උණුසුම් වන ඌව පිළිබඳවත් ගිනියම් වන රටේ දේශපාලනය පිළිබඳවත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව මණ්ඩල සාමාජික, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේ සටහන් කර තබමු.
ඌව පළාත් සභා ඡන්ද සටන ආරම්භ වෙලා තියෙනවා?
ඔව්, මේ පාර අපි අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබනවා. දැනටමත් අපේ තරුණ මන්ත‍්‍රීවරයකු වන හරීන් ප‍්‍රනාන්දු මැතිතුමා මන්ත‍්‍රී ධුරය පක්‍ෂය වෙනුවෙන්. රට වෙනුවෙන් පරිත්‍යාග කරලා. අද මහ ඇමති ධුරය වෙනුවෙන් තරග කරනවා. ඒ හරහා ඒ පළාත තුළ විශාල පිබිදීමක්, ප‍්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. තරුණ නායකයෙක්, අවංක තරුණයෙක් විදියට එතුමාට ඉතාම හොඳ පිළිගැනීමක් තියෙනවා. ආණ්ඩු විරෝධය නව වටයකින් පණ ගහලා පෙරට ගන්න එතුමා සමත් වෙලා තියෙනවා.
ඒ කියන්නේ ඔබට ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා.
අනිවාර්යයෙන්ම, ඒ පිබිඳීම ඌවේ විතරක් නෙමෙයි අපේ පළාත් අරගෙන බලන්න. ගම්පහ දිස්ත‍්‍රික්කයේ අපේ සාමාජිකයන් විශාල පිරිසක් මට කතා කරලා කිව්වා ”ඌවට ගිහින් වැඩ කරන්න අවශ්‍යයි” කියලා. මීට පෙර තිබුණු පළාත් සභා මැතිවරණවලදී මම මෙහෙම දෙයක් දැකලා තිබුණේ නැහැ. මගේ පළාතේ විතරක් නොවෙයි රටේ හැම තැනින්ම ඒ උද්‍යෝගය මතු වෙලා තියෙනවා. ඒක හොඳ සුභ ලකුණක්.
නමුත් මෙවර සන්ධානයෙන් ඉල්ලන්නේ ”පොඩි රාජපක්‍ෂ කෙනෙක්”
රාජපක්‍ෂ කෙනෙක් වීම විතරක් නොවෙයි. දැන් බලන්න මේ ආණ්ඩුවේ මැතිවරණ මෝස්තරය වෙලා තියෙන්නේ පළාත් සභා කඩින් කඩ පැවැත්වීමනේ. ඒක ආණ්ඩුව කරන්නේ තමන්ගේ වාසියට. ජනාධිපතිවරයාගේ බලයත්, ආණ්ඩු බලයත් සම්පූර්ණයෙන්ම මුදා හැරලා, ඡුන්දෙ දිනන්නයි එහෙම කරලා උත්සාහ කරන්නේ. නමුත් මේ මැතිවරණයෙන් වෙනස ආරම්භ වෙනවා. ඒ නිසා මොන රාජපක්ෂ කෙනෙක් හිටියත් මේ පාර ගොඩගන්න බෑ. ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මැතිතුමා මගේ පෞද්ගලික මිත‍්‍රයෙක්. ඒත් මම ඇත්ත කිව යුතුයි. රටේම ජනතාවට දැන් වෙනසක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වුවමනාව ඌවට විශේෂයි. මොණරාගල දිස්ත‍්‍රික්කය ගන්න. ඒක ආණ්ඩුවට වාසි වෙන දිස්ත‍්‍රික්කයක්. නමුත් රටේ දුප්පත්ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙන්නේ මොණරාගල දිස්ත‍්‍රික්කයෙයි. ඒ අනුව රටේ දුප්පත්ම දිස්ත‍්‍රික්කය මොණරාගලයි. ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මැතිතුමා රාජපක්‍ෂ කෙනෙක් හැටියට මහ ඇමති වෙලත් ඒ ඉරණම වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා.
ඉතිහාසයේ හොඳම සංවර්ධනය ඌවට වෙලා තියෙන්නේ පසුගිය කාලයේ දී බවයි ආණ්ඩුව කියන්නේ.
ඌවට යම්කිසි විදියක සංවර්ධනයක් ඇති වෙලා ඇති. නමුත්... ඌව දුප්පත්. දැන් බලන්න පාරවල් ටික හැදෙනවා. අධිවේගී මාර්ග හැදෙනවා. ඔව්! නමුත් ඒ කියන සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාව අතරට ගිහින් නෑ. ආණ්ඩුව සංවර්ධනය පාවිච්චි කරන්නේ වංචාව හොඳින් කරගෙන යන්නයි. හොරකම හොඳට කරගෙන යන්නයි. දුෂණය හොඳට කරගෙන යන්නයි. ඔය කියන සංවර්ධනය කරගෙන යන්නෙත් චීනෙන් සල්ලි ණයට අරගෙනයි. ඒ ණය ආපහු ගෙවන්න ඕනෑ. ඒකද සංවර්ධනය කියන්නේ? මේ කරගෙන යන්නේ සංවර්ධනය නොවෙයි කියලා ජනතාව තේරුම් අරගෙන ඉන්නේ ඒ නිසයි.
සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාව අතරට යන්න සාධාරණ කාලයක් ගත වෙනවා කියලා ආණ්ඩුව තර්කයක් මතු කරනවා.
කොච්චර කාලයක් ඉවසන්න ද අපි. යුද්ධය ඉවර වුණාට පස්සෙ ජනාධිපතිතුමත් කිව්වේ මේ රට සංවර්ධනය කරලා ගන්නවා කියලනෙ. මිනිසුන්ට හොඳ ජීවිතයක් දෙනවා කියලනෙ පොරොන්දු වුණේ. දැන් බලන්න! යුද්දෙ කාලෙට වඩා ජීවන වියදම අද වේගයෙන් වැඩි වෙලා තියෙනවා. මේක මිනිසුන්ට දරාගන්න බැරි තත්ත්වයට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාව අතරට ගිහින් නෑ. මිනිසුන්ගේ දෑත් ශක්තිමත් වෙලා නෑ. ජනාධිපතිතුමාගේ සහ ඒ වටා ඉන්න පිරිසගේ දෑත් ශක්තිමත් වෙලා ඇති. නමුත් රටේ අහිංසක ජනතාව දැන් ඉන්නෙ අන්ත අසරණ තත්ත්වයක. ඒ ජනතාවගේ අතට මුදලක් ලැබිලා නෑ. මේ ආණ්ඩුව හොරකම, වංචාව හා දුෂණය තමයි සංවර්ධනය මුවාවෙන් කරගෙන යන්නේ.
විපක්‍ෂය කියන්නේ බොරු. ඔවුන් කියන බොරු කවදාවත් සත්‍ය වෙන්නේ නැහැ කියලයි ආණ්ඩුව කියන්නේ.
ඒක ආණ්ඩුව කියන බොරුවක්. අපි පාර්ලිමේන්තුවෙදි මේ ගැන කොච්චර කතා කරනවද. මොන තරම් සාක්ෂි අපේ මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කරනවද. අපි කතා කරන්නේ ඇහින් දැකලා. අපි අදාළ තැන්වල නිරීක්ෂණ චාරිකාවල යෙදිලා තමයි මේ චෝදනා එල්ල කරන්නේ.
එහෙම ගියාම ලැබෙන ප‍්‍රතිචාරත් සුබදායක නෑ නේද? ඊයේ පෙරේදා ස්ටේෂමේදී හූ ප‍්‍රහාරයකට ලක් වුණා.
මිනිසුන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර ඉතාම ඉහළයි.
එහෙම නම් ඔය හූ කියන්නේ?
කොටුවේදී විතරක් නොවෙයි... සපුගස්කන්දෙදිත් ඔයවගේ දෙයක් වුණා. ඇයි! හම්බන්තොටදිත් වුණේ. ඕවා කරන්නේ කොහොමද කවුද කියලා ඉතාම හොඳින් ඔප්පු වුණානේ. සපුගස්කන්දෙ තෙල් පිරිපහදුවේදීත්, කොටුවේදීත් ඔය දේවල් කළේ ජනතාව නෙවෙයි. ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියි. ඒ අය ඉතින් එන නියෝග පිළිපදිනවා මිසක් වෙන මොනවා කරන්නද? වංචා දුෂණ නැත්නම් ඔය වගේ හූ කියන්න අවශ්‍ය නෑනේ! ”එව බලව!” කියලා දොරටු ටික ඇරලා දෙන්න තිබුණනේ. එනවට අකමැති කාරණාව පැහැදිලියිනේ.
ඌවේ ජයග‍්‍රහණය ගැන ඔය තරම් විශ්වාසයක් තියෙනවා නම් ඇයි හරීන්ට කණ්ඩායම් නායකත්වයවත් නොදෙන්නේ?
ඒ තීරණයට පක්‍ෂය ආවේ හරීන් ප‍්‍රනාන්දු මැතිතුමාත් එක්කත් සාකච්ඡුා කරලයි. හරීන් ප‍්‍රනාන්දු මැතිතුමාට වඩා ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක් ලැයිස්තුවේ ඉන්නවා. රවී සමරවී මැතිතුමත්, උපාලි සමරවීර මැතිතුමත් ඉන්නවා. ඒ දෙදෙනාම හරීන් මැතිතුමා පාර්ලිමේන්තුවට එන්නත් කලින් පාර්ලිමේන්තුව නියෝජනය කරපු දෙන්නෙක්. ඉතින් ඒ ජ්‍යෙෂ්ඨ නායකයන් දෙන්නත් එක්කත් සාකච්ඡුා කරලා රවි සමරවීර මැතිතුමාට කණ්ඩායම් නායකත්වය දීලා හරීන් මැතිතුමාට මහ ඇමති අපේක්‍ෂකත්වය දුන්නා. ඒ සම්බන්ධයෙන් කිසිම ප‍්‍රශ්නයක් පක්ෂය ඇතුළෙ නැහැ.
යම් හෙයකින් එ.ජා.ප.ය ඌව දිණුවත් හරීන්ට කණ්ඩායම් නායකත්වය නැති නිසා මහ ඇමති ධුරය නොලැබෙයි කියලා කියන අයත් ඉන්නවා.
ඒක වැරදිම කතාවක්. හරීන් මැතිතුමා තමයි ඌවේ මහ ඇමති. ඒක වෙනස් වෙන්නේ නැහැ.
ඌව ඡන්ද සටන මෙහෙයවන්නේ නායකත්ව මණ්ඩලය ද? රනිල්ද?
අපේ ජාතික නායකතුමත් නායකත්ව මණ්ඩලයත් එකට එකතු වෙලා තමයි සටන මෙහෙයවන්නේ.
නිල වශයෙන් තීන්දු තීරණ ගන්නේ කවුද?
නායකත්ව මණ්ඩලයෙන් තීරණ අරගෙන ජාතික නායකතුමත් එක්ක සාකච්ඡුා කරලා තමයි අවශ්‍ය තීරණය ගන්නේ.
”රනිල් ඌවෙන් කර අරියි” කියලා ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
ඒකත් වැරදි කතාවක්. එතුමා මේ ඌව සටන ගැන සෑහෙන උනන්දුවකින් ඉන්නේ. විශේෂයෙන්ම හරීන් මැතිතුමාට විශාල ශක්තියක් වුණේ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමායි. ඌව පළාත් සභාවේ ප‍්‍රතිඵලය තමයි ඊළඟ ජනාධිපතිවරණයට හරි මහ මැතිවරණයට හරි බලපාන්නේ කියලා අපි කවුරුත් දන්නවා. ඒ නිසා මේක වටිනා මැතිවරණයක්. අපේ නායකතුමා ඒ නිසා කවදාවත් මේ මැතිවරණය සැහැල්ලූවෙන් ගන්නේ නැහැ. එතුමා ඌව සටන ගැන විශේෂ අවධානයකින් ඉන්නේ. ලබන සතිය වෙන කොට එතුමා ඌවේ ජීවත් වෙමින්ම සටන මෙහෙයවයි.
1994 ඉඳලා එ.ජා.ප.ය දිගින් දිගටම ඡන්ද පරදිනවා. පක්‍ෂයේ ඉන්න තරුණ නායකයෙක් හැටියට මේ පරාජයට හේතු වශයෙන් ඔබ දකින්නේ මොනවද?
ඒ ඒ මැතිවරණවලදී මතු වූ සුවිශේෂී තත්ත්වයන් එයට බලපෑව. 1999 ජනාධිපතිවරණයේදී බෝම්බ ප‍්‍රහාරයට ලක් වුණ චන්ද්‍රිකා මැතිනියට අනුකම්පා ඡුණ්ද ලැබුණා. යුද ජයග‍්‍රහණයෙන් පස්සෙ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න එතුමාට ඡුන්දය දුන්නා. නමුත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ තියෙන විශාලම තනි පක්‍ෂය. මේ වන විට අපි ඉතාම හොඳ තැනක ඉන්නේ. රටේ ජනතාවත් දැන් තේරුම් අරගෙන ඉන්නේ. යුද්දෙ දියුණුවට මේ ආණ්ඩුවට රටේ ආර්ථිකය හදන්න බැහැ කියලා. මේ රටේ ඉතිහාසය ගත්තොත් මේ රටේ ආර්ථිකය හැමදාම ගොඩ අරන් තියෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි. 1970-77 වෙනකොට රටේ ආර්ථිකය වැටිලා තිබුණේ. එතැන දී තමයි විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වලා දීලා රටේ ආර්ථික විප්ලවයක් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කළේ. ඒ වගේම 2001 දී අගමැතිවරයා හැටියට රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා, ඍණ වෙලා තිබුණ ආර්ථිකය ධන අගයකට ගෙනාවා. අපේ රජයන් ගත්තොත් මේ රටට සැබෑ සංවර්ධනයක් කරලා තියෙනවා. ණය අරගෙන ජනතාව අමාරුවේ දැම්මේ නැහැ. මිනිසුන්ට ප‍්‍රතිලාභයක් ලැබෙන සංවර්ධනයක් තමයි අපේ රජයන් කාලයෙදි සිද්ධ වුණේ. තරුණ මන්ත‍්‍රීවරයෙක් විදියට මට ඒකාන්ත විශ්වාසයක් තියෙනවා අපි විපක්‍ෂයේ ඉන්න අවසන් කාලය මේක තමයි කියලා.
ඡන්ද පරදින්නේ රනිල් නිසා කියන කතාව ගැන ඔබ මොකද කියන්නේ?
ඒක වැරදියි. ඕනම කෙනකුට හරිම පහසුයි එහෙම චෝදනාවක් කරන්න. නමුත් ඇත්තටම ගත්තොත් යුද ජයග‍්‍රහණයට පස්සේ රටේ ඇතිවෙලා තිබුණ යුද්ධය ආශ්වාදය කිරීමේ පරිසරය තුළ අපේ සංවිධායකවරුන් මානසිකව වැටුණා. ඒ අයගේ උද්‍යොගය ගිලිහිලා ගියා. ඒ නිසා තමයි එන එන ඡුන්දවලට අපිට හරියට මුහුණ දෙන්න බැරිව ගියේ.
සංවිධායකවරුන් සවි බල ගැන්වීමත් නායකයාගේ වගකීමක්.
අනිවාර්යයෙන්ම. නමුත් ඒ කාලය කාටත් අමාරු කාලයක්. යුද ජයග‍්‍රහණයෙන් රට ඒ තරමටම මෝහනයට පත් කරලා තිබුණේ.
යුද ජයග‍්‍රහණයේ මල් වට්ටියට එ.ජා.ප.ය අත ගැසුවෙත් නැහැ.
අපිට මල් වට්ටියට අත තියන්න දුන්නෙත් නැහැ. අපි යුද ජයග‍්‍රහණය ගැන සතුටු වෙනවා. ඒ වෙනුවෙන් අපි සහාය දුන්නා. හැබැයි ඒ බොහොම විචාරශීලී විදියට. අවිචාරවත් විදියට කටයුතු කරනකොට ඒ ගැන කතා කරන්න වෙනවා. ආණ්ඩුව යුද්ධය කරගෙන ගියේ ඒ ගොල්ලන්ගෙ වැඩක් විදියටයි. අපි ඒ මල්වට්ටියට අත නොගැහුවා නොවෙයි. අත ගහන්න දුන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි.
ඒ වගේම විශේෂයෙන්ම මතක්කරන්න ඕනෑ මේ ආණ්ඩුව දිගින් දිගටම අපේ නායකතුමාටත් පක්ෂයටත් කොටි ලේබලය ඇලෙව්වා. එහෙම කළේ සටන් විරාම ගිවිසුම නිසයි. ඔබට මතක ඇති 2001දී නායකතුමා ආණ්ඩුව බාර ගන්නකොට රටේ ආර්ථිකය ඍණ වෙලා තිබුණේ. යුද්දෙ කරනවා තබා එදාවේල පිරිමහගන්නවත් මුදලක් ඉතිරි කරලා තිබුණේ නැහැ. ඒ නිසා මොළෙන් ගහන යුද්ධයක් තමයි එදා අවශ්‍ය වුණේ. සටන් විරාම ගිවිසුම ගැහුවේ ඒ වෙනුවෙන්. ඒ අතරම හමුදාවට යුද්ධ කරන්න අවශ්‍ය උපකරණ අවශ්‍ය මට්ටමින් ගබඩා කර ගනිමින් කොටි සංවිධානයත් දෙකඩ කළා. ඒ නිසා තමයි හමුදාවට පුළුවන් වුණේ කොටි යුදමය වශයෙන් පරාජය කරන්න. එහෙම බලනකොට යුද ජයග‍්‍රහණයේ ගෞරවණීය පංගුව හිමි විය යුත්තේ අපේ නායකතුමාට සහ පක්‍ෂයටයි.
රනිල් වික‍්‍රමසිංහ නායකයෙක් විදියට අසමත් නිසා නේද නායකත්ව මණ්ඩලයක් පත් කළේ.
නායකත්ව මණ්ඩලයක් අපි පත් කළේ පක්‍ෂය තුළ තිබුණු පුංචි පුංචි ප‍්‍රශ්න ටික නිරාකණරය කරගන්නයි. කණ්ඩායම් දෙකක් අතර ප‍්‍රශ්නයක් මතු වුණා. ඒකට උත්තරයක් විදියට තමයි නායකත්ව මණ්ඩලය පත් කළේ. එහෙම නැතිව එතුමා හෑල්ලූවට පත් කිරීමට නෙවෙයි. ඒකෙන් හොඳ ප‍්‍රතිඵල ලැබිලා තියෙනවා. තියෙන ප‍්‍රශ්න ටිකත් ඌව ජයග‍්‍රහණයෙන් පස්සෙ ඉවරයි.
නායකත්ව මණ්ඩලයට සජිත් පේ‍්‍රමදාස ගේන්න ඔබේ නායකත්ව මණ්ඩලය තවමත් අසමත්?
එතුමගේ අසුන තවමත් හිස්ව තියෙනවා. එතුමා ඉතින් තීරණයක් ගනීවි නායකත්ව මණ්ඩලයට එනවද නැද්ද කියලා. ඒක එතුමගේ තීරණයක්. ඒකට අපිට බලපෑම් කරන්න බෑ. මේ පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එතුමත් අපට අවශ්‍යයි. නායකත්ව මණ්ඩලය අපි හැදුවෙත් අවුරුද්දකට. තිබුණ ප‍්‍රශ්න ටික නිරාකරණය කරගන්න විතරයි. ඉතින් එතුමා තීරණයක් ගනීවි. අපි එකට ගමනක් අනිවාර්යයෙන්ම යනවා.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොදු අපේක්ෂකයෙක් පිළිබඳ කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ?
පොදු අපේක්‍ෂකයෙක් නොවෙයි රටට අවශ්‍ය වෙලා තියෙන්නේ පොදු විපක්‍ෂයක්. මේ දුෂිත ආණ්ඩුවට බලපෑමක් කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම පොදු වැඩපිළිවෙලක් සමඟ ගැටගැහුණු පොදු විපක්‍ෂයක් අවශ්‍ය වෙනවා. ඕකෙන් මතුවන පොදු අපේක්‍ෂකයා අපට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔබ හිතන විදියට කවුද ඒ පොදු අපේක්ෂකයා?
විපක්‍ෂයේ පක්‍ෂ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් යනවා. ඉදිරියේදී කවුද පොදු අපේක්‍ෂකයා කියලා අපිට දැනගන්න පුළුවන් වෙයි.
ඒ අපේක්‍ෂකයා එජාපයෙන් ඉදිරිපත් කරනවා නම්?
එජාපයෙන් පොදු අපේක්‍ෂකයා ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා අපේ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමයි.
කරු ජයසූරිය ඒ පොදු අපේක්‍ෂකත්වය ගන්න මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා කියලත් කියනවා.
ඒක බොරුවක්. ඒ වගේම එහෙම දෙයක් අවශ්‍ය නම් ඒක ගැන සාකච්ඡා කරලා තීරණයක් ගන්න පුළුවන්.
ඔබත් නායකත්ව මණ්ඩල සාමාජිකයෙක්?
ඔව්
බහුතරයක් විරුද්ධ වෙද්දී ඔබව ගෙනාවේ රනිල් වික‍්‍රමසිංහ?
සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්. සත්‍ය කතාව නම් නායකත්ව මණ්ඩලයට මාව යෝජනා කරනකොට ඒකට මුලින්ම විරුද්ධ වුණේ නායකතුමයි. නායකත්ව මණ්ඩලය හදන්න යෝජනා කරන කොට මම ලංකාවේ හිටියෙත් නැහැ. අපේ මන්ත‍්‍රීවරයෙක් තමයි දුරකතනයෙන් කතා කරලා කිව්වේ. අපි නායකත්ව මණ්ඩලයක් හදනවා. ඒකට ඔබතුමාගේ නම අපි යෝජනා කරනවා කියලා. තරුණ මන්ත‍්‍රීවරුන්ගේ යෝජනාවක් හැටියට තමයි මාව ඉදිරිපත් කළේ. මම දන්න විදියට ඒ යෝජනාව ගේනකොටම රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ඒක ප‍්‍රතික්‍ෂේප කරලා තියෙනවා. එතුමා කියලා තියෙනවා ”නෑ ඒක කරන්නේ නැහැ” කියලා. නමුත් මම හිතන්නේ ඒ තරුණ කණ්ඩායම ආපහු සැරයක් ගිහින් කියලා තියෙනවා. අපිට යොවුන් පෙරමුණේ නියෝජනයක් අවශ්‍යයි. ඒ නිසා තමයි මගේ නම යෝජනා කළේ කියලා. ඊට පස්සේ තමයි නායකතුමයි... කරූ ජයසූරිය මැතිතුමයි ඒ යෝජනාවට එකඟවෙලා තියෙන්නේ.
ඔබේ අනාගත දේශපාලන සිහිනය කුමක්ද?
මේ රටේ තත්ත්වය ඉතාම නරකයි. රටේ ආර්ථිකය කඩාවැටිලා. බොරු සංවර්ධනයකින් රටේ ජනතාවගේ ඇස් නිලංකාර කරලා තියෙන්නේ. රටේ තරුණයන්ට තියෙන ලොකුම ප‍්‍රශ්නය තමන්ට මේ රට තුළ අනාගතයක් තියෙනවද කියන එකයි. තරුණයන් දහ දෙනෙකුට කතා කළොත් අටක් නවයක්ම කියන්නේ මේ රටේ ඉඳලා වැඩක් නැහැ කියලයි. ඒ තරුණයන් බලන්නේ කොරියාවට, ජපානයට, ඕස්ටේ‍්‍රලියාවට යන්නයි. රට ඒ තැනට වැටිලා. අපේ ආණ්ඩු තිබුණු කාලවල හැම රටක් එක්කම සම්බන්ධකම් පවත්වලා රටට අවශ්‍ය දේවල් ගත්තා. මේ ආණ්ඩුව ගෙනියන විදේශ ප‍්‍රතිපත්තිය ගැන නම් විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. චීනයත් එක්ක විතරයි මේ ආණ්ඩුව යන්න හිතාගෙන ඉන්නේ. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කාලවල චීනයත් එක්ක හොඳ සබඳතාවයක් තිබුණා. බි‍්‍රතාන්‍ය, යුරෝපය, ඇමෙරිකාව එක්ක වගේම ඉන්දියාවත් එක්ක හොඳ සම්බන්ධයක් තිබුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලෙදි නම් පොඩි පොඩි ප‍්‍රශ්න මතුවුණා. හැම රටක් එක්කම හොඳ සම්බන්ධතාවක් තියාගෙන තමයි අපි රට සංවර්ධනය කළේ. අද එහෙම තත්ත්වයක් නෑ. චීනෙන් ණය අරගෙන ඒවා මෙහෙ වියදම් කරනවා. ඒ විදියට විශාල ණය උගුලක මේ රට හිර කරලා තියෙන්නේ. ඒ නිසා මගේ සිහිනය නම් අපේ ආණ්ඩුවක් යටතේ අභිමානවත් ශ්‍රී ලාංකිකයකු බිහිවනු දැකීමයි.
ඔබ ඞී.ආර්. විජයවර්ධනයන්ගේ මුණුබුරා. අද ලංකාවේ තියෙන පත්තර කලාව ගැන ඔබ සතුටුද?
සතුටුයි කියලා කියන්න බෑ. අද මේ රටේ තියෙන්නේ ස්වයංවාරණයක්. අද මාධ්‍යයට නිදහසක් නෑ.
ඒ කියන්නේ ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරනවා.
ඔව් අනිවාර්යයෙන්ම ඒ මර්දනය නිසා තමයි මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට ස්වයං වාරණයකට තල්ලූ වෙන්න වෙලා තියෙන්නේ. ඒ වගේම මාධ්‍යවේදීන් ගණනාවකට මේ රට තුළ ඉන්න බැරිවුණා. මාධ්‍යවේදීන් මහ පාරේ මරලා දැම්මා. එහෙම බැලූවාම විශාල ප‍්‍රශ්නයක් මෙතැන තියෙනවා. අද පත්තරයක් ගත්තොත්, ප‍්‍රවෘත්තියක් බැලූවොත් විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රී කෙනෙක් ජනාධිපතිතුමාව හරි ඒ පවුලේ කවුරුහරි විවේචනය කළොත් ඒක පළ වෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ආණ්ඩුවේ ඇමති කෙනෙක් ගැන විවේචනය කරන්න පුළුවන්. ඒත් පවුල ගැන කියන්න බෑ. එතැන ප‍්‍රශ්නයක් තියෙනවා. මමත් තරුණ මන්ත‍්‍රීවරයෙක් විදියට මඩ ගහනවට විරුද්ධයි. මඩ දේශපාලනයෙන් අපිත් ඈත් වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්නකොට විවාදවලදිත් වැඩිපුරම ඇහෙන්නේ මඩ තමයි. ඒ නිසා මඩ එපා. නමුත් සාධාරණ යුක්තිසහගත විවේචනයකට නිදහස් මාධ්‍ය පරිසරයක් අවශ්‍යයි. ඕනෑම දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඒ මාධ්‍ය නිදහස තියෙනවා. නමුත් ලංකාවේ ඒ තත්ත්වය නැහැ.
හිටපු මාධ්‍යවේදියෙක් විදියට මේ තත්ත්වය වෙනස් කරන්න ක‍්‍රමවේදයක් යෝජනා කරනවද?
එහෙම යෝජනාවක් කරන්න පුළුවන්. මේ රටට නිදහස් මාධ්‍යයක් අවශ්‍යයි. ඒ වගේම සමහර මාධ්‍ය ගත්තොත් ඒ අයගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙනුත් ප‍්‍රශ්න මතු වෙනවා. එවැනි තත්ත්වයක් නොවන්නට මාධ්‍යවේදීන් සමගත් සාකච්ඡා කරලා මාධ්‍ය අයිතිකරුවන් සමගත් සාකච්ඡුා කරලා හොඳ ආචාර ධර්ම සංග‍්‍රහයක් ගෙන ආ යුතුයි.
එජාපයේ නොවන ආණ්ඩුවේ හෝ විපක්‍ෂයේ සිටින ඔබ වඩාත් සමීපව ඇසුරු කරන මන්ත‍්‍රීවරයා කවුද?
එහෙම අය ගොඩාක් ඉන්නවා. ඇත්තටම ආණ්ඩු පක්‍ෂයේ හොඳ තරුණ මන්ත‍්‍රීවරු ඉන්නවා. මේ පාර පළමු සැරේ පාර්ලිමේන්තුවට ආපු හොඳ තරුණ මන්ත‍්‍රීවරු පිරිසක් ඉන්නවා. ඔවුන් මඩ දේශපාලනයට ගිහින් නෑ. ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීතුමයි, අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීතුමයි, ටී.එන්.ඒ. එක ගත්තොත් සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇත්තටම ගත්තොත් ඒ අයගෙන් ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා. ගම්පහ රුවන් රණතුංග මන්ත‍්‍රීතුමා, දිළුම් අමුණුගම මන්ත‍්‍රීතුමා වගේ කණ්ඩායමකුත් ඉන්නවා. ඒ අයවත් මම ඇසුරු කරනවා.
නාමල් රාජපක්‍ෂ?
කතා කරනවා පාර්ලිමේන්තුවේදී අපි හුඟාක් වෙලාවට කතා කරනවා. ඔහුත් හොඳ මිත‍්‍රශීලීයි.