අපේ ජීවිත ඇතුළේ අපිට විවිධ චරිත මුණගැහෙනවා. ඒ අතරේ අපට මුණගැහෙන සමහර චරිත හරිම සුවිශේෂයි. සමන් කියන්නෙත් ඒ අතරින් විශේෂ වුණු චරිතයක්. සමන් මේ ලෝකෙට ඉපදෙන්නෙ හරිම වාසනාවන්ත විදිහට. ඒ පවුලේ මුල්ම දරුවා විදිහට. ඒත් ඒ වාසනාව අවාසනාවක් වෙන්න මහ කාලයක් ගත වුණේ නැහැ.
සහෝදරියන් දෙදෙනෙක් ඉන්න පවුලෙ එකම පිරිමි දරුවා වෙන්නෙ සමන්. සමන්ලගෙ පවුල මිල මුදල් අතින් එතරම්ම සරුසාර නොවුණත් මේ පුංචි පවුල ඇතුළේ උතුරා ගිය සෙනෙහසක් තිබුණා. සමන්ගෙ තාත්තා වෘත්තියෙන් රියැදුරෙක්. ගෙදර කොයිතරම් අගහිඟකම් තිබුණත් සමන්ගෙ තාත්තා දරුවො තුන්දෙනාට කිසිම දේකින් අඩුවක් පාඩුවක් කළේ නැහැ. ඒත් අවාසනාවක මහත කියන්නේ දෛවය හැමදේටම හරස් වුණා.
සමන්ගෙ තාත්තා නොසිතපු මොහොතක ජීවිතේ හැරදාලා යනකොට සමන්ට අවුරුදු හතයි. තාත්තගෙ මරණෙත් එක්ක සමන්ගෙ ජීවිතේ ගතවුණේ හරිම ඛේදනීය විදිහට. සමන්ගෙ තාත්තා නැතිවෙලා මාස තුනක් ගත වෙන්නටත් පෙර සමන්ගෙ අම්මා වෙනත් විවාහයක් කරගත්තා. අම්මගේ දෙවැනි විවාහයත් එක්ක ගෙදර පරිසරය ටිකෙන් ටික වෙනස් වුණා. දෙවැනි විවාහයේ සැමියා සමන්ගෙ නංගිල දෙන්නට වෙනස්කමක් නොකළත් පුංචි සමන්ව කුසින් වදාපු අම්මටයි, දෙවැනි විවාහයේ සැමියටයි මහා බරක් වුණා.
ජීවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මේ ජීවිතේ ඇතුළෙ අපට අහන්න සිද්ධ වෙන අනුවේදනීය කථා වෘත්තාන්ත ඇතුළේ සමන්ගෙ කථාව තවත් එක් කථාවක් විතරයි. මේ වගේ දරුවො මේ සමාජයේ කොච්චර නම් ඉන්නවද?
සමන් ඔහුගේ කථාව මට කියන්න කලින් මට පුංචි පොරොන්දුවක් දුන්නා. ඒ පුංචි පොරොන්දුවත් හිතේ තියාගෙන ඒ හඬට ඉඩ දෙන්න හිතුණා.
මගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. තාත්තා නැති වෙනකොට මට අවුරුදු හතයි. ඉඩම් ආරවුලකදි තාත්තගෙම මල්ලි අතින් තාත්තා මැරුණා. තාත්තා නැතිවෙලා මාස තුනක්වත් ගියේ නැහැ. අම්මා වෙන විවාහයක් කරගත්තා. ඊට පස්සෙ තමයි ගෙදර ගොඩක් ප‍්‍රශ්න ඇති වුණේ. චූටි නංගිට තාත්තා නැති වෙනකොට අවුරුද්දයි. මද්දුම නංගිට අවුරුදු තුනයි. අම්මා වෙන විවාහයක් කරගත්තට පස්සෙ බාප්පා කැමති වුණේ නැහැ මම ගෙදර ඉන්නවට. මට හරියට හිරිහැර කළා. ඒ නිසා මම හැදුණෙ ආච්චි ළඟ. අම්මා වෙන විවාහයක් කරගත්තට පස්සෙ අම්මගෙ ආදරේත් ඈත් වුණා. ගොඩක් වෙලාවට සොයලා බැලූවෙ නංගිලා දෙන්න ගැන විතරයි. ආච්චිගෙ සෙනෙහසේ වැඩුණු මම අම්මා කිව්වෙ ආච්චිට, තාත්තා කිව්වෙ සීයට.
