මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ ඉදිකිරීමට මුල්ගල තැබූ සමයේ එහි සංචාරය කරන විටදී ගත් ඡුායාරූපයක් අපට තවමත් මතකය. වන අලි ගහන මත්තල මහා වනාන්තරයේ ඉදිකෙරෙන ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැකියා සඳහා ගිය නිලධාරීන් උස් ගස් මුදුනක අටවාගත් පැලක් එම ඡායාරූපයෙන් දැක්විණි. ඒ වන අලින්ගෙන් ගැළවෙනු පිණිසය.
දැන් එබඳු ගස් මුදුන්වල යළිත් පැලවල් ඇටවෙමින් තිබේ. ඒ මත්තල ගුවන් තොටුපොළ පාමුල අන්දරවැව ගම්මානයේය. ඒ පැලවල් ඉදිවෙමින් තිබෙන්නේ ද වන අලින්ගෙන් ගැළවෙනු පිණිස ගම්වාසීන්ගේ දෑතිනි. එදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අභ්‍යන්තරයේ ඉදිවුණු නිලධාරීන්ගේ පැල අද අභාවයට ගොස් තිබේ. එහෙත් අන්දරවැව ගම්මානයේ රූස්ස ගස් මුදුන්වල අලූත් පැලවල් ඉදිවෙමින් තිබේ. මේ විපර්යාසයට හේතු සොයා ඉකුත්දා අපි එහි ගියෙමු.
”ඉස්සරත් අලින්ගෙන් ප‍්‍රශ්න තිබුණා. ඒත් දැන් වැඩිවෙලා. මරණ භයෙන් තමයි මහත්තයෝ ජීවත් වෙන්නේ.” නිලක්‍ෂි සමන්තිකා කීවාය. ඇය විසි එක් හැවිරිදි එක් දරු මවකි. දරුවාට වයස අවුරුදු දෙකකි. මත්තල ගුවන් තොටුපොළට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයේ එයට මුහුණලා අන්දරවැව ගම්මානයේ ඇය ජීවත් වන්නීය.
”එදා රෑ බේරුණේ අනූ නවයෙන්” ඇය කීවාය. රෑ මැද සිහිනයකට බියෙන් තිගැස්සී අවදි වූ ළදරියක සේම ඇගේ ඇස් ද බියෙන් පිරී තිබේ. මෙයට දෙතුන් සතියකට ඉහතදී මහ රෑ අත්දුටු බියකරු අත්දැකීම ඇය විස්තර කළාය.
”මම මේ ගමේ පදිංචියට ඇවිත් අවුරුදු හතරක් විතර වෙනවා. කවදාවත් අලි කරදරයක් වෙලා නෑ. කැලේ අලි ඉන්න බව දන්නවා. නමුත් කවදාවත් උන් ගමට ඇවිත් නෑ. ඒ නිසා අපිට කවදාවත් අලි බයක්නම් දැනිලා නෑ. ඒත් එදා රෑ....”
ඇය මොහොතකට නිහඬ වූවාය. එදා රෑ දෙහැවිරිදි දරු සිඟිත්තාද කර පින්නාගෙන දිවි ගළවාගනු පිණිස කළ සටන ඇය බියට පත් කරමින් තිබේ.
”රෑ දෙකට විතර ශබ්දයක් ආවා. මහත්තයා ටෝච් එක ගහලා බැලූවා. තනි අලියා ගෙයි මිදුලේ. ඌ එක පාරටම ගෙයි ඉස්සරහා බිත්තිය පෙරළලා දැම්මා. මහත්තයාගේ ති‍්‍රවිල් එක මිදුලේ නතර කරලා තිබුණා. ඒකත් තල්ලූ කළා. මහත්තයා කිව්වා ”මෙහෙම හිටියොත් අලියා ගහලා අපිව මරයි. අපි පනිමු” කියලා. වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. දරුවවත් අරගෙන ජනේලයෙන් පැන්නා. ඊට පස්සේ පාර පැත්තට දිව්වා. තව අලි ඉන්නවද දන්නෙ නෑ. ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ. අපි පාරට වෙලා බලාගෙන හිටියා. රෑ දෙකට විතර ආපු අලියා ගියේ පාන්දර පහට විතර...”
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එන ගුවන් යානයක නැගී ගුවන්ගතවීමට තරම් වත්කමක් නිලක්‍ෂි සමන්තිකාලාට නැත. කර්කෂ පොළොවෙන් ලැබෙන සුළු ආදායමත්, ත‍්‍රීරෝද රිය ”හයර්” කිරීමෙන් ලැබෙන මුදලක් හැරුණු විට ඉතිරි කරගත් මහධන නිධානයක් ඔවුන්ට නැත. එහෙත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පාමුල බිමේ තවදුරටත් වාසය කිරීම මාරාන්තික බව සමන්තිකාලා තේරුම් ගත්හ. එහෙයින්ම ඔවුහු ගුවන්ගත වූහ. නිවෙස අද්දර යෝධ සියඹලා ගස මුදුනේ ඉදි වූ පැල සමන්තිකාලාගේ ගුවන්ගත වීමය.
”අපි දැන් ?ට නිදා ගන්නේ පැලේ” ඇය කීවාය. කොළඹ මහත්වරුන්ට පැලක රැයක් ගත කිරීම පි‍්‍රයජනක අත්දැකීමක් විය හැකි වුවද සමන්තිකාලාට එය මරණීය අත්දැකීමකි.
”ඒත් වෙන මෙනවා කරන්නද මහත්තයෝ.... ජීවත් වෙන්න වෙන විදියක් නෑනේ.” ඇය කීවාය.
ගස මුදුනක පැලක සිට බිමට බැස්ස ඔහු දමිත් අසංකය.
”මේ වෙලාවට බොහෝ විට අලි රංචුව පාර කිට්ටුවට එනවා. ඒ රංචුවේ අලි විසි පහක් - තිහක් විතර ඉන්නවා ඇති කියලා හිතෙනවා. මේ වෙලාවට පාර කිට්ටුවට අලි එනවා කියන්නේ, රෑට අනිවාර්යයෙන්ම ගමට එනවා කියන එකයි. කිසිම භෝගයක් තියාගන්න බෑ. මගේ පොල් පැල තවානක් තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම ඉවරයි. මගේ අල්ලපු ගේ සම්පූර්ණයෙන්ම බිමට සමතලා කළා. ගමේ හැම මනුස්සයෙකුටම දැන් මේ අපාදුක විඳින්න වෙලා තියෙනවා” දමිත් අසංක කීවේය. ඔහු පෙන්වූ ”අල්ලූ ගේ” දෙස අපි බැලූවෙමු. ගෙයක් නැත. සුන්බුන් ගොඩකි. වන අලි උවදුරේ භයානකකම පිළිබඳ නිහඬ සාක්‍ෂියක් බවට එය පත්ව තිබේ.
![]() |
අලි කැඩූ සමන්තිකාගේ නිවෙස |
පියල් ජයරත්නද අන්දරවැව වැසියෙකි. රාති‍්‍රය ගත කරන්නේ කොහොමදැයි ගමේ තරුණ රංචුව සමග කතාබහ කිරීමට යන අතරතුරදී අප දැක ඔහු නතර විය.
”මේක මහ කැලයක්නේ මහත්තයෝ. ඉස්සරත් අලි හිටියා. හැබැයි උන්ට අවශ්‍ය හැම දේම කැලේ තිබුණා. ඒ නිසා ගමට එන්න ඕනෑ වුණේ නෑ. අපිට අලින්ගෙන් කරදරයක් වුණෙත් නෑ. ඒත් දැන් එහෙම නොවෙයි. අලි හින්දා අපි ඉන්නේ මරණ භයෙන්...”
දැන් අපි ප‍්‍රශ්නයට හේතු සොයමු. ගමට වන අලි එන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිසාද? වන අලි ගම්වැදීමට බලපෑ හේතු සෙවීම ආරම්භ කළ යුතුව තිබෙන්නේ ඒ ප‍්‍රශ්නයෙනි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට වෙන්කැර ඇති භූමිය ප‍්‍රමාණයෙන් හෙක්ටයාර් 2000 කි. දැනට එයින් ප‍්‍රයෝජනයට ගෙන තිබෙන්නේ හෙක්ටර්යාර් 800 කි. ඉතිරිය ප‍්‍රයෝජනයට ගැනීමට නියමිතව තිබෙන්නේ ගුවන් තොටුපොළේ දෙවැනි අධියරේදීය.
ගුවන්තොටුපොළ ආරම්භ වීමටත් පෙර මත්තල වනාන්තරයේ අලි සිටියහ. එහෙත් ගම්මුන්ම කියන පරිදි ඉඩකඩ ප‍්‍රමාණවත් වූ බැවින් අලි සහ මිනිසුන් අතර දේශ සීමා සටන් ඇවිළී ගියේ නැත. ඔවුහු නිහඬ එකඟතාවකින් හා නොපළ සමගියකින් කල් ගෙවූහ. එහෙත් දැන් එය වෙනස්වී තිබේ. ගුවන් දෙබෑ කරගෙන ගුවන් යානා පියාසර කරන්නාක් මෙන්ම වනය පීරාගෙන අලි ගම් වදිති.
මතු සම්බන්ධයි
සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය