(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
අත්පොළසන් නද කෙමෙන් තීව්ර විය. කුමුදුමලී ඩබ්ලිව්. යූ එක්වරක් නොව 8 වතාවක්ම ඒ නම පීඨාධිපතිවරයාගේ මුවින් ගුවනත රැව්පිළිරැව් නැගුනේ මහත් ගාමභීර ලෙසිනි. ඒ ඉකුත් 21වැනිදා පේරාදෙනිය සරසවි උපාධි ප්‍රදානෝත්සවයයි.
කොටිප්‍රහාර එල්ලවූ ,වන අලි තර්ජනයන් මැද අතහැරුණු , මගහැරුණු ජීවිත සිහිනය හඹාගිය ඇය සැබෑකළේ පශු වෛද්‍ය හොඳම සිසුවිය වෙමින් සිසු දිවියේ රන් සම්මාන 10 කට හිමිකම් කියමිනි. ශිල්පයට ආදරය කළයුවතියකගේ කතාව සිරිලක රැව් පිළි රැව්දෙන්නට ගියේ කෙටි නිමේෂයකි. සේරුනුවර මායිම් ගමෙන් හන්තානෙට විත් ඇරඹි මේ ඇයගේ කථාවයි.
ඇයගේ නමට ඉදිරියෙන් සටහන් වී තිබුණේ යෞවනියක සිය සිප් ධනය ලෙස පශු වෛද්‍ය විද්‍යාව විශිෂ්ටත්වය සඳහා රන් පදක්කම, පශු වෛද්‍යය ශුද්‍ර ජීව විද්‍යාවේ විශිෂ්ටත්වය සඳහා රන් පදක්කම, පශු වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ටත්වය සඳහා එස්.ටී. ප්‍රනාන්දු අනුස්මරණ රන් පදක්කම, පශුවෛද්‍ය සහ සත්ව විද්‍යාවේ විශිෂ්ටත්වය සඳහා එස්.ටී. ප්‍රනාන්දු අනුස්මරණ රන් පදක්කම, පශු වෛද්‍ය විද්‍යා උපාධියේ හොඳම කාර් ය සාධනය සඳහා වූ අරුණාචලම් චින්නියා රන් පදක්කම, ජීවරසායන විද්‍යාව සඳහා විද්‍යාවේ විශිෂ්ටත්වය සඳහා වූ අජන්තා හොරදාගොඩ අනුස්මරණ රන් පදක්කම, එම්.පී. සෙනවිරත්න මහතා සහ එම මහත්මිය වෙනුවෙන්පශු වෛද්‍ය පරපෝෂිත විද්‍යාවේ විශිෂ්ටත්වය සඳහා රන් පදක්කම, වෛද්‍ය ඩී සෙනවිරත්නපශු වෛද්‍ය මහජන සෞඛ්‍ය සඳහා රන් පදක්කම, පශු වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ විශිෂ්ටත්වය සඳහාඑස්.ටී. ප්‍රනාන්දු අනුස්මරණ ත්‍යාගය, ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සඳහා විශ්ව විද්‍යාලය පිරිනමනු ලබන රන් සම්මානය ඇතුළුරන් සම්මාන දහයක් දිනාගනිමිනි.
උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු 22 දා රාත්‍රියේ ඇය ආචාර් ය උපාධිය සම්පූර්ණ කරන්නට ඇමරිකා එක්සත් ජනපදය වෙතපියාසර කළාය.
වෙහෙසකර වුවද නිහතමානීව පෙරයම දෙකේ සිට පැය දෙකක කතා බහක ඇගේ කටුක මාවතක මතක මෙසේ සටහන් කරමි.
ත්‍රිකුණාමාලයේ මාවිල්ආරුවට ආසන්නව ඇති සේරුනුවර මායිම් ගමකසිට පැමිණි උදේනි කුමුදුමලීගේ කතාව සුහසක් පාසල් දරු දැරියන් මෙන්ම සරසවි දරු දැරියන්ගේ ජීවිත මං පෙත් සරසා ගැනීමට මහත් අභිප්‍රේරණයක් වනු නොඅනුමානය.
දකින සිහින හඹායන්නේ නම් දුෂ්කරම සමයේ අතනොහැර ගිය ඇගේ කතාව අමිහිරි මතක මැද සුමිහිරිම ඵලයකි. ජීවිතේ කටුක බව හොඳ හැටි විඳ’ ගනිමින් එහි ග්‍ර ඵලයෙහි රසවිඳින්නට ඇයට හැකිව තිබුණද දිවියේ රිදුන බිඳුණ දැනුන තැන්හි කටුක බව මෙතෙකැයි කියා නිම කරන්නටබැරි බව ඇය කියන්නීය.
ඔබ උසස් පෙළ කරන්න ගිහින් ඉබාගාතෙ යනවා වගේ අතරමං වෙනවා. මල් මාවතක් නොවූ ඒ ගැන කියමුද.
" අති දුෂ්කර ගමක මාවිල් ආරුවලට ටිකක් කිට්ටුයි. ඇත්තටම මායිම් ගමක්. අට වසරේදි එල්ටීටී කලබල. හත , අට වසර ඉස්කෝලේ ගියේ නෑ. එල්ටීටී කලබල
ඒ පොඩි ගමේ පරිසරය වෙනස්. අඩු වයසෙ විවාහ. අධ්‍යාපනයට යොමු වෙනවා අඩුයි. අද වුනත් ඒ වෙනස දකින්න පුළුවන්. තාත්තා පෙදරේරුවෙක්. මාව පිටයවල උගන්වන වත්කම තිබුනේ නැහැ. 2011දි ඒ ලෙවල් කරන්න හම්බවෙන්නේ නැහැ.
