අඩසියවසක පාර්ලිමේන්තු ඉතිහාසයක් හිමි සුවිශේෂී දේශපාලන චරිතයක් ලෙස හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා හඳුන්වා දිය හැකිය. මේ වන විට පාර්ලිමේන්තුවට සමුදී ඇති ඔහුගේ දේශපාලන ගමන පිළිබඳව කළ විමසීමකි මේ.
දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඔබ ඇයි පාර්ලිමේන්තුවට සමුදෙන්න තීරණය කළේ?
ඒක හදිසියෙන් ගත්තු තීරණයක් නොවෙයි. දැන් ඉතිං කොච්චර කලක්් පාර්ලිමේන්තුවේ හිටිය අලූත් අයටත් තැනක් තියෙන්න ඕනෑනේ. ඒක නිසා හිතුව දැන් ඇති කියලා.
ඔබ දේශපාලනයට එන්න බලපාපුු හේතු මොනවාද?
අපේ අයියගෙ මරණය තමයි ගොඩක් බලපෑවේ. මුනිදාස වික‍්‍රමනායක අයියා තමයි පිලිප් ගුණවර්ධන ඇමැතිතුමාගේ පක්ෂයෙ හොරණ සංවිධායක වෙලා හිටියේ. හිටි ගමන් අයියා අන්ත‍්‍රා වුණු වෙලාවෙ මට එංගලන්තයේ ඉඳලා එන්න වුණා. එතකොට මම එංගලන්තෙ ඉගෙන ගත්තෙ. අයියගෙ අඩුව පුරවන්නත් එක්ක තමයි මහජන එක්සත් පෙරමුණට එකතු වෙන්නේ, 1960 මාර්තු මාසේ. ඒත් ඒකෙ වැඩි කාලක් හිටියේ නෑ. පිලිප් ගුණවර්ධන යූ.එන්.පී.යට ඡුන්දෙ දෙන්න කියලා යෝජනා කරපු වෙලාවෙ මම අයින් වුණා. ඊට පස්සෙ මම ස්වාධීනව තරග කළා. 1960 ජූලි මාසේ තිබුණු මැතිවරණයේදි. මම 1960 ඉඳලා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.
ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්නේ කොහොමද?
මම ශ්‍රී.ල.නි.ප.යට එකතු වෙන්නේ 1963 දී විතර. සිරිමාවෝ මැතිණියගෙ ආරාධනාවකට අනුව තමයි මම පක්ෂයට එන්නේ. සිරිමාවෝ මැතිණිය මට කතා කරලා කිව්වා ස්වාධීනව ඉන්න එකේ තේරුමක් නැති නිසා ශ්‍රී.ල.නි.පයට එකතුවෙන්න කියලා. හැබැයි මම එකපාරටම වචනයක් දුන්නේ නෑ. පස්සෙ කියන්නම් කියලා හිටියා. ඊට පස්සේ දවසක පාර්ලිමේන්තුවෙදි මුණ ගැහුණු වෙලාවක මැතිණිය ඇහුවා අරක ගැන වචනයක් නැද්ද කියලා. ඒ වෙලාවේ මම කිව්වා ”හරි මම පක්ෂයට බැඳෙන්න කැමතියි” කියලා.
ඔබට මුලින්ම ලැබෙන ඇමැතිකම මොකක්ද?
අධිකරණ ඇමැතිකම. ටික දවසකින් වැවිලි කර්මාන්ත ඇමැතිකමත් ලැබුණා. කොල්වින් ඇමැතිතුමා අයින් වෙලා ගියාම ඒ ඇමැතිකමක් මට ලැබුණා.
ඔබට ඇමැතිකම් දෙන්න සිරිමාවෝ මැතිණියට ඔබ ගැන තිබුණු විශ්වාසය මොකක්ද?
ඒක දන්නෙ එතුමියම තමයි. මම දෙන වැඬේ හරියට කරනවා. ඒක වෙන්න ඇති. අපි ඉතින් ඇමැතිකම් ඇති කාලෙත් නැති කාලෙත් පක්ෂය වෙනුවෙන් වැඩ කළා. ආණ්ඩු බලයක් නැති කාලෙත් අපි පක්ෂය මුහුණ දීපු අභියෝග ජයගන්න කැපවීමෙන් කටයුතු කළා.
ඔබලා ලබපු දරුණුම පසුබෑම මොකක්ද ඒ කාලේ?
1977 පරාජය තමයි. අපි හෝදාපාලූ වුණානේ. අපි පරාජය වුණාට පස්සේ ටික දවසකින් පක්ෂය ගොඩනගන්න ඕනෑ කියලා ඒ වෙනුවෙන් කටයුතු පටන් ගත්තා. මම පක්ෂයේ ලේකම් වුණා.
77 දරුණු පරාජයක් ඔබලට අත් වුණේ ඇයි?
එදත් මිනිස්සු වෙනසක් ඉල්ලූවා. වෙනසක් ඕනෑ කියලා තමයි යූ.එන්.පීයට බලය දුන්නේ. ඒ වෙනකොට මිනිස්සුන්ට මැතිණිය දැකලා දැකලා ඇති වෙලා තිබුණේ. ඒ වගේම හාල් පොල්ලයි, අර පොල්ලයි මේ පොල්ලයි කියලා ඒවත් දැම්මා. ඒවටත් මිනිස්සු කලකිරිලා හිටියේ. ඒ මැතිවරණයේදි මිනිස්සු හිතුවෙ බඩ ගැන. කෑම තමයි මිනිස්සුන්ට ඕනෑ වෙලා තිබුණේ.
71 කැරැුල්ල මර්දනය කරපු ආකාරයත් මේ පරාජයට බලපෑවා නේද?
ඒකත් හේතුවක් වුණා.
සිරිමාවෝ මැතිණිය ඒ තරුණ නැගිටීම මර්දනය කරපු ආකාරය ගැන ඔබේ අදහස වුණේ මොකක්ද?
ඒ වෙලාවේ මට වෙනස් අදහසක් කියලා දෙයක් තිබුණෙ නෑ. එතුමියගෙ ක‍්‍රියාමාර්ගය හරියි කියලා තමයි ඒ වෙලාවෙ අපි කවුරුත් හිතුවේ.
ඒ කියන්නේ දැන් ඔබේ අදහස් වෙනස් වෙලාද?
දැන් අපට ඒ ප‍්‍රශ්න ගැන වෙනස් විදිහකට බලන්න පුළුවන්. ඒ තරුණ නැගිටීමට විවිධ හේතු තිබුණානේ. ඒවට පිළියම් හොයන්න තිබුණා.
77 පරාජයෙන් පස්සෙ නැගිටින්න මොනවද කළේ?
වැරදුණු තැන් සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගන්න වැඩපිළිවෙළක් පටන් ගත්තා. අපිට වැරදුණු තැන් තේරුම් අරගෙන ඒවා ගැන සාකච්ඡුා කළා. ඒ විදිහේ පාපෝච්චාරණයන් කරලා මිනිසුන්ට කිව්වා අලූත් ගමනක් යන්න එන්න කියලා.
සිරිමාවෝ මැතිණිය ඔබ දැකපු විදිහට කොයි වගේ කෙනෙක්ද?
අලූත් අදහස් වලට හැම තිස්සෙම ගරු කළා. එතුමියත් එක්ක වැඩ කරන්න ලේසියි. අපිටත් හොඳ දේශපාලන පාඩම් එතුමියගෙන් ඉගෙන ගන්න ලැබුණා. එයා නම් වෙලාවට වැඩ කළා.
ඔබ බණ්ඩාරනායක මහත්තයා එක්ක ඇසුරු කළාද?
නෑ, එහෙම ළඟ ඇසුරක් තිබුණේ නෑ. කීප වතාවක් මුණ ගැහිලා කතා බහ කරලා එහෙම තියෙනවා.
ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවට මුහුණ දුන්නේ කොහොමද?
අපිට නොයෙක් දුෂ්කරතා වලට මුහුණ දෙන්න වුණා. ඒක අපි ශක්තියක් කර ගත්තා. මැතිණියගෙ ප‍්‍රජා අයිතිය නැති කිරීම විශේෂ සිද්ධියක්. මම නම් ඒකට තදින්ම විරුද්ධව හිටියේ. ඒකෙදි මැතිණියට මිනිස්සුන්ගේ අනුකම්පාවක් ලැබුණා. අපි ජනතාවට ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ පිළිවෙත ගැන කිව්වා. ඒත් ආණ්ඩුව බලවත්වනේ හිටියේ. මැතිණිය පවා ප‍්‍රජා අයිතිය අහෝසි වෙලත් ඒ ආණ්ඩුවට මුහුණ දුන්නා. දේශපාලනයේදි කරදර එනවා කියලා දමලා ගහලා යන්න බෑනේ. දේශපාලනයට ආව නම් සැප දුක දෙකම භුක්ති විඳින්න ඕනෑ.
ඇත්තටම සිරිමාවෝ කිව්වද මිනිස්සුන්ට හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කියලා?
එතුමිය එහෙම කතාවක් කිව්වේ නෑ. පෙළපාළි ගිය අය කියපු කතාවක් ඕක. මා දන්නා තරමට මැතිණිය කිසිම තැනකදි ඔය වගේ පොරොන්දු දුන්නෙ නෑ.
සිරිමාවෝ මැතිණිය 70-77 පාලන කාලය ඒකාධිපති ස්වරූපයෙන් ගෙනිච්ච කියලානේ විරෝධය ආවේ?
අපටත් හිතෙනවා එතුමිය ඒකාධිපති ස්වරූපයක් අනුගමනය කළා කියලා. අනික් අතට ඒ වෙලාවෙ එහෙම නොකර බැරිකමකුත් තිබුණා කියලත් හිතෙනවා. එහෙම නැත්නම් ආණ්ඩුව ගෙනියන්න බෑ. පක්ෂය ඉදිරියට ගෙනියන්නත් බෑ.
අධිකරණය ඇමැති හැටියට ඔබට ඒ කාලේ කරන්න වුණු විශේෂ වැඩ මොනවද?
ඒ කාලේ තමයි අපරාධ යුක්ති කොමිෂන් එක :ක්‍න්‍ක්* පත් කරලා කොළඹ ගෙයක් අරගෙන 71 කැරැුල්ලට සම්බන්ධ අය ප‍්‍රශ්න කළේ. ඒකෙන් විදේශ විනිමය වංචා ගැනත් හොයන්න ගත්තා. අපේ අමාත්‍යාංශය යටතේ තමයි ඒ පවරගත්තු රැුඳවුම් මධ්‍යස්ථානය තිබුණේ. හිරගෙවල් අපි යටතේ තිබුණේ. මේ පනතට අදාළව ඕඩර් ගහපු ඕනෑ කෙනෙක් එතෙන්ට ගෙනල්ලා ප‍්‍රශ්න කළා. ෆීලික්ස් ඩයස් තමයි මේකට මුල් වුණේ.
සිරිමවෝ රජයේ ෆීලික්ස් ඩයස් කෙරුමෙක් වුණේ කොහොමද?
සිරිමාවෝ මැතිණිය බලයට ආවේ දේශපාලන අත්දැකීමක් නැතුව. එතකොට එතුමියට හිතවත්ව උපදෙස් දෙන්න හිටියේ ෆීලික්ස්. ඒක තමයි මගේ වැටහීම. ඒක උඩ එතුමිය ෆීලික්ස් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා. ෆීලික්ස්ට ලැබුණේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිකම.
ඒකත් 77 පරාජයට හේතු වුණාද?
සමහර විට වෙන්න පුළුවන්. අපේ මිනිස්සු කොහොමවත් කැමති නෑ එක්කෙනෙක් ඉලිප්පිලා යනවට.
ඒ ඇමැති මණ්ඩලේ ඉඳපු අයගෙන් ඔබටත් කැපිලි කෙටිලි තිබුණාද?
එහෙම විශේෂ කැපිල්ලක් කියලා දෙයක් තිබුණේ නෑ. අපි අපිට ඕනෑ විදියට වැඩ ටික කළා.
පක්ෂය දෙකඩ වෙලා මෛත‍්‍රීපාල සේනානායකලා වෙන් වෙද්දි ඔබ මොකද කළේ?
මම මැතිනිය එක්කම හිටියා.
පක්ෂය සමගි කරන්න බැලූවේ නැද්ද?
පුළුවන් තරම් උත්සාහ කළා. මෛත‍්‍රීපාල සේනානායක නියෝජ්‍ය නායක හැටියට පක්ෂ යාන්ත‍්‍රණය තුළ ජනප‍්‍රිය නමක් හදාගෙන තිබුණේ.
පක්ෂ මූලස්ථානයටත් ගෝරි ගියා.
මෛත‍්‍රීපාලලා ඒක අල්ලගෙන ආණ්ඩුවට පවරලා දුන්නනේ. මැතිනිය මේ හැම දෙයක්ම කොහොම හරි ඉවසීමෙන් දරාගෙන හිටියා.
අනුර බණ්ඩාරනායකයි ඔබයි අතරේ ඇසුරක් තිබුණාද?
ලොකු ඇසුරක් තිබුණේ නෑ. අවශ්‍ය දේ විතරක් කතා කළා. වගකීම් ගන්න අකමැති සෙල්ලම් චරිතයක් අනුර.
අනුරට රටේ නායකයා වෙන්න බැරි වුණේ ඇයි?
නොලැබීම තමයි, ඕනෑ කෙනකුගෙ ඉරණම ලියවිච්ච විදිහක් තියෙනවානේ. නැත්නම් අම්මයි තාත්තයි අක්කයි තුන් දෙනාම රටේ නායක වෙච්ච පවුලක එකම පුතානේ. එයා හැමදාම පක්ෂ මාරු කළේ වැරැුදි වෙලාවට.
ජේ. ආර්. ගැන ඔබේ ඇත්ත අදහස මොකක්ද?
අවශ්‍ය දේ ලබාගන්න ඕනෑම දෙයක් කරන ජාතියේ මිනිහෙක්.
88 - 89 භීෂණ කාලේ තර්ජන තිබුණාද?
නොතිබුණා නොවෙයි. අපි ගමන් බිමන් ගියෙත් උපක‍්‍රමශීලීව. වස දරුණු කාලයක්නේ ඒක. සමහර ගමන් ගියේ තනියම. කවුරුවත් එක්ක ගියේ නෑ.
x ඔබද ජීවතුන් අතර ඉන්න ජ්‍යෙෂ්ඨම දේශපාලනඥයා.
ඒ ගැන නම් මම හොයලා නෑ. මම දන්න තරමට වෙන කවුරුවත් නෑ නේද?
මෙච්චර කල් පාර්ලිමේන්්තු එන්න ලැබුණේ කොහොමද?
ඡන්ද පදනම එදා ඉඳලා හදාගත්තා. පුද්ගලික සම්බන්ධතා උඩ තමයි ඒක පවත්වා ගන්නේ. මගේ ජය භූමිය තමයි හොරණ. මම එහේ මළ ගෙදරට, මඟුල් ගෙදරට, බණ ගෙදරට, දානෙ ගෙදරට හැම එකටම යන මනුස්සයෙක්.
දීර්ඝ පාර්ලිමේන්තු ජිවිතය ගැන මොකද හිතෙන්නේ?
සතුට වගේම දුක හිතුණ අවස්ථාත් තියෙනවා. අපි ආණ්ඩු බලයක් අරගෙන ශක්තිමත්ව ඉන්න කොට සතුටුයි. බලය අහිමි වුණා. ඉතිං කණගාටුයි. ඒක ඉතිං සාමාන්‍ය ස්වභාවයනේ.
චන්ද්‍රිකා කුමාරණතුංග බලයට ගෙන ඒමේ මෙහෙයුම තුළ ඔබට භූමිකාවක් තිබුණද?
විශේෂ භූමිකාවක් තිබුණෙ නෑ. පක්ෂ යාන්ත‍්‍රණය තුළ ඕනෑ වැඩක් කළා.
ඒකෙදි හැබැයි එස්. බී. මංගල වගේ අය යටිතලයේ වැඩ ගොඩක් කළා නේද?. ජ්‍යෙෂ්ඨයො වෙච්ච ඔබලට වඩා?
ඒවා එයාලා බලෙන් පවරගත්තු වැඩ. ඒවා කවුරුවත් එයාලට පවරලා දුන්න වැඩ නොවෙයි. අපිට එහෙම කරන්න අවශ්‍යතාවක් තිබුණේ නෑ. අපි කාලයක් තිස්සේ පක්ෂයේ වගකීම් දරපු අයනේ. ඒ වැඩ කළ අයට නොයෙකුත් අදහස් තියෙන්න ඇති.
චන්ද්‍රිකා ජනාධිපති වුණාට පස්සෙ ඔබ අගමැති කළා. අම්මයි දුවයි අතරේ වෙනස මොකක්ද?
චන්ද්‍රිකා එක්ක අපි ඉතා සුහදව වැඩ කළා. මැතිණිය එක්කත් හොඳින් වැඩ කළා. ලොකුම වෙනස අම්මට වඩා දුව එක්ක වැඩ කරද්දි වෙලාවට වැඩ කිරීම ගැන ප‍්‍රශ්න මතු වුණා. සිරිමාවෝ නම් වෙලාවට වැඩ කළා.
චන්ද්‍රිකා නිසා ඔබලත් ඕනෑ තරම් රස්තියාදු වෙන්න ඇති.
අපොයි ඔව්, ඒත් අපි පස්සෙ වෙලාව හොයලා බලලා මුණ ගැහෙන්න වග බලා ගත්තා.
ඔබ, වික්ටර් අයිවන් චන්ද්‍රිකා කුමාරතුංග ගැන ලියපු ”චෞර රැජින” පොත කියවලා තියෙනවාද?
නෑ, මට කියවන්න අවස්ථාවක් වුණේ නෑ.
චන්ද්‍රිකා ඔබට අගමැතිකම දෙන්නෙ ඇයි?
මම දන්නෙ නෑ. එයාට හිතෙන්න ඇති. මට දවසක් කෝල් එකක් දීලා එන්න කිව්වා, දිවරුම් දෙන්න. මම ගියා, ගත්තා, එච්චරයි මම දන්නේ.
දි.මු. ජයරත්නට අප්සෙට් එකක් තිබුණ ද ඔබ අගමැතිකම කරන එක ගැන?
මම අගමැති වෙලා ඉන්න කොටත් එයා මාසෙකට දෙකකට හරි අගමැතිකම එයාට දෙන්න කියලා ඉල්ලූවා. මම කිව්වා ඒක මට අයිති වැඩක් නොවෙයි, ජනාධිපති තීන්දු කරන දෙයක් මම කරනවා කියලා. මට නම් ඒ තත්ත්වයට වැටෙන්න බෑ.
මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සෙ ඔබට ලැබුණු සැලකිල්ල කොහොමද?
වෙනසක් නෑ. සුපුරුදු සැලකිල්ල ලැබුණා.
හැබැයි අගමැතිකම නැති වෙනවා ටික දවසකින්
දවසක් එතුමා ඇහුවා දිමුගෙන් හරි කරදරයි. මේ මිනිහා නිතරම ඒක ගැන කියනවා. මොකද කරන්නේ කියලා. මම කිව්ව කැමති දෙයක් කරන්න කියලා.
අගමැතිකම අත අරින්න ලෝභකමක් තිබුණෙ නැද්ද?
අනේ නෑ, ඒක අපේ බූදලයක් නොවෙයිනේ.
ඔබෙන් අරගෙන දි. මු. ජයරත්න අගමැතිකම හරියට කළාද?
මම කැමති නෑ ඒ ගැන කතා කරන්න.
මහින්ද රාජපක්ෂ මේ රට පාලනය කරපු අවුරුදු නවය ගැන ඔබ තෘප්තිමත්ද?
අපි එක් එක්කෙනා හප්පන්නනේ ඔබ ප‍්‍රශ්න අහන්නේ
ඔබතුමාගේ අදහස කියන්නෙකෝ?
ඒක ඉතිහාසය විසින් තීන්දු කරාවි.
හැබැයි ඔබලා අන්තිමට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කරලා පැත්තකට දැම්මා නේද?
ඔව්, ඉතිං එහෙම දෙයක් වුණා.
මේ ගැන කලකිරීමෙන් නේද ඉන්නේ?
කලකිරීමක් ඇති නොවුණා නෙවෙයි. අපිට කිසිම වගකීමක් නැති වුණානේ.
ඇයි ඔබලා රම්පෙ කරපිංචා වගේ වීසි කළේ?
ඒක එතුමගෙන් තමයි අහන්න වෙන්නේ. ඒකෙ ඵල විපාක එතුමා අද විඳිනවා.
මෛත‍්‍රීපාල සිරිසේන පක්ෂයෙන් අයින් වෙලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන ඔබ දැනගෙන හිටියද?
මම ඒක දැනග්තේ අන්තිම මොහොතේ.
මෛත‍්‍රීපාල සිරිසේනගේ ඒ තීන්දුව නිවැරැුදියි කියලා වත් හිතනවාද?
ඒක ජනතාව තීන්දු කරාවි. මට උත්තරයක් දෙන්න අමාරුයි.
ඔබත් ඔබේ පුතත් මෛත‍්‍රීපාල සිරිසේන එක්ක යහපාලනයට එකතු වෙනවා කියලා ආරංචි පැතිරුණා නේද?
ඒවා ආරංචි විතරයි. අපි ආවේ නෑනේ. මම පක්ෂය දාලා යන්නේ නෑ. ඒ දවස් වල මෛත‍්‍රීපාල සිරිසේන මට මුණ ගැහිලා කතාබහත් කළා. මම කිව්වා ඕනෑ හොඳ වැඩකට මගේ සහාය ලැබේවි කියලා.
පසුගිය ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂගේ පරාජය පිළිබඳ ඔබට දැනුණු හැඟීම කොයි වගේද?
ඒක විස්තර කරලා කෙළවර වෙන්නේ කොතනින්නද? අපිට පක්ෂය තුළ ඉන්න පුළුවන්ද එතකොට.
ඔබ ගොඩක් දේවල් වලට කෙළින් උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි?
පක්ෂයේ විනයක් තියෙනවා පක්‍ෂය ආරක්ෂා කරන්න ඕනෑ.
ඔබ තාම පක්ෂයට ආදරෙයි ද එදා වගේම?
නැතුව, මට පක්ෂයට වැඩ කරන්න විශේෂ තනතුරු ඕනෑත් නෑ.
ඔබේ පුතා විදුර වික‍්‍රමනායක දේශපාලනයට එන්නේ ඔබේ හයියෙන්ද?
මං හිතන්නේ නෑ. එයාගෙ ගමන එයා පටන් අරගෙන යනවා.
විදුර පක්ෂය ඇතුළෙ කොන් වෙලා නේද?
එහෙම කොන්වීමක් නෑ.
ඔබ පක්ෂයේ ඉහළම ජ්‍යෙෂ්ඨයෙක් වෙලත් ඔබේ පුතාට තැනක් නෑ වගේ කියලා හිතන්නෙම නැද්ද?
ඒක ඔහුගේ ගමන. එයා ප‍්‍රකාශ කරන අදහස් එයාගෙ වුවමනා එපා කම් උඩ කරන ඒවා.
ඔබලා මේ දේශපාලනය ගැන ගෙදරදි කතා බහ කරනවද?
විශේෂ කතාබහක් නෑ. අවශ්‍ය මොනවාහරි දෙයක් තිබුණොත් කතා කරනවා.
තාත්තා විදිහට ඔබට පේනවාද විදුර සාර්ථක දේශපාලනඥයෙක් කියලා?
ඒක තීන්දු කරන්න ඕනෑ ජනතාව. තාත්තලා පුතාලගෙ නෑකම් ජනතාවට අදාළ නෑ. තාත්තලා කවදාවත් පුතෙක් නරකයි කියන්නෙ නෑනේ.