ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය, දෙවතාවක් අගමැති ධුරය හෙබවූ නරේන්ද්‍ර මෝදි හා නේරු පවුලේ බලයේ උරුමකරු වූ රාහුල් ගාන්ධි යන ප්‍රධාන තරගකරුවන් දෙදෙනාම කනස්සල්ලට පත් කරමින් නිමාවට පත් වූයේය.
අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ නරේන්ද්‍ර මෝදි, සමස්ත ආසන සංඛ්‍යාව වූ 543න් ආසන 400කට වැඩි සංඛ්‍යාවක් හෙවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය හිමි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මැතිවරණ ව්‍යාපාරයේදී ඡන්දය ඉල්ලා සිටියේය. ඔහුගේ ස්ථාවරය වූයේ, බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා සියවස සමරන 2047 දක්වා කාලපරාසය තුළ ඉන්දියාව සමෘද්ධිමත්භාවය කරා ගෙන යාමට තමාට සුපිරි අධිකාරි බලයක් අවශ්‍ය වේ ය යන්නය. තමන්ට ලැබෙන ඡන්ද සමූහය පසුගිය මැතිවරණයේදී ලැබූ ආසන 303 පටන් ආසන 400 ඉක්මවා ලැබීමට ඔහුට අවශ්‍ය වූයේය.
එහෙත්, ඔහු ලැබූ ආසන සංඛ්‍යාව 240ට පහත වැටුණු බැවින්, දැන් ඔහුට ප්‍රමුඛ පෙළේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂ දෙකක් සමග සභාගයක් පිහිටුවීමට සිදුව තිබේ.
මෝදිට එරෙහි මුළුතැන්ගේ කුමන්ත්‍රණය
අඥාදායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට චෝදනා ලත් මෝදිට දඬුවම් කිරීමට හා තම පක්ෂ නැවත බලයට ගෙන ඒමට රාහුල් ගාන්ධි වැඩි ආසන සංඛ්‍යාවක් බලාපොරොත්තු වූයේය. එම කුමන්ත්‍රණය කරළියට නැංවූයේ මෝදිගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම්ගේ මුළුතැන්ගේ තුළ ඇයගේ සැමියා වූ ආචාර්ය පරකාලා ප්‍රභාකර් හරහාය. ඔහු නරේන්ද්‍ර මෝදිගේ ආර්ථික ප්‍රතිපත්තීන්ට ප්‍රහාර එල්ල කළ අතර, ඔහුගේ බිරිඳ ද එම කාර්යයම කළාය. එම ප්‍රහාර එල්ල කරන ලද්දේ ආචාර්ය පරකාලා ප්‍රභාකර් රචනා කළ 2023 මැයි මාසයේ ප්‍රකාශයට පත් කළ “The Crooked Timber or New India: Essays on a Republic in Crisis” නම් ග්‍රන්ථයෙනි. මෙම ග්‍රන්ථය හොඳම අලෙවිය වාර්තා කළ ප්‍රකාශනයක් විය.
එයින් අනතුරුව ඒ අනුව යමින් ආර්ථිකය පිළිබඳ තීරු ලිපි ගණනාවක් පළ වූ අතර, ඒ සම්බන්ධ ප්‍රසිද්ධ දේශන ද පැවැත්විණි. ඒවායින් ඔහු මොදිගේ ඊනියා ආර්ථික ප්‍රාතිහාර්යයන්හි මුග්ධ බව නිවැරැදිව සිතන ඉන්දියානුවන්ගේ අවධානයට ලක් කළේය. ඔහුගේ අවධානය යොමු වූයේ ඉහළ යන ජීවන වියදම, වැඩි වන විරැකියාව සහ දරිද්‍රතා අනුපාත යන සාමාන්‍ය ගෘහාශ්‍රිත මුළුතැන්ගේ තුළින් හටගන්නා මූලික ආර්ථික ගැටලු තුන වෙතයි. කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් ඡන්දය ඉල්ලා සිටි ඔහුටත්, එසේ කළ අනෙක් අයටත් අවශය වූයේ, මෝදි බිම හෙළීමයි. එහෙත්, ඔවුන්ට ලැබුණු ඡන්ද සමූහය බහුතර බලයක් ඔවුනට නොදී, මුළු ආසන සංඛ්‍යාව වූ 543න් ආසන 237ක් පමණක් දී මග නතර වූයේය.
බල බිඳුණු මෝදි සහ බල ගැන්වුණු විපක්ෂය
මේ වන විට රජුන් තනන්නන් බවට පත්වී ඇති ඉහත කී ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල ඉල්ලීම්වලට එකඟ වන්නට තරම් මෝදි තදබල පීඩනයකට පත්ව සිටී. යම් හෙයකින් ඔහු ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන්නට අසමත් වුවහොත් මෝදිගේ තුන් වැනි පාලනය විපක්ෂය වූ කොංග්‍රසයට බලය ඩැහැ ගැනීමට ඉඩ සලස්වමින් බිඳ වැටෙනු ඇත. ඇත්ත වශයෙන්ම එහි නායකයන් තමන්ට මෝදිගේ ආණ්ඩුව බලයෙන් නෙරපන්නට හොඳම අවස්ථාව එළැඹෙන තුරු පක්ෂයේ ඉන්නා බවට ප්‍රතිඥා දී තිබේ. එම නිසා ඉන්දියාවේ සිටින්නේ බල බිඳී දමනය වූ මෝදි කෙනකු සහ බල ගැන්වුණු විපක්ෂයකි. ඒවා ප්‍රාණවත් ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ලක්ෂණ දෙකකි.
මෝදිට සුබ පැතීම සඳහා අත්වැල් බැඳ ගැනීම
මෝදි තුන්වැනි වරට බලයට පත් වීම ශ්‍රී ලාංකීය නායකයන්, එහි ඇති අස්ථිර බව හෝ එහි ඇති ප්‍රධාන දුර්වලතා සැලකිල්ලට නොගෙන මතුපිට පෙනෙන ආකාරයෙන්ම භාරගෙන තිබේ. නව දිල්ලියේ බල අධිකාරය කවුරු පාලනය කරන්නේ ද යන්න සැලකිල්ලට නොගෙනම ඔවුන්, ඔහුට දිනූ සැණින් සුබ පතා ඇත්තේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ඒ තරමට වටිනා ආර්ථික හවුල්කරුවකු බැවිනි. දැන් හිඟන්නාගේ පාත්තරය රැගෙන යන ශ්‍රී ලංකාවට එය විශේෂයෙන්ම වැදගත්ය. හිඟන්නන්ට රිසි සේ තෝරාගත නොහැකි නිසා ශ්‍රී ලංකාවට දැන් බලයේ සිටින්නේ නරේන්ද්‍ර මෝදි ද, නැතහොත්, රාහුල් ගාන්ධි ද යන්නෙන් කම්නැත. රටට සහනයක් දේ නම් ඕනෑම හිඟන්නකු මෙන් ශ්‍රී ලංකාව ද ඉන්දියාවෙන් ලැබෙන ඕනෑම දෙයක් පිළිගනු ඇත. එහිදී ආර්ථික ද්‍රව්‍යමය කාරණා සම්බන්ධයෙන් නොව ඉන්දියාව අනුගමනය කරනා ආර්ථික ක්‍රමෝපාය සම්බන්ධයෙන් වුව ද කම්නැත. සහනයක් ලැබේ නම් එපමණය.
ඉන්දියානු ක්‍රමෝපාය අනුගමනය කිරීම
ඒ ආකාරයෙන්ම, අත්වැල් ගායනා කරන්නා සේ ඉන්දියාව 2047 දී එය සංවර්ධිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය බව නිවේදනය කරනා විට ශ්‍රී ලංකාව ද බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා අවුරුදු 100 සම්පූර්ණ වන 2028 දක්වා කාලය රටේ සංවර්ධන වැඩ සැලැස්මේ කාලපරාසය ලෙස නිර්ණය කළේය.
එවැනි පොදු සංවර්ධන අරමුණක් ඇති ශ්‍රී ලංකාවට ඉන්දියාව හෝ එහි බල පදනම නොසලකා හැරිය නොහැකිය. ශ්‍රී ලංකාව ඉන්දියාවේ ක්‍රමෝපාය සහ තමන්ට උපකාර වන ඉන්දියානු ක්‍රමෝපාය සමීපව අනුගමනය කළහොත් තනිව කරන උත්සායකට වඩා ලේසියෙන් තම ඉලක්කවලට එයට ළඟා විය හැකි වනු ඇත.
ත්‍යාගශීලී මෝදි රජය
අතීතයේ කිහිප අවස්ථාවකම මෝදි රජය ශ්‍රී ලංකාවට ත්‍යාගශීලි වී තිබේ. 2021 අගභාගයේදී Asian Clearing Union වෙත ණය ශේෂයක් ඩොලර්වලින් ගෙවන්නට ඇති වගකීම් ඉටු කරන්නට ශ්‍රී ලංකාවට අසීරු වූ විට ඉන්දියාව එම ගෙවීම් මාස 6කින් කල් දමන්නට එකඟ වූවේය. පළමුවෙන්ම එය ඩොලර් මිලියන 500ක පමණ මුදලක් විය. ශ්‍රී ලංකාව ACU (Asian Clearing Union) රටවලට සිදු කළ අපනයනයට වඩා එම රටවලින් ආනයනය කළ පසු මෙම ශේෂය නොකඩවා ඉහළ ගියේය. ණය ගෙවා ගැනීමට නොහැකි වු සෑම අවස්ථාවකම ඉන්දියාව එය කල් දැමීමට එකඟ වූවේය. අවසානයේ එය ඩොලර් බිලියන 2ක් පමණ දක්වා ඉහළ ගිය විට සහ නව (මධ්‍යම) මහ බැංකුව පිහිටුවූ විට ඉන්දියාව එම වගකීම ඉන්දියානු රිසර්ව් බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙන SWAP (හුවමාරු ණය) පහසුකමකට පරිවර්තනය කරන්නට එකඟ වූවේය.
මෙම (SWAP) හුවමාරු ණය ආපසු ගෙවිය යුතු වූ විට ඉන්දියානු රිසර්ව් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවට සහන සපයමින් එය පසුවට කල් දැමුවේය. ඉන්දියාව එය නැවත ඉල්ලා සිටියහොත් ශ්‍රී ලංකාව රැස් කරගෙන තිබෙන විදේශ සංචිතවලින් පදාසයක් අහිමි වී ගොස් ගෙවුම් ශේෂයේ හිඟයක් ඇති කරමින් විනිමය අනුපාතිකය ඇද වැටෙන්නට බලපෑම් කෙරෙනු ඇත.
මුදලේ එවැනි පහත වැටීමක් සිදු වුවහොත් එය ශ්‍රී ලංකාවේ ඉන්ධන, ගෑස් සහ ආනයනික අමුද්‍රව්‍යවල මිල ස්ථාවර මට්ටමක තබා ගැනීමේදී අහිතකර බලපෑමකට ලක්වේ. එබැවින්, ශ්‍රී ලංකාවට මෝදිගේ රජයට සහ එහි නායකයන්ට පස මිතුරු වීමට නොහැකිය. එය ස්ථාවර රජයක් වේවා හෝ නොවේවා, ඊට සුබ පැතීමට මෙරට නායකයන්ට සිදු වේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට දීර්ඝ පෝලිම් නොමැතිව ආර්ථිකය පවත්වා ගන්නට ශ්‍රී ලංකාවට හැකිව තිබෙන්නේ ඉන්දියාවේ හිත හොඳකමට පින් සිදු වන්නටය.
වික්සිත් භාරත් 2047
2047 වන විට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමේ මෝදිගේ වැඩපිළිවෙළ කුලුනු 4ක් මත රැඳවූවකි. එය ඔහු ‘වික්සිත් භාරත් 2047’ නැතහොත් 2047 දී සංවර්ධිත ඉන්දියාවක් යනුවෙන් නම් කර තිබේ. ඔහු ඒ ගැන මෙසේ පවසා ඇත.
“විවිධාකාරයෙන් එහි සංවර්ධනයේ ඉදිරි ගමන යන විට සෑම රටකමට ඉතිහාසය විසින් යම් කාල පරිච්ඡේදයක් ලබා දෙයි. එක් අතකින් එය එම රටේ ස්වර්ණමය යුගය (අම්රිත්කාල්) යි. මේ ඉන්දියාවේ ස්වර්ණමය යුගයයි (අම්රිත්කාල්). මෙය රට යෝධ පිම්මක් පනින්නට සැරැසෙන ඉන්දියාවේ ඓතිහාසික කාල පරිච්ඡේදයයි. අප වටා ඇති බොහෝ රටවල එවැනි උදාහරණ තිබෙනවා. යම් කාල පරිච්ඡේදයක එවැනිම යෝධ පිම්මක් පනිමින් මෙම රටවල් සංවර්ධනය වූවා. ඉන්දියාවට නිසි වේලාව මෙය යයි මා සිතන්නේ ඒ නිසාය. මෙම ස්වර්ණමය යුගයේ සෑම මොහොතකම වාසිය අප ලබාගත යුතුයි. අප එක මොහොතක් හෝ නාස්ති කළ යුතු නැත.”
කුලුනු සතර
කුලුනු සතර නම්, තාරුණ්‍යය (යුව), දරිද්‍රතාව (ගාරිබ්), කාන්තාවන් (මහිලා) සහ ගොවීන් (කිසාන්) ය.
මේවා වර්තමානයේ වරප්‍රසාද නොලත් සමූහයන් වනමුත්, ප්‍රවර්ධනය අන්තර්ගත වූ තිරසාර ආර්ථික වර්ධනයක් හිමි සමූහයන්ය. මේ ඔස්සේ සහ විවෘත වෙබ් වේදිකා ඔස්සේ වික්සිත් භාරත් වැඩපිළිවෙළේ අරමුණ සාක්ෂාත් කරගැනීමට තම අදහස් ඉදිරිපත් කරන ලෙස ඔහු තාරුණ්‍යයට ඇරැයුම් කර තිබේ. සහභාගිත්වය සංවර්ධනය යනුවෙන් හඳුන්වන මෙහිදී සියලුම ප්‍රධාන ජන කොට්ඨාස එහි හවුල්කරුවන් බවට පත්වේ. ප්‍රතිපත්ති සම්පාදනය ඔවුන්ගේ පන්තිමය වරප්‍රසාදයක් සහ ඔවුන්ට ඉහළ සිට පහළට ප්‍රතිපත්ති පොම්ප කළ හැකි යැයි සිතා ඉන්නා ශ්‍රී ලාංකීය නායකයන්ට මෙය කදිම පාඩමකි. වරක් එය එසේ කළ විට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු සැමගේ යුතුකම වන්නේ ඒවාට එකඟව ක්‍රියා කිරීමයි.
අනාගත ආණ්ඩු බැඳ තැබීමට නිරර්ථක උත්සාහයක්
කලින් ලිපියක මෙහි ඇති මුග්ධ බව මම හුවා දැක්වූයෙමි. එහිදී සඳහන් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ ආකාරයට ආයෝජකයන් වෙතින් උපදෙස් ගැනීමකින් තොරව වර්තමාන රජය ආර්ථික පරිවර්තන පනත හඳුන්වා දීමට දැරූ උත්සාහයයි.
වික්‍රමසිංහ මින් පෙර 2003 වසරේ අගමැතිවරයා ලෙස බලයේ සිටි කාලයේ ප්‍රමාණවත් ඉලක්ක හරහා රාජ්‍ය ණය සහ රාජ්‍ය මූල්‍ය හිඟය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත ක්‍රියාත්මක කිරීම ඔස්සේ අනාගත ආණ්ඩු බැඳ තැබීමට ගත් උත්සාහය අසාර්ථකය. ඉන් අනතුරුව 2013 සහ 2021 අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු මෙම පනත සංශෝධනය කරනු ලැබුවේ එම ඉලක්ක උල්ලංඝනය කිරීමට අවසර දෙමිනි. දැන් වර්තමාන වික්‍රමසිංහ ආණ්ඩුව මෙම පනත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ගැනීම සඳහා ගැසට් කිරීම ඔස්සේ අහෝසි කිරීමට යෝජනා කර තිබේ.
වික්සිත් භාරත් - 2047 සඳහා මහජන උපදෙස්
වර්තමාන රජයේ ඒක පාර්ශ්වික ප්‍රතිපත්ති සම්පාදනය මෙන් නොව මෝදිගේ වික්සිත් භාරත් වැඩසටහන උදෙසා අයෝජකයන්ගේ උපදෙස් පුළුල් මට්ටමින් ලබා ඇති බව වාර්තා වේ. මෝදි රජයෙන් වික්සිත් භාරත් වැඩසටහනේ දැක්ම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති ප්‍රකාශනයට අනුව එම වැඩපිළිවෙළ සකස් කර ඇත්තේ 2021 දෙසැම්බර් පටන් 2024 ජනවාරි දක්වා අමාත්‍යාංශ හරහා රැස්වීම් 2700ක් පැවැත්වීමෙන් අනතුරුවයි. ප්‍රතිපත්ති සම්පාදකයන් නිර්දේශයන් 450ක් පරීක්ෂා කොට ආයෝජනයක් 15 දෙනකුගෙන් උපදෙස් ලබා තිබේ. ආයෝජකයන් අතර නවෝත්පාදන ප්‍රාග්ධනය කිරීමට සහ ඒවා සංවර්ධන වැඩසටහනට ගළපා ගැනීමට ඉන්දියානු රුපියල් ට්‍රිලියනයක් ආණ්ඩුවේ ඒකාබද්ධ අයවැයෙන් ඉදිරි වර්ෂවලදී වෙන් කිරීමට නියමිතය.
ගෝලීය සංවර්ධනය හා ඒකමිතික වන ආර්ථික සමෘද්ධියේ මූලික ගාමක බලය ලෙස මෝදිගේ රජය නව සොයා ගැනීම් සහ නවෝත්පාදනවලට කෙතරම් අවධානයක් යොමු කර ඇත්තේ දැයි එයින් පෙනේ. 2024 මැයි මාසයේදී ලෝක් සභා මැතිවරණය නිමා වීමත් සමග මේ සඳහා පස් අවුරුදු සැලැස්මක් ඉන්දියාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර, එහි අවසාන අරමුණ කඩිනමින් හෙළිදරව් කරනු ඇත. මෝදි ඉලක්ක කරගත් ආකාරයට අනාගතය ජය ගැනීම සඳහා ශක්තිමත් ක්‍රියාකාරි සැලැස්මක් ඒ ඔස්සේ ඉදිරිපත් කෙරේ.
ජනතාවගේ දැනුවත්භාවය
දීර්ඝ කාලීන සංවර්ධන වැඩසටහනක් උදෙසා මහජනයා දැනුවත් වීම ද තීරණාත්මක කාරණයකි. මහජන සහයෝගය නොමැතිව ප්‍රජාතන්ත්‍රීය සමාජයක කිසිම සංවර්ධන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකිය. මෙම කාර්යය උදෙසා මෝදි රජය ‘හමාරා සංකල්ප් වික්සිත් භාරත්’ නම් සංකල්පයක් හඳුන්වා දී ඇති බව වාර්තා වේ. රට පුරා සියලුම ග්‍රාම පංචායත්, නගර පංචායත්, නාගරික හා ස්වදේශීය ආයතන ආවරණය වන පරිදි යෝජනා කෙරෙහි සම්පෘප්තියට පත්වීම පිණිස, පැතිරුණු ක්‍රියාකාරකම් සහිත දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ඒ ඔස්සේ සිදු කෙරේ.
එහි අරමුණු වන්නේ, මෙතෙක් සමීප නොවූ අය වෙත සමීප වීම, ව්‍යාප්ත කර හැරීම, යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම, ප්‍රතිලාභීන් සමග සිදු කරන අන්තර් ක්‍රියා තුළින් රටවැසියන්ගෙන් ඉගෙන ගැනීම, සියලු දෙනා සමග පෞද්ගලික අත්දැකීම් බෙදා හදා ගැනීම සහ සැලසුම් ක්‍රියාදාමයේ මූලික අවධියේදී යෝග්‍ය ජනතාව වෙතින් තොරතුරු ඒකරාශි කරගෙන විභවතාව ඇති ප්‍රතිලාභීන් ඇතුළත් කරගැනීම ආදියයි. මේ ආකාරයට මොදිගේ වික්සිත් භාරත් 2047 යනු, සියලු ඉන්දියානුවන් සමාජීය හා ආර්ථික වශයෙන් සැබෑ පරිවර්තනයකට ලක් කිරීම අරමුණු කරගැනීම ඇතුළත් වූ සංවර්ධන වැඩපිළිවෙළකි. මෙය අනාගත ආණ්ඩු ප්‍රමාණාත්මක ඉලක්කවලින් බැඳ තැබීමේ අරමුණෙන් සහ දැනට පවතින ආයතන මරා දමමින් නව ආයතන පිහිටුවීමට හෝ ඒවායින් ඇතැම් ඒවා වර්තමානයේ සිදු කරන කාර්යය ඒ අයුරින්ම කිරීම උදෙසා වූ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තන පනතට හාත්පසින් වෙනස්ය.
සිවු වැනි කාර්මික විප්ලවයට පිම්මක් පැනීම
ඉන්දියාවේ මෝදි රජය හතර වැනි කාර්මික විප්ලවයට හෙවත් Industry 0.4 වෙත පිම්මක් පැනීමට සැරැසෙන්නේ නව සොයා ගැනීම් සහ නවෝත්පාදනයක් වෙත විශාල සම්පත් ප්‍රමාණයක් මුදා හරිමිනි. සිවු වැනි කාර්මික විප්ලවය මූලික වශයෙන් සැලකිල්ලට ගනු ලැබූයේ, නිෂ්පාදනය බෙදාහැරීම හා පරිභෝජනය යන සමාජයේ ප්‍රධානම ආර්ථික ක්‍රියාකාරකම් උදෙසා ඉහළම තාක්ෂණය භාවිත කිරීමයි. යම් රටක් සිවු වැනි කාර්මික විප්ලවයට එළැඹුණු බවට වර්ගීකරණය කරනු ලබන්නේ (Industry 0.4 වර්ගයේ බව) එහි අපනයන නිෂ්පාදනවලින් සියයට 40 ඉහළම තාක්ෂණ අපනයන වන්නේ නම් පමණකි. 2022 ලෝක බැංකුවේ දත්තවලට අනුව ඉන්දියාවේ එම දායකත්වය සියයට 12.48කි. ශ්‍රී ලංකාවේ එය සියය 1ට සමීප බැවින්, ඉන්දියාවේ තත්වය ඊට හාත්පසින් වෙනස් වේ. ශ්‍රී ලංකාවට ද සාර්ථකත්වය ලැබීමට අවශ්‍ය නම් එය ඉන්දියාව ගමන් කරන වාහනයට පැනගත යුතුය. හේතුව, ශ්‍රී ලංකාව තවමත් පසු වන්නේ දෙවැනි කාර්මික විප්ලව අවධියේ (Industry 2.0) බැවිනි. එම අවධියේදී නිෂ්පාදනය මූලික වශයෙන් සිදු කෙරෙනුයේ විදුලි බලයෙන් ධාවනය වන යන්ත්‍ර මගිනි. තේ කම්හලකට හෝ ඇඟලුම් කම්හලකට පිවිසෙන අයකුට ඒ බව සාක්ෂාත් කරගත හැකි වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ අභියෝගය වන්නේ තුන් වැනි කාර්මික විප්ලව අවධිය හෙවත් Industry 3.0 අවධිය මගහැර පිම්මක් පැනීමය. එම Industry 3.0 අවධියේදී නිෂ්පාදනය උදෙසා භාවිත යන්ත්‍ර ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතයෙන් ධාවනය වේ. සිවු වැනි කාර්මික විප්ලවයට පිවිසෙන්නට නම් අප Industry 3.0 යුගය මගහැර ඊට උඩින් පැනිය යුතු වේ. එම දුෂ්කර අරමුණට ළඟා වීමට ඉන්දියාව සමග එක් වීම ඔස්සේ පහසු මාර්ගයක් ශ්‍රී ලංකාවට විවෘත වේ.
ශක්තිමත් සංවර්ධන සැලසුමක අවශ්‍යතාව
2048 වන විට සංවර්ධිත රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාව මෙතෙක් ආර්ථික සැලසුමක් හෙළිදරව් කොට නොමැත. 2023 ජුනි පළමු වැනිදා ජනාධිපති වික්‍රමසිංහ ජාතිය අමතා කළ කතාවට අනුව, පර්‌යේෂණ ප්‍රවේශයට අනුගත වීමෙන් අනතුරුව එය එළිදක්වනු ඇත. පාර්ලිමේන්තුව ඉදිරියේ තබා ඇති වර්තමාන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සකස් කරනු ලැබුවේ මහජනයා වෙතින් අදහස් ලබාගැනීමෙන් තොරවය. එබැවින්, එය ආර්ථික සැලැස්මක් නොවන්නේය.
එය හුදෙක් විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැනසීමට නීති පොතේ හැටියට කටයුතු කිරීමටත්, විදේශ ආයෝජන ගෙන්වා ගැනීමටත්, ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමටත් ගත් උත්සාහයක් පමණකි. රාජ්‍ය ආයතන උපකාරි වන නමුත්, එය ජාතික සංවර්ධන උපායමාර්ගයක වර්ධනය පිණිස ඒවා උපකාරි නොවේ. එය රට විසින් භාරගත යුතු ඊට නොවෙනස් කර්තව්‍යයකි. මෝදි සිය සංවර්ධන සැලැස්ම ප්‍රකාශයට පත් කළ විට එවැනි සැලැස්මක් සකස් කිරීමට ශ්‍රී ලංකාවට යම් මාර්ගෝපදේශ එයින් ලබාගත හැකිය.
පහළ මට්ටමේ වර්ධනයෙන් වර්ධන විභවතාවයකට
ශ්‍රී ලංකාව මේ වන විට මංසන්ධියකට පැමිණ තිබේ. අයාලේ ගොස් ඇති රටට නොගැළපෙන සාර්ව ආර්ථික ගණන් මිනුම් සමනය කිරීමේ යම් ස්ථාවරභාවයක් ශ්‍රී ලංකාව මේ වනවිට ලබා තිබේ. බලධාරීන් ප්‍රකාශ කරන දේට හාත්පසින් වෙනස් ආකාරයට යමින්, 2023 දී ජනපති උපදේශිකා, ආචාර්ය ශර්මිණි කුරේ මහ බැංකු සංවත්සරයේදී කළ කතාව අනුව ශ්‍රී ලංකාව පවතින්නේ පහළ මට්ටමේ සමතුලිතතාවයකයි. එයින් පෙනීයන්නේ ආර්ථික විභව වර්ධන හැකියාවට වඩා බොහෝ සෙයින් පහත මට්ටමක රට පවතින බවයි. කිසිදු යමක් අමුතුවෙන් නොකර රටට සියයට 4ක වාර්ෂික වර්ධන වේගයක් අත්කරගත හැකි වන මුත්, ඇත්ත වශයෙන්ම රට පවතිනුයේ සියයට 2.3ක පමණ වර්ධන වේගයකයි. මෙය සියයට 8 වැඩි වේගයකට තල්ලු කර දැමිය යුතු වේ. එවැනි ඉහළ වර්ධනයක් සඳහා ශ්‍රී ලාංකීය බලධාරීන් විසින් ශක්තිමත් සැලසුම් කිරීමක් කළ යුතු වේ. මෝදිගේ තුන් වැනි අවධිය සිය සංවර්ධන අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා මහඟු අවස්ථාවක් සපයා දෙනු ඇත.
(***)
2024 ජුනි 10 වැනිදා
Daily FT පුවත්පතේ පළ වූ Modi 3.0 in India! What next for Sri Lanka
නම් ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