තාත්තට ඕනෙ උනා මාව කොළඹ යවන්න. මහවැලිගම පාසලෙන් නැවතුනේ ගමේ ඉඳලා කිලෝමීටර් හැටක් දුර කන්තලේ අග්‍රබෝධි විදුහලේ. ගුරුවරු නැති නිසා පැය 2 ක්ලාස් එකට යන්න එන්න පැය 12 ක්බස් එකේ දුක්වින්දා. 2013 මුලින්ම උසස්පෙළ ලියනවා. විද්‍යා පීඨයටතේරෙනවා. වෛද්‍යවරයෙක් වීමේ සිහිනය බිඳවැටෙනවා. මානසිකව වැටෙනවා. .
2014 උසස් පෙළ කරන්න පටන් ගන්නවා. වෛද්‍ය ඉංජිනේරු නෙමෙයි මට ඕනෑ වුනේ තිබුණේ විද්‍යාඥයෙක් වෙන්න. හැබැයි ඇත්තම කියන්න ඒ කවුද කියන්නමම දන්නේ නැහැ. පොතකින් කොහෙන් හරි අහුලගත්ත කෑල්ලක්. අයින්ස්ටයින් ගැන විතරයි දන්නේ. මුලදී ගණිත අංශයෙන් කරන්න කැමැත්ත තිබුණත් ගෙදර කැමැත්ත තිබුණේ වෛද්‍යවරයෙක් වෙනව දකින්න. එනිසා ජීව විද්‍යා විෂය ධාරාව කරනවා."
ෆාමසි වල වැඩකරපු ඔබට ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයට යොමුකළ කෙනෙක් හමුවෙනවා.
ෆාමසි වල සහායකයෙක් ලෙස වැඩ කළා රුපියල් 8000 පඩියකට. බෝඩිමට ගෙවාගෙන කෑම බීමට සහ ක්ලාස් ගියා. 2014 විශ්වවිද්‍යාලයට තේරෙනවා. ඉලක්කය වෛද්‍ය පීඨය වුනත් අවස්ථාව අහිමිවෙනවා.
මේ කාලේ අවබෝධය නෑ. කෑරකි කැරකි තිබ්බ ජීවිතයක්. අවබෝධයක් නෑ. විනාශ වෙන්න තිබ්බ සම්භාවිතාව වැඩියි. හවස 6.00 ට නගින බස් එකෙන් බහිනකොට පාන්දර දෙක වෙනවා. මුල් කාලේ එල්ටීටීඊ. පස්සෙ අලි.
වෙන ඕන දෙයක් වුනාවෙ අතෑරෙන්න හිතුණු තැන් තිබුණා. මේ ඖෂධ වේදිනියක් වෙන්න හිතුණා. 2015 ඒ ලෙවල් කරන එක පැත්තක දාලා ෆාමසි කෝස් එක කළා. ඖෂධවේදී විභාගයෙන් සමත් වෙනවා. ගමේ ඉස්පිරිතාලයට ආව ඩොක්ට ළඟ වැඩ කරන මගේ කතාව ඔහු දැනගන්නවා.
ඩොක්ට කරන්නාගොඩට මගේ මේ ක්‍රමය ඇල්ලුවේ නැහැ. කැම්පස් යන්න ලැබෙනවා ෆාමසිකෝස් පාස් වෙනවා යන්නේ නැහැ. මේ මොකක්ද කරන්නේ කියලා ඔළුවේ අත ගහගත්තා.
2015 ගියාට කමක් නැහැ 2016 ලියලා වෛද්‍ය, දන්ත හෝ පශු තුනෙන් එකකට යන්න කියලා වැඩ කරපු මාසෙ පඩියයි තවත් සල්ලි මට අතට දීලා ඔයාට පුරුදු විදියට මේ ගමෙන් යන්න කීවා. ෆාමසිකෝස් ජොබ් එක කරගෙන ඉගෙන ගන්න ධාරිතාවක් තියෙනවා නම් ඔයාට කැම්පස් යන්න පුළුවන් කියලා මාව පෙළඹෙව්වේ එතුමා. විශ්වවිද්‍යාලයෙන් පිට ඔයාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඔය ක්ෂේත්‍ර තුනෙන් ඇතුලට ගිහිල්ලා ගොඩක් දේවල් හදා ගන්න පුළුවන් බව පෙන්නලා දුන් වෛද්‍යවරයා මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණා.
වෛද්‍යවරයා තව මාසයක් පාමසියකත් වැඩ කරලා රුපියල් 15,000ක් ලැබුණා. ඩොක්ටර් ගෙනුත් ගානක් හම්බවුණා. තාත්තගෙනුත් පොඩි ගානක් ඉල්ලුවා මේ මාස හය මම කොහොමහරි ගොඩ දානවා කියලා. නතර වෙලා හිටපු ගෙදර කෙනෙකුට ටියුෂන් දීලා බෝඩිං පීස් අඩු කරගත්තා.මේ වගේ දේවල් මත මම ආපහු ඒලෙවල් වලට මුහුණ දුන්නා. සල්ලි හොයන්න ඕනේ ඒ කියන එක චූටි කාලේ ඉඳලම තිබුණා. ඇත්තටම නැතිකම නිසා.
ඔබ සුරූපී තරුණියක්. ලස්සනට අඳිනවා. ආකර්ශණීයයි.
මං ලස්සනට අඳින්න ආසයි. දුප්පත් වුණත් ඒ වගේම මට යම්කිසි රූපයක් තිබුණා. නැතිකම් බැරිකම පෙන්නන්න මං උත්සාහ කළේ නැහැ. මම ලස්සනට ඇන්දා මම ක්ලාසස් යන කාලේ උනත් දුප්පත් කෙනෙක් කියලා අනිත් අය හිතුවේ නැහැ. ගෑණු ළමයෙකුට නැති බැරි බව දැනුනහම ගොඩක් අනාරක්ෂිතයි. මම ඒ බව පෙන්නුවේ නෑ.
2016 ප්‍රතිඵලවලින් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට තේරෙනවා.
“අම්මා තාත්ත පැතුවෙ වෛද්‍යවරයෙක්. පශු වෛද්‍ය කියන්නේ මොකක්ද කියලා එයාලට ලොකු අවබෝධයක් නෑ. වෙද නලාවක් හම්බවෙනවනේ කියන එකෙන් එයාලා සතුටු උනා.
මම එදා ගොඩක්ම දුක් වුණා මට මේ ජීවිත කාලෙම වෛද්‍යවරයෙක් වෙන්න බැරිද කියලා. මට ලොකු පසුතැවීමක් තිබුණා. 2017 විශ්ව විද්‍යාල තේරීම් ලකුණු එනවා. අත්දැකීම් වලින් තැලිලා බිහිවුණ චරිතයක් නිසා මම සැලසුමක් හැදුවා ජීවිතයට ගැහැණු ළමයෙක් විදිහට මම ආරක්ෂා විය යුතු නිසා පිරිමි හැසිරෙන ආකාරය පිළිබඳව මම දැනගෙන හිටියා. මම ඔවුන් ඉදිරියේ නපුරු චරිතයක් වුනා. ඇත්තටම ගෑණු ළමයෙකුට තියෙන ආරක්ෂාව මදි බස් එකක ගියත් වැඩ කරන තැනක වුණත්.
සරසවි පිවිසුම් සැලසුම කොහොමද
යන්න කලින් මම පීඨයේ හිටපු අක්කා කෙනෙකුට කතා කළා. නිහතමානීව පැයක් විතර මට කියලා දුන්නා. වෛද්‍ය, දන්ත ඉගෙන ගන්න විෂයම තමයි පශු වෛද්‍ය අය ඉගෙන ගන්නෙත් මුල් අවුරුදුවල. ඖෂධවේදි දැනුමත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කීවා.
මේකෙන් අවුට් වෙලා අපිට මොනවද කරන්න පුළුවන් පශු වෛද්‍යවරයෙක්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් , මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන් කිව්වා.
මට ඕනැ විද්‍යාඥයෙක් වෙන්න. එයා හිනා වෙයිද කියලා හිතුනා. එක දවසක පුලුවන්නම් අපේ ගමට ඇවිල්ලා බලන්න. එයාල කොයි තැනද ඉන්නේ කියලා. මගේ අම්මා තාත්තා වුණත් එහෙම තමයි. මේ තියන තත්ත්වයත් එක්ක අහසයි පොළවයි වගේ. එයාලා හිතන පතන විදිහ තාම එහෙමමයි.
මම ඒ ගැප් එක විස්තාරණය කර කර ගිහිපු නිසා හැදිලා තියෙනවා. දන්නෙ නෑ කවුද මේ ප්‍රොෆෙසර් කියන්නේ. එයා කිව්වා ඉදිරියට එයාලා ඉගෙන ගන්න්වා. පිළිගැනීමක් තියෙනවා. වැටුප් වැඩියි.
මම ඇහුවා එහෙම කෙනෙක් වෙන්න මොනවද කරන්න පුළුවන් කියලා. බැච් එකේ හොඳට ලකුණු ගත්තොත් පුළුවන් කිව්වා. විශ්වවිද්‍යාලයට ඇවිත්වෛද්‍ය පීඨය දකිත්දි මට ඇත්තටම දුක හිතුනා. මගේ සමහර යාළුවො ඉන්නව දැක්කා. මමත් මේ වගේ දක්ෂයි නේ ඇයි මට මෙඩිසින් යන්න බැරි වුණේ හිතුනා.
මුල්කාලයේ සරසවියේ ඔබේ තැන කොහොමද
ත්‍රිකුණාමලයේ ඉඳන් ආවා කියපුවම කවුරුත් තඹ සතේකට මායිම් කළේ නැහැ. මට ඉංග්‍රීසි ලොකුවට බැහැ. ඔක්කොම කොළඹ නුවර ආදී ප්‍රසිද්ධ තැන්වල අය. හැබැයි මගේ පෙනුම ටිකක් කොළඹ කෙල්ලෙක් වගේ තිබ්බා.
මහාචාර් ය ඩිලාන් සතරසිංහ ඔහුගේ කතාව කිව්වා. ශිෂ්‍ය නම්නීයකරන වැඩසටහනක මං කට ඇරගෙන බලාගෙන ඉන්නවා. සරසවි ජීවිතයේ හොඳම පොළඹවන්නන් දෙන්නගෙන් එක්කෙනෙක් ඔහු සහ මං අර කලින් කියපු අක්කා.
විශ්වවිද්‍යාලයටසම්බන්ධ වෙච්ච විදිහ කතිකාචාර්යවරයෙක් වූ විදිහ රටවලට යන විදිහ ඔය ආකාරයේ දේවල් ගොඩක් කිව්වා. මම මේ දේවල් කට ඇරගෙන අහගෙන හිටියා. මගේ තිබුණ අහිංසක හීන. මං හිතුවා මෙයාව තමයි මම අනුගමනය කරන්න ඕනේ. මම දැන් බයයි. ඒ අය ඉංග්‍රීසියෙන් කතා කරන්නේ.
ආචාර් ය රබෙල් මාව අහඹු ලෙස තෝරාගෙන කතා කළා . ඔයාගේ නම මොකක්ද ඔයාගේ බලාපොරොත්තුව මොකක්ද. මම ගලපලා කියනවා මම ත්‍රිකුණාමලයේ ඉඳන් ආවේ මේ ඩිග්‍රිය හොඳට කරගෙන රටටසේවයක් කරන්න කියන එක. එතනදි මාව ඇගයීමකට ලක් කලා. මෙතනින් මට කොන් වෙලා හිටපු මට ජවයක් එනවා. පාසලක උනත් එහෙම කොන්වෙලා ඉන්න අය පොළඹවලා ගන්නවනම් ඒ අය හොඳ තැනකට යවන්න පුළුවන්.
අධිෂ්ඨානය සහ කැපවීම ගැන එයා ගොඩක් කතා කළා. Determination and dedication ඔය වචන දෙක විතරයි මම ලියා ගත්තේ. ඒකත් අරගෙන ගෙදර ගියා.
ශිෂ්‍යාවක් කොලයක් බලාගෙන කියාගෙන යනවා. කතාව තේරෙන්නේ නැහැ. මට තේරුණා මොනවා හරි එකක් දිනලා කියලා. මම හිතා ගන්නවා ඒ වෙලාවේ මමත් එහෙම කරනවා කවද හරි එච්චරයි.
අර අක්කාව අමතනවා නැවත. වාර්තා පොතේ ලබාගත හැකි සියළු ජයග්‍රහන තියනවා. මෙඩ්ල් ගන්න අය තමයි එහෙම කතා කරන්නේ. මේ ඔක්කොම ගත්ත කවුරුත් නැහැ මම ඇත්තටම කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා තනියම කතා කරන කෙනෙක්. මං මට ආදරේ කරන්න ගන්න එතැනදී.
මම කොච්චර ලස්සනද මම ඔහොම මෙඩ්ල්ස් දාගෙන ගිහිල්ලා කතා කළොත් කියලා මම හිතනවා. එදා මම ඩිමයි කොල වලින් ඔය කියන medals හදල දාලා කණ්ණාඩියෙන් හැඩ බැලුවා. ඔය ඔක්කොම මම ගන්නවා කියල අධිෂ්ඨාන කළා.
මේවා හිතේ හංගගෙන මං පොර වගේ හිටියා.හැමෝම අහන්නේ මෙඩිසින් යන්න බැරි වුණා නේද. ඒ වගේ දේවල් වලින් ගොඩක් හිත රිදෙනවා. අපිට නැති දේවල් අහනකොට. නෑදෑයො උනත් සමහර වෙලාවට කියනවා හරක් එක්ක නේද ඉන්න වෙන්නේ.
අම්මගෙ තිබුණ එකම රන් ආභරණය තියලා මුදලක් ගත්තා. පිළිවෙලකට ඉන්න ඕනෑ. සති අන්තයේ මට ආයෙම ෆාමසියක වැඩ කරනවා. සතියකට රුපියල් 4000 ක් . අපහසුතා නිසා මුල් කාලෙ බාහිර වැඩ වලට යන්න බෑ.
පුද්ගලික නවාතැනකට යනවා මුදලක් උපයාගන්න හිතාගෙන. පස්සට වෙලා බියගැන්වුනේ නැහැ. වැරදුනත් කමක් නෑ ඉස්සරහම ඉන්නවා කියලා හිතාගෙන ලෙක්චර් එකේ ඉස්සරහට යනවා . මට කියන දේ හොඳට තේරෙනවා ඒත් උත්තර දීගන්න බෑ. ඒත් මම ට්‍රයි කරා. මගේ අඩුපාඩු හිල් තියෙනවා. දවසක් මම ඇනටොමි කියල ලොකුවට වැරදියට ලියලා පිට කවර දාලා ලස්සනට තිබුණා. මැඩම් කෙනෙක් ඒක දැකලා. වැරැද්ද පෙන්නුවා. ඊට පස්සේ මම ඒක හදාගත්තා ලැජ්ජ වෙච්ච තැනක්.
එදා වෙච්ච ලැජ්ජාවෙන් ජීවිතේට ඉංග්‍රීසි අකුරු වැරදි නැහැ අද වෙනකන් වැරදීම් වලින් තමයි අපි හැදෙන්නේ. ඉංග්‍රීසි දන්න ගොඩක් අය අතරෙ මට මේක ලොකු අභියෝගයක්. මේක මගහරවා ගන්න ක්‍රම හෙව්වා. පොත් කියව ගත්ත දැනුමෙන් මම තනියම උත්තර ලියන්න ගත්තා. පළමු අවුරුද්දේ මම කැපී පෙනෙන ඉහල ගියා. ඒ තුනක් අරන් මම බැච්ටොප්. මම බිත්තිය ගහගෙන හිටියා මේ මේ මැඩල් ගන්නවා කියලා. ඒකට යන්න හොඳ මොරාල් එකක් ලැබුණා. අවසාන කාලය වෙනකොට මට ෆාමසි ලයිසන් එකත් ලැබෙනවා.
පුංචි හිත් වලට දරාගන්න බැහැ. බයෝ ද මැත්ස් ද නැහැ. ඒවා පහත් කරන්න හොඳ නැහැ. අද මට ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි උනාට ගොඩක් දේවල් ළඟා කරලා මම එතනින් එහාට යනවා. කරන දේ හොඳට කරගැනීමයි වැදගත්. රාමුවක තුළ කොටු නොවී දෙයක් හිතන්න පුළුවන් නම් ඒක වඩා වැදගත්.
මේ පලපුරුද්ද ගන්නම ඕන ඉගෙන ගන්නවා කියන්නේවිෂය කරුණුම නෙමෙයි. මේ කට්ට කන්නම ඕනේ. මම කොච්චර නොකා හිටපු වේල් ඇත්ද. උදේ දවල් රෑ එක වේලකින් ඉඳලා තියෙනවා. කොහේ හරි ගියත් එක වේලකින්හරි ඉන්න දන්නවා.
අපේ විශ්වවිද්‍යාල තුළ වුණත් ළමයින්ට හොයාගෙන දෙයක් කරගන්න දෙනවනම් ඒක ලොකු අත්දැකීමක්. ළමයින්ට කොහෙන් හරි ගෙනත් දෙන එක වියදම් කරගෙන ඉන්නකොට ඒකේ කිසි වැදගත්කමක් නැහැ. මම පෝස්ට් එකක් දැම්මා අම්මගේ තාත්තාගේ ෆොටෝ එකක් දාලා ඔයාලා දෙන්නට ගොඩක් පින් මාව මලක් වගේ නොහැදුවාට කියලා. අම්මයි තාත්තයි ඉල්ලන පමාවට මේ දේ දුන්නනම් තැලෙන්න පොඩි වෙන්න දුන්නේ නැත්නම්, මම මෙච්චර ලොකු ගමනක් එන්නේ නැහැ.
මට එයාලා පෙන්නුම් කරා ඇඳුම් ගන්න සල්ලි දෙන්න නැහැ. මම මොකද කළේ? මම ඒවා හොයාගන්න උත්සාහ කළා. ගැලපෙන විදිහට මගේ දැනුම උපයෝගී කරගෙන මම සල්ලි හෙව්වා. අම්මටයි තාත්තටයි මං කරන දේ ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ඒ අය මම කවදාවත් පහත් කරන්නේ නැහැ. කවදාවත් ළමයකුට මේ දේ කරන්න මේ කියලා නැහැ පීඩනයක් දෙන්න හොඳ නැහැ.
කොරෝනා සමය කොහොමද බලපෑවේ අධ්‍යාපන කටයුතුවලට
මේ කාලේ මට හොඳ අවස්ථාවක් ලැබුණා. බැච් එකේ හිටපු අනිත් අයට කියලා දෙන්න. ඊර්ෂ්‍යාව කුහකකම් කොහෙත් තියනවනේ. මගේ ළඟ නොතිබුණේම ඒක.
කෙනෙක් ඇහුවොත් පාඩමක් අනිවාර්යෙන් කියලා දෙනවා. අපි දෙයක් ඉගෙනගෙන තව කෙනෙකුට කියලා දෙනකොට ඒකත් හොඳ දෙයක්. බැච් එකේ ප්‍රමුඛයා උනහම ශිෂ්‍යත්ව දෙනවා. මට හොඳ පෙළඹවීමක් ආවා. රුපියල් 50,000 ක ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ වගේ එකතු කරලා එකතු කරලා තමයි මම smartphone එකක් සහ laptop එකක් ගත්තේ. අම්මලාගෙන් ඉල්ලගන්න බැරි නිසා එක එක වැඩ කරලා ඔය වගේ අවශ්‍යතාවයන් සපුර ගත්තා.
මේ දක්ෂතාවයන් කරගෙන යනකොට උදව් හම්බවෙනවා අපිට. තනියම මේ ආරම්භය ගත්තා. මේක තිරසාර කරගන්න ඕන. මම තරග කළේ මා එක්කමයි. මට බෑ කියලා හිතලා අතාරින්න හිතන වෙලාවට මම ආයේ නැගිටිනවා. කොරෝනා වලින් පස්සේ ගොඩක්ම ආර්ථික අපහසුතා ආවා. එනිසා දාලා යන්නම හිතුණා. ආයේ කොහොම හරි පෙලඹෙවීමක් එනවා ඉගෙන ගන්නවා කියලා.
සල්ලි කියන එක හොයාගන්න පුළුවන් මං හදාගන්න ඕනෑ වටිනාකම කියන එක. ගෙදර අඩුපාඩු තිබුණත් කොරනා සමයේ වැඩ ටික කරගෙන නිකන්ම ගෙවුනා. දෙවැනි අවුරුද්ද එනකොට ගෝල් මෙඩල්ස් තුනක් මට කියලාදැනගත්තා. දැන් මමමේ තුන ගත්තා නම් ඉතිරි ඉලක්කයන්ට යන්න ඕනෑ කියන අධිෂ්ඨානය තිබ්බා.
ඔබ සුන්දර යුවතියක්. පේරාදෙනිය කියන්නෙම ආදර පාරාදීසයක්. කොහොමද ඔබට එහිදී ආදරය දැනුනේ.
ඔය කාලෙදි සම්බන්ධයක් ඇතිවුණා. ඒත් ඒ ගෙවල් වලින් දරුණු විදියට ප්‍රතික්ෂේප වුණා. ප්‍රශ්න බලපෑවා. මම ඇත්තටම බලාපොරොත්තු වුණේ මගේ වටිනාකම අඳුනගෙන එකට ගමනක් යන්න පුළුවන් කෙනෙක්.
මගේ අම්මා තාත්තා ආපු තැන හදන්න බෑ. මං අමාරුවෙන් ආපු කෙනෙක්.කොටි ගහන කාලේ කඳවුරකත් හිටියා. 2007/8 වගේ කාලේ කන්තලේ කඳවුරක. එහෙම ජීවිතේ බේරගෙන ඇවිල්ලා ටියුෂන් කට්ට කාලා උදේ හවස කිලෝමීටර් 150 ක් විතර බස් එකේ ගිහිල්ල කොච්චර අමාරුවක් මගේ ඇඟට තියෙන්නඇතිද?
හොඳම ශිෂ්‍යයා වෙලා මම මේ ලස්සනට ජීවිතේ හදාගෙන යන්නේ මහාචාර්යවරයෙක් වෙන්න යන හීනයට. ඒ අයට වැදගත් වුණේ මගේ තත්ත්වය නෙමෙයි මගේ පෙළපත. දුප්පත්කම.
මේක ලංකාවෙ ක්‍රමය. අම්මලාට තියෙන්නේ මොනවද ඒගොල්ලෝ ජොබ් කරනවද. මොනවද තියෙන්න පුළුවන් දේවල්, දෑවැද්ද වැනි දේ. අනික කොල්ලට වඩා කෙල්ල කැපී පෙනෙනවාට කැමති නැති තත්ත්වයක් ලංකාවේ තියෙනවා. ඒ ප්‍රතික්ෂේප වීම මත මම ගොඩක් වැටුනා. මට අම්මගේ තාත්තාගේ අවශ්‍යතාවය වෙනස් කරන්න අවශ්‍යතාවයක් නෑ. ඇයි මම එහෙම කරන්නේ. එයාලා කවද හරි කොතන හරි තැනක් ඇද ගන්නවා මගේ නැතිකම ගැන.
මට තේරුණා මගේ වටිනාකම තියෙන තැනක් මේ අයට පේන්නේ නැහැ කියන එක. අපි ඩිග්‍රිය හරියට කරගන්නා වගේම අනිත් පැත්තෙනුත් අපේ ජීවිතයට සුදුසු සහකාරයා හොයාගන්න ඕනෑ. අම්මා ඕලෙවල් විතරයි කරලා තියෙන්නේ තාත්තා මේසන් බාස් කෙනෙක්. ඉතින්ඒ දෙන්නගේ අත්දැකීම් වලින් තමයි මාව මේ තැනට ගෙනල්ලා තියෙන්නේ. ඒ අයව වෙනස් කරලා මට පෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රතික්ෂේප වලින් වීම් වලින් මම වැටුනා වුණත් නැවත නැගිට්ටා මගේ ගමන යනවා කියලා.
තුන්වැනි වසරේදී පර්යේෂණ කරන්න ලැබුණා.
මට හොඳ මතක ශක්තියක් තියෙනවා. කැප කිරීම්කරන්න පුළුවන්. එතකොට තේරුණා හොඳ පර්යේෂකයෙක් වෙන්න පුළුවන්. එතකොට තමයි විද්‍යාඥයෙක් බිහි වෙන්නේ කියන එකෙ. මාර්ගය පැහැදිලි වුණා.
එක දෙක තුනවසර තුනේම දක්ෂතමයා වුණා. අවසන් අවුරුද්දේ මම ප්‍රොෆෙසර් කෙනෙක් ලෙක්චරර් කෙනෙක් වෙනවා කියන එක අයින්කළා. හොඳම පහසුකම්, පර්යේෂණ ප්‍රදානයන් තියෙන හොඳ රටකට යන්න ඕන. යම් දෙයක් හොයාගෙන විද්‍යාඥයා කියන නාමය අරගන්නවා. 2009 දැකපු හීනයට යනවා.
අපේ ඔය කතා අහන කාට හරි හිතෙන්න පුළුවන් ඕක මොකක්ද කියලා. ඒ උනාට ඒ කාලේ අපිට ඔය පහසුකම් තිබුණේ නෑ. මගේ කතා වුණත් මම ඔය ලියල දාන්නේ කවුරුහරි කෙනෙක් ඒ තුළින් පෙළඹවනවා නම් ඒක ලොකු දෙයක්.
ආපු මගේ ඔයාටකැපිලි කෙටිලි බාධකතිබුනේම නැද්ද.
විශ්ව විද්‍යාලයේ තුළම අපිට ඒ දේවල් තිබ්බා.
ත්‍රිකුණාමලයෙන් ආපු කෙනෙක් විදිහට මට තිබුණ සැලකිල්ල කොළඹ අයට වගේ ලැබුණේ නැහැ. ගොඩක් අයට ඒක මදිකමක් වගේ තිබුණා. ඒවා මානසිකව හිතට දුකක්. මට මාව විශ්වාස නම් මාව පාලනය කරගන්න පුළුවන්. මුලදී දුක් වුණාට පස්සේ එක මට ගානක් නැහැ. වයස කාලය එක්ක ඒ දේවල් දියුණු වුණා.
විශ්ව විද්‍යාලේ තාවකාලික කථිකාචාර්යවරියක් විදිහට වැඩ කළා. හම්බවෙන දෙයින් තියෙන දෙයින් කළමනාකරණය කරගන්න මම හරි දක්ෂයි. ඒ අතර මම ඇමරිකාවේ දර්ශනපති උපාධියට යන්න අයදුම් කළා. මට ඇත්තටම ඕන වුණේ ලොකුම university එකකට යන්න. ඇමරිකාවේ හොඳ මූල්‍ය ප්‍රධාන තියෙනවා. මම තේරි පත්වෙලා ඉන්න විශ්ව විද්‍යාලය ඇමෙරිකාවේ රෑන්ක් එක 32 වගේ. මගේ තිබ්බ සුදුසුකම් වලට මේ විශ්ව වද්‍යාලය මට ලොකු තැනක් දුන්නා. අයදුම් කරපු ගමන් මට පිළිතුරක් ඉක්මනටම ආවා.
මට සතුටුම හිතන ආරංචිය එදා ලැබුණේ. මම ගොඩක් දුක් උනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යන්න බැරිවීම ගැන. මට හම්බවෙච්ච විශ්වවිද්‍යාලය පශු වෛද්‍ය පීඨයක් තමයි. ඒ උනාට ඒකෙ පර්යේෂණ කරන්නේ මිනිස්සු සම්බන්ධව ඇති ලෙඩ රෝග පිළිබඳව. විශේෂයෙන් නිව්මෝනියාව පිළිබඳව.
මට තියෙන්නෙ වැක්සීන් එකක් නිෂ්පාදනය කරන්න. එදා මම ගොඩක්ම කණගාටු වුනේ මිනිස්සු සම්බන්ධව මට කරන්න දෙයක් වෙන්නෙ නෑ කියන එක ගැන. නමුත් මට අද හම්බවෙලා තියෙන්නේ මිනිස්සුන්ට සම්බන්ධව පර්යේෂණයක්. රෝග වලට බෙහෙතක් හොයන දෙයක්.
අවසාන වශයෙන් බලාපොරොත්තු
ඇමරිකාවෙ මිනිස්සුන්ට සල්ලි වල ගැටලුවක් නැහැ. ඒ අයට වෙන වෙනම රෝගී තත්ත්වයන්ට පර්යේෂණ සිදු කරනවා. තුන්වෙනි ලෝකයේ රටවල් ලෙස අපි කොතනද ඉන්නේ කියලා හිතෙනවා. අපිට යම් දෙයක් කරල මනුස්සයෙක්ගේ හිත ගත සුවපත් කරන්න පුළුවන්නම් ලොකු දෙයක්.
මම දෙයක් හොයාගෙන ඒකෙන් මිනිස්සු සුවපත් වෙනවා නම් ඒකයි වටින්නේ. මං මැයිවල එන්න තමයි හිටියේ. නමුත්උපාධි ප්‍රදානෝත්සවය කල් ගිය නිසා ඒකට ඉඳලම තමයි ආවේ.
මම මේ කිසි දෙයක් ප්‍රසිද්ධ වෙන්න දැම්මේ නැහැ. ගොඩක් අය අගය කරලා තිබුණා ඒක දෛවය විසින් මාව උඩට ගෙනත් තැබුවා. මේක සුළු දෙයක් කියලා හිතෙනවා ඇති ඒ උනාට ඒ මොහොත තුළ ඒ මනුස්සයා ඒක ගන්න ගොඩක් දුක් විඳිනවා. මාව තේරුම් අරගෙන මාත් එක්ක ලස්සනට ගමනක් යන්න පුළුවන් කෙනෙක් හම්බුනොත් ඉස්සරහට එවැනි සහකාරයෙක් ගැන හිතනවා. මාව පහත් කරන්නැතුව මට වටිනාකමක් දෙන, ජීවිතය තේරුම් අරන් ඉදිරියට යන්න පුළුවන් සහකාරයෙක් ඉදිරියේදී මුණගැහෙයි කියලා හිතනවා..
මං හරි සරල කෙනෙක්. විනෝදයෙන් ඇවිදලා ඒ වගේම මම මගේ වැඩ ටිකත් කරගන්නවා. මං වටිනාකමක් හදාගෙන තියෙනවා ජීවිතේ. ඒ දෙයින් මට ලෝකෙට යමක් කරන්න අවශ්‍යයි.
මේ රටේ පශු වෛද්‍ය පාඨමාලාවකට ලොකු ගානක් යනවා. මගේ අම්මා තාත්තට වියදම් කරන්න එහෙම සල්ලි නැහැ. මේ නිදහස් අධ්‍යාපනයට පින් දෙන්න ඕනෑ.
විද්‍යා පීඨයකට හෝ පසුව වෛද්‍ය පීඨයකට ජීවිතේ කොටුවෙනවා. වැඩක් නෑ කියල හිතෙනවා නම් අපිට පුළුවන් ඒක කඩන්න. ඒ දේ හරියට කරගත්තොත් ශිෂ්‍යත්ව ගන්න පුළුවන්. පිට රටවල ගිහින් වැඩ කරන්න පුළුවන් හොඳ අවස්ථා තියෙනවා. රජයේ කැම්පස් වල අවුරුදු ගානක් රස්තියාදු වෙන එක අපරාදේ කියනවනේ. හැබැයි මම කියන්නේ මම ඇමරිකාවට තනියම ගෑනු ළමයෙක් වෙලා ආවෙ. මේ ශක්තිය හැදුනේ කොහොමද. විශ්ව විද්‍යාලය තුළ තැලිලා පොඩි වෙලා කටු කාලා තමන් හදාගත්තු තැන අනුව ඉදිරියට යා හැකියි.
තමන් ආපු තැන, ආවෙ කොතනින්ද, කවුද අම්මා තාත්තා,මොකක්ද ඉස්කෝලේ? මේ කිසි දෙයක් වැදගත් නැහැ. වැදගත් දේ තමන්ගේ අරමුණ. වෛද්‍යවරයා හා ඉංජිනේරුවා කියන ප්‍රතිඵලය නෙමෙයි. ඒ තැනට එන්නකොච්චර උත්සාහයක් ගන්නවාද කියන එකයි වැදගත්.
තව එවැනි ශිෂ්‍යත්ව ගත්තු අය ඉන්න පුළුවන්. හැබැයි ඒ අය සහ මම ආපු පාර අනුව එයා දරපු උත්සාහය සහ මම දරපු උත්සාහය වෙනස්. ප්‍රතිඵලය කොහොම වුණත් ඒ ප්‍රතිඵලය ගන්න දරපු උත්සාහය අපිව ශක්තිමත් මනුස්සයෙක් කරනවා.
ලංකාවේ වෛද්‍යවරයෙක් උනේ නෑ කියලා අද මට කිසිම කලකිරීමක් නැහැ. ඒ ඊට වඩා දෙයක් මට කරන්න පුළුවන් වෙයි කියලා හිතන නිසා. වෛද්‍යවරයෙක් වෙනවා කියන එක සුපිරිම දෙයක්. එක පහත් කරනවා නෙමෙයි. විද්‍යා පීඨ ගිහිල්ල එන ගුරුවරයා බලන්න එයාගේ වුණත් ලොකු වටිනාකමක් තියෙනවා. තමන් දැනගත යුතුයි තමන්ගේ වෘත්තීය තමන්ට පුළුවන් උපරිම රාමුවෙන් පිට ගොස් දෙයක් කරන්න.
අහන කෙනෙකුට කියන්න කැමති දෙයක් තියෙනවාද ?
සමහර අය කතා කරල අහනව ඇමරිකාවට ආවෙ කොහොමද කියල. මට කවුරුවත් ඒ දේවල් කියලා දුන්නේ නැහැ. නමුත් මම මට පුළුවන් දේ අනිත් අයට දෙනවා.
සාගරයක ගැඹුර පේන්නේ නෑ. එහි පීනන්න ඕනෑ. තව හුඟාක් දුර යන්න තියෙනවා. ඒ ගමන් මේ මාවතේ අයට උදව් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒකත් සතුටක්. කිමිදෙන්න ඕනේ, බලන්න ඕනේ පීනන්න ඕනේ. මං ඉන්නේ එවැනි තත්ත්වයක. ජීවිතයට අභියෝග ගන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන. කිසිම දෙයක් දැනගෙන නෙමේ අද මේ ඇවිල්ලා ඉන්නේ. ගුවන් තොටුපලෙන් ආපු වෙලාවේ ඉඳලම මට හිතෙනවා මට පුළුවන් මේකත් කරගන්න කියන එක.
හිතේ හයිය තියෙනවා. ඒ හිතේ හයිය ආවේ ආවේ පිටිපස්සේ තිබුණු අත්දැකීම් ගොන්නෙන්. දරුවන්ට දිය යුතු හොඳම දේ අධ්‍යාපනය. ඒක තනියම කරගන්න දිය යුතුයි. දෙමව්පියන් පැත්තක ඉඳලා සහයෝගය දිය යුතුයි.
අපිට ලැබෙන්නෙ සම්පූර්ණ ජීවිත නෙමෙයි. මේ වගේ රට පුරා සැඟවිච්ච දේවල් ගොඩක් ඇති. එහෙම අය මතුකරලා එළියට දෙන්න තව කෙනෙකුට ඒකෙන් පෙළඹවීමක් ඇති කරන්න, දෙමව්පියන්ට වදයක් නොවී ජීවත්වන්න.
අද වෙනකම් මම අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලන්නේ නෑ. මෙහෙම ප්‍රශ්න එක්ක ඉන්නෙ කිව්වොත් උදව් කරනවා. ඒකත් ලොකු ආදර්ශයක්. අද කාලේ ඉපදිච්ච ගමන් ළමයි smartphone එක ඉල්ලගෙන තමයි එන්නේ.
මගේ නම උදේනි කුමුදුමලී. මම ඔය නමට කැමති වුණේ නැහැ. මගේ තාත්තා මට දීපු උපදේශය තමයි පුතේ ඔයාට ඔය නම කැතයි කියලා හිතෙයි, ඒත් ටික කාලයක් යද්දි ඔය නම ප්‍රසිද්ධ වුණොත්, ඒක කැත නමක් වෙන්නෙ නෑ මේ ලෝකෙට.
තාත්තා එහෙම කියන්න ඇත්තේ කවදාහරි දවසක මට එහෙම ලෝකයක් තියේවි කියලා දැනගෙන වෙන්න ඇති කියලා මට දැන් හිතෙනවා.
ගමේදී මම වැඩ කළ ෆාමසියෙ වෛද්‍ය නිලධාරී සම්පත් කරන්නාගොඩ මහත්මයාට, විශ්ව විද්‍යාලයට යන්න පෙර මාව දැනුවත් කළ. කරුණු කාරණා පැහැදිලි කළ රොමේෂා සිරිවර්ධන අක්කාට, මගේ සිහින ලෝකයේ මාවත විවර කරලා දෙන්න මාව පෙළඹවූ මහාචාර්ය ඩිලාන් සතරසිංහ මහතාට, අවසාන කාලයේ විද්‍යාඥයා කියන අධිෂ්ඨානය තියාගන්න පෙළඹවූ සහ පැමිණි බාධක මඟහරින්න උදව් කළ මහාචාර්ය අනුරුද්ධිකා සහ කථිකාචාර්ය සමන්තිකා ජාගොඩ මහත්ම මහත්මීන්ට මම කෘතවේදීත්වය පළ කරනවා.