ස්වාසිලන්තය වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ වාර්ෂිකව එහි පැවැත්වෙන උම්ලන්ගා නොහොත් රීඞ් සංස්කෘතික උත්සවය හේතුවෙනි. පසුගිය සතියේ එම උත්සවයට සහභාගිවීම ස`දහා යමින් සිටි තරුණියන් පිරිසක් හදිසි අනතුරකින් මරණයට පත්වීම පිළිබ`ද ප‍්‍රවෘත්තියත් සමග නැවත වරක් ස්වාසිලන්තය පිළිබ`ද ලෝක අවධානය යොමු වූයේය. එම අනතුරින් මේ වනවිට 65කට අධික තරුණියන් පිරිසක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
උම්ලන්ගා නොහොත් රීඞ් නර්තන උළෙල ස්වාසිලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන සංස්කෘතික උත්සවයකි. එය දින 8ක් පුරා පැවැත්වෙන අතර සාමාන්‍යයෙන් අගෝස්තු මස අග සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ හෝ පැවැත්වෙයි. ස්වාසිලන්තය පාලනය වනුයේ රජපෙළපතක් මගිනි. එහි වර්තමාන පාලනය තුන්වැනි මිස්වාතී රජු සහ න්ෆොම්බි ත්වාලා මව්බිසව විසින් ගෙනයනු ලබන අතර එම මව් රැජින සැමරීම ස`දහාත්, මිස්වතී රජතුමාට අලූත් මනමාලියක තෝරා ගැනීම ස`දහාත් මෙම රීඞ් සංස්කෘතික උත්සවය පවත්වනු ලබයි. එම උත්සවයට සහභාගී විය හැකි වන්නේ විවාහයට සුදුසු වයසේ සිටින කන්‍යා යුවතියනට පමණකි. මේ ස`දහා රටේ විවිධ පළාත්වලින් තරුණියෝ 40000ක පමණ පිරිසක් සහභාගී වෙති. ලූඞ්සිඞ්සිනි නමින් හැ`දින්වෙන රාජකීය මාලිගා සංකීර්ණයට එක්රැස් වන ඔවුහු දින අටක කාලයක් පුරා රීඞ් උත්සවය සමරති.
උම්ලන්ගා නොහොත් රීඞ් උත්සවය ආරම්භ කෙරුණේ 1940 දී දෙවැනි සොබ්හුසා රජුගේ පාලන කාලයේදීය. අතීතයේ පැවැති උම්ච්වාෂෝ නම් පැරණි සංස්කෘතික උත්සවයක් ඇසුරින් උම්ලන්ගා උත්සවය ආරම්භ කෙරිණි. උම්ච්වාෂෝ යනු කුමරි බඹසර අයිතිය පිළිබ`ද වූ සම්ප‍්‍රදායකි. ඒ අනුව අවිවාහක තරුණියනට ලිංගික සබ`දතා පැවැත්වීම තහනම් කෙරුණු අතර ඔවුන් විශේෂ ඇ`දුමකින් සැරසී සිටිය යුතු විය. විශේෂ ලොම් වර්ගයකින් වියූ සළුවක් ගෙල පැල`දිය යුතු විය. වයස 18ට අඩු තරුණියෝ නිල් සහ කහ පැහැති සළුවක්ද, 18 ඉක්මවූ තරුණියෝ රතු සහ කළු පැහැති සළුවක්ද පැල`දිය යුතු වූයේය. 18ට අඩු තරුණියනට කිසිදු පුරුෂයකු සමග සබ`දතා පැවැත්වීම තහනම් වූ අතර 18ට වැඩි තරුණියනට පුරුෂයන් ඇසුරු කළ හැකි වුවද විවාහයට පෙර ලිංගික සබ`දතා පැවැත්වීම තහනම් විය. කිසිවකු මෙම තහංචිය බි`ද දැමුවහොත් ඒ ස`දහා දඩයක් ගෙවීමට සිදු විය. බොහෝ විට එම දඩය වූයේ ගවයෙකි.
ස්වාසිලන්ත තරුණියන් නිසි වයසට එළඹෙන තෙක් ඔවුන්ගේ කන්‍යාභාවය ආරක්ෂා කිරීම උම්ලන්ගා නොහොත් රීඞ් උත්සවයේ අරමුණයි. දින අටක් පුරා පැවැත්වෙන රීඞ් උත්සවයේ පළමු දින පහ උත්සවයේ සංවිධාන කටයුතු හා සූදානම් වීමේ කටයුතුවලට වෙන් වෙයි. උත්සවයේ පළමු දිනයේ රටේ නන් දෙසින් පැමිණෙන තරුණියෝ රජමාලිගා පරිශ‍්‍රයට රොක් වී මව් රැජිනට උපහාර දක්වති. ඉන්පසු අසල ගම්මාන කරා යන ඔවුහු කුඩා පිහියකින් දිගු රිටි විශේෂයක් කපා ගනිති. පසුදින රැයේ එලෙස කැපූ රිටි මිටි බැ`දගන්නා ඔවුහු රාජමාලිගා පරිශ‍්‍රයේ සාදා ඇති කැඞී බි`දී ගිය සුළං ආවරණිත වැටවල් තමන් කපාගෙන ආ රිටි යොදා ගනිමින් ප‍්‍රතිසංස්කරණය කරති.
පසු දිනය පිරිසුදු වීමට හා විවේක ගැනීම ස`දහා වෙන්කර තිබේ. පිරිසුදු වීමෙන් පසු ඔවුන් සාම්ප‍්‍රදායික ඇ`දුමින් සැරසිය යුතුය. එය පබළු මාලයකින්, කරපටියකින්, පටක කෝෂවලින් තැනූ පාසළඹකින් හා පබළුවලින් ගොතන ලද ඉණකඩකින් සමන්විතය. ප‍්‍රථම නර්තන උත්සවය ආරම්භ වනුයේ සයවැනි දින දහවලේය. එය පසු දිනය දක්වා පැවැත්වෙයි. රජතුමා උත්සවයට සහභාගී වනුයේ සත්වැනි දිනයේය. රජ පවුලේ සාමාජිකයන්, ප‍්‍රභූවරුන් සහ රටේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණෙන ආගන්තුකයන් ඉදිරියේ නිරුවත් උඩුකයින් යුතු දහස් ගණනක් වූ තරුණියෝ විවිධ නර්තන දක්වතිි. ‘මේ රාජ්‍යය රජු වෙනුවෙනි’ යනුවෙන් ස්වාසි බසින් ඝෝෂා කරන මේ තරුණියන් රිටි කැපීම ස`දහා උපයෝගී කරගත් කුඩා පිහියද නර්තනය ස`දහා යොදා ගන්නේ තම කන්‍යාභාවයේ සංකේතයක් ලෙසිනි. රජ කුමරියන්ද උම්ලන්ගා නර්තනයට එක්වන අතර අනෙක් තරුණියන්ගෙන් වෙන්කර හ`දුනාගැනීම පිණිස ඔවුහු රතු පැහැති විශේෂ හිස් පල`දනාවක් භාවිත කරති. අවසන් දිනයේ ගවරැලක් මරා උත්සවයට සහභාගී වූ සෑම යුවතියකටම තම නිවෙසට රැගෙන යෑම ස`දහා මස් කුට්ටියක් ලබා දීම සම්ප‍්‍රදායකි.
උම්ලන්ගා උත්සවයේ අවසන් දින දෙක ස්වාසිලන්තයේ ජාතික නිවාඩු දින ලෙස නම් කර තිබේ. උත්සවය ස`දහා දින වෙන් කරනු ලබන්නේ පෞරාණික ජ්‍යොතීෂ්ශාස්ත‍්‍රය අනුවය.
ස්වාසිලන්තය අපි‍්‍රකානු මහද්වීපයේ පිහිටා ඇති ස්වෛරි රාජ්‍යයකි. එහි සමස්ත භූමි ප‍්‍රමාණය කිලෝමීටර 17364ක් වන අතර දිගින් කිලෝමීටර 200ක් හා පළලින් කිලෝමීටර 130කි. නැගෙනහිරින් මොසැම්බික් රාජ්‍යයද උතුරින්, දකුණින් හා බටහිරින් දකුණු අපි‍්‍රකාවටද මායිම් වූ එය අපි‍්‍රකාවේ ඇති කුඩාම රාජ්‍යයයි. 1986 රාජ්‍යත්වයට පත් තුන්වැනි මිස්වාතී රජු ස්වාසිලන්තයේ රාජ්‍ය නායකයා වන අතර එහි පාර්ලිමේන්තුව ස`දහා සෑම පස් වසරකටම වරක් මැතිවරණ පැවැත්වෙයි. දැනට පවතින ව්‍යවස්ථාව ස්ථාපිත කෙරුණේ 2005 වසරේදීය. එම ව්‍යවස්ථාව අනුව රජු එක්සත් භාවයේ සහ සදාකාලිකත්වයේ සංකේතයයි. සම්ප‍්‍රදායක් ලෙස රජු තම මව සමග රාජ්‍ය පාලනයේ නිරත වෙයි. මව් බිසව ආධ්‍යාත්මිකත්වයේ සංකේතයයි. තුන්වැනි මිස්වාතී රජුගේ පියා දෙවැනි සොබ්හුසා රජුය. ඔහුට බිසෝවරුන් 70 සිටි අතර දරුවන් 210කි. මිස්වාතී රජු සොබ්හුසා රජුගේ ලාබාලම බිරියගේ එකම පුත‍්‍රයාය. ඔහුගේ මුල් නම මකොසෙතිව් ඞ්ලාමිනිය. මකොසෙතිව් කුමරු එංගලන්තයේ අධ්‍යාපනය ලැබුවෙකි. 1986 අපේ‍්‍රල් 25 වැනිදා ඔහු රාජ්‍යත්වයට පත් වන විට 18 හැවිරිදි වියේ පසුවිය.
ස්වාසිලන්තය බහු භාර්යා සේවනය අනුමත කළ රාජ්‍යයකි. මිස්වාතී රජුට භාර්යාවන් 15 දෙනෙකි. සෑම වසරකම පැවැත්වෙන උම්ලන්ගා උත්සවයේදී මිස්වාතී රජු රූමත් තරුණියක තම අලූත් බිරිය ලෙස තෝරා ගන්නා අතර එම කි‍්‍රයාකලාපය බොහෝ දෙනාගේ විවේචනයට බ`දුන්වී තිබේ. අපි‍්‍රකානු මහද්වීපයේ රාජකීය පාලනයක් සහිත අවසන් රට ස්වාසිලන්තයයි. ජනතා මුදල් තම සුඛෝපභෝගී ජීවිතය ස`දහා පරිහරණය කරන බවටද රජුට චෝදනා එල්ල වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් ලෙසින් සැලකෙන ස්වාසිලන්තයේ ආර්ථිකය එතරම් ස්ථාවර වූවක් නොවේ. එහි වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 7900 නොඉක්මවයි. බොහෝ ගැමි ගොවීන්ට තම වගාබිම් ස`දහා නීත්‍යනුකූල ඔප්පු නොමැත. රටේ ජනයාගෙන් වැඩි පිරිසකට තමන්ගේ එදිනෙදා ආහාර වේල සොයාගැනීම පවා අසීරු කරුණක් බවට පත්ව තිබේ.
මව හා එක්ව කටයුතු කළද රාජ්‍ය පාලනයේ සියලූ බලතල පවතින්නේ රජු සතුවය. අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය පත් කරනුයේ රජුගේ අභිමතය පරිදිය. වර්තමාන ජනගහනය 12,75948ක් වන එහි ප‍්‍රධානතම සෞඛ්‍ය ගැටලූව වී ඇත්තේ ඒඞ්ස් සහ ක්ෂය රෝගයයි. එහෙයින් ස්වාසි වැසියන්ගේ ආයු කාලය වයස අවුරුදු 48 දක්වා අඩු වී තිබේ. සමස්ත ජනගහනයෙන් 37.4% අවුරුදු 14ට අඩු පිරිසකි. අවුරුදු 18ට පෙර ලිංගික සබ`දතා පැවැත්වීම තහනම් කොට ඇත්තේ ඒඞ්ස් රෝගයෙන් තරුණ පරපුර ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙසිනි.