බින් ලාඩන් නිවෙසේ සිටිනු අහසේ සිට දකියි


මෙහෙයුම සිදුවන කාලයේදි බින්ලාඩන් හැඳින්වීමට ජෙරනිමෝ යන නම යොදා ගැනීමට සියලූ දෙනාම තීරණය කළහ.

දෙවැනි හෙලිකොප්ටරය පරිශ‍්‍රයට උතුරින් පුද්ගලයන් පස් දෙනකු ගොඩබැස්සවිය යුතුය. ඔවුන් බාහිරින් යම් ප‍්‍රහාරයක් එල්ලවන්නේ නම් එය මැඩපැවැත්වීමට කටයුතු කරනු ඇත. පුහුණු කළ බල්ලෙක් සහ තවත් දෙදෙනෙක් පරිශ‍්‍රයේ පිටත සංචාරයේ යෙදෙනු ඇත. ඔවුන්ගේ වගකීම වන්නේ පරිශ‍්‍රය තුළ කුමක් වන්නේදැයි පරීක්ෂා කිරීම සහ දේශීය පොලීසිය සම`ග අවශ්‍ය වුවහොත් ගනුදෙනු කිරීමයි.

මෙහිදී හඳුන්වාදුන් එක්ස්  (x) මැති ස්ථානයට ගුවනින් යාමට මෙහෙයුමට සම්බන්ධ කිසිවෙකුත් කැමැත්තක් දැක්වූයේ නැත.

‘‘මේ ස්ථානයට ගොඩ බැසීමට වඩා වෙනත් ස්ථානයකට ගොඩබැහැලා අදාළ ස්ථානයට පා ගමනින් යා යුතුයැයි අපිට දැනෙන්නට වුණා. නමුත් ස්නයිපර් කණ්ඩායම් හා මා චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂාකළ විට හොඳින්ම පෙනීගිය කරුණක් වුණේ එම ප‍්‍රදේශයේ සිටින ජනගහණය හා නිවසේ පිහිටීම අනුව එක්ස් නමැති ස්ථානයට ගොඩබැසිම වඩාත් ආරක්ෂිත බවයි. නමුත් මගේ අදහස වූයේ මෙය වඩාත් ආරක්ෂිත පියවරක් නොව අනතුරුදායක අවස්ථා දෙකකින් වඩාත් හොඳ අවස්ථාව තෝරාගැනීමක් බවයි. අපට ලබාදුන් එක්ස් නමැති ස්ථානයට ගොඩ බැසීමේදී යම් අවස්ථාවක සියුම් හෝ වරදක් සිදුවුවහොත් එයින් සතුරා අප ගැන වඩාත් ඉක්මනින් දැනුම්වත් කරන්නක් ද වනු ඇත.

එක් එක් කණ්ඩායම් තමන්ට පැවරුණු කර්තව්‍යය ඉටු කිරිම සඳහා වෙන වෙනම සැලසුම් සකස් කරන්නට විය. මාර්ක්  ඕවන්ගේ කණ්ඩායමේ ස්නයිපර් කරුවන් දෙදෙනකු හෙලිකොප්ටරයේ දොරවල් අසළ රැුඳී සිටීමට සාකච්ඡා කළහ. කඹ ආධාරයෙන් පහතට බසින විට ප‍්‍රහාරයට ලක් නොවීම ද එහි අරමුණක් විය.

මෙහිදි ප‍්‍රධානතම කණ්ඩායම්වල අරමුණ වූයේ තමන්ට අවශ්‍ය කරනු ලබන සියළුම උපකරණ සපයාගෙන අවසන් බව තහවුරු කැර ගැනීමයි. මෙහෙයුම අතරතුර තමන්ට යම් උපකරණයක් අවශ්‍ය වුවහොත් එය වෙනත් කණ්ඩායමකින් ඉල්ලීමට කිසිවෙකුත් කැමැත්තක් දැක්වූයේ නැත.

