යහපත් සිනමාවකට කැපවූ ‘සිනමා බුද්ධි‘


මෙරට බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ පුස්තකාලයක් බඳු දැනුමක් තිබූ ප්‍ර වීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ වියෝව සිදුවී සතියක් යන්නට මත්තෙන් අපට තවත්  කනගාටුදායක පුවතක් කලා ක්ෂේත්රයයෙන් ඇසෙන්නට ලැබුණි.

ඔහුද ක්ෂේත්‍ර ගණනාවක දස්කම් දැක්වූ, විශේෂයෙන් ලාංකේය සිනමාව වෙනුවෙන් නිරතම හඬ  නැඟු ප්‍රබල චරිතයකි. ඔහු නමින් ආචාර්ය බුද්ධි කීර්තිසේන ය.

ඔහුගේ නම  ඇසෙත්ම අපට මතකයට එන්නේ ‘බුද්ධි බතික්’ වේ. මෙරට බතික් කලාවේ පුරෝගාමියකු ද වූ ඔහු පසුගියදා සිය ජීවිතයෙන් සමු ගත්තේ අවුරුදු 83ක් ආයු වළඳාය.

කලා ක්ෂේත්රායේ ‘සිනමා බුද්ධි’ ලෙස ප්රගකට ඔහුගේ අවසන් කටයුතු 21 වැනි සෙනසුරාදා පස්වරුවේ කොස්වාඩිය සුසාන භූමියේදී සිදු  කරන්නේ සියලු ඥාතීන් එහි සිටින නිසාවෙනි. කොළඹ ප්‍ර දේශයේ ජීවත් වුවත් ඔහුගේ හිත නිතරම තමන්ගේ ගම වෙත ඇඳී තිබූ බව නොරහසකි. බුද්ධි තම ජීවිතයේ වැඩි කාලයක් මෙරට සිනමා ක්ෂේත්රබයේ උන්නතිය වෙනුවෙන් වැඩකළ ඒ වෙනුවෙන් ක්රිමයාකාරීව කැපවූ චරිතයක් බව කිව යුතුය. අවසාන කාලයේදී අසනීප වුවද ඔහු සිනමාව වෙනුවෙන් ගත යුතු දේවල් පිළිබඳව කතා කිරීම අත් නොහළේය.

ඔහු මිය යෑමට සති 2කට පෙර ලියුම්කරු සමග කතාබහ කරද්දීත් ඔහුගේ වේදනාව පිට කළේ මේ අයුරිනි.
‘අපි කොච්චර දේවල් කිව්වත් කළත් කිසිම වැඩක් නෑ. හැමදාම අපි කතා කළා විතරයි. සිනමා කර්මාන්තයේ වාර්තා හදනවා. කමිටු රැස්වෙනවා. ඒත් කතාව විතරයි. වැඩක් නෑ. මම දැන් අසනීපයෙන් ඉන්නේ. ඒත් මම සුබවාදීව සිනමා කර්මාන්තය දෙස බලන්නේ. සුබවාදී දැක්ම විතරයි මට  තිබෙන්නේ. ඊට එහා දෙයක් අද දකින්න නෑ. ඒ හින්දා අපේක්ෂා භංගත්වයට අපි පත්වෙලා ඉන්නේ.

මට කියන්න ඕන දේවල් අවුරුදු 50ක් තිස්සේ කියනවා. අදටත් කියනවා. ඒත් වැඩක් නෑ. මම ඒ හින්දා කතා  නොකරන්න තීරණය කළා. වැඩක් නැහැනේ. කවදාහරි වැටහෙයි. එතකොට අපි ජීවත් වෙලා ඉඳියිද දන්නේ නෑ. මට නම් හිතෙන්නෙ මගේ ජීවිත කාලය තුළ එහෙම සුබවාදී දෙයක් මට දැක ගන්න ලැබෙන එකක් නෑ කියලයි’.

ඔහු අසනීප මධ්යනයේ වුවද ඒ කියූ කතාව කෙතරම්ද?  අපට ඒ තුළ බොහෝ දේ සිතන්නට තිබෙනවා නොවේද? ආචාර්ය බුද්ධි කීර්තිසේන එක් අංශයකට සීමා වූ චරිතයක් නොවෙයි. ඔහු හරිම ක්රි්යාශීලී, අලුත් අදහස්වලින් සපිරි පුද්ගලයෙකි. මාධ්යහවේදියකු, බතික් නිර්මාණ ශිල්පියකු, චිත්රවපට නිෂ්පාදකවරයකු, චිත්රහපට ප්‍ර දර්ශකයකු, ගීත රචකයකු, ලේඛකයකු, මාධ්යව උපදේශවරයකු, සිනමා ශාලා හිමියකු ඇතුළු විවිධ ක්ෂේත්‍ර  තුළ ඔහු ගොඩනගා ගත් පෞරුෂය කිසිවකුට දෙවැනි වන්නේ නැත.

ලොයෙලා විදුහලෙන් සිප්සතර හදාරා ඉන්දියාවේ කොලොම්බතූර්හි  රෙදිපිළි තාක්ෂණය පිළිබඳව ඩිප්ලෝමාවක්ද, ලංකා තාක්ෂණ විද්යාළලයෙන් අලෙවි ප්‍ර වර්ධන හා කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමාවක්ද හිමි කරගත්තේ ඔහු ඒ පිළිබඳව ආසාවෙන් ඉහළට යෑමේ අඩිතාලම සකස් කර ගැනීමට අවශ්යත වූ නිසාවෙනි. ‘බුද්ධි බතික්’ ආයතනය මෙරට බතික් කලාවේ ප්‍රවර් ධනය හඳුන්වා දුන් ඔහු ඒ නාමයත් සමග මෙරට  මෙන්ම විදේශීය රටවල්ද තම අණසකට ගැනීමට සමත්විය.

1960 වසරේදී එවකට ‘ලංකාදීප’ හා ‘දිනමිණ’ පුවත්පත්වල විශේෂ වාර්තාකරුවකු ලෙස මාධ්යට ක්ෂේත්රීයට අවතීර්ණ වූ බුද්ධි 1960-1965 කාලය තුළ ‘රිවිදින, දවස, සවස’ පුවත්පත්වල උපකතුවරයකු ලෙසද කටයුතු කළ අතර ‘රිවිදින හා විසිතුර’ පුවත්පත්වල සිනමා විචාරකයාද විය. 1965-1969 කාලයේදී ‘ඇත්ත’ පුවත්පතේ උප කතුවරයකු වූ ඔහු ‘මනහර’ සති අන්ත සඟරාවේ සංස්කාරවරයාද විය. පුවත්පත් ක්ෂේත්රකයෙන් ඈත්ව 1970 දී ‘බුද්ධි බතික්’ ආයතනය ආරම්භ කර බුද්ධි පසුව 1971-1979 කාලයේදී ජෝර්ජ් රාජපක්ෂ අමාත්යිවරයාගේ ප්රෂවෘත්ති නිලධාරියා ද විය. පසුව පෙස්ටස් පෙරේරා අමාත්ය වරයාගේ මාධ්යග උපදේශක තනතුරද, හෙබවූ අතර 1988 දී රූපවාහිනී සංස්ථාවේ උපදේශක මණ්ඩලයටද එක්විණි. පසුව 1990-1994 කාලය තුළ යළිත් සෞම්යකමූර්ති තොණ්ඩමන් අමාත්යසයරාගේ උපදේශක ලෙසත් පෙස්ටස්  පෙරේරාගේ මාධ්යූ උපදේශක ලෙසත් කටයුතු කර 2002-2004 කාලයේදී ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා ද විය.

ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා ලෙස බුද්ධි මෙරට  හස්ත කර්මාන්තයටත්, එහි ශිල්පීන්ටත් ඉහළ තැනක් දීමට කටයුතු කළේය. මෙරටේ මන්ම විදේශීය රටවලද ඔවුන්ගේ දස්කම් පෙන්වන ප්රදදර්ශන පැවැත්වූ අතර ඒ නිසාවෙන්ම ශ්රී් ලාංකේය හස්ත කර්මාන්තයට ලොව පුරා ඉහළ තැනක් හිමිකර දීමට ඔහු පුරෝගාමී මෙහෙවරක්  සිදු කරන ලදී. ලංකා සංචාරක මණ්ඩලයේද අධ්යෙක්ෂ මණ්ඩලයේ සිටිමින් ඔහු මෙරටට සංචාරකයන් ආකර්ශනය කර ගැනීමේ විවිධ ව්යා‍පෘති ඉදිරිපත් කළ අතර ඒවා බොහෝ දෙනාගේ පැසසීමටද ලක්විණි.

කෙසේ වුවද බුද්ධි බොහෝ දෙනා අතර වැඩියෙන්ම කතාබහට ලක්වුණේ සිනමා කර්මාන්තය නිසාවෙනි. චිත්රකපට ප්‍රදර් ශකයන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද ඔහු සිනමාවේ ප්‍රශ්න පිළිබඳ ජනාධිපති, අගමැති ඇතුළු ඉහළ නිලධාරීන් සමග වාද විවාදවලට පවා පැටලුණි. ඔහු ඒ සියල්ල කළේ සිනමාවේ උන්නතිය  වෙනුවෙනි. ගතින් කොතරම් වියපත් වුවත් ඔහුගේ සිත තරුණයකු මෙසේ කඩිසර විය. ඒ නිසාම අසනීප වුවත් ඔහු කියන්න තිබූ දේ කෙළින්ම පැවසීමට තරම් එඩිතර වුණි. සිනමාවේ ප්රතශ්න ගැන කතා කරන්න බොහෝ සිනමාකරුවන් බියක් දැක්වුවද ඔහු කිසිවිටක පස්සට ගියේ නැත.  නිතරම කතා කළේ සිනමාවේ ප්‍රශ්න ගැනමය.

මේ නිසාවෙන්ම සමහරු  ඔහුට චෝදනා එල්ල කළේය. එහෙත් ඔහු ඒවා ගණන් ගත්තේ නැත. මන්ද ඔහු සිනමාවේ උන්නතිය වෙනුවෙන් තම හෘදසාක්ෂියට එකඟව කටයුතු කළ නිසාවෙනි. ඔහු ඒ කළ කී දෑ කොතරම් සත්ය ද යන්න තව කලක් යද්දී සියල්ලන්ටම වැටහේවි. එහෙත් එවිට ඔහු වටහා ගැනීම පමාවී තිබේ.

‘කමිටු වාර්තා හැමදාම බොරුවක්. හැමදාම හදනවා. ඔය වගේ ගොන් වැඩ සිනමා කර්මාන්තයට කරලා වැඩක් නෑ. බෙදාහැරීමේ මණ්ඩල නිදහස් කළ යුත්තේ සැලැස්මක් ඇතිවයි. ආවාට ගියාට නිදහස් කරන්න බැහැ. එහෙම කළොත් සිනමාවේ මළගම ඉක්මනින්ම දැක ගන්න පුළුවන්  වෙයි. අනෙක චිත්ර පට සංස්ථාව නියාමන මණ්ඩලයක් ලෙස අධිකාරියක් කළ යුතු බවට අපි එදා ඉඳලා කිව්වා. හැබැයි ඒක  සැලසුම්සහගතව කළ යුත්තක්. සංස්ථාවේ දැනට තිබෙන යම් යම් රෙගුලාසි, නීතිරීති ක්රි යාත්මක කරන්න බැරි ඒවා අයින් කරන්න ඕනේ. නැතිනම් වැඩක් නෑ.

මේ ඔහු කියන්න තිබෙන දේ කෙළින්ම කියූ එක් කාරණයක් පමණයි. ඔහු මෙරට සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර අතිමහත්ය. මෙරට ප්ර.ථම සිනමා සංකීර්ණය ‘සිනෙසිටි’ ආරම්භ කළ ඔහු පළමු වතාවට මෙරටට DTS තාක්ෂණය සිනමා ශාලාවලට හඳුන්වා දුන්නේය. ඔහු චිත්රටපට 7ක් නිෂ්පාදනයෙන් දායක විය. විශේෂයෙන් ඔහුගේ දක්ෂතාවය පුතාටත් දියණියටත් ඒ අයුරින්ම පිහිටා තිබීමත් ඔහු ගිය මඟ අද ඔහුන් ඉතා දක්ෂ ලෙස ගමන් කරමින් සිටීමත්, ඔහුට සතුටට කරුණක්විය.

මෙරට උසස් චිත්‍රපට කිහිපයක් අධ්යික්ෂණය කළ විශ්වනාත් බුද්ධික කීර්තිසේන නැතිනම් කලා ක්ෂේත්රියේ බොහෝ දෙනා හඳුනන බූඩී  කීර්තිසේන ඔහුගේ එකම පුත්රේයාය. තමන්ගේ පුතාගේ නිර්මාණවලට ඔහු නිෂ්පාදනයෙන් දායක වුණේ මෙරට සිනමාවේ උන්නතිය තකාමය. එමෙන්ම දියණිය දර්ශී කීර්තිසේන මෙරට මෙන්ම ජාත්ය න්තරයේද බතික් නිර්මාණ ශිල්පිනියක් ලෙස කීර්තියට පත්වී හමාරය. ඔහුගේ ‘බුද්ධි බතික්’ නාමය අද ඉදිරියට ගෙන යන්නේ ඇයයි. ඔහුගේ බිරිඳ රන්සිරි කීර්තිසේන ඔහුට සෙවණැල්ලක් මෙන් සියල්ලටම උදව් කළේ විටෙක මවක මෙනි. තවත් විටෙක දයාබර බිරිඳක් ලෙසිනි. තවත් විටෙක යෙහෙළියක් මෙනි. ඔහු තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ දරුවන්ගේ දරුවන් දැක සතුටු වූ අයුරු මා හොඳින් දැක තිබේ.

කෙසේ වුවද පෞද්ගලිකව ඔහු ජීවිතයේ සතුට ළඟා කර ගත්තද අවුරුදු 50කට වැඩි කාලයක් තිස්සේ සිනමාව වෙනුවෙන් කළ කැපවීම ගැන  නම් මියෙන තුරාම සතුටක් වින්ඳේ නැත. ඒ පිළිබඳව දැඩි කනගාටුවකින් හැම විටම ඔහු කතා කළේය. සිනමා බුද්ධි දැන් අප අතර නැත. එහෙත් ඔහු කළ කී දෑ සැමදා අප අතර රැව්දේවි. මෙරට සිනමාව වෙනුවෙන් කැපවූ එක් පරිච්ඡේදයක් ඔහුගේ මරණයත් සමග නිමාවේවි. ඔහු ඉතාම හොඳ මිනිස්කමින් පොහොසත් මිතුරකු ලෙස හැඳින්විය හැකිය. විශේෂයෙන් මා සමග ඔහුගේ ලෙන්ගතුකම ඉතා වැඩිවිය. ඔහුගේ බොහෝ අදහස් මා සමග පැවසුවේ හෙට දවසේ හෝ  හොඳ සිනමාවක් මෙරට ස්ථාපිත වේ යැයි දැඩි බලාපොරොත්තුවකිනි. ප්රයවීණ  සිනමා නිර්මාණකරුවාණෙනි, මෙරට සිනමාව ඉහළ තැනකට ඔසවා තැබීමට උත්සුක වූ ඒ වෙනුවෙන් සිය ජීවිත කාලය කැපකළ ප්රසවීණ චිත්රීපට නිෂ්පාදකවරයාණෙනි. ඔබ කළ මෙහෙවර සදා අප අතර රැව්දේවි. ඔබට සුබ ගමන් පතන්නේ දැඩි සංවේගයෙන් යුතුවය.

- සමන්ත යහම්පත්.