මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ගුණානුස්මරණය නිමිති කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය මඟින් සංවිධානය කෙරෙන “මහාචාර්ය කාලෝ ෆොන්සේකා අනුස්මරණ පර් යේෂණ දිනය” අද (23) වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
වෛද්‍ය විද්‍යාව, සාහිත්‍ය, කලාව, දේශපාලනය ආදී විෂයයන් රැසක ප්‍රාමාණික බුද්ධිමතෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අප අතරින් සදහටම වෙන් වුවද ඔහුගෙන් මෙරටට සිදුවූ සේවාව ඉමහත්ය. එවැන්නකුගේ වියෝවෙන් එක් පාර්ශ්වයකට වඩා පොදුවේ සමස්ත රටටම ඇති වූයේ පිරවීමට අපහසු තරමේ රික්තකයකි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ආරම්භ කළ මුල් වකවානුවේ ඔහු යටතේ සේවය කර, ඔහු සම්බන්ධව මට ඇත්තේ ගෞරවනීය මතකයකි. මේ එහි සම්පිණ්ඩනයකි.
රටේ බරපතළ සමාජ, දේශපාලන අර්බුදයක් පැන නැඟුණු 1987 - 1990 කාලේදි තමයි කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය බිහි වුණේ. මේ කාලයේ දී රටේ පැවති දේශපාලන, සමාජීය, ආර්ථික අර්බුද හමුවේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමෙන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයට පැවරුවේ අලුතෙන් වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම සඳහායි. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස කළ ඉල්ලීමත් සමඟ එහිදී ඇතිවූ ගැටලුකාරි තත්වය නිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට රට හැරදා යන්නට වුණා. එහෙත් ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ එම පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කර, වෛද්‍ය පීඨයක් ලෙස ආරම්භ කිරීමට කැපවීමෙන් කටයුතු කළා. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් රජයේ විද්‍යාලයකට අනුබද්ධ කර, රජයේ විශ්වවිද්‍යාලයක පවතින ක්‍රියා පටිපාටීන්ට අනුව කටයුතු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මහාචාර්යතුමා මෙවැනි භාරධූර වගකීමක් බාර ගැනීම පිළිබඳව මා එතුමාට බෙහෙවින් ගරු කරනවා.
1991 වසරේ රජයේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍ය පීඨයේ පළමු පීඨාධිපතිවරයා ලෙස වැඩ බාරගත්තා. එතුමා වෛද්‍ය පීඨයේ ආචාර්යවරයකු ලෙස භෞතවේදය විෂය ඉගැන්වීමේ කටයුතුවල නිරත වුණා. එම විෂය අපි පළමු වසරේ සිටම හදාරන විෂයයක්. 1981 වසරේ දී වෛද්‍ය පීඨයේ පළමු වසරේ ශිෂ්‍යාවක ලෙස එතුමා යටතේ ඉගෙන ගන්න ලැබීම භාග්‍යයක් ලෙස මා සලකනවා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉතාම දක්ෂ ආචාර්යවරයෙක්. ඔහුගේ ඉගැන්වීමේ ක්‍රම ඉතාම ආකර්ෂණීයයි. හොඳින් ධාරණය වන ආකාරයට ඉගැන්වීමේ කටයුතු කළා. වෛද්‍ය පීඨයේ පරිපාලන කටයුතු මෙන්ම, ඉගැන්වීමේ කටයුතුවල ද නිරතවෙමින් බොහෝ කැපවීමෙන් වැඩ කළ ආචාර්යවරයෙක් ලෙස එතුමා හඳුන්වන්න කැමැතියි.
1993 වසරේ දී මම විශ්වවිද්‍යාලයේ සේවයට බැඳුණු කාලයේදි වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලයේ හිටියේ දහදොළොස් දෙනයි. මේ නිසා අධ්‍යයන කටයුතු පවත්වාගෙන යන්න එතුමා ලොකු කැප කිරීමක් කළා. ඒ කාලයේ පීඨයටම තිබ්බේ එක පරිගණකයක්. ඒ පරිගණකයෙන් අපි හැමෝටම වැඩ කර ගන්න එතුමා ඉඩ දුන්නා. මට මතකයි අපි හැමෝම භෞතවේදය අධ්‍යයනාංශයට ගිහින් තමයි හැම වැඩක්ම කරගත්තේ. ඉගැන්වීමේ කටයුතු පමණක් නෙවෙයි වෛද්‍ය පීඨයේ ළමයින්ගේ සුබසාධනය වෙනුවෙන්, නිවැරදි මඟ පෙන්වීමක් ලබාදෙමින් හැමෝගෙම ආදරය ගෞරවය ලබාගනිමින් කටයුතු කළා.
උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම් තුන හතරක් ඉදිද්දි තමයි කැලණිය විශ්වවිද්‍යාලයට පළමු කණ්ඩායමට ප්‍රවේශය ලබාදුන්නේ. ගොඩක් වෙනස් කණ්ඩායම් දෙකක්. ඒ අය අතර ඝට්ටන ඇති නොවන විදිහට ඔවුන්ට සහයෝගයෙන් වැඩ කරන්න අවශ්‍ය වාතාවරණය සකසලා දුන්නා.
ආචාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම් කරන විට එතුමා එක ප්‍රතිපත්තියක හිඳිමින් කටයුතු කළා. දැන්වීමක් දාලා වෛද්‍ය පීඨයට ආචාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ දී වඩා හොඳ පර් යේෂණ පසුබිමක් තියෙන අය තමයි තෝරාගත යුත්තේ කියන අදහසේ සර් හිටියා. ඒ කියන්නේ වෛද්‍ය පීඨයට ගන්න ඕන පර් යේෂණ පැත්ත දියුණු කරන්න පුළුවන් අය බව එතුමාගේ අදහස වුණා. වයසට ගිහින් පළපුරුද්දක් ලැබූ ප්‍රසිද්ධ වෛද්‍ය වෘත්තිකයන් පිළිබඳ සලකා බලා බඳවා ගැනීම් කළේ නැහැ. තරුණ අය බඳවා ගැනීම ආයතනයේ දියුණුවට වඩාත් ප්‍රයෝජනවත් බව එතුමා විශ්වාස කළා. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු අයත් ඉල්ලුම් කළා. පිටින් ආපු අයත් ඉල්ලුම් කළා. මේ බඳවා ගැනීම් සම්බන්ධයෙන් නඩුවලට යන්නත් සිද්ධ වුණා. එහෙත් කුමන තත්වයකදී වුණත් ප්‍රතිපත්තිමය තීරණයක ඉඳලා තමයි එතුමා හැම තීරණයක්ම ගත්තේ. වෛද්‍ය පීඨයේ මුල් අවුරුදු පහ හයට අඩිතාලම තිබ්බේ මහාචාර්යතුමා. කිසි විටෙකත් හිතවත්කම, ඥාතීත්වය පදනමින් කටයුතු කළේ නැහැ. සුදුස්සාට සුදුසු තැන දීමට කිසිවිටෙකත් පසුබට වුණේ නැහැ. හොඳින් පර් යේෂණ කටයුතුවල නිරත වන තරුණ, දක්ෂ ආචාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට ඔහු කටයුතු කළා.
1993 දී එක් අධ්‍යයනාංශයකට ආචාර්යවරුන් බඳවා ගැනීමේ දී එතුමාගේ ඥාතියකුත් ඉල්ලුම් කරලා තිබුණා. ඇය උතුරු කොළඹ
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට බඳවාගෙන තිබුණේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරකට. එහෙත් පීඨයේ බඳවා ගැනීම් ක්‍රමවේද අනුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරකට ඇයගේ සුදුසුකම් ප්‍රමාණවත් වුණේ නැහැ. එම නිසා ඇයට ලැබුණේ කථිකාචාර්ය තනතුරක්. එතුමා නිතරම කිව්වේ වෛද්‍ය පීඨයේ නව බඳවා ගැනීම් කටයුතුවලදී ඔහුට වැරදි තීරණයක් ගත නොහැකි බවත්, නිවැරදි දේ පමණක්ම කරන බවත් ප්‍රතිපත්තිමය තීරණත් එක්ක වැඩකරන කෙනකු සමඟ කටයුතු කිරීම අප හැමෝටම ආදර්ශයක්. ඒ කාලයේ මම පරිවාස කාලයේ හිටිය කථිකාචාර්යවරියක්. එහෙත් මගේ අදහස් ඔහුට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ඕනම කෙනකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා, තර්ක කරලා, හිත වෙනස් කර ගන්න හේතු ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. එතුමාගේ මතයේම ඉඳලා වැඩ කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒක එතුමා සතු වූ විශේෂ ගතිගුණයක්.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හොඳ සවන්දෙන්නෙක් වගේම ඕනෑම කෙනකුට නොබියව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමත්, ඕනෑම වයසක පුද්ගලයකුට ඇහුම්කන් දීමේ ඔහු සතු උතුම් මානවවාදී ගුණයත් ඔහු තුළ පැවති නිහතමානී බවේ ලක්ෂණයක් විදිහට මා අගය කරන්න කැමැතියි. සර්ගෙන් මම ඉගෙන ගත් දේවල් බොහොමයක් තියෙනවා. ඔහුගේ මනුස්සකම තමයි මම ඉහළින්ම සලකන්නේ. දේශපාලන වශයෙන් එතුමා වාමාංශිකයෙක්. එහෙත් ඒ වාමාංශික දේශපාලන අදහස් ජීවිතයේ එක කොටසක තියා ගත්තා. කිසිම වෙලාවක රාජකාරි කටයුතුවලට සම්බන්ධ කර ගත්තේ නැහැ.
එතුමා හරි කැමැතියි පුවත්පත්වලට ලියන්න. චිත්‍රපට, සාහිත්‍ය විචාර කරන්න. විවිධ පුද්ගලයන් සමඟ වාද විවාද කරන්න. ඒක කළේ කා සමඟවත් තරහකින් වෛරයකින් නෙවෙයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහාචාර්ය කාලෝ ෆොන්සේකා විවිධ දක්ෂතා රැසකින් හෙබි විශිෂ්ට පුද්ගලයෙක්. සංවේදී මානව හිතවාදියෙක්. ඔහු විටෙක කලාවට සිතැති සුන්දර කලාකරුවෙක්. ශාස්ත්‍රීය හා ජාතික ප්‍රශ්නවලදී නොබියව කතා කළ දක්ෂ කථිකයෙක් හා නායකයෙක් වුණා. ඔහු දේශපාලන ක්ෂේත්‍රය තුළත් කැපී පෙනෙන චරිතයක්‍්. එහෙත් ඔහු කිසිම අවස්ථාවක ඔහුගේ බාහිර වැඩකටයුතු ඔහුගේ අධ්‍යයන කටයුතුවලට, පරිපාලන කාර්යයන්ට බාධාවන ලෙස යොදාගත්තේ නැහැ. අද මා ඇතුළු ඔහුගෙන් අධ්‍යාපනය හැදෑරූ සියලුදෙනා එතුමා සිහිපත් කරන්නේ බොහෝම ගෞරවනීයවයි. එතුමාගෙන් සමස්ත සමාජයටම සිදු වූ සේවය අප්‍රමාණයි. එයට කෘතගුණ දැක්වීමට මා මෙය අවස්ථාවක් කරගන්න කැමැතියි.
(***)