මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී ආන්දෝලනාත්මක පුවත් මැවූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා දැන් මොකද කරන්නේ? මහින්ද සෙවණ අතහැර ඔහු මෛත‍්‍රී සෙවණට ගියේ ඇයි? මේ ඔහු විමසමින් කළ සාකච්ඡාවකි.
ප‍්‍රශ්නය - ඔබ දැන් මේ දවස්වල තියෙන යහ පාලනයේ කොටස්කරුවෙක්?
පිළිතුර - ස්ථිර වශයෙන්ම දැන් නොවෙයි. යහ පාලනයක් ගැන මගෙ ඔළුවට වැදුණේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ පටන් ගැන්මෙදි. සෝභිත නායක හාමුදුරුවෝ මටත් හරි ආදරෙයි. මමත් හරි ආදරෙයි. රතන නායක හාමුදුරුවන්ගේ කතිකාවන්වල තමයි ඔය යහ පාලනය ගැන සඳහන් වුණේ. ඊටත් ඉස්සෙල්ලා මට නම් කියන්න බෑ. පළමු වැනි අවුරුදු පහේදි ජනාධිපතිතුමා අති විශිෂ්ට විදියට රට පාලනය කළා. එක එක අඩවලට නවතින්නේ නැතිව. අනවශ්‍ය තැන්වලින් හැරෙන්නේ නැතිව. එතුමාගේ පළපුරුද්ද, පවුලේ පළපුරුද්ද ඒ සේරමත් එක්ක ඒ වගේම එතුමාගේ තිබුණ ඉහළම රාජ්‍ය තාන්ත‍්‍රික දැනුමත් එක්ක එතුමා රට පාලනය කළා. ඊට පස්සේ එතුමා රට විනාශ කරන්න පටන් ගත්තා.
ප‍්‍රශ්නය:- ඔබම මීට පෙර කියලා තිබුණ විදියට ඔබ මැදමුලන වලව්වේ සේවකයෙක්?
පිළිතුර:- මහින්ද රාජපක්‍ෂ ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවට ආවේ 70 මැතිවරණයෙදිනේ. එතුමා ඞී.ඒ. රාජපක්‍ෂ මැතිතුමාගේ පුත‍්‍රයා. රාජපක්‍ෂවරුන් තමයි රුහුණේ දේශපාලනයට මූලික වුණේ. අපේ පළාත්වල මිනිස්සු රාජපක්‍ෂවරුන්ට සැලකුවේ දේවත්වයෙන්. මමත් එහෙමයි. අපේ පවුල්වල අයත් එහෙමයි. ඒ අඩි පාරේ අපි ගියේ. එතුමාට මුල අමතක වුණාට මට මුල අමතක වෙලා නෑ. එතුමාට මුල මතක් කරන්නවත් ගෝඨාභයයි, බැසිලූයි ඉඩ දුන්නේ නැහැ. ඒක හොඳටම දන්නවා කථානායකතුමා. එතුමා හරි නිහතමානි කෙනෙක්. එහෙම ආපු ගමනේ යුද්ධය ජයග‍්‍රහණය කළාට පස්සෙ මේ ගොල්ලෝ ආරූඪ වුණා. මේ අය හීනෙන් පවා දැක්කේ බකිංහැම් පැලස් එක. එළිසබත් මහ රැුජිනගේ ඔටුන්න දැක්කේ හීනෙන්. අනික් පැත්තෙන් ජර්මනියේ හිට්ලර්ගේ ආත්මය.... ඉතාලියේ මුසෝලිනිගේ... රුමේනියාවේ චව්චෙස්කුගේ ආත්මය ඒ අයට ආරූඪ වුණා. ඒ විදියේ දරදඬු ආඥාදායකයන්ගේ කතා කියවන්නත් ඇති. ඒවාට මේ ගෝඨාභය ආවේෂ වුණා. බැසිල් රාජපක්‍ෂ කියන කෙනාට ආවේශ වුණේ බිල් ගේට් කියන ලෝකයේ ලොකුම ධනවතාව. එයාටත් ඕනෑ වුණෙ ඉන්දියාවේ මහාරජා කෙනෙක් වෙන්න. ඒ නිසා හිටපු ජනාධිපතිතුමාට අවසාන අවුරුදු හතරේ එතුමාට අවශ්‍ය ගමන යන්න පහසුකම් නැති වුණා. අර ‘සුබ යස’ කතාව තමයි මෙතැන වුණේ. අන්තිමට යස නොවෙයි රජවුණේ දොරටු පාලකයා සුබ.
ප‍්‍රශ්නය:- මම ඔබෙන් ඇසුවේ රාජපක්‍ෂ පවුලත් සමග ඔබේ තිබුණ හිතාගන්න බැරි තරම් හිතවත්කම ගැනයි. ඔබ ඒ ප‍්‍රශ්නය මග හැරියා?
පිළිතුර:- මම තරුණයෙක් හැටියට බෙලිඅත්තේ මැදමුලනදි ජනාධිපතිතුමාව හඳුනා ගත්තේ. 1968 ඉඳන් තමයි මම එතුමත් එක්ක දේශපාලනය කළේ. එතකොට මෙයාව සිරිමාවෝ මැතිණිය දන්නෙවත් නැහැ. දන්නවා ඇති කතා කරලා නැතිව ඇති. ඒ කාලේ ඉඳන් තමයි මගෙත් එක්ක ඇවිදින්න පටන් ගත්තේ. එහෙම ඉතිහාසයක් තියෙන්නේ. එතුමාගේ කථිකයා මං. එතුමාගේ රැස්වීම් සංවිධානය කළේ මං.
ප‍්‍රශ්නය:- එහෙම හිටපු ඔබට එක පාරටම යහ පාලනය ගැන කැමැත්තක් ඇති වෙන්නේ?
පිළිතුර:- ඒක මෙහෙමයි වුණේ. මම මහින්ද මහත්තයාගේ ලොකු තාත්තගේ රැුස්වීම්වල කවි කිව්වා. කොට කලිසම ගහගෙන මම රැස්වීම්වලට ගියේ. ඔය ගැටමාන්න කියන්නේ යූඑන්පී ගමක්. ඒ ගමේදි ගෝඨාභයට ගහන්න යනකොට මම තමයි බේරාගෙන ආවේ. දැන් යන්න බෙලිඅත්තට ගිහිල්ලා පරණ මිනිසුන්ගෙන් අහන්න මර්වින් සිල්වා ගැන. අපි කොහොමද ඡන්දෙ කළේ කියලා කවුරුත් දන්නවා.
ප‍්‍රශ්නය:- ඔබ රාජපක්‍ෂවරුන් වෙනුවෙන් ගමේදි ගස් නැග්ගා?
පිළිතුර:- ඕක ඔය මමම කියපු කතාවක්නේ. මම ගස් නැග්ගෙ නෑ. කොල්ලෝ තමයි නැග්ගුවේ. කුරුම්බා කැපුවේ මම. ඔය කතාව පාර්ලිමේන්තුවේදි කියලා කුරුම්බා කපපු කෙනෙක් පාර්ලිමේන්තුවේ. බීපු කෙනෙක් පාර්ලිමේන්තුවේ කියලා මට කිව්වා. මට මුලින්ම සතොසෙ ජොබ් එක දුන්නේ මහින්ද මහත්තයාගේ තාත්තා. ඒක තමයි ඉතිහාසය.
ප‍්‍රශ්නය:- ඒ වුණාට ඔබ කාලයක් යූඑන්පීයේ මන්ත‍්‍රී කෙනෙක් වෙලත් හිටියා?
පිළිතුර:- ඔව්. මම හිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ තමයි. මම කාලයක් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට පක්‍ෂපාතීව හිටියා. ගාමිණී දිසානායක මැතිතුමාට පක්‍ෂව හිටියා. හැමතැනම මං නායකයා එක්ක හිටියා. එතැන පොඩි ප‍්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මට චන්ද්‍රිකා මැතිණිය කතා කළා. මංගල සමරවීර තමයි ඒකේ කපුවා. එහෙම නැතිව මහින්ද රාජපක්‍ෂ මාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගත්තේ නෑ. යුද්දෙ දිනන්න ඉස්සෙල්ලා මමයි මහින්ද මහත්තයයි බොහොම සමීපව හිටියේ. ඒත් ඉතින් මිනිසුන්ට යක්‍ෂයෝ ආරූඪ වෙනවා. පේ‍්‍රතයෝ ආවේශ වෙනවා. පිසාචයෝ... කුම්භාණ්ඩයෝ ආරූඪ වෙනවා. ඒවට ඉතින් තොවිල් නටන්න වෙනවා. ඉතින් ඒ නිසා මේගොල්ලන්ගේ නරක ග‍්‍රහයෝ ආවම මේ අයට පේන්නේ නරක දේ. ඇහෙන්නේ නරක දේ. කියැවෙන්නේ නරක දේවල්. මමනේ බෙලිඅත්තේ ඉඳලා එයත් එක්ක ආව එකම මිනිහා.
ප‍්‍රශ්නය:- ඒකට හොඳට සැලකුවානේ?
පිළිතුර:- ඔයාට කියන්නේ මට ඉස්සෙල්ලාම තාවකාලිකව දුන්නා ප‍්‍රවෘත්ති ඇමැතිකම. ඒකෙන් කවුරුවත් නොකරන දේවල් මම යෝජනා කළා. මාධ්‍යවේදීන්ට ගෙවල්, සුබ සාධනය, විශ‍්‍රාම වැටුප් මේවා ඔක්කොම මම ලිව්වා. ඒක ලියාගෙන එනකොට මම ප‍්‍රසිද්ධ වෙයි කියලා මාව ඒකෙන් අයින් කළා. ඊට පස්සේ මට දුන්නා මහා මාර්ග නියෝජ්‍ය ඇමැතිකම. මම ඉතාම දක්‍ෂ විදියට වැඩ කළා. මම ශත පහක්වත් කොමිස් ගත්තේ නැහැ. මම හිටියොත් කොමිස් ගන්න බැරිවෙයි කියන බයට මාව එතැනින් අයින් කළා.
ප‍්‍රශ්නය:- ඇයි එහෙම අයින් කළේ?
පිළිතුර:- අන්තිම කාලේ හරියට කේලාම් අහන්න පටන් ගත්තා. කේලාම් සාගරයක්. ගෝඨාභයටත් බැසිල්ටත් මං ගැන කේලාම් කිව්වා. ජනාධිපතිතුමාටත් කිව්වා. මං මේවා සේරම දන්නවා.
ප‍්‍රශ්නය:- කවුද එහෙම කේලාම් කිව්වේ?
පිළිතුර:- මට නම්, ගම් කියන්න වැඩක් නෑනේ. එතැන අහන් ඉන්න අය මට කතා කරලා කියනවා ”ඔන්න මචං අදත් උඹට කේලමක් කිව්වා” කියලා. එතුමා වටේ හිටියේ ගමේ මිනිස්සු, උන් අපිට ආදරෙයි. මං උඩින් ගියේ නෑ. මේ අය තමයි අන්තිමට උඩින් ගියේ. ඒ අය හිටියේ බ‍්‍රහ්ම තලවල. නමුත් ඒ අය දැනගෙන හිටියේ නෑ හිටියේ අහසේ හංදියේ කියලා. ඒ නිසා අපිව කොන් කළා. බලතල දුන්නේ නෑ. ඇමතිකමක් දුන්නේ නෑ වැඩ කරන්න. කැලණිය ආසනය භේද කළා. බැසිලූයි ගෝඨායි තමයි ඒක කළේ. එහෙම නැතිව සභාපතිත් එක්ක මගේ කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. ඒ අය මට හරි ආදරෙයි. අමල්, ඩොනල්ඞ්, තිලක් කියන මගේ මිතුරන් තුන් දෙනාම සුදු වෑන්වලින් පැහැරගෙන ගියා. පැහැරගෙන ගිහින් මොකද්ද කිව්වේ... ”මර්වින් එක්ක තියෙන ආශ‍්‍රය නවත්තපං. නැත්නම් මරණවා.” ඒ රාවය ගියා ප‍්‍රාදේශීය සභාවට. ප‍්‍රාදේශීය සභාව භීතියෙන් ඇළලී ගියා. ඒ මිනිස්සු මගෙන් ඈත් කළා.
ප‍්‍රශ්නය:- නෑ ඔවුන් කිව්වේ ඔබ පගා ගන්නවා. කප්පම් ගන්නවා. පාතාලයක් නඩත්තු කරනවා කියලා. ඔබේ හිටපු සමහර ගෝලයන් තවමත් හිරේ.
පිළිතුර:- නෑ. ඒවා බොරු. ඔය ප‍්‍රාදේශීය සභාවේ අය මගේ ළඟම හිටියේ. මං ඒ අයට කිව්වා හොඳ ජීවන රටාවක් හදා ගනිල්ලා කියලා. දැන් ඒ ගොල්ලෝ සුපිරි ධනවතුන්.
ප‍්‍රශ්නය:- ඒ කියන්නේ ඔබ ඔවුන්ට කිව්වා මහජන ධනය සොරා කන්න කියලා.
පිළිතුර:- මම හිතුවේ මෙහෙමයි. මම හොඳට අඳිනවානම්, කනවානම්, බොනවානම් මේ අයට සුළු මුදලක් හම්බ වෙන්නේ. සමාජයට අහිතකර නොවන සොරකම් නොකරන විදියට ඒ කියන්නේ කොන්ත‍්‍රාත් එකක් ආවම ඒක අරගෙන හොඳට කරපල්ලා කියලයි. නැත්නම් හොරකම් කරන්න පටන් ගන්නවා. යහ පාලනයට මම යොමුවෙන්න පටන් ගත්තේ ඒ නිසයි.
ප‍්‍රශ්නය:- ඔබේ පුත් මාලකට ඔඩෙල් පරිශ‍්‍රයේදී පහරදීමක් වෙනවා. එතැනදි ඔබ දැන ගත්තා දැන් ආරක්‍ෂාවක් නෑ කියලා.
පිළිතුර:- නෑ. ඊට ඉස්සෙල්ලා මහා කේලාම් ගංගාවක් අරලියගහ මන්දිරයට ගලාගෙන ගියා. මම ගිහින් කතානායකතුමාට කිව්වා. ඔබතුමා දන්නවනේ මගේ හැටි. ඒත් මට විරුද්ධව හරියට කේලාම් කියනවා” කියලා. කතානායකතුමා මට මොකද්ද දන්නවද කිව්වේ. මර්වින් උඹට විරුද්ධව විතරක් නොවෙයි මට විරුද්ධවත් කේලාම් කියනවා. ඒ නිසා මම දැන් ඒ පැත්තේ යන්නේ නෑ. උඹ අපේ මිනිහා. විලී මුදලාලිගේ පුතා. උඹේ තාත්තා තමයි ඉලෙක්ෂන් එකකදි අමාරුම තැනට යන්නේ. මම උඹ අතහරින්නේ නෑ. ඉවසීමෙන් ඉඳපන් කියලයි කිව්වේ. නමුත් මගේ ඉවසීම නැති වුණා. වැඩ කරන්න දුන්නේ නෑ. මගේ හිතේ තියෙන වැඩිම වේදනාව තමයි මම කැලණියෙ හයි ස්පීඞ් ගිය මිනිහෙක්. මුළු කැලණියම මම හැදුවා. එහෙම කරනකොට ජනාධිපති මහින්ද මහත්තයා කිව්වා ප‍්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට මට විරුද්ධව කැලෑ පත්තරයක් ගහන්න කියලා. බාල වැඩනේ. මට මේවට සාක්කි තියෙනවා. ලිකර් ලයිසන් දුන්නා. අන්තිම කාලේ වෙනකොට බැසිල්ට උඩින් මිනිහෙක් නෑ. ඔය මැතිවරණය ඉක්මන් කළේත් එයානේ. එයා හොඳට හම්බ කරගත්තා. බිලියන ගාණක් ගැහුවා. මම මේවා දැන ගත්තම මේ රට විනාශ වෙනවා කියලා තේරුණාම තවත් ඉවසන්න පුළුවන්ද? මට මිනිහෙකුට පත්වීමක් දෙන්න බැරිනම්. මිනිසුන්ට වැඩ කරන්න බැරිනම් ආසනය දෙකට තුනට කැඩුවානම් මට ඉන්න පුළුවන්ද? මම ඉස්සෙල්ලම කළේ විෂ්ණු දේවාලයට ගිහින් ”දෙවියන්ගේ අත අල්ලාගෙන පේවිලා කිව්වා දෙවියනි ඔබ කොහිද” කියලා.
මේ රට බේරා දෙන්න කියලා මම ඉල්ලූවා.
ප‍්‍රශ්නය:- එහෙත් පහුගිය ජනාධිපතිවරණයේදි ඔබ මහින්ද රාජපක්‍ෂගේ වේදිකාවේ ගීත ගායනා කළා.
පිළිතුර:- ඔව්! ඒ වෙනකොට පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් වෙලා හිටියේ නෑ. හිතට එකඟව නොවෙයි පක්‍ෂයේ ඉන්න ඕනෑ නිසයි මම අන්තිම කාලේ හිටියෙ.
ප‍්‍රශ්නය:- මහින්ද රාජපක්‍ෂ ඇතුළෙන් පරාජය කරන මෙහෙයුමේ ඔබ හිටියේ?
පිළිතුර:- ඔව්! මේක පෙරළන්නේ කොහොමද කියලා අපි ඇමැතිවරු හතර පස් දෙනෙක් ලොකු කතිකාවක හිටියේ. මම ඒකේ නායකත්වය ගත්තා. තවත් එක්කෙනෙක් නායකත්වය ගත්තා. මට නම කියන්න බෑ. ඔය මැතිවරණයේදි හැමෝටම ලක්‍ෂ සීය, ලක්‍ෂ හැත්තෑපහ ලක්‍ෂ පනහ ගානේ බෙදුවා. මම රුපියලක් ගත්තේ නැහැ. මම තමයි ඉස්සෙල්ලාම කිව්වේ ආණ්ඩුවෙන් යනවා කියලා. ඒ කැලණියට බාර් ලයිසන් එක දුන්න වෙලාවේ. මමයි කිව්වේ. ඊට පස්සේ තමයි මට කෙළින්න පටන් ගත්තේ. මගේ පුතාව හිරේ දැම්මෙත් ඊට පස්සේ.
ප‍්‍රශ්නය:- පුතා නයිට් ක්ලබ් ගිහින් මිනිසුන්ට ගහපු හින්දනේ ඒක වුණේ?
පිළිතුර:- නෑනෙ. සුද්දෙක් කියලා ඩමියක් දාලා පුතත් එක්ක ගැටුමක් හදාගෙන. පුතාට තුවාල කරලා තුවාල වෙච්ච එකා රිමාන්ඞ් කළා. ගෝඨාභය කෙළින්ම කියලා තියෙනවා මූව ඇතුළට දාන්න කියලා. ඒ වෙලාවේ මම මෛත‍්‍රීපාල මැතිතුමාගේ වේදිකාවට නැග්ගානම් කොල්ලා මරලා දානවා හිරගෙදරදි.
ප‍්‍රශ්නය:- ජනාධිපතිවරණයෙදි මෛත‍්‍රීගෙ වේදිකාවට නගින්න ඔබ අවසර ඉල්ලූවත් ඒ අය ඔබ ප‍්‍රතික්‍ෂේප කළා?
පිළිතුර:- ඒක බොරුවක්නේ. ඇයි මාව ප‍්‍රතික්‍ෂේප කරන්නේ. මම කුඩු විකුණලා තියෙනවාද? කියන්නකෝ මට. එතුමාගේ රැුස්වීම් දෙක තුනක මම ගියා.
ප‍්‍රශ්නය:- මහින්ද රාජපක්‍ෂ පාලනය ජනතා අප‍්‍රසාදයට පත්වෙන්න ඔබ ප‍්‍රධාන හේතුවක්?
පිළිතුර:- හරි! එහෙම වෙන්න මම මොනවද කළේ. මට චෝදනා කරනවානම් ඔබ කරුණු ඉදිරිපත් කරන්න ඕනෑ.
ප‍්‍රශ්නය:- නම් දරාපු පාතාල නායකයන් එක්ක ඔබ රූපවාහිනී ආයතනයට කඩා වැදුණා?
පිළිතුර:- ඔයා හිතනවද මම ජාතික රූපවාහිනියට ගියේ මගේ ඕනෑකමට කියලා. මම පාවලා දෙන්නේ නෑ. නමුත් මට යන්න ඕනෑකමක් නෑනේ. මම හැමදාම එතුමාලා කියපු දේවල් කරපු කෙනෙක්. ඒකට ඒ ඇතිනේ.
ප‍්‍රශ්නය:- සමෘද්ධි නිලධාරීන් ගස් බැඳලා රාජ්‍ය සේවය බලූ මයිලක් වටින්නේ නැති තත්ත්වයට පත් කළා?
පිළිතුර:- නෑ... ගස් බැඳීමක් වුණේ නැහැනේ.
ප‍්‍රශ්නය:- ඒ කියන්නේ එයාම ගස් බැඳ ගත්තා?
පිළිතුර:- කොහේද තියෙන්නේ පොලිසියේ පැමිණිල්ලක්. ඔයා කියන විදියේ දෙයක් වුණානම් මිනිස්සු මට විරුද්ධව කටයුතු කරන්න එපැයි.
ප‍්‍රශ්නය:- එහෙම කළානම් මතකනේ... රූපවාහිනියෙ සේවකයන්ට මහ පාරෙදි වෙච්ච දේවල්?
පිළිතුර:- ඒවා මට සම්බන්ධ දේවල් නොවෙයි. ඔය ගස් බැඳීමේ සිද්ධියෙන් පස්සෙත් මාව පිළිගත්තනේ.
ප‍්‍රශ්නය:- මාධ්‍ය ආයතනවලට කොච්චර පහර දුන්නද?
පිළිතුර:- එහෙම දෙයක් වුණෙත් නෑ.
ප‍්‍රශ්නය:- එතකොට සිරසට ගැහුවේ කවුද?
පිළිතුර:- එක්තරා සිද්ධියක් වුණා. ඒවා ඉතින් මේ අහන්නකෝ. මේ රටේ දේශපාලනය පටන් ගත්ත දවසේ ඉඳලා ගෙරවිලි, ගුටිකෙළි වුණේ නැද්ද? රාජ්‍ය නායකයෝ ප‍්‍රසිද්ධියෙ මිනිසුන්ට පයින් ගැහුවේ නැද්ද? මට කියන්න කරුණා කරලා හැම තැනම මේවා වුණානේ. මම මේ ගොඩෙන් ආව නිසාද මට මෙහෙම කතා කරන්නේ. ඔය සිරස සිද්ධියට මම සමාව ගත්තා. ඒ අය මගෙත් එක්ක දැන් හරි මිත‍්‍රයි. මම ඒ අයට කිව්වා, ”මම ඔයගොල්ලන්ව පි‍්‍රය කරන්නේ නෑ. ඒ නිසා මෙතැනින් යන්න” කියලා. මගේ තැනට ආවම මම සුහදත්වයෙන් කිව්වම යන්න කියලා... ගියේ නැති වුණාම මගේ ළඟ හිටපු මිනිස්සු කැමරා උදුරලා ප‍්‍රශ්නයක් වුණා. ඒකට මම උසාවි ගියා. ලක්‍ෂ හතක් ගෙව්වා. අනික් නඩුවලින් මම නිදහස් වුණා.
ප‍්‍රශ්නය:- මහින්ද රාජපක්‍ෂ ඔබව ආරක්‍ෂා කළේ ඔබට තිබුණ බයක් නිසාද? ආදරයක් නිසාද?
පිළිතුර:- නෑ. නෑ. රාජපක්‍ෂවරු කාටවත් බය නෑ. මමත් බය නෑ. ඒත් මමයි රාජපක්‍ෂවරුන් බෙලිඅත්තේ ඉන්න කාලේ ඉඳලා කරපුවා කියපුවා වමාරන්න ගියොත් එතුමන්ලාට මහ පාරෙත් යන්න බැරි වෙනවා. මම එහෙම කියන මිනිහෙක් නොවෙයි. මගේ බෙල්ල කැපුවත් මම කියන්නේ නෑ. ඒ ගොල්ලෝ කියපු දේවල්නේ මම කළේ. සිරසත් එක්ක මගේ කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නෑ.
ප‍්‍රශ්නය:- ඔබ වගකිවයුතු ඇමැතිවරයෙක්. ඔහොම කියලා ඔබට වගකීමෙන් මිදෙන්න බෑ?
පිළිතුර:- ඇයි බැරි? මේ අහන්න! මම හැමතැනම නායකත්වයට ගරු කරන මිනිහෙක්. නායකත්වයට ගරු කරනකොට මම විද්‍යාඥයෙක් නොවෙයි. මම ලෝයර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් නොවෙයි. මම කථිකයෙක් විතරයි. මගේ හිත හොඳයි කියලා මම දන්නවා. ඒක හැමෝම කියනවා. මම දන්නෑ ඒක ඔයගොල්ලෝ කියනවද කියලා. ඉතින් කවුරුහරි මට නියෝගයක් දුන්නම ඒක මම කි‍්‍රයාත්මක කරනවා. ජාතික රූපවාහිනියට මට යන්න කියලා ඒ පැත්තෙන් අර පැත්තෙන් කිව්වා. ආවොත් ගහපන් කියලා. මම අහන්නේ ඒ සිද්ධිය ගත්තොත් යුද්ධය නිම කරපු ආණ්ඩුවට මාව බේරාගෙන එළියට ගන්න බැරි වුණාද? කෙටි කතාව එච්චරයිනේ. එතැන රහසක් තියෙනවනේ.
ප‍්‍රශ්නය:- එහෙම බලනකොට ඔබ දුර්වල චරිතයක්. ඇයි කවුරුවත් වෙනුවෙන් ඔබ බිලි වුණේ?
පිළිතුර:- මට බෑනේ. මම පාවලා දෙන්නේ නැහැ කිව්වනේ. ගස් බැඳපු සිද්ධිය ගන්නකෝ. පොඩි දරුවෝ ගස්වල කොළ වැටෙනවා වගේ මැරෙනවා නම්... එතකොට මිනිස්සු කුපිත වෙලා නිලධාරීන්ට දඬුවම් දෙන්න ඉඩ තියන එකද හරි. ඒ පිළිබඳව ප‍්‍රදේශය දැනුම්වත් කරලා අනෙක් නිලධාරීන් උද්යෝගිමත් කරන හොඳ කි‍්‍රයා මාර්ගයක් ගන්න එකද හරි කියලා. ඔයාම මට කියන්න. දැන් ඔය ට‍්‍රැෆික් පොලිස්වලින් සංදර්ශන පවත්වනවා. පාර මාරුවෙන හැටි කියලා දෙනවා.
ප‍්‍රශ්නය:- ඔබ කළේත් ඒ වගේ සංදර්ශනයක්?
පිළිතුර:- සංදර්ශන නොකර කොහොමද. මේක බේරා ගන්නේ. ඒ වෙනුවෙන් තමයි ඒක කළේ. මිනිස්සු ඉන්න ඕනෑ ඒ වගේ හයියට. මගේ හයිය නැත්නම් පාරවල් හැදෙයිද? ගුවන් පාලම හැදෙයිද?
ප‍්‍රශ්නය:- මහින්ද රාජපක්‍ෂ ළඟ ඔබ දණින් වැටෙන ඡායාරූප දකිනවිට මහජන නියෝජිතයකුගේ හෘද සාක්‍ෂිය පිළිබඳ බරපතළ ප‍්‍රශ්න මතු වුණා?
පිළිතුර:- පිදිය යුත්තා පිදීම බුදුන්වහන්සේ වදාළ දෙයක්. මම මුලින්ම කිව්වනේ. අපි රාජපක්‍ෂවරුන්ට සැලකුවේ දේවත්වයෙන් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කලින් අපි දැක්කේ රාජපක්‍ෂවරුන්. ඉතින් එතුමා ළඟ දණින් වැටීම මට ලජ්ජා වෙන්න කාරණයක් නොවෙයි. මම මේක කියන්නම ඕන. ජනවාරි 8 වැනිදා මේ රටේ සිදුවූ මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ නායිකාව තමයි චන්ද්‍රිකා මැතිණිය. එතුමිය දෙපාරක් මේ රටේ ජනාධිපති වුණා. ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම ගිහින් එතුමිය රැුස්වීම් තිබ්බද අගමැති ධුරය ඕනෑ කියලා. චන්ද්‍රිකා මැතිණියට කරපු කෙනෙහිලිකම් තමයි මේ පලදෙන්නේ. දිට්ඨ ධම්ම වේදනීය කර්මය. ඒ කෙනෙහිලිකම් නොවෙයි දෙන්න පුළුවන් දස වධ ඔක්කොම දුන්නා. එතුමිය තමයි මේ විප්ලවයේ නායිකාව.
ප‍්‍රශ්නය:- චන්ද්‍රිකාත් එක්ක ඔබ මේ ගැන කතා කළාද?
පිළිතුර:- නෑ... නෑ... නෑ...
ප‍්‍රශ්නය:- මේ යහ පාලනයේ අයගෙන් ඔබට සම්බන්ධකම් තියෙන්නේ කා එක්කද?
පිළිතුර:- මෛතී‍්‍රපාල මැතිතුමා එක්ක. එතුමා ජනාධිපති වෙන්නත් කලින් මම සාකච්ඡුා කළා. එතුමා හමුවුණා. ඒකට රාජිත සේනාරත්න මැතිතුමා සාක්‍ෂියි. හල්ලොලූව, රුවන් ෆර්ඩිනැන්ඩු හොඳටම සාක්‍ෂියි. එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න රවී කරුණානායක මැතිතුමාට මම බොහොම ගරු කරනව. එතුමත් එක්ක මම දිගටම කතා කළා. සෝභිත හාමුදුරුවෝ හමු වුණා. ඒකට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මට හොඳටම බැන්නා.
ප‍්‍රශ්නය:- මේ යහ පාලන ආණ්ඩුවේ ඇමති ධුරයක් ඔබට ලැබෙයිද?
පිළිතුර:- මම තනතුරු කළා. මට තව ටිකක් තියෙනවා මේ රටට සේවය කරන්න. මට ඒ ටික කරන්න ලැබුණොත් ඇති.
ප‍්‍රශ්නය:- ඔබේ පුතා මාලක සිල්වා ”නයිට් ක්ලබ්” යන්න අධිකරණයෙන් අවසර ඉල්ලූවා. ඒක ඔබට දැනෙන්නේ කොහොමද?
පිළිතුර:- ඒක සම්පූර්ණ බොරුවක්. මඩ ගහන්න දාපු ප‍්‍රවෘත්තියක්. පුතාට දාලා තියෙනවා මළ ගෙදරකවත් යන්න බැරි තරම් තහංචි. මළ ගෙදරක යන්න බෑ. මගුල් ගෙයකට යන්න බෑ. හතර පස් දෙනෙක් ඉන්නවානම් මගේ රැුස්වීමකට යන්න පුතාට බෑ. ඒ තහනම අයින් කරලා දෙන්න කියලයි ඉල්ලූවේ. නයිට් ක්ලබ් කතාවක් තිබුණෙම නෑ. ඕන්නම් නීතිඥයන්ගෙන් අහන්න.
ප‍්‍රශ්නය:- පුතාව දේශපාලනයට ගේන්න ලොකු උත්සාහයක් ඔබ ගත්තා?
පිළිතුර:- උත්සාහයක් ගන්න අවශ්‍ය නෑ. දාම් බෝඞ් එකේ සෙල්ලම් කරනවානම් ඇඟිල්ලෙන් අනින්න ඕනැ නෑ. මම දේශපාලන පවුලක්. මගේ පුතත් එතැනට යයි කාල වේලාව ආවම.
ප‍්‍රශ්නය:- ජනාධිපතිවරණයෙන් පස්සේ ඔබට මහින්ද රාජපක්‍ෂ කතා කළාද?
පිළිතුර:- නෑ. මට ඩබල් ගේම් බෑ. මම එතුමාට විරුද්ධව වැඩ කළා. එතුමා පරදවන්න කියලා මම විෂ්ණු දෙයියන්ගෙන් ඉල්ලීමක් කළා. කතරගම දේවාලයට ගිහින් ඉල්ලීමක් කළා. මේ රට වෙනුවෙන් හා මම වෙනුවෙන් ඒ ඉල්ලීම කළේ. බැරිවෙලාවත් ඒ අය මේ පාර දිනුවානම් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු හුඟ දෙනෙක් අද පොළොව යට මාත් එක්කම.
ප‍්‍රශ්නය:- ඊළඟ මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ ආවොත් ඔබේ තීරණය මොකද්ද?
පිළිතුර:- ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා කතාවක් තියෙනවනේ. මෙතෙක් කිසිම රාජ්‍ය නායකයෙක් ප‍්‍රමෝෂන් ගත්තා මිසක් ඩිමෝෂන් ගත්තේ නෑ. එතුමා මේ රටේ ඉහළම තැනට ගියා. තනියම පාර්ලිමේන්තු එන්න බැරි කණ්ඩායමක් ඉඳගෙන එතුමා වෙන්දේසි කරනවා. දැන් ඒ වෙන්දේසිය අඩපණ වෙලා තියෙන්නේ. මම නම් තදබල විරුද්ධයි. ඒක පැහැදිලිව ලියන්න.