ලෙන් දොර දක්නට ලැබුණි. ඒ අවට වසාගෙන ගස් වැවී තිබුණු නිසා ඒවාත් සුද්ධ කරමින්ම අප හා හා පුරා කියා ඇඳිරි ලෙනට අවතීර්ණ වීමු. අවතීර්ණ විමත් සමඟ අප ගෙන ආ විශාල විදුලි බල්බ දල්වනු ලැබීය. ඒ මන්දයත් තද අඳුරක් මෙම ලෙන තුළ තිබෙන හෙයිිනි. හිරු එළිය නොවැටෙන මෙම ලෙන පෙට්ටිගල කන්ද තුළ සැඟවී ඇත. මෙහි ඔබ එනවා නම් පැය 2ක් 3ක් දැල්විය හැකි එල්.ඊ.ඞී. විදුලි පන්දම් රැුගෙන ආ යුතුය. එලෙසම ශක්තිමත් හා නොලිස්සන පාවහන් යුගලක්ද පැළඳිය යුතුය. කෑලි කැපෙන අඳුර සමඟ ඇඳිරි ලෙනට ඇතුල් වූ අපව පිළිගනු ලැබුවේ විශාල ගෙම්බන් කිහිප දෙනෙකු විසිනි. ඔවුන් අපගේ අත්ල තරම් විශාල එවුන් විය.


ඇඳිරි ලෙනට ඇතුළු වූ පසු මද දුරක් යනවිට අවට අඳුරට එළිය යොමු කළ විට ඉතා විශාල අවකාශයක් දැකිය හැක. එය විශාල ශාලාවක් බඳුය. මිනිසුන් සියයකට වඩා සිටිය හැකි ඉඩක් එහි තිබේ. ඉහළින් පිහිටි ගල් කුට්ටි ඛාදනයට ලක්වී විවිධ හැඩතල මවා ඇත. වට පිටාවේ පැතිරුණු ගල් බිත්ති සියල්ලම එලෙසය. පොළොව පවා එලෙස සමතලා බිමකි. මෙතැනින් තව තවත් ඇතුළට යාම සඳහා ගල් බිත්තිවල සලකුණු සටහන් කොට තිබේ. දිගු වේලාවක් දැඩි දුෂ්කර වනගත  චාරිකාවක නියැලූණු නිසා අප දැඩි විඩාවකට පත්වී තිබුණු හෙයින් බිම වැතිරී ගිමන් හැරීමට පටන් ගත්තෙමු. එම නිසා අවට තිබූ දර, කොළ රොඩු රැුස්කර ගිනිමැලයක් ගසා ගත්තේ විදුලිය ඉතිරි කර ගැනීමට අවශ්‍ය නිසාය.

3

ලෙන ඇතුළේ හැටි මෙහෙමයි...

 


මද වේලාවක් ගිමන් හැරි පසු අප අවට හොඳින් නිරීක්‍ෂණය කළෙමු. මදක් නැවී ඉදිරියට යා යුතු පැතලි ගල් තලාවක් තිබේ. මේ අවට ගල් තලාව කිසිවෙකු විසින් කුරුටු ගා තිබුණි. එක් තැනක නාගයෙකුගේ වැනි රුවක් තිබුණි. මේවා හුදෙක් වර්තමානයේ මිනිසුන් විසින් අඳිනු ලැබූ ඒවාය. මං සලකුණු පවා ගල් තලාවේ ලොකු අකුරින් ලියා තිබුණි. මෙම ඇඳිරි ලෙන මීට වසර පහකට පමණ පෙර දේශීය සංචාරකයන් විටින් විට ආගිය තැනකි. නමුත් පසුගිය වසර ගණන තුළ මෙය සංචාරකයන් පවා පැමිණීම නැත්තටම නැතිවී ගොසිනි. ඒ වනගත දුෂ්කරතාවයත්, ලෙන සොයා ගැනීමේ අපහසුතාවයත් නිසාය. කෙසේ හෝ කෑලි කැපෙන අඳුර විනිවිද යමින් අපි ඉදිරියටම ගමන් කළෙමු. විටෙක තවත් කුඩා හිස් අවකාශ තිබුණු අතර කැඞී ගිය ගල්  පතුරු තැන් තැන්වල තිබුණි. වවුලන් බොහෝමයක් දක්නට නොලැබුණද සමහර ස්ථානවල විවිධ වසුරු දක්නට ලැබුණි. ඇතැම් විට මෙම කාලයේ සුලභව සැරි සරණ පොළොඟුන්, පලා පොළඟා, කුණකටුවා වැනි විෂඝෝර සර්පයන්ගේ වාසස්ථාන මේ විය හැකිය.