තාත්තගෙ මරණෙන් පස්සෙ මම හිටියෙ ලොකු පීඩනයකින්. තාත්තට බාප්පා පිහියෙන් ඇන්නේ මම බලාගෙන ඉඳිද්දි. තාත්තා මැරෙනකොට නංගිලා දෙන්නට කිසිම දෙයක් තේ්්රෙන්නේ නැහැ. තාත්තා මැරිලා කියන දේ නොතේරුණත් තාත්තා ආයෙම ගෙදර එන්නෙ නැහැ කියන එක මට දැනුණා.
අම්මාගෙ දෙවැනි විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ අපායක් වුණා. බාප්පට මාව පේන්න බැරිවුණා. මම දන්නෙ නැහැ ඇයි බාප්පා මට ඒ විදිහට සැලකුවෙ කියලා. ගෙදර ඉන්නකොට කිහිප වතාවක්ම මට බාප්පා පිහියෙන් අනින්න ආවා. මේ දේවල් නිසා තමයි මම ආච්චියි, සීයයි ළඟ හැදුණේ. තාත්තා නැති වෙලා අවුරුද්දයි සීයාත් නැති වුණා. ආච්චි තමයි මාව බලාගත්තේ. මාව ඉස්කෝලෙ යවලා කන්න බොන්න දීලා ආච්චි පුළුවන් විදිහට මාව බලාගත්තා.
ඒත්... මාව ආදරෙන් බලාගත්ත ආච්චිත් හදිසියේ නැති වුණා ඩෙංගු උණ හැදිලා. ආච්චිගෙ මරණෙත් එක්ක මම ගොඩක් අසරණ වුණා. ආච්චිගෙ මරණෙත් එක්ක මට ඉන්න තැනක් තිබුණෙ නැහැ. මම හැදුණෙ තැනින් තැන. ගෙවල්වල වළං හේදුවා, තේ ඉඩම් වල වැඩ කළා. හරියට ඉන්න තැනක් නැති නිසා පාසල් ගමනත් අතරමඟ නතර වුණා.
ආච්චිත් මැරුණට පස්සේ මට ජීවත් වෙන්න එපා වුණා. මැරෙන්න හිතුණු වාර අනන්තයි. බාප්පා මට ගෙදර ඉන්න දෙන්නෙ නැහැ. බාප්පා නැති වෙලාවට ගෙදර හිටියත් බාප්පා එනකොට කැලේ පනිනවා. හිටියොත් මට ගහනවා. මරන්න හදනවා. බාප්පගෙ රස්සාව වුණේ කසිප්පු පෙරන එක. ඒක නිසා අපේ ගෙදරට නිතර මිනිස්සු යන්න එන්න ගත්තා. දවසක් ගෙදර පොඩි කථාවක් වෙලා බාප්පා මට තේ පිහියෙන් කොටන්න හැදුවා. අම්මා මාව බේරගත්තේ නැහැ. අම්මා බාප්පට කිව්වා මාව මරන්න කියලා. මට ඒ වෙලාවේ මං ගැනම පුදුම දුකක් ඇති වුණා. මේ තරම් කාලකණ්ණි විදිහට ඉපදුණේ ඇයි කියලා. මට එදා අම්මා කාලකණ්ණියා කියලා බැන්නා. අපේ ගෙදර කසිප්පු බොන්න ආපු මාමා කෙනෙක් තමයි මාව බේරගත්තේ. ඒ ප‍්‍රශ්නෙත් එක්ක ගෙදර ඉන්න බැරි නිසා මාව බේරගත්ත මාමා මාව එයාලගෙ ගෙදර එක්කගෙන ගියා. ඒ මාමා බැඳලා දරුවො තුන්දෙනෙකුත් ඉන්නවා. මම හිතුවා මට කරදරයක් නැතුව ඉන්න පුළුවන් වේවි කියලා. මට කිසිම දෙයක් ගැන දැනුම් තේරුමක් තිබුණෙ නැහැ. ඒ මාමා මට නිතරම ලිංගිකව අතවර කළා. මට බේරෙන්න විදිහක් තිබුණෙ නැහැ. කියන්න කෙනෙකුත් නැහැ, යන්න තැනකුත් නැහැ, කරන්න දෙයක් නැති නිසාම ඒ හැම දේම ඉවසගෙන හිටියා.
ජීවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මේ ජීවිතේ ඇතුළෙ අපට අහන්න සිද්ධ වෙන අනුවේදනීය කථා වෘත්තාන්ත ඇතුළේ සමන්ගෙ කථාව තවත් එක් කථාවක් විතරයි. මේ වගේ දරුවො මේ සමාජයේ කොච්චර නම් ඉන්නවද?
ජීවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මේ ජීවිතේ ඇතුළෙ අපට අහන්න සිද්ධ වෙන අනුවේදනීය කථා වෘත්තාන්ත ඇතුළේ සමන්ගෙ කථාව තවත් එක් කථාවක් විතරයි. මේ වගේ දරුවො මේ සමාජයේ කොච්චර නම් ඉන්නවද?
සමන්ගෙ අම්මා තමන්ගේ කුසින් උපන් දරුවට වෙනස්කම් කළේ දෙවැනි විවාහයේ ස්වාමියා නිසා. සමන්ගෙ නංගිලා දෙන්නම පුංචියි. අවුරුදු හතේ පුංචි කොලූ පැටියගෙ දඟකාරකම් අම්මගෙ දෙවැනි විවාහයේ ස්වාමියාට රිස්සුවෙ නැහැ. පොඩි වරදටත් පුංචි සමන්ව තලා පෙළා දැම්මෙ හරියට තිරිසන් සතෙකුට වගේ. ආච්චිගෙ මරණෙත් එක්ක සමන්ගෙ ජීවිතේ තවත් පාරටම වැටුණා.
එතැනින් එහාට ඔයාට මොකද වුණේ?...
මට ඒ වෙනකොට මුළු ජීවිතේම එපා වෙලා හිටියේ. මම අර මාමලගෙ ගෙදරින් හොරෙන් පැනලා ගියා. ගිහින් ටික දවසක් පන්සලක හිටියා. ඒ හාමුදුරුවොත් මගෙන් හරියට වැඩ ගත්තා. ලොකු හාමුදුරුවො මට හරියට ගැහුවා. එතැනින් මම ආයෙම ගෙදර ආවා. ගෙදර ආවට බාප්පගෙ කරදර නිසා කිට්ටුව ගෙදරක හිටියා. ඒ ගෙදර තේ ඉඩම් තිබුණා මම ඒවයේ දළු කැඩුවා, නෙළුවා, ඒ ගෙදර නෝනලගේ රෙදි සේදුවා. මගෙන් ඒ ගෙදර අයත් ගොඩාක් වැඩ ගත්තා. එහේ ඉන්න ගමන් මට ඒ නෝනා කිව්වා ආයෙම ඉස්කෝලෙ යන්න කියලා. කැඩි කැඞී මම ආයෙත් ඉස්කෝලෙ ගියා. ගෙදර වැඩ කළා කියලා මට ඉස්කෝලෙ යන්න බස් එකට රුපියල් 30වත් දුන්නේ නැහැ. පයින්ම තමයි ඉස්කෝලේ ගියේ. ඒ ඇවිල්ලා හවසට ඉඩමේ වැඩකළා. ඔහොම ඉන්නකොට බාප්පා මැරුණා. බාප්පා මැරුනට පස්සෙ මම ආයෙත් ගෙදර ආවා. ගෙදර කරදරයක් නැති නිසා මම ආයෙත් දිගටම ඉස්කෝලෙ යන්න පටන් ගත්තා. මම ඉගෙන ගන්න ගොඩාක් ආසයි. අඩුපාඩුකම් මැද්දේ වුණත් මම ආසාවෙන් ඉස්කෝලේ ගියා. බාප්පා මැරුණට පස්සේ මම හිතුවා ගෙදර ප‍්‍රශ්න ඔක්කොම විසඳේවි කියලා.
කාත් කවුරුත් නැති නිසා නංගිලා දෙන්නවයි, මාවයි පරිවාසෙට දැම්මා. කොටුවෙලා හිටියත් මේ ජීවිතේ හරිම නිදහස්. අපිට මෙහේ ඉගෙන ගන්න, හැම පහසුකමක්ම තියෙනවා. මම හැම පෝයකටම වගේ සිල් ගන්නවා. මට දැන් මේ ජීවිතේ හුරුයි. එළියෙ සමාජයට වඩා මේ පරිසරේට මම හරිම කැමතියි. මට මං ගැන කිසිම දුකක් නැහැ. මට දුක මගේ නංගිලා දෙන්නා ගැන.
ඉස්කෝලෙ මගේ යාළුවෝ අරක්කු, සිගරට් බොනවා. ඒත් මම කවදාවත් මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. මම අම්මා දෙන හැම රුපියලක්ම එකතු කළා. ඔය අතරතුර බාප්පා නැති වුණාට පස්සෙත් අපේ ගෙදර මිනිස්සු ආවා. අම්මගේ අනියම් සබඳතා කිහිපයක්ම තිබුණා. නංගිලා පොඩියි එයාලට ඒවා ගැන තේරුමක් නැහැ.
මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හවසට මම වැඩ කරපු නෝනාගෙ තේ ඉඩමේ වැඩ කළා. දවසක් මම ඉඩමේ වැඩ කරකර ඉන්න කොට මාත් එක්ක වැඩ කරපු මාමා කෙනෙක් කිව්වා ‘‘උඹලගෙ අම්මා ගණිකාවක් වගේ කියලා’’ නිතරම අම්මගෙ වැරදි කිව්වා. මේවා මගේ ඔළුවට මහා වධයක් වුණා. මට මේවා දරාගෙන ඉන්න බැරිකමට මම මැරෙන්න හිතාගෙන වස බිව්වා. ඒත් මම වැඩ කරපු ගෙදර නෝනලා මාව සනීප කෙරෙව්වා. එහෙම ඉන්න කොට අම්මා ආයෙත් විවාහ වුණා. මට මාපියො හදන්න බෑනේ කියලා මම හිත හදාගෙන හිටියා.
දවසක් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට මම නොහිතපු දේකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මට ඒ වෙලාවේ මොනවා වුණාද කියලා හිතාගන්න බැරිවුණා. අම්මා ගැන මට මහා පිළිකුලක් ඇතිවුණා.
ජීවිතේ අපි මොන තරම් දේවල් එක්ක හැප්පෙනවද? විඳවනවද? අම්මගේ ක‍්‍රියාකලාපයන් පුංචි සමන්ගෙ හිතට පුදුම විදිහට කාවැදුණා. ඒ දර්ශන පුංචි හිතේ තැන්පත් වුණේ වෛරයක් විදිහට. පාසල නිම වෙලා කුසගින්නේ ගෙදර ගොඩවුණ සමන් දුවගෙන ගියේ කුස්සියට. කුස්සියට දුවපු සමන් අම්මා සොයාගෙන නිදන කාමරේට ගියා. සමන්ගෙ අම්මා අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය මනුස්සයෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා සමන්ගෙ ඇස් දෙකට දැක්කා. ආපිට හැරුණු සමන් ගෙදරින් එළියට ආවේ ජීවිතේ එපාම වෙලා. තමන්ගෙ අම්මා ගැන කියන අපවාද ගැහැණු දරුවෙකුට වඩා දැනෙන්නෙ පිරිමි දරුවෙකුට. හිත පුංචි වුණත් තමන්ගෙ අම්මා ගණිකාවක් කියන දේ අහගෙන ඉන්න තරම් සමන්ගෙ හිත ශක්තිමත් වුණේ නැහැ. ඒ දේ ඇස් පනාපිටම දකිද්දි සමන්ට ජීවිතේ එපා වුණා. අම්මා ගැන පිළිකුලක් දැනුණා. මේ දර්ශන පුංචි හිතට වරින් වර මැවිලා පෙනෙන්න ගත්තා. ජීවිතේ එපා වෙච්ච සමන් සියදිවි හානිකර ගන්න බෙල්ලෙ වැලලා ගත්තා. ඒත් සමන්ට ජීවත් වෙන්න වාසනාව තිබුණා. සිහිය නොමැතිව දින දෙකක් පමණ රෝහලේ ප‍්‍රතිකාර ලබලා ආයෙම ගෙදර එන්න පුළුවන් වුණා. මේ දේවල් එක්ක ගමේ, පාසලේ යාළුවන්ගෙ කොන් කිරීම් එක්ක සමන්ගේ මනස තවත් බිඳ වැටුණා.
මේ සිදුවීම් වෙලා හරියටම මාසයයි. එවැනිම සිදුවීමකට නැවත සමන්ට මුහුණ දෙන්න සිදුවුණා. පාසල ඇරිලා ගෙදර ආපු සමන්ට අම්මා සුමනදාස කියලා කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා ආයෙම අතටම අහුවුණා. ඒ වෙලාවේ සමන් හැසිරුණේ ජීවිතේ නැතිකරගන්න නෙමෙයි. සුමනදාසගේ ජීවිතේ ඉවරයක් කරන්න හිතාගෙන. ඒත් දෛවයේ ලියවිලා තිබුණු විදිහට හැමදේම සිද්ධ වෙන්න ගතවුණේ තත්පර ගාණයි. සුමනදාස අතට අහුවුණ පොල්ලකින් සමන්ගෙ හිසට එල්ල කළ පහරින් සමන් සිහිසුන්ව බිම ඇද වැටුණා.
‘‘සිහිය නැතිවුණේ නැහැ, කල්පනාව නැති වුණා වගේ දැනුණා.. සුමනදාස හිතුවා මම මැරුණා කියලා’’ අම්මා මාව බදාගෙන කෑගහලා ඇහුවා මතකයි ‘‘මොකක්ද මනුස්සයො මගේ අහිංසකයාට මේ කළ අපරාදෙ කියලා’’ සුමනදාස හිතුවා අම්මා සුමනදාසට විරුද්ධව සාක්ෂි දේවි කියලා. සුමනදාස තමයි අම්මව මැරුවෙ. කාත් කවුරුත් නැති නිසා නංගිලා දෙන්නවයි, මාවයි පරිවාසෙට දැම්මා. කොටුවෙලා හිටියත් මේ ජීවිතේ හරිම නිදහස්. අපිට මෙහේ ඉගෙන ගන්න, හැම පහසුකමක්ම තියෙනවා. මම හැම පෝයකටම වගේ සිල් ගන්නවා. මට දැන් මේ ජීවිතේ හුරුයි. එළියෙ සමාජයට වඩා මේ පරිසරේට මම හරිම කැමතියි. මට මං ගැන කිසිම දුකක් නැහැ. මට දුක මගේ නංගිලා දෙන්නා ගැන.
පුංචි කාලේ ඉඳලම දරුවන් ජීවත් කරවන්නෙ මාපියන්ගේ ආදරේ. පුංචි දරුවො මේ විදිහට ජීවිතවලින් වන්දි ගෙවන්නෙ මහමිනිසුන්ගේ වැරදි නිසා..
අම්මෙක්, තාත්තෙක් කියන්නෙ දරුවන්ගෙ ජීවිතේ කැඩපත. මාපියන්ගෙ ජීවිතේ දෙවැනි උපත තමන්ගෙ දරුවො.
රත්තරං අම්මේ,
ඔයාගේ ජිවිතේ තමන්ගෙ ස්වාමියා මියැදිලා හිස් බවක් දැනුනත් ඔබ තවත් සෙනෙහසක් සොයා යෑමේ වරදක් නැහැ. ඔබ තරුණ වෙන්න පුළුවන්. දරුපැටව් පුංචි වෙන්න පුළුවන්, මේ නිසා ඒ දරුපැටවුන්ට තාත්තෙකුගේ සෙනෙහස ඕන වෙන්න පුළුවන්. ඒක මේ සමාජය ඇතුළෙ නොහොබිනා ක‍්‍රියාවක් නෙමෙයි. ඒත් ඔබ එවැනි සබඳතාවකට ළං වෙනවනම් ඊට කලින් අහිංසක දරුපැටවුන්ගේ ජීවිත ගැන දෙවරක් සිතන්න. ඔබේ දෙවැනි විවාහයේ ස්වාමියා ඒ අහිංසක මල් පොඩි කරලා දාන තිරිසනෙක් වෙන්න පුළුවන්. ඔයා අනියම් සැප සොයද්දි අහිංසක දරුපැටව් කොහේ හරි තිරිසන් මනුස්සයෙකුගේ ග‍්‍රහණයට නතු වෙන්න පුළුවන්. අම්මා කෙනෙක්, ගැහැනියක් විදිහට, ජීවිතේ තීරණයක් ගනිද්දි දෙවරක් හිතන්න. මේ නැති වෙන්නේ ඔයාගේ ජීවිතේ නෙමෙයි. අහිංසක දරුවන්ගේ ජීවිතේ. සමන් කියන්නෙ පුංචි දරුවෙක්. පුංචි කාලේ ඉඳලම වින්දේ දුක්. මේ පුංචි හිත මේ දේවල් දරාගෙන හිටියෙ පුළුවන් කමකට නෙමෙයි.
මේ තනිවෙච්ච දරුවන්ගෙ ලෝකෙට සෙනෙහසක් ආදරයක් මේ නිවාස වල ඉන්න පාලිකාවන්ගෙන් ලැබෙනවා. ඒත් කනගාටුවෙන් වුනත් කිය යුතු දෙයක් තියෙනවා. සමහර ළමා නිවාසවල ඉන්න පාලිකාවෝ මේ දරුවන්ගෙන් වැඩ ගන්නෙ වහල්ලූන්ගෙන් වගේ. පුංචි දරුවන්ගෙ ජීවිත මේ විදිහට තලා පෙළා දාන්න එපා. ඒ දරුවන්ගෙ ලෝකය ඒ දරුවන්ට දෙන්න. ඒක එයාලගෙ අයිතියක්. මේ කථාව තැලිච්ච පොඩිවෙච්ච පුංචි හිත තවත් රිදවන්න ගත්ත උත්සාහයක් නෙමෙයි. අද සමන්, හෙට තවත් දරුවෙක් වෙන්න පුළුවන්. මේ සමනළ තටු පොඩි කරලා දාන එක නතර වෙන්නෙ කවදද?
සමන්ට මම පුංචි පොරොන්දුවක් වුණානෙ. ඔයාගෙ නම් ගම් කිසිවක් නොමැතිව ඔයාගෙ කථාව මම පත්තරේට ලියනවා කියන පොරොන්දුව ඔන්න ඉෂ්ට කළා.