කාමරාගය නැමති සිතුවිල්ල විසින් පුද්ගලයා මානසික වශයෙන් වරදට පමුණුවනු ලබයි. නමුත් සමාජ ගුණධර්ම, සාරධර්ම, හර ධර්ම විසින් එකී තත්ත්වය කායික වරදක් බවට පත්නොකරනු ලබන අවස්ථා තිබේ. නමුත් මානසික වූ සිතිවිල්ල වඩාත් ප‍්‍රබල වුවහොත් සිතුවිල්ල වඩාත් ප‍්‍රබල වන්නේ නැවත නැවතද එයම සිතන්නට යාමෙනි. එබඳු අවස්ථාවල සමාජ ගුණධර්ම පවා අමතක කරදමා තම සාවද්‍ය සිතුවිල්ලම ජයග‍්‍රහණය කරවීමට පුද්ගල මනස පෙළඹෙයි. එබදු අවස්ථාවල මනස වාචසික බවෙහිද එනම් මුඛයෙහිද සහය ස්වකීය අරමුණු සාධනය කර ගැනීම සඳහා ලබා ගනියි. වචනයෙන් යම් යම් උපක‍්‍රම කරයි. ඒ සිය අරමුණ ජයග‍්‍රහණය කරගැනීම සඳහාය. ඇතැම්විට සිය කයෙහිද උපකාරය ගනී. නොඑසේනම් කයද සිතුවිල්ලට අවනත කර ගනී. අකුසලය වාචසික හා කායික තත්ත්වය කරා එන්නේ අපිරිසිදු මානසික සිතුවිල්ල මනසෙහිම ඉවත්කර නොගත හොත් පමණි. අපිරිසිදු සිතුවිලි මනසට පැමිණීම සම්පූර්ණ ලෙසම නතර කර දැමීම කෙනෙකුට කළ හැක්කක් නොවන නමුත් එබඳු සිතුවිලි සිතන විට ඒ වර්ගයේ ඒවාම මනසට නැගෙන බව මැනවින් මතකයේ රඳවා ගත යුතුය. ඒ බව තමාගේ සිතට දැනුම් දිය යුතුය. අයහපත් සිතුවිල්ලක් මනසට පැමිණි පසු එහි අයහපත්බව තර්කානුකූලව කල්පනා කොට සිතුවිල්ල අයහපත් වීමට හේතුව දැන එය ඉවත් කර දැමිය යුතුය.
මනසට නැගුණු අයහපත් සිතුවිල්ල තර්කානුකූලව කල්පනා කොට මනසින් ඉවත්කර දැමිය යුතු වන්නේ එය එසේම පැවතුණහොත් එම සිතුවිල්ලම තවත් ගැඹුරු වෙනත් සිතුවිල්ලක් බවට පත්විය හැකි නිසාය. මනසෙහි කැමැත්ත නිසා මනසෙහි සිතුවිලි හටගනී. හටගත් සිතුවිල්ලට නැවත කැමති වෙයි. හැම සිතුවිල්ලකම ස්වභාවය මෙයයි. මනසෙහි ජනිතවන හැම සිතුවිල්ලක්ම ක‍්‍රියාවක් බවට පත් වන්නේ නැත. මනස තුළ ජනිත වන සිය දහසක් සිතුවිලි ඔහේ සිතෙහිම නැතිවී යයි. යම් සිතුවිල්ලක් මනසින් අල්ලා ගත හොත් එය මනසේ පවතී. ඇතැම්විට ඒවා තම සිතටත් හොරා නැතිවී යයි. දැඩිව අල්ලාගත් සිතුවිලි පමණක් ක‍්‍රියාවක් බවට පත් වෙයි. එය මිනිසා සංසාරයේ ඇද බැඳ තබන පිනක් හෝ පවක් හෝ බවට පත්වෙයි. එසේ රැුස් නොකරන යහපත් ක‍්‍රියා කුසල බවටද පත්වෙයි. නිවන් දැකීම සඳහා මිනිසාට අවශ්‍ය වන්නේ ඒවාය.
මනසෙහි පවතින අයහපත් සිතුවිල්ල කාලයක් තිබීම නිසා ඇතැම්විට පාපකාරී කෙනෙකු බවට පත්වෙයි. ඇතැම්විට එකී පාපකාරී ක‍්‍රියාවට වෙනත් කෙනෙකුද සම්බන්ධ කරගනු ලබන අවස්ථා තිබේ. සංසාරයේ පැවැත්ම සඳහා කාමය නැමති සිතුවිල්ල අත්‍යවශ්‍ය වුවද කාම රාගය මිනිස් සිත බොහෝ විට වරදට පොළඹවීමට සමත්ය. කාමරාගයක ද්වන්ධ විරාගී සහ චිප්ප විරාගී යනුවෙන් කොටස් දෙකකට මනොරථ පූර්ණී අටුවා පොතෙහි දක්වා තිබේ. චීප්ප විරාගී යනුවෙන් දක්වා ඇත්තේ රාගයෙහි තරමක් ඉක්මණින් දුරුකර ගත හැකි අවස්ථාවය. ඇත්තටම එම හැකියාව කෙනෙකුට ලැබෙන්නේ අවබෝධය හා හැකියාව මතය. ද්වන්ධ විරාගී යනු ආත්ම ගණනක් උත්සාහ කොට අවබෝධයෙන් දුරු කළ යුතු බවයි. ඒ සඳහා නිදසුන් කතාවක් එම පොතෙහිම දක්වා තිබේ.
එක්තරා තරුණයෙක් සිටියේය. හිරිමල් නව යෞවනය පසුකර පසු පැමිණි තරුණ වියේදී හේ සුදුසු ආවාහයක් කර ගත්තේය. දුර බැහැර රැුකියාවට යන සැමියා ගෙදර එන්නේ කලක් ගතවීය. ඔහු තම බිරිඳට බෙහෙවින් ඇලූම් කළේය. ආදරයෙන් සැලකුවේය. අවශ්‍ය හැම දෙයක්ම හැකි පමණින් ගෙනැවිත් දුන්නේය. ටික කලක් ගතවන විට පෙම්බර බිරිඳ සැමියාගේ සොහොයුරකු සමගද සම්බන්ධයක් පටන් ගත්තාය. ඒ බව සැමියා නොදත්තේය. සිද්ධිය සැමියාට අසුවේයයි බිරිඳ කල්පනා කළාය. ඈ ඒ සිතුවිල්ලම නැවත නැවතද සිතුවාය. ඉන් මිදීමට උපක‍්‍රම සිතුවාය. සැමියාට මෙය අරංචි වුවහොත් තම මරණය නියත යයි ඈ සිතුවාය. ඊට පෙර තමා ඉස්සර විය යුතු බව කල්පනා කළාය.
එක දවසක් මේ සිතුවිල්ල සිය හොර සැමියාටද කියා සිටියාය. -හැතිරිය තෝ වැනසිය. මෙබඳු පාපකාරී සිතුවිල්ලක් සිතීමට පවා පුළුවන්ද?” ඔහු විමසා සිටියේය. නමුත් නැවත නැවතද එයම කියන විට ඔහුද කැමති විය.
දවසක් සැමියා නිවසට පැමිණ ජලස්නානය කරා යාමට සූදානම් වූ විට ඒ සඳහා අවශ්‍ය කරන කළමනා සියල්ලූ ස්නේහ බවින් යුතුව වෙනදා මෙන් සකසා දුන් බිරිඳ, තම නිවසේ ප‍්‍රයොජනයට ගන්නා කැත්ත හොඳින් මැද තම සැමියා ජලස්නානය කොට ඇලෙන් ගොඩට එන විට මේ කැත්තෙන් බෙල්ලට ගසන්න යයි කියා සොර සැමියාට පැවරුවාය. ඔහුද එය එලෙසින්ම කළේය.
ඇගේ සැමියා බිරිඳ කෙරෙහි ඇතිකර ගත් පේ‍්‍රමයෙන්ම මරණයට පත්වූ නිසා ඇගේ නිවසේ ගැරඬියකු වී උපත ලැබුවේය. පෙර මතකය නිසාදෝ ගැරැුඬියා ඇය අසලම සිටීමට කැමතිය. ඇය නිදියන විටත් ඒ අසලින් නිසොල්මනේ දිග ඇදී සිටියි. ඇය කුස්සියේ වැඩ කරන විටත් ඒ අසලින් ඇදීගෙන යයි. ගැරඬියාගේ අසාමාන්‍ය හැසිරීම ගැන සැක සිතූ ඈ බියවුවාය. සිය සැමියා පිළිබඳ මතකය නිසා ඈ බෙහෙවින් බිය වූවාය. එනිසාම අවට ගැවසෙමින් සිටි ගැරඬියා ඈ විසින්ම මරා දමනු ලැබීය.
ටික දවසක් ගත වූ පසු බලූ පැටියෙක් නිවසට එන්නට පටන් ගත්තේය. ඌ සාමාන්‍ය සතුන්ට වඩා වෙනස්ය. ඈ කෙරෙහි දක්වන උනන්දුව වැඩියි. නිතර ගේ ඇතුළේම රැුඳෙයි. එළියට පහළියට ගියත් පසු පස එයි. ඈ මේ ගැන සැක කළාය. තමා අතින් පෙර සිදුවූ වරද ගැන කල්පනා කළ ඇය බෙහෙවින් බිය වූවාය. ගෙදර කොයි කවුරුත් නැති වෙලාවක බලූ පැටියා මරා දැම්මාය.
ටික කාලයකට පසු ගෙදර වැස්සියට පැටවකු ලැබුණාය. පැටියා තරමක ළමා වියේදීම ඇය කෙරෙහි දක්වන ප‍්‍රතිචාර වෙනස්ය. ඇයටද මේ වෙනස වැටහෙයි. සැමියා ඇයට දැක්වූ අප‍්‍රමාණ ආදරය ඇයට සිහිවෙයි. වසු පැටියාගේ විශේෂත්වය කෙරෙහි සැක කළ ඈ ඌද විනාශ කළාය. ටික කලක් යනවිට සොර සැමියාට දාව ඇයගේ කුසයේ දරු ගැබක් පිහිටියේය. දෙදෙනාම ඒ ගැන බොහෝ සතුටු වූහ. දරුකුසේ කාලය සම්පූර්ණ වූ පසු මව්කුසයෙන් දරුවා බිහිවිය. දරුවා ජාතිස් මරණ ඥානය සහිත කෙනෙකි. ඔහු මවගේ අතට නොයයි. මව ළඟාවන විට විලාප දී අඬයි. මවගේ තනයෙන් කිරි නොබොයි. මව ළං වන විට විලාප දී හඬයි. දරුවාගේ වෙනස මවටද නොවැටහේ. ජාතිස්මරණ ඥානය නිසා දරුවාට මව ගැන හරිහමන් දැනීමක් එයි. ආත්ම තුනක තමා මරණයට පත්කළ කාන්තාවකගේ කුසයේ දරුවකුව පිළිසිඳ ගනු ලැබූවත් ඒ පෙර සිද්ධිගැන ඇති දැනීම නිසාම දරුවා මවගේ අතට යන්නේම නැත. පසුව සිය මුත්තණුවන් ලඟ හැදී වැඞී පසුව මහණ වී මහ රහත්බවට පත්විය.
කෙනෙකුගේ වරද නිසා ඇති වූ සංසාරගත අරුමය අදහන්නට අපහසු තරම්ය. කර්මය යයි කියන්නේද පුද්ගලයා විසින් කරනු ලැබූ හොඳ නොහොඳ ක‍්‍රියාවල එකතුවකි. කෙනෙකු සමග බැඳුණු දැඩිහිතවත් කම නිසා සිය මිතුරාගේ ආරක්ෂාව පතා අනෙකෙකුට ඔබ කරන වරද කර්මය ලෙස ඔබ පසුපස එයි. දුන්නේ පෙරළා තමාට ලැබේය යන න්‍යාය කර්මය විග‍්‍රහ කරදීම සඳහා වඩාත් හොඳින් ගැළපෙයි. කර්මය යනු වෙනත් කෙනකුගේ පවකට කර ගැසීමක් නොව තමා කළ හොඳ නොහොඳ පෙරළා අඩු වැඩි වශයෙන් තමා කරා පැමිණීමයි.