එක්තරා අවස්ථාවකදී අපට හොඳටෝම නැවී රිංගා යා යුතු ස්ථාන තිබුණි. ඉහළින් පිහිටි ගල් බිත්ති හුණු ගල් බිත්ති වලින් පහළට නෙරා ආ උල් පතුරු වැනි හිරි ළඹ විය. මෙහි ඇතුළේ මීටර් 500කට වඩා අප ගියෙමු. ගැමි ජනවහර අනුව මෙම උමඟ ආදී රජකාලේ වස්තුව සඟවා තැබූ සේම යුද උපක‍්‍රම ලෙස පාවිච්චි කළ ස්ථානයක් නිසා මෙහි පිටවුමක් වෙනත් ස්ථානයකින් ඇති බවයි. නමුත් මෙම ඇඳිරි ලෙන මිනිස් සංචරණයෙන් බැහැර වූ හුදෙකලා ස්ථානයක් නිසා එහි ආ ගිය පුද්ගලයෙකු අපට සොයාගත නොහැකි විය. මෙම පරිසරය පවා තරමක් බිය උපදවන සුළු හෙයින් මෙය නැරඹීමට අවට ගම්වැසියක් පවා තවම පැමිණ නැත.


තවත් ඉදිරියට යාමේදී ඇතැම් ගල් බිත්ති අතර විශාල කුහර දක්නට ලැබුණි. ඒවා තුළින් රිංගා යෑමට අප කිසිවෙකුට හැකියාවක් නම් නැත. සමහර තැන් තැන්වල කළු ගල් කැබලි දක්නට ලැබුණි. කහ පාටින් මං සලකූණු බොහෝ ස්ථාන වල තිබුණි. එය අපට හොඳ කි‍්‍රියාවක් ලෙස අනුමත කළ නොහැක. මන්ද එම ස්වභාව සෞන්දර්ය අපවිත‍්‍රවී අවලස්සන වී තිබුණු නිසාවෙනි. සමහර ස්ථානවල තරමක පල්ලම් බැසීම් දක්නට ලැබුණි. කෙසේ හෝ ගුප්ත ගල් ගුහාවක අප තනිවී ඇත. සිව් කොනම කෙළවර කට්ට කළුවර පමණි. මෙම ලෙනේ තව තවත් ඇතුළට ගියෙමු. කිසිම විටෙක ස්වසන අපහසුවක් අපට නොදැනුණු නමුත් සමහර අවස්ථාවල දුර්ගන්ධයක් දැනුණි. තවත් ඉදිරියට යාමේදී ඉහළින් පිහිටි ගල් පර්වත රතු පාෂාණයන් දක්නට ලැබුණි. මිනිසුන්ට නිදහසේ රාත‍්‍රිය ගත කළ හැකි ස්ථාන බොහොමයක් මෙහි දක්නට ලැබුණි. දහසකට වුව මෙම සමස්ථ ඇඳිරිලෙන තුළ රාත‍්‍රිය ගත කළ හැකි. කි.මි. 1ක් පමණ අප විවිධ ඉසව් වලින් තව තවත් ඇතුළටම ගමන් කළෙමු.

1


සමහර ස්ථානවල නිදාගත හැකි යහනක් ලෙස ස්වභාවිකව සෑදුණු ගල් තලා තිබුණි. උල් ගල් කැබලිද දක්නට ලැබුණි. විවිධ අඳුරු වර්ණ වලින් යුත් ගල් බිත්ති දසතම තිබුණි. වැලි ගොඩවල් පවා මේ ඇතුළේ දක්නට ලැබුණි. සමහර ස්ථානවල මීටර 50ක්, 100ක් අප ගමන් කළේ දෑතද පොළවට තබමින් නැවීගෙනය. විශාල කන්දක ස්වභාවිකව කි.මීටර 2කට වැඩි ප‍්‍රදේශයක පැතුරුණු මෙම ඇඳිරිලෙන විශ්මයජනක නිර්මාණයකි. මෙහි කිසිම ස්ථානයක මිනිස් ශ‍්‍රමයෙන් කැපූ ගල් බිත්ති දක්නට නොලැබුණි. කාලාන්තරයක් මුළුල්ලේ ඛාදනය වී දියවී පිවිසුම් මාර්ග සෑදී තිබුණි. සැබැවින්ම මෙහි ගමන් කිරීම බොහෝ දුෂ්කරය.


මේ වන විට පැය දෙකකට ආසන්න කාලයක් අපි මෙහි ඇවිද ගොස් ඇත. බොහෝ දුර ගමන් ගත්තද හැම තැනකම අලූතින් යමක් දක්නට  ලැබුණු නිසා ගමන් විඩාවක් නොදැණුනි. එක්තරා ගල් තලාවකට පැමිණි අප ගිමන් හැර ආහාර අනුභව කළෙමු. මෙහි එන විට වතුර හොඳට රැුගෙන එන ලෙස මතක තබා ගන්න. මන්ද දැඩි පිපාසයක් හා දහදියක් දැනෙන හෙයිනි. මේ වන විට අප මිනිස් වාසයෙන් මිදී කි.මි. 6ක් පමණ දුරක් පැමිණ ඇත. එයිනුත් සෑහෙන දුරක් අත්හැර දමනු ලැබූ කැලයෙන් වැසී තිබෙන ලෙනක් ඇතුළේ අප සිටින්නෙමු. මෙතෙක් අපගේ සංචාරවලට වඩා වෙනස්ම වූ පොළව යටට ගිය ගමනත් මෙය වේ.

9988

අපේ නඩය


කෙසේ හෝ යා හැකි උපරිම දුර අප ගමන් කළෙමු. යා හැකි හැම මාර්ගයකින්ම අප අමාරුවෙන් වුව ගමන් කළෙමු. සමහර විට බිම තිබෙන ගල් පතුරුවලට අපගේ දෙපා සීරුනි. නැවී ගෙන ගමන් කරන විට හදිසියේ අමතක වීමෙන් හිස එසවීමේදී ගල් බිත්තිවල ඔලූව වැදුණි. ඒ සියලූම දුෂ්කරතා මැඩගෙන බොහෝ දුරක් ඇඳිරි ලෙන තුළ ගමන් කල අප කාලය සමඟ නැවත හැරී ඒමට ගමන් කළෙමු.


ආපසු එන මග තරමක් සොයා ගැනීම අපහසු වුවත් හැකි තාක් ඉක්මනින් අප ආවෙමු. මෙම ස්ථානයට අප ආ බව ගල් බිත්තිවල සටහන් කළේ නැත. මන්ද එලෙස නම් සටහන් මෙහි තැනින් තැන තිබුණ හෙයිනි. මෙවැනි ස්ථාන එවැනි විනාශයන්ගෙන් ආරක්‍ෂා කළ යුත්තේ ඔබ අපිමයි.  පැයකින් පමණ අපට උමං කට අසළට ඒමට හැකිවිය. අවසන් වරට අති විශාල ශාලාවක් බඳු ප‍්‍රදේශයේ ඡුායාරූප රැුගෙන නැවත වනයට පිවිසීමට සැරසුනෙමු. කාලයාගේ ඇවෑමෙන් සහ පැමිණීමේ දුෂ්කරතාවය නිසාත් ඓතිහාසික අගයක් නැතැයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සනාථ කළ නිසාත් මෙම ඇඳිරිලෙන කැලෑවැදී යට යමින් පවතියි. සිතා ගත නොහැකි කුඩා පිවිසුමකින් ඇතුළ්වී මහා විශාල කන්දක් ඇතුළේ විශාල ශාලා තිබීමත් කි.මි. කිහිපයක් දුරට පැතිරී තිබීමත් පුදුමය දනවන සුළුය.


ඇඳිරි ලෙන යනු සැබවින්ම කැලෑවැදීමට නොදී ආරක්‍ෂා කර ගත යුතු ස්ථානයකි. අතිශය දුෂ්කර ගමනක් සහිත මෙම සුවිශාල ලෙන බැලීමට ජනතාව යා යුතුය. මෙවැනි විශ්මිත ස්වභාවික නිර්මාණ දැකගත යුතුය. කෙසේ හෝ තවත් පැය එකහමාරක ගමනකින් පසු අප යතුරුපැදි කරා ආවේ එක එල්ලේ කිසිදු විවේකයක් නොනගමිනි. ලේ සුවඳට අපේ කකුල්වල එල්ලූණු කූූඩැල්ලන් මග හැරීමට අප සබන් භාවිතා කළේ ඇඳිරි ලෙන තුළදී වූ සීරීම් නිසාවෙනි.  ඕපනායක ගම් පියසේ පෙට්ටිගල කඳු වළල්ලේ සැගවුණු ඇඳරි ලෙන තුළ කෑලී කැපෙන අඳුරේ ගත කළ හෝරාගොන්න කාත් කවුරුත් නැති අඳුරු ලෝකයක අපි තනි වූවා සේ දැනුණි.


Travel in Sri Lanka - Sobasiri  මුහුණු පොත පිටුව සංචාරයට කැමති ඔබ සැමට ඇඳිරිලෙන නැරඹීමට යන ලෙස ආරාධනා කරන්නෙමු.

 

M