ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ චණ්ඩිකම්වල කෙළවරක් නැත. කුඩා දරුවකුට නම් වැරැද්කට දඬුවමක් කළ හැකිය. එහෙත් විවිධ නොපනත්කම් කරමින් ඇට්ටර වූ දේශපාලනඥයන් කරනු ලබන වැරැද්දට ප‍්‍රමාණවත් තරම් දඬුවමක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. එවැනි දඬුවම් ලැබෙනවා නම් මේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නින්දිත, පහත් වැඩ කි‍්‍රයාවල කෙළවරක් දැකිය හැකි වනු ඇත. අඩු වශයෙන් මේ මැරකම්වල අඩුවක්වත් දකින්නට හැකි විය යුතුය.පසුගිය වසරේ ජූනි මාසයේ සිට මේ දක්වා විවිධ චෝදනා මත නීතිය ඉදිරියට පැමිණවූ දේශපාලනඥයන් සංඛ්‍යාව 50කට ආසන්නය. මේ අතර ප‍්‍රාදේශීය සභා සභාපතිවරු 9, ප‍්‍රාදේශීය සභා උපසභාපතිවරයෙක්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු 25ක්, හිටපු සභාපතිවරු 3ක්, පළාත් සභා මන්ත‍්‍රීවරු දෙදෙනෙක්, නගර සභා මන්ත‍්‍රීවරයෙක් සිටිති.
මිනීමැරුම්, අල්ලස් ගැනීම්, පහරදීම්, ළමා අපයෝජන, චණ්ඩිකම් දැක්වීම, අල්ලස් ගැනීම යනාදී වශයෙන් මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ චෝදනා ලබා සිටිති.
දේශපාලනඥයන්ට මේ බලය ලැබෙන්නේ ජනතාව ලබා දෙන කතිරයෙනි. බලය ලබා ගත් පසු පිස්සු බල්ලන් මෙන් හැසිරෙන ඇතැම් දේශපාලනඥයන්ට හොඳ - නරක විනය සංවරකම මේ සියල්ලක්ම අමතකව යාම සිදුවන බවක් පෙනෙන්නට ඇත.
බලයට පෙර නිවට ස්වරූපයෙන් සිටි බොහොමයක් ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ බලය ලැබීමෙන් පසු චණ්ඩින් බවට පත්වෙති. බලයත් සමග ලබාගන්නා මෙම චණ්ඩිකම් කිරීමට කිසිදු චකිතයක්, හිරිකිතයක් නොදක්වති.
ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ගණනාවක් අතින් සිදුවී ඇති මැරකම් දෙස බැලීමේදී ඒ බව තහවුරු වෙයි.
තංගල්ල හා අකුරැුස්ස ප‍්‍රාදේශීය දේශපාලනඥයන් දෙදෙනෙක් ළමා අපචාරවල යෙදීම, තංගල්ල මැඩිල්ල ප‍්‍රදේශයේදී බි‍්‍රතාන්‍ය ජාතිකයෙක් ඝාතනය කිරීම, රුසියානු ජාතික තරුණියකට බරපතළ තුවාල සිදු කිරීම, ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් පල්ලම පොලිසියට කඩාවැදී අත්අඩංගුවට ගෙන තිබූ ටිපර් රථ දෙකක් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ දැරීම, කහවත්ත කොටකෙතන ද්විත්ව ඝාතනයන් පිළිබඳ චෝදනා ලැබීම, මොරටුව මැටිගහතැන්න විමලවංශ හිමියන් ඝාතනය කිරීම, ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ලබා ඇති චෝදනා අතර වෙයි.
අද සටහන් කිරීමට බලාපොරොත්තු වන්නේ ඉතාම මෑතකදී ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ට චෝදනා එල්ල වූ සිදුවීම කීපයක් පිළිබඳ සඳහන් කිරීමය.
තබ්බෝවේ වාරිමාර්ග ක්ෂේත‍්‍ර සහකාරවරයකුට පහරදෙල ලදැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතාට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ආරම්භ වී ඇත.
කරුවලගස්වැව වාරිමාර්ග කාර්යාලයට ගොස් ක්ෂේත‍්‍ර සහකාරවරයාගෙන් දුරකතන අංක කිහිපයක් ගැන විමසා ඇති අතර, ඒවා තමා නොදන්නා බව ක්ෂේත‍්‍ර සහකාරවරයා පැවසූ විට සභාපතිවරයා ඔහුට පහර දුන් බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
තබ්බෝව වාරිමාර්ග ව්‍යාපෘතියේ සේවය අවසන් කර වාරිමාර්ග ක්ෂේත‍්‍ර නේවාසිකාගාරයේ සිටින විට එහි පැමිණි කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට පහර දුන් බව මෙම පහර කෑමට ලක්වූ මධුසංඛ සුපුන් දිසානායක මහතා පොලිසියට පැමිණිලි කර තිබිණි.
බීමතින් සිටි සභාපතිවරයා දුරකථන අංකයක් විමසා ඇති අතර, එය නොදන්නා බව ප‍්‍රකාශ කළ නිසා තමන්ට පහර දුන් බවද දිසානායක මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වී ඇති බව වාර්තාවේ.
සිද්ධියට අදාළ සභාපතිවරයා ලබන 23 වැනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කර ඇත.
තවත් චෝදනාවක් ලබා සිටින ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වූයේ මීගමුව නගර සභාවේ නගරාධිපති ඇන්ටන් ජයවීර මහතාය. යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයකු හප්පා මෝටර් රථයකින් පළා යමින් සිටි බව කියන මෙම නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් සැරයන්වරයකුට අසභ්‍ය වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කළ බවට චෝදනා ඇත.
මෙම නගරාධිපතිවරයා පොලිස් සැරයන්වරයාගේ නිල ඇඳුමෙන් ඇදගෙන පොලිස් අධිකාරි භූමිය දක්වා ගොස් ඇති බවද චෝදනා එල්ල වේ.
නගරාධිපතිවරයා තමන්ගේ නිල ඇඳුමෙන් ඇද පහර දීමට තැත්කර රාජකාරියට බාධා කරන ලදැයි අදාළ පොලිස් සැරයන්වරයා මීගමුව පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇති බව සඳහන් වේ.
බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගන්නා ලදැයි කියනු ලබන සිද්ධියක් පිළිබඳ චෝදනා මත වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඞී.යූ. පි‍්‍රයංග අතුකෝරල ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ තබා ඇත.
කරුවලගස්වැව, වළල්ලාවිට හා මීගමුව ප‍්‍රාදේශීය දේශපාලනඥයන් තිදෙනා පසුගිය මාසය තුළ චෝදනා ලැබූවන් වෙති. ඒ ඉතාම මෑතකදීය.
කෑගල්ල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ගාමන් පතිරණ මහතා විසින් කෑගල්ල පරගම්මන ධර්මපාල කනිටු විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහර දුන් බවට චෝදනා ලබා ඇත.
රත්නපුර නගරයේ රථවාහන රාජකාරි සිදුකරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහරදී ඔහුගේ මුහුණ සපා කා ඇති බවට නියෝජ්‍ය නගරාධිපති නිලන්ත රෝෂා මහතා චෝදනා ලබා සිටියි.
හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක් ධාවනය කිරීම සම්බන්ධ ප‍්‍රශ්නයක් මුල් කරගෙන ඇතිවූ බහින් බස්වීම ගැටුමක් බවට පත්වී දෙදෙනා බිම පෙරළෙමින් පහරදීම් සිදු කර ඇති බව වාර්තා වේ.
ආපන ශාලාවක හිමිකරුවකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර මූලස්ථාන පොලිසිය මගින් අම්පාර නගර සභාපති ඉන්දික නලීන් ජයවික‍්‍රම මහතාට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන ඇත.
සභාපතිවරයාගේ හිතවතෙක් හා ආපනශාලා හිමිකරුවෙක් අතර ඇතිවූ බහින්බස් වීමක් මුල් කර ගනිමින් මෙම පහරදීම කර ඇති බව පොලිසියට පැමිණිලි කර තිබිණි.
මේ සඳහන් කරනු ලැබුවේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ මැරකම් කීපයක් පමණක් පිළිබඳ චෝදනාය. මේ චෝදනා බොහොමයක් මේ වන විට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී.
අද දේශපාලනය තුළ සිදුවන්නේ ”අලි යන කපොලූ තිබියදී කූඹි යන ගුල් වැසීමය”. දේශපාලනඥයන්ගේ මැර කි‍්‍රයාවල අවසානයක්ද නැත. එක් අයෙක් කරන වැරැුද්දකින් අනෙක් අය පාඩම් ඉගෙන ගන්නේද නැත. දේශපාලන පක්ෂ විසින් මැතිවරණවලට නාමයෝජනා බාරදීමේදී ඔවුන්ගේ හැදියාව ගැන සොයා බැලීමක්ද නැත. අපේ ජනතාව මේ පුද්ගලයන් පිළිබඳ තීන්දු ගැනීමේ කාලය දැන් එළඹී ඇත.
දයාසීලි ලියනගේ