පාසල් දරුවන් සිය දිවි නසා ගැනීම් ගැන දැන් යළිත් කතා කිරීමට සිදුව තිබේ. සියදිවි නසාගැනිම් මාධ්‍ය මගින් වාර්තා කිරීම ද එතරම් සුබදායී නොවන බව ලෝකයේ පිළිගැනීම වී තිබේ.
සියදිවි නසා ගන්නේ දුර්වල පෞරුෂත්වයක් ඇත්තෝය. මනෝවිද්‍යාඥයෝ පවසන්නේ විශාදය නම් රෝග තත්ත්වයේ එක් ප‍්‍රතිඵලයක් ලෙස කෙනකු සියදිවි නසා ගනු ලබන බවයි.
පසුගියදා පාසල් ශිෂ්‍යාවක විසින් පවත්වාගෙන ගියා යැයි පවසන ෆේස් බුක් ගිණුම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගේ අවවාදයක් ඉවසාගත නොහැකිව ඇය සියදිවි නසාගත්තාය. ඒ මරණයේ උණුසුම පහව යාමටත් පෙර ගාල්ල දිස්ති‍්‍රක්කයේ පිටිගල, පොකුණවලකඩ ගම්මානයේ දැරියක් ද ෆේස් බුක් පටලැවිල්ලක් හේතුවෙන් ගෙල වැලලාගෙන මියගියාය.
මේ මරණ දෙකේම පොදු සාධකය වන්නේ ෆේස් බුක් හෙවත් මුහුණු පොත නමින් හඳුන්වන අන්තර්ජාලයේ ඇති සමාජ ජාල වෙබ් අඩවියයි. මේ වෙබ් අඩවියේ ගිණුමක් පවත්වාගෙන ගොස් විදුහල්පතිගෙන් දෝෂාරෝපණයක් එල්ලවූ මොහොතේ දැරියක් සියදිවි නසා ගනිද්දී විදුහල්පතිවරයාට ද චෝදනා එල්ල වූයේය.
පිටිගල සිය නිවසේ දී සියදිවි නසාගත් දිනේෂා තිලක්ෂි (19) දැරිය මියගියේ පසුගිය 19 දා දහවලදීය. ඇය පෙර ශිෂ්‍යාව කළ දේ ආදර්ශයට ගන්නට ඇතැයි යන කාරණය පහසුවෙන් බැහැර කළ නොහැකි දෙයකි.
තිලක්ෂිගේ මරණයට හේතුව මුහුණු පොතේ පැවති ගිණුමෙන් ඇය හඳුනාගත් තරුණයෙක් හදිසියේ ම ඇය සොයා ඒමයි. ගාල්ල ලබුදුව සිරිධම්ම විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇය දෙවැනි වර විභාගයට මුහුණ දීමේ අපේක්ෂාවෙන් පසුවූවාය.
පළමුවර විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ඇය ෆේස් බුක් ගිණුමක් ආරම්භ කළාය. එහි ඡුායාරූපය ලෙස තම ඡායාරූපය නොදැමූ ඇය කළේ අන්තර්ජාලයෙන් ම සොයාගත් වෙනත් යුවතියකගේ ඡුායාරූපයක් ඇතුළු කිරීමයි.
මේ ඡුායාරූපයට වශී වූ තරුණයෙක් ඇය හා අන්තර්ජාලය ඔස්සේ සංවාදයට පැමිණියාය. මේ කෙටි කතා බහ ක‍්‍රමයෙන් ආදරයක් බවට පෙරළිනි. තිලක්ෂි සිය තොරතුරු ඔහුට නොපැකිලව කීවාය. එහෙත් තම ෆේස් බුක් පෙම්වතා පෙර දැමූ ඡුායාරූපයට වශීවී සිටින බව දත් ඇය තමන්ගේ සැබෑ ස්වරූපය ඔහුට පෙන්වූයේ නැත. ඔහු බැංකු සේවකයෙකි.
තිලක්ෂි හා විවාහ වීමට පෙරුම් පුරමින් සිටි ඔහු සිය දෙමාපියන්ට ද මේ බව කීවේය. පසුව තිලක්ෂිගෙන් තොරතුරු විමසා ඔහු ඇගේ නිවස ඇති ඉසව්ව ද සොයා ගත්තේය. දිනක් ඔහු ඇය සොයා පැමිණියේ සිය දෙමාපියන් ද සමගිනි.
දැන්ම ඒ සඳහා නොයන ලෙස තිලක්ෂි ඔහුගෙන් ඉල්ලා සිටිය ද ඔහු ඊට කන්දුන්නේ නැත. තිලක්ෂිගේ නිවසට ම ආ මේ අමුත්තෝ තමන් සොයන යුවතියගේ ඡායාරූපය පෙන්වා ඇය ගැන විමසූහ. තිලක්ෂි නිවසේ සිටියේ නැත. අම්මා කියා සිටියේ තම නිවසේ එවැනි තරුණියක නැති බවයි. පිරිස ආපසු හැරී ගියහ.
![]() |
මියගිය තිලක්ෂි |
යළිත් තිලක්ෂි සමග අන්තර්ජාලයෙන් හමුවූ මිතුරා තව දුරටත් තිලක්ෂිගේ නිවසේ විස්තර සොයාගත්තේය.
පසුගිය 19 දා මනාලයා සිය දෙමාපියන් ද සමග නිවසට පැමිණියේ ය. තිලක්ෂි දිවගොස් කාමරයේ සැගවෙද්දී මව යළිත් ඉදිරියට පැමිණියාය. පිරිස තිලක්ෂිව සොයයි. කුමන හෝ වරදක් සිදුව ඇතැයි සිතූ තිලක්ෂිගේ මව දියණිය තමන්ගේ නොවන ඡුායාරූපයක් යොදාගෙන ෆේස් බුක් ගිණුම සාදා ඇති බව දැනගත්තාය.
මේ අතර තිලක්ෂි වෙනත් රූපයකින් පෙනී සිටිමින් තරුණයා නොමග යැවීම සම්බන්ධනේ පැමිණ සිටියෝ තිලක්ෂිටත් බැණ වදිමින් ආපසු ගියහ. ඔවුන් යද්දී ගමේ ගොඬේ කිහිප දෙනෙකුටත් මේ බව කියා ඇත.
තිලක්ෂිගේ මේ ෆේස් බුක් කතාවට ඇය මවගෙන් ද හොඳටම බැණුම් ඇසුවාය. ගමේ ද එය ලැව්ගින්නක් සේ පැතිර යද්දී ඇය දැඩි තීරණකට එළඹුනේ සියල්ල අවසන් කිරීමට ඉටා ගනිිමිනි.
පසුදිනය උදාවිය. ගමේ පැතිර යන කතාවෙන් ඇය දැඩි සේ ලජ්ජාවටත් කම්පාවටත් පත්ව සිටියාය. රැුකියාවක් නොකර නිවසේ සිටින මව පී.එම්.කුසුමාවතී මහත්මිය (43) ගේ අවධානය වෙනතකට යොමු වනතුරු කල්යල් බලමින් සිටි ඇය නිවෙසේ තිබූ සාරියකින් ගෙල වැළලා ගත්තාය. මෙය තවත් සියදිවි නසා ගැනීමකි.
තිලක්ෂිගේ පියා කේ.කේ. සුමතිරත්න මහතා දැන් (46) වැනි වියේ පසුවෙයි. ගමේ පාසලට ගිය තිලක්ෂි ගාල්ල නගරයේ පාසලකට යැවූ ඔහු අන් දරුවන් දෙදොනාට ම වඩා තිලක්ෂි ගැන බලාපොරොත්තු තියා ගත්තේ ඇය ඉගෙනුමට දක්ෂයකු බැවිනි. නමුත් දැන් ඇය ජීවිතයෙන් සමුගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ඇගේ මව කුසුමාවති මෙසේ පවසයි.
‘‘ දුව වෙන කෙනෙකුගේ ඡුායාරූපයක් දාගෙන ඉඳලා තියෙන්නේ එයාගේ ඡුායාරූපයක් දැමූ විට හැමෝම දැනගන්න නිසා. ඒත් අන්තිමේ දී මේ දරුවට වුණේ ජීවිතයෙන් සමුගන්න. අපේ දුව වරදක් කරලා නැහැ. එයා හැංගී සිටියා. දුව එපා කියද්දී තමයි අර දරුවා අම්මලා තාත්තලා එක්ක දුව බලන්න ඇවිත් තියෙන්නේ. අපේ එක්කෙනා ඒ වගේ දරුවෙක් එනවා කියලවත් අපිට කිව්වේ නැහැ. අනේ මම එහා මෙහා වෙනකන් ඉඳලා මේ දරුවා කරගත්තු දෙයක්. මම හිටියානම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. ’’ යනුවෙන් අම්මා පවසයි.
ගෙල වැළලාගෙන සිටි තිලක්ෂි ඇල්පිටිය මූළික රෝහලට ගෙන යනවිටත් ඇය මියගොස් සිටියාය. මේ සියදිවි නසා ගැනීම ද ෆේස් බුක් හේතුවෙන් මරු වැළඳගත් පාසල් සිසුවියකගේ ගොන්නට වැටී තිබේ.
මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
‘‘ ෆේස් බුක් කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක්. එවැනි දේ තුළින් මිතුරන් හඳුනාගන්නවා. එය වරදක් නොවේ. ඇය එහි වෙනත් අයකුගේ ඡුායාරූපයක් යොදා සැ`ගවී සිටි බව කියනවා. කෙසේ වෙතත් ක්ෂණික ආවේගයක් නිසා හෝ දීර්ඝ කාලයක් තිබූ විශාදය වැනි රෝගයක් හේතුවෙන් සියදිවි නසා ගැනීමට ඉඩ තිබෙනවා. මෙවැනි දෙයක් වැළැක්විය හැකිවන්නේ සියදිවි නසාගන්නා පුද්ගලයා එවැනි දෙයකට පෙළඹී සිටින බව හඳුනාගැනීමෙන් ම පමණයි. ඇයට මේ අවස්ථාවේ නිසි උපදෙස් ලැබුණානම්, මග පෙන්වීමක් තිබුණා නම් මේ වගේ අවාසනාවන්ත සිද්ධියක් නොවීමට ඉඩ තිබුණා.’’
![]() |
තිලක්ෂිගේ නිවස |
වෛද්‍ය රූමි පවසන්නේ ෆේස් බුක් වෙබ් අඩවියේ වරදක් නොමැති බවයි. එවැනි සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කිරිමට අප සමාජය පුරුදු විය යුතු බව ද වෛද්‍යවරයා කියා සිටියි. වරද ඇත්තේ ෆේස් බුක් වෙබ් අඩවියේ නොව එය භාවිතා කරන්නන්ගේ සිතුවිලි මත බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.