හිපොක්‍රටික් ප්‍රතිඥාව යනු මානව ඉතිහාසය තුළ ලියැවුණු පුරාණතම ග්‍රන්ථ වලින් එකකි. එහි ඇති මූලධර්ම වෛද්‍යවරු අද දින පවා පූජනීය කොට සලකති. හොඳම අයුරින් රෝගියාට සැලකීම රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෛද්‍ය විද්‍යාවේ රහස් ඊළඟ පරම්පරාවට ලබාදීම පිළිබඳ කරුණු එහි සඳහන්ය.
ඇපලෝ, ඇස්ක්ලීනියස්, හයිජියා, පැනාසියා, ඇතුළු සියලු ග්‍රීක දෙවිවරුන්ගේ නාමයෙන් තමන්ගේ රාජකාරිය හැකි උපරිම අයුරින් ඉටු කරන බවට පුරාණ වෛද්‍යවරු ඒ අනුව ප්‍රතිඥා දුන්හ. ඔවුහු එම දෙවියන්ගෙන් ඊට සාක්ෂි දරන ලෙසද ඉල්ලා සිටියෝය.
ක්‍රි පූ 460-370 කාලයේ දිවිගෙවූ ග්‍රීක වෛද්‍ය හිපොක්‍රටීස් මෙම ප්‍රතිