බොහෝ දෙනෙකු වසඟයට ගතහැකි රූප ස්වභාවයකට චම්පා හිමිකම් කීවාය. ඇයගේ මන බඳින රූපයට නන්දන බෙහෙවින්ම ඇළුම් කරන්නට වුණේ ඒ නිසාය.
නන්දන ඉගෙන ගත්තේ 10වන ශ්‍රේණියේය. ඔහු තලෙළු ප‍්‍රියමනාප යෞවනයෙකි.
චම්පා 9වන ශ්‍රේණියේ ඉගෙන ගත්තාය. නන්දන චම්පාට සමීප වූයේ වරින්වර ඔච්චම් කිරීමෙනි.
ඉඩ හසරක් ලැබුණු විට නන්දන ඇයත් සමග කතා කරන්නට විය. නව යොවුන් වියේ සිටි චම්පා නන්දනගේ කතාවෙන් මුසපත් වූවාය.
ඊට ටික දිනකට පසුවම නන්දනත් චම්පාත් අතර පේ‍්‍රම සම්බන්ධතාවක් පටන්ගත්තේ කාටත් හැංඟි හොරාය.
‘‘අම්මේ... තාත්තා මට සෙල්ලම් කාර් එකක් ගෙනෙයිද?’’
පුංචි ලක්ෂාන්ගේ හඬ නිවස පුරා විහිදෙන්නට වූවේය. දරුවාගේ හඬින් චම්පාගේ සිහින ලෝකය බිඳ වැටුණි.
ඔව් මගෙ පුතේ... තාත්තා අද සෙල්ලම් කාර් එකක් ගේනවා කිව්වා. චම්පා පුංචි ලක්ෂාන්ට එසේ පැවසුවේ හිස අතගාමිනි.
නන්දනගේත් තමාගේත් විවාහයට මව්පියන් විරුද්ධ වූ හැටි චම්පාගේ සිතට නැඟුණේ ඒ මොහොතේය.
හිතුවක්කාරකම් කොට නන්දන සමඟ ගෙදරින් පැනගිය හැටිත් යාළුවෙකුගේ උදව්වෙන් ඇඹිලිපිටියට ගොස් කුලී නිවසක කලක් පදිංචි වී සිටි හැටිත් චම්පාට සිහිවිය.
රජයේ කාර්යාලයක කාර්යාල කාර්ය සහයකවරයකු වශයෙන් නන්දනට පත්වීමක් ලැබෙන්නේ මේ කාලයේදීය. බිරියට සලකගෙන ජීවත්වීමට තරම් වැටුපක් ඉන් ඔහුට ලැබිණි. දුක්ගිනිදැල්වලට හසුවී දැවිදැවී සිටි චම්පාටත් එය අස්වැසිල්ලක් වූවාය.
නිවාස ඉදිකිරීම සඳහා රජයේ සේවකයන්ට ලැබෙන ණය මුදලක් ලබාගෙන ඉඩමක් ගත් නන්දන එහි පුංචි පැළක් අටවා ගත්තේ චම්පාටත් ඔහුටත් නිදහසේ ජීවත් වීම සඳහාය.
සැප පහසුකම් මඳ වුවද නිස්කලංක පරිසරයක් ඒ අවට පිහිටා තිබුණේ ගතට සිතට සුවයක් ගෙන දෙමිනි.
අතීතය දෙසට ගමන් කරන්නට වූ ඇය සිහින ලොවින් මිදී සුපුරුදු ලෙස වැඩපළ ඉටුකරන්නට වූවාය. සියලූ වැඩ නිමකළ ඈ අවසානයේ මිදුල අතුගාන්නට වුණේ නිවස වටේටම කොළ වැටී තිබූ නිසාය.
‘‘ආ නෝනා.... බරටම වැඩ වගේ, නන්දන කඩුල්ලෙන් පනිමින් පැවසුවේ චම්පා අතුගාමින් සිටින විටය. ඔහුගේ කටහඬ ඇසීමෙන් ඇගේ සිතට සතුටක් දැනුණි.
‘‘නිකං ඉඳලා බෑ.. වැඩ ගොඩ ගැහෙනවනේ...’’ චම්පා තම සැමියා දෙස බලා එසේ කීවේ සිනාසෙමිනි.
නන්දන කාමරයට ගොස් සිය බෑගය තබා චම්පා අසලට යළි පැමිණියේ ඇය සමඟ සුළු මොහොතක් හෝ අල්ලාප සල්ලාපයේ යෙදීමටය.
පියා පැමිණෙනවා දුටු ලක්ෂාන් ඔහු පසුපසින් දිව එන්නට වුනේ පියා ගෙන එනවා යැයි කියන ලද සෙල්ලම් කාරය ඉල්ලා ගැනීම සඳහාය.
‘‘තාත්තා මට කාර් එකක් ගෙනාවද’’ පුංචි ලක්ෂාන් ඇසුවේය. තමා ගෙනා සෙල්ලම් කාරය පුතුගේ අතට දෙන නන්දන ඔහුව ළඟට ගෙන සිපගන්නේ දැඩි පිය සෙනෙහසකිනි.
ගෙදරට කෑමට බඩු මොනවහරි ගේන්න ඕන නේද? නන්දන එසේ පැවසුවේ ඇඳ සිටි අත්දිග කමිසයේ අත් ඉහළට නමමිනි.
ඔව්... හාල් තුනපහත් ඉවරවෙලා... මේ සල්ලි අරගෙන ටවුමට ගිහින් බටු ටික ගේන්න. මේ පාර පඩිය ඉතුරු වුණෙත් නෑ. ඒ තරමට ණය තිබුණා.
නන්දනගේත් චම්පාගේත් කැදැල්ලේ අගහිඟකම් එන්න එන්නම වැඩිවුණේ මේ කාලයේදීය. අඟහිඟකම් කෙතරම් ආවද ඔවුන් ජීවත් වුණේ ඉතා සතුටිනි.
එලෙසට කාලය කෙමෙන් ගතව ගියේ ඔවුන්ටත් නොදැනීමය. ඒ වනවිට නන්දන තමා ගත් ණයෙන් සෑහෙන කොටසක් ගෙවා දමා තිබිණි.
එදා ඉරිදා දවසකි. නන්දන සාලයේ පුටුවක වාඩිවී සිටියේ රූපවාහිනිය නරඹමින්ය. ඒ අසලට පැමිණි චම්පා නන්දන ළඟින් වාඩිවූවාය.
‘‘මම ඔයාට දෙයක් කියන්නද?’’
චම්පා නන්දන දෙසට හැරුණේ එසේ කියමිනි.
‘‘මම රට යන්නම්’’ එතකොට මේ ණය ටික ගෙවලා ගෙදර වැඩ ඉවර කරගන්න පුළුවන් වෙයි. චම්පා එලෙස පවසන විට නන්දනගේ දෑස් විසල් වුණේ ඔහු තුළ මවිතය දනවමිනි.
ඔයාට පිස්සුද?
ඔයා කොහෙවත් යන්න ඕන නෑ. මම කොහොමහරි කන්න, බොන්න දුන්නනෙ. තව මාස හත, අටකින් කලින් ගත්තු ණය වාරික ගෙවිලත් ඉවරයි. ඒකෙන් පස්සෙ ලක්ෂ 10ක ණයක් අරන් ගේ වැඩ ටික කරමු.
චම්පා ටික මොහොතක් රූපවාහිනිය දෙස බලා සිටියේ නන්දනට කිසිවක් පැවසීමෙන් තොරවය.
ඊට ටික වේලාවකට පසු චම්පා නැවතත් නන්දනට පෙර ලෙසම පිටරට යෑමේ යෝජනාව දමන්නට වුණේ ටිකෙන් ටිකය.
මම දන්න අඳුනන යාළුවො ඉන්නවා කුවේට්වල, එයාලා ගිහින් අවුරුද්දෙන්ම ගෙවල් හදන්නත් පටන් අරන්.
‘‘ඔයාට පුළුවන්ද අනේ ඔය නොදන්න රටවල ගිහින් ජීවත්වෙන්න. චම්පා පෙර පැවසූ දෙයට නන්දනගේ පිළිතුර එය විය.
අවුරුදු දෙකක් වගේ හිටියොත් ඇති ගේ වැඩ ටික කරගත්තොත් අපිට ලස්සන ගෙදරක සතුටින් ජීවත්වෙන්න පුළුවන්නෙ. ලබන අවුරුද්දෙ දරුවත් ඉස්කෝලෙ යනවා. ඔයා මේ තරම් දුක්විඳිනවා මට බලන් ඉන්නත් බෑ.
චම්පා කොතරම් පෙරැුත්ත කළද ඒ අදහසට නන්දනගේ සිතෙහි කැමැත්තක් තිබුණේම නැති තරම්ය. එහෙත් චම්පගෙන් ගැලවෙන්නට බැරිම තැන නන්දන සිය කැමැත්ත පළ කළේද දැඩි අකමැත්තකිනි.
චම්පාගේ විදේශගතවීමට අදාළ ලියකියවිලි මාස කිහිපයක් ඇතුළත සකස් කර ගැනීමට ඔවුන්ට හැකිවුණේ ඒ සඳහා අවශ්‍ය මිල මුදල් ඉක්මණින්ම සොයාගැනීමට හැකිවූ බැවිනි.
කාලය එලෙසට ගෙවී ගොස් චම්පාගේ විදෙස්ගත වන දිනයද උදා වුණේ ඔවුන්ට සිතාගත නොහැකි ලෙසටය. මම ගිහින් එනකම් දරුවා බලන් ඉන්න...
විදේශගතවීමට සූදානම් වූ චම්පා නන්දන සමීපයට විත් එසේ පැවසුවේ දෙනෙතේ කඳුළු කැට පුරවාගෙනය.
නන්දන ඇයව වැලඳගත්තේ සිතේ තෙරපුණු දැඩි වේදනාවත් සමඟිනි. ඒ මොහොතේ චම්පාගේ දෙනෙතින් කඩාහැලූණු කඳුළු බිඳු නන්දනගේ කමිසය හරහා රූරා වැටෙන්නට වුණේ රාත‍්‍රියේ සට සට ගා පිනි බිඳු වැටෙන අයුරිනි.
නන්දනගේ ගතද, සිතද දැවෙන්නට වූවේය. කරකියා ගතහැකි දෙයක් නොමැතිව ඔහු ඇයට සමුදුන්නේ ඉහවහා ගිය දුකක් සිතේ දරාගෙනය. කඳුළු පිසදාගත් චම්පා ගමන්මලූ කිහිපයත් රැුගෙන යන්නට වූවාය.
නන්දන ඇසිපිය නොහෙළා ඇය දෙස බලා සිටින්නට විය. ටික දුරක් ගිය චම්පා නන්දන දෙස යළි හැරී බැලූවේ සිතේ ගුලිකරගත් වේදනාවෙන් යුක්තවය.
මාසයකට පමණ පසු චම්පාගෙන් ලිපියක් ලැබිණි. එය දැකීමෙන් සේවය නිමැවී නිවසට පැමිණි නන්දනට ඇතිවූයේ මහත් සතුටකි. ඔහු වහා සාලය වෙත ගමන් කළේ චම්පා එවූ ලිපිය කියවීමේ නොතිත් ආශාවෙන් යුතුවය.
ලියුම් කවරය ඉරා දැමූ ඔහු ලිපිය අතට ගත්තේය. එය කියවූ පසු ඇයගේ සියලූ විස්තර ඔහුට දැනගන්නට හැකිවිය. ඇයට එහි කරදරයක් නොමැති බවද දන්වා තිබිණි.
මාස දෙකෙන් දෙකට මුදල්ද එවන්නට හැකිවූ නිසා ඔවුන් ගත් ණය පියවා ගන්නටද හැකිවිය. අලූත් නිවසේ වැඩකටයුතුත් ඒ සමඟම අරඹන ලදි.
ඉන්පසුව චම්පා ලිපි කිහිපයක්ම එව්වාය. ඇය නැවතී සිටින නිවසෙහි පුද්ගලයන් හොඳින් සලකන බව සහ තව අවුරුද්දකින් නිවසට එන බවද ඒවායේ සඳහන් කර තිබිණි. නමුත් අවුරුදු දෙක හමාරක් ඉක්ම ගියද චම්පා නැවත ලංකාවට පැමිණියේ නැත.
මුදල් එවීමත් හිටි හැටියෙම නතර විය. නන්දන චම්පාට ලිපි කිහිපයක් යැව්වද ඊට ප‍්‍රතිචාර නොලැබිණි. ඇයට වූවේ කුමක්දැයි නන්දනට සිතාගත නොහැකි විය.
‘‘මොකෝ බං ගෑනි ආවෙ නැත්තෙ... ගිය අවුරුද්දෙනෙ එන්න තිබුණෙ?...’’ මඟතොටේදී හමුවන නන්දනගේ මිතුරෝ ඔහුගෙන් අසන්නට වූහ.
ඒවාට කිසිවක් නොකියන ඔහු කරබාගෙන නිවසට ගමන් කළේය.
චම්පා එහි සිටින ලංකාවේ පුද්ගලයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වන බව නන්දනගේ කන වැකෙන්නට ගත වූයේ ඉතා සුළු කාලසීමාවකි.
චම්පට එහෙ වෙන සම්බන්ධයක් තියෙනවා. දැන් ගෙදර එන්නෙත් නෑ. එහෙ සැප ඇති. ඇතැමෙක් කීවේ එලෙසිනි.
ගමේ උදවියගේ ඒ කතාවලින් නන්දනගේ සිත තව තවත් පෑරෙන්නට විය. ඔහු තදින්ම මත්පැන්වලට ඇබ්බැහි වූයේද ඒ කතන්දරවලින් බේරෙන්නට බැරිම තැනය.
මගෙ ගෑනි මාව දාලා ගියා බං... මාව දාලා ගියා. නන්දන සිය මිතුරන් සමඟ එසේ පැවසුවේ සිතේ සිරකරගත් දුක්ගින්නත් සමඟිනි.
ඒ මොහොතේ නන්දනගේ දෙනෙතින් කඳුළු බිඳු සටසට ගා ඇදහැළෙන්නට විය. ඒ දුටු නන්දනගේ මිතුරන් ඔහුව සනසවන්නට මහත් වෙහෙසක් දැරීය.
අපි තව බලමු බං... මිනිස්සු කියන කතා විශ්වාස කරන්න බෑ. අපි වෙච්ච දේ හරියට දන්නෙ නෑනෙ.
මොනවා බලන්නද චම්පා මාව දාලා ගියා. මමයි දරුවයි තනි වුණා. බීමත්කමත්, හිතේ දුකත් නිසා නන්දන ඉක්මණින් ලෙඩවන්නට විය. ගතේ රෝගවලට ඔහු වරින්වර ප‍්‍රතිකාරද ලබා ගත්තේය.
‘මත්පැන් අත අරින්න’යි වෛද්‍යවරුන් කීවත් ඔහු එය අතහැරියේ නැත. අසනීප තත්ත්වය සුවවූ පසුද නැවත නැවතත් මතට යොමුවූවේය. ඒ නිසා වැඩි කලක් ජීවත්වීමටද ඔහුට වරම් නොලැබිණි. චම්පාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි නන්දන නැවතත් තදින්ම අසනීප වී රෝහල් ඇඳ මතදීම අවසන් සුසුම් හෙළුවේය.
නන්දන මියගිය බව ඔහුගේ සහෝදරයා චම්පාට දන්වා සිටි නමුත් ඇයගෙන් ඊට පිළිතුරක් ලැබුණේ නැත. ඉන් ටික දිනකට පසු චම්පා ලංකාවට පැමිණියාය. ඒ පැමිණියේ නාඳුනන පුද්ගලයෙක් සමඟය.
ඔහු ජනකය. චම්පා පිටරට ගොස් සම්බන්ධයක් පැවැත්වූයේ ඔහු සමඟිනි. කැකිරාව ප‍්‍රදේශයේ පුද්ගලයෙකු වූ ජනක පිටරටදී ජීවත් වූයේ චම්පා සිටි නිවසේමය. ඔහු ඒ නිවසේ සේවය කළේ රියදුරු වශයෙනි.
නන්දනගේ මරණයටද තමන් මූලික හේතුව බව හොඳාකාරවම දන්නා චම්පා ඒ කිසිවක් නොදැනුණා සේ ජීවත් වූවාය. ගමේ උදවිය නොයෙකුත් කතා කිව්වත් ඇය ඒ කිසිවක් තඹ දොයිතුවකට මායිම් කළේද නැත.
කාලයාගේ ඇවෑමෙන් ජනකගේ නවාතැන වූයේද චම්පාගේ නිවසය. විවාහ නොවී මෙලෙස එකට ජීවත්වුණු ඔවුන්ගේ මේ සබඳතාව දුරදිග ගොස් තිබුණි. ජනක තනිකඩ පුද්ගලයෙක් නිසා ඔහුට කිසිදු තහංචියක් තිබුණේද නැත.
චම්පා වැන්දඹුවක් ලෙසට නන්දනගේ මාසික වැටුප ලබන ගමන් ජනක සමඟ පුරුදු ජීවිතයම ගත කළාය. මෙලෙස ජීවිතය ගෙවෙද්දි චම්පාට ජනක සැමියෙක් වූවාය. මේ කිසිවක් ගැන දැනුම් තේරුමක් නොතිබූ පුංචි ලක්ෂාන්ටද ඔහු පියෙකු විය. එලෙසට කල්ගත වෙද්දි නන්දනව ඔවුන්ගේ ජීවිතයෙන් සදහටම අමතක වී ගොස් තිබුණි.
ඇගේ අනියම් පේ‍්‍රමය නිසා නන්දනට අකාලයේ මියැදෙන්නට සිදුවිය. චම්පා දැඩිසේ ආදරය කරපු නන්දනගේ මරණය පසුව භාරගත්තේ බොහොම කැමැත්තෙනි.
නන්දන මියැදුණත් ජීවිතයට නිදහසක් නැති තරම්ය. තමා මේ කරන්නේ මියැදුණු නන්දනටත් දැඩි අපහාසයක් නොවේදැයි ඇයට සිතෙන්නට පටන්ගත්තාය.