බුද්ධිමය තොරතුරු අපවෙත සැපයීම සඳහා එක්වූයේ බුද්ධි අංශයේ කාන්තාවකි. අවුරුදු 30 ක පමණ වයසේ පසුවූ ඇය චන්ද්‍රිකා ඡායාරූප අනුසාරයෙන් හා සිතියම් භාවිතයෙන් අපට අවශ්‍ය වූ සෑම තොරතුරක්ම ලබා දීමට සමත්වූවාය.

‘‘ඇය බින්ලාඩන් සිටින ස්ථානය පිළිබඳ උපරිම දැනුම්වත් භාවයකින් පසුවූවාය. අප අසන  ඕනෑම දෙයක් ගැන ඇයට පැහැදිලි කිරීමේ හැකියාව තිබිණි. ඇය ඒ තරමට ම එම ස්ථානය අධ්‍යයනය කර තිබිණි. බින්ලාඩන්ගේ නිවසේ දොරක් පිළිබඳ මට ගැටලූවක් තිබිණි. ඒ දොර විවෘත වන්නේ එළියට ද ඇතුළට ද යන්න පිළිබඳව මම ඇගෙන් විමසූවෙමි. ඇය විනාඩියක් පමණ කාලයක් ඇතුළත මට කියූ දෙයින් ඇගේ දැනුම ගැන මම විස්මයට පත්වීමි. ඇය පැවසුවේ පිටතට විවෘතවන ලෝහ දොරවල් දෙකක් එහි ඇති බවයි.

පුරා සතියක් මෙහෙයුම් මැදිරිය මූලික  කරගනිමින් ඔවුන්ගේ කාලය ගත වී ගියේය. බින්ලාඩන් සැරි සරන්නේ කොහේද ? පරිශ‍්‍රයේ ජීවත් වන අනෙක් පිරිස කවුරුන්ද ? කුමන ගේට්ටු හා දොර අගුල් දමා තිබෙනවා ද ? ඔවුන් සාමාන්‍ය රථ වාහන නවත්වන්නේ කුමන ස්ථානයක ද ? යන සියලූ දේ පිළිබඳ අවශ්‍ය පිළිතුරු සියල්ල බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ලැබිණි. ඒ කිසිවක් ගැන විචිකිච්ඡාවක් තිබුණේ නැත.

මාර්ක් ඇතුළු පිරිස එලෙස සැලසුම් සකස් කළ ද මෙවැනි මෙහෙයුමක් සඳහා වොෂිංටනයේ අවසරය ලැබී තිබුණේ නැත. ජනාධිපති ඔබාමා සහ ඔහුගේ උපදේශකවරු වඩාත් සාර්ථක කි‍්‍රයාමාර්ග කුමක් ද යන්න පිළිබඳ සාකච්ඡා කරමින් පසුවූ බව මාර්ක් දැන සිටියේය. ඔවුන්ට ලැබී තිබූ එකම අවසරය වූයේ ප‍්‍රහාරයකට සැලසුම් සකස් කිරීම හා පුහුණු වීමේ අවකාශය පමණි.

ධවල මන්දිරය වැඩි කැමැත්තක් දක්වා තිබුණේ ගුවනින් එල්ලකරන දැවැන්ත ප‍්‍රහාරයක් මගින් අදාළ නිවස සුණු විසුණු කැර දැමීමයි. මේ සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කෙරුණි.

ගොඩබිම සිදුවන සටනකට වඩා ගුවනින් එල්ල කරන හදිසි ප‍්‍රහාරයකින් පකිස්ථානයේ ස්වෛරීභාවයට අවම හානියක් සිදුවනවා යැයි යන මතයේ පසුවූ ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් එවැනි ප‍්‍රහාරයකට සහාය දක්වන්නට වූවේය.

බොහෝ දෙනකුගේ මතය වූයේ ගුවනින් එල්ලකරන ප‍්‍රහාරයකින් විනාශ කරනු ලැබුවේ බින්ලාඩන් බවටම තහවුරු කළ නොහැකි බවයි. මෙම ස්ථානයේ භූගත බංකර් පද්ධතියක් පැවතියහොත් අඩි 30 ක් දක්වා පොළොව යටට විනාශ කිරීමටනම් කිලෝ 1000 ක පමණ බරින් යුතු බෝම්බ 30 ට වැඩි ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. එවැනි පිපිරීමක් සිදුකරන අවස්ථාවකදී බාහිරයට සිදුවන හානිය ද අතිශය විශාල බව කිවයුතු නැත. මෙවැනි විනාශයකින් පසු බින්ලාඩන් හෝ ඔහු සම්බන්ධ කිසිදු තොරතුරක් හඳුනාගත නොහැකි වන බැවින් බින්ලාඩන් මියගොස් ඇති බව ඔහුගේ අනුගාමිකයන් කිසිසේත්ම පිළිගන්නේ නැත.
දින කිහිපයකට පසු මෙහෙයුම් කණ්ඩායමට ඉතාමත්ම වැදගත් පැය කිහිපයක් උදා වූවේය. ඒ බින්ලාඩන් දැක ගැනීමේ අවස්ථාවයි. ගුවනේ සිට තොරතුරු ගවේෂණය කරන ඩ්‍රෝන යාත‍්‍රාවකින් ලැබෙන රූප රාමු පරිගණක තිරය මත සටහන්වෙයි. එය තරමක් අපහැදිලිය. කළු සුදු දර්ශන පෙළක් පමණක් දිස්වේ. කුහුඹුවකුගේ ප‍්‍රමාණයට පෙනෙන මිනිස් රුව බින්ලාඩන් බව සඳහන් කැරුණි. දින කිහිපයක්ම මේ දර්ශන අධ්‍යයනයට ලක්විය. පෙර දිනයේ දුටු දර්ශනවලට වඩා වෙනත් දෙයක් හදිසියේම මේ දර්ශන වල සටහන්ව තිබේ. ඒ හෙලිකොප්ටර් යානයකි. එය පකිස්තානයේ හමුදා පුහුණු පාසලකින් ගුවන්ගත කරන්නක් බව විශ්ලේෂකයෝ කියා සිටියහ.

පසෙකින් හෙලිකොප්ටර් යානය තිබේ. බින් ලාඩන් අපට  කුුහුඹුවකුගේ ප‍්‍රමාණයට දර්ශනය වෙමින් තිබේ. තවත් මොහොතකින් ඔහු දිවගොස් වාහනයකට නැග පලායනු ඇතැයි මාර්ක් ඇතුළු පිරිසගේ විශ්වාසය විය. නමුත් එවැන්නක් සිදුවූයේ නැත. බින්ලාඩන්ගේ නිවසේ සිටින කිසිවෙකුත් හෙලිකොප්ටර් යානය ගැන අවධානයක් දක්වන බව පෙනෙන්නට නැත. එනම් ඔවුන්ට හෙලිකොප්ටර් යානයේ ශබ්දය ආගන්තුක නොවේ. අමුතු දෙයක් ද නොවේ.
‘‘වෙන්නේ මොකක් ද කියලා දැනගන්න කලින් අපිට පහසුවෙන්ම මෙතැනට ඇතුළු වෙන්න පුළුවන්. එයාලා අපේ හෙලිකොප්ටර ශබ්දය ඇසුනත් ඒ ගැන වැඩිය හිතන එකක් නැහැ. ’’ යැයි චාලි කීවේය.

 

 


ලාඩන්ට පහරදෙන පුහුණුව ඇමෙරිකාවේ වනෝද්‍යානයක
මෙහෙයුමේ මී ළ`ග අදියර වූයේ පුහුණුවයි. උතුරු කැරොලිනාවේ කේතුධර වනයේ අපගේ පුහුණුවීම් ආරම්භ විය. මෙහෙයුමට යොදා ගන්නා ආකාරයේම හෙලිකොප්ටර් යානාවල නැගුණු අප කණ්ඩායම එහි යනවිට. බින්ලාඩන් සැ`ගවී සිටින නිවසට සමාන වූ නිවසක් එතැන ගොඩනගා තිබිණි. බින්ලාඩන් නිවස වටා ඇති ගස් පවා ඒ ආකාරයටම සකස් කැර තිබේ. තුනී ලෑලි සහ පැරණි කන්ටේනර් යොදා සකසා තිබූ මේ නිවස ආසන්නයේ ඒ අවට ඇති අර්තාපල් පාත්ති පවා පිළියෙල කැර තිබීම විශේෂත්වයකි.

මේ පරිශ‍්‍රය ආසන්නයට පැමිණි වහාම කඹයක ආධාරයෙන් හෙලිකොප්ටරයෙන් බැසගත් මම හැකි ඉක්මනින් අදාළ පරිශ‍්‍රයේ සී 1 යනුවෙන් නම් කළ තැන පිහිටි දොරවල් වෙත දිව ගියෙමි. කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ ද තම තමන්ගේ ඉලක්ක අනුව ස්ථානගත වූහ. ඉහළ ඇති හෙලිකොප්ටරයේ එන්ජිමේ හ`ඩ පරයා කතා කිරීම ඉතාමත්ම අපහසුය. දින තුනක් මේ ආකාරයට පුහුණු වෙද්දී අපට කතා කිරීමේ අවශ්‍යතාවක් ඇති වූයේ නැත. අප විසින් කළ යුතු කාර්යය ඇට මස් ලේ නහර දක්වාම ගබඩා වී තිබේ. විටින් විට ඇසුණු එකම ශබ්දය වූයේ රේඩියෝ සන්නිවේදන උපකරණ මගින් විටින් විට ලබාදෙන ඉතිරිව ඇති කාලය ගැන සිහිපත් කිරීම පමණි.

මේ ලබාගන්නා පුහුණුව මෙහෙයුම් කණ්ඩායමට තවදුරටත් අවශ්‍ය පුහුණුවක් වූයේ නැත. ඉතාමත්ම පළපුරුදු අත්දැකීම් සපිරි සහ කාර්යක්ෂම සෙබළුන්ගෙ සමන්විත මේ කණ්ඩායම මෙවැනි මෙහෙයුම් 100 ට වැඩි සංඛ්‍යාවකට සහභාගී වි සිටියහ. මුලින් ඔවුන්ගේ අදහස වූයේ මෙය අනෙකුත් මෙහෙයුම්වලට වඩා විශේෂත්වයක් ගන්නා මෙහෙයුමක් වනු ඇති බවයි. නමුත් ටිකෙන් ටික අදහස වූයේ ඔසාමා බින්ලාඩන් අල්ලාගන්නා මෙහෙයුම ද තමන් සිදුකළ තවත් එක් මෙහෙයුමක් පමණක්ම වනු ඇති බවයි. මේ පුහුණුව තමන්ට මෙහෙයුම සිදුකිරීමේ හැකියාව පිළිබඳ ධවල මන්දිරයට කරුණු දැක්වීමේ සංදර්ශනයක් පමණක් විය. කණ්ඩායම ඒ තරමටම මෙහෙයුම සඳහා ලක ලැහැස්ති වී සිටියේය.

මාර්ක් පවසන්නේ විමර්ශන කණ්ඩායම තමන් ඇතුළු කණ්ඩායම විමසන යමකට හෝ ඉල්ලා සිටින දෙයක් වෙනුවෙන් හෝ ඇයි යන ප‍්‍රශ්නය නොවිමසූ අතර කිසිම අවස්ථාවක බැහැ යන පිළිතුර ද ඉදිරිපත් නොකළ බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි.

‘‘කිසිදු පැකිලීමකින් හෝ ප‍්‍රමාදයකින් තොරව අපගේ සියලූම ඉල්ලීම් ඉටු කිරීමට ඔවුහු වගබලාගත්හ. අපට ද මින් පෙර මෙවන් කිසිදු අවස්ථාවක මෙවන් සැළකිල්ලක් ලැබී තිබුණේ නැත. ඇෆ්ගනිස්ථානයේ දී ලැබුණු කටුක අත්දැකීම් හා සැසදු කළ මෙය ඉතාමත්ම සතුටුදායක අත්දැකීමක් වූයේය’’

පුහුණුවීම් අතරතුරදී දිනක් මාර්ක්ට ගැටලූවක් මතුවූවේය. ඒ අහමඞ් අල්තුවායට් අවි වලින් සන්නද්ධව හෝ මරාගෙන මැරෙන ඇඳුමකින් සැරසී සිටියහොත් කුමක් වේද යන්නයි. සැබැවින්ම බින්ලාඩන් හා අනෙක් අයට ද නැවත පහරදීමේ හැකියාව තිබේ.

අවසන් පුහුණුවත් අවසන් විය. පුහුණුව සම්බන්ධ ලිපිගොනු ඉදිරි සඳුදා ලැබෙන බව ජේ දැනුම් දීමත් සමගම මාර්ක් එක් අතක් ඔසවා ප‍්‍රශ්න කළේ මෙහෙයුම සඳහා අදාළ අවසරය ලැබී ඇත්ද යන්නයි.

‘‘නැහැ. තවමත් මෙහෙයුම සම්බන්ධයෙන් වොෂිංටනයෙන් පිළිතුරක් ලැබෙන තුරු සිටිනවා.’’ ජේ දුන් පිළිතුරෙන් මාර්ක් ඇතුළු කණ්ඩායමේ තිබුණු උනන්දුව උද්යෝගය පිරිහි ගියේය.

මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්පූර්ණ කණ්ඩායම සහ සියලූම සැළසුම් කරන්නන් එක්ව සිටිති. ඒ අතර අති විශේෂිත පුද්ගලයකු ද සිටියි. ඒකාබද්ධ කණ්ඩායම් නායක අද්මිරාල් මයික් මුලන් විශේෂ කි‍්‍රයාන්විත ඒකකයේ අණ දෙන නිලධාරී අද්මිරාල් එරික්  ඕල්සන් ද ඒ අතර වූයේය. ඔවුන් කි‍්‍රයාන්විතය සම්බන්ධයෙන් අහන සියළු දේට පිළිතුරු දීමට අපට සිදුව තිබිණි. වැඩිපුරම ගැටලූ මතුවූයේ පරිශ‍්‍රය වටා ආරක්ෂාවට යොදන භටයන් හා ඔවුන්ගේ ක‍්‍රියාවන් පිළිබඳවය.

රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නීතීඥයන් සඳහන් කළේ මෙය මිනී මැරුමක් නොවන බවත් ඔහු නිරායුධව දෑත් ඔසවාගෙන යටත් වේනම් කිසිවිටක ආයුධ කි‍්‍රයාත්මක නොකරන ලෙසත්ය. තවදුරටත් කරුණු දැක්වූ ඔවුන් කියා සිටියේ අපට අදාළ කර්තව්‍යය සිදුකරන අයුරු කියා දීමට තමන් උත්සාහ නොකරන බවයි. නමුත් ගැටලූ ඇති කර නොගන්නා ලෙසත් කියා සිටීමට ඔහු අමතක කළේ නැත.

ඉන් පසු තවත් පුහුණුවක් සිදුකැරුනි. එය සිදුවූයේ නම් කරන ලද නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදීය. එහිදී ද කිසිදු ගැටලූවක් මතුවූයේ නැත. නමුත් එය අවසානයේ වඩාත් අපහසුම හා දීර්ඝතම ලෙස දැනෙන්නා වූ කාලය උදාවිය. ඒ මෙහෙයුම කි‍්‍රයාත්මක කරන ලෙස ඉහළින් අණ ලැබෙන තෙක් නිහ`ඩව බලා සිටීමට සිදුවීමයි.

 


(විශේෂ ස්තූතිය: ජ්‍යෙෂ්ඨ නීතීඥ හේමන්ත සිටුගේ මහතාට)

 

ඔසාමා ඇල්ලූ රහසිගත මෙහෙයුම