මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව අදාල පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දැනුම් දී ඇතැයි ද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
මැතිවරණ ….. වියදම් සීමාකිරීමේ පනත් කෙටුම්පත රජය මගින් ගෙන එනු ලැබුවේ පැෆරල් ඇතුළු සෙසු නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ සහ වෙනත් පාර්ශ්ව ගණනාවක් විසින් වරින් වර කරන ලද කරුණු පෙන්වාදීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.
මේ පිළිබඳ මූලික කෙටුම්පත සකස් කර තිබුණේ 2016 වර්ෂයේ දී බව සඳහන්ය. කෙසේ වුවද එහි ඇතුළත් වූ ප්‍රධාන කරුණු ගණනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතේ අඩංගුව නැතැයි පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර තිබේ. එම කරුණු කාරක සභා අවස්ථාවේ දී එකතුකරන ලෙසට ඒ මහතා ඉල්ලීමක් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති තීන්දුවට අනුව සංශෝධනවලට යටත්ව එම කෙටුම්පත සම්මත කර ගැනීමට හැකියාව තිබෙන හෙයින් අවශ්‍ය සංශෝධන එකතු කිරීමට බාධාවක් නොවනු ඇතැයි අපි සිතමු.
මැතිවරණවලට ඉදිරිපත්වීම ලොකු වියදමක් දැරීමට සිදුවන කාර්යයක් වශයෙන් සැමවිටම අර්ථ දක්වනු ලැබේ. එය එසේම වන බව පළාත් පාලන මැතිවරණය නොපැවැත්විය යුතු බවට අදහස් දක්වන පාර්ශ්ව විසින් රටටම පෙන්වා දෙමින් සිටී. වියදම් ප්‍රශ්නය කෙසේ වුවද මහජනතාවගේ පරම අයිතියක් වන ඡන්ද පැවැත්වීම වියදම් හේතුව ඉදිරියට දාගෙන වැළැක්විය යුතු නැත. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය. කළ හැක්කේ කළ යුතු වන්නේ එකී වියදම් පාලනය කිරීමට අවශ්‍ය එකී වියදම් පාලනය කිරීමට අවශ්‍ය නීතිරීති හඳුන්වාදීමය. නීති හඳුන්වාදීමෙන් පමණක් එම ප්‍රශ්නය විසඳෙන්නේ නැත. එම නීති ක්‍රියාත්මක කර බල ගැන්වීමට කටයුතු කිරීම ද අවශ්‍යය. නැත්නම් මේ සියලු උත්සාහ ගඟට කැපූ ඉනි බවට පත්වීම නියතයකි.
කෙසේ වුවද මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂවල වියදම් පාලනය සහ අධීක්ෂණය කිරීමට නිසි ක්‍රමවේදයක් හඳුන්වා නොදෙයි නම් එය සිදු කිරීම ප්‍රායෝගිකව ඉතා දුෂ්කරවනු ඇත. එහිදී මැතිවරණ කොමිසමට ද කිසියම් වගකීමක් සහ කාර්යභාරයක් පැවැරෙන බව සැබෑවකි.
එහෙත් පූර්ව මැතිවරණ කාලසීමාව යනු එම කොමිසමට ඉතා කාර්ය බහුල සීමාවක් බැවින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ සිදුකරන වියදම් පිළිබඳ අවධානය යොමු කිරීම පහසු නොවනු ඇත. පැෆරල් සංවිධානය පෙන්වා දෙන ආකාරයට වෙනම බැංකු ගිණුම් වලින් එකී වියදම් සිදු කෙරෙන්නේ නම් එය අධීක්ෂණය පහසු වනු ඇත. ඒ සඳහා මැතිවරණ නිලධාරීන් යෙදවීමට ද කොමිසමට අපහසුවක් නොවේ. එකී යෝජනාව කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවීම අවශ්‍යය.
මැතිවරණ වියදම් පාලනය කිරීම අවශ්‍ය වන්නේ එය මේ රටේ දූෂණ සහ වංචා වර්ධනයට අසීමාන්තික ලෙස සිදුකරන බලපෑම හේතුවෙනි. මැතිවරණයේ දී අපේක්ෂකයන් නිතැතින්ම ව්‍යාපාරික පැළැන්තියේ ග්‍රහණයට හසුවෙති. මේ ව්‍යාපාරිකයෝ අතර හොඳ පුද්ගලයන් සිටිය හැක. එහෙත් ජාවාරම්කාරයෝ ද අපේක්ෂකයන්ට සිත්සේ වියදම් කරති. මේ ජාවාරම්කාරයන් අතර කුඩු මුදලාලිලා, කප්පම්කාරයෝ, විවිධ අපචාර ඇතුළත් ව්‍යාපාර කරන පුද්ගලයෝ පමණක් නොව කුළියට මිනී මරන්නෝ ද සිටිති.
ඒ වගේම මේ රටේ බරපතළ සංවිධානාත්මක අපරාධ සිදුකර එතෙරට පැනගොස් ඒ රටවල සිටිමින් ‘‘සූම්’’ තාක්ෂණය ඔස්සේ ඒ සියලු අපරාධ කරන පාතාලයෝ ද වෙති. මැතිවරණවල දී ආදායමකට සිටිමින් වැඩිම මුදලක් අපේක්ෂා කරන්නේ දේශපාලන පක්ෂවලටත් පොම්ප කළ හැකි පුද්ගලයන් වන්නේ ද ඔවුන්ය.
මෙවැනි ජාවාරමුන්ගේ මුදලින් බලයට පත්වන ගමේ පුංචි ආණ්ඩුවල මන්ත්‍රීන් නොව පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට ඉන්පසු සිදුවන්නේ මේ පුද්ගලයන්ගේ අවස්ථා ඉටුකිරීමට මුල්තැනක් දීමටය. එහි ප්‍රතිඵලයක් වන්නේ පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී විවිධ බලපෑම්වලට හසුවන්නට සිදුවීමටය. එය නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාමට ද ලොකු අභියෝගයක් වන අවස්ථා ද ඉස්මතු වෙයි.
මේ අනුව පැහැදිලි වන මූලික කාරණයක් වන්නේ මැතිවරණවල දී අපේක්ෂකයන් විසින් සිදුකරන වියදම් නියාමනය කිරීමක් සිදු නොවීම රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමටත් දූෂණ සහ වංචා අවම කිරීමටත් එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙන බවය. එම සාධකය අහෝසි කිරීමට අලුත් පනත් කෙටුම්පතකට අවශ්‍ය බලය ලබා දෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.
එම බලයට අනුව වැරදි කරන අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකින් නිසි දඬුවම් ලබාදීම ද අවශ්‍ය බවක් සඳහන් කරමු. මැතිවරණ අපේක්ෂකයාගේ වියදම් පාලනය කිරීමේ ක්‍රියාව නීරික්ෂණය, අධීක්ෂණය සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව යටතේ නිල ව්‍යුහයකින් ස්වාධීන කළ යුතු බවට පැෆරල් සංවිධානය කරන යෝජනාව ද කාලෝචිත බවක් පෙන්වා දෙමු.
(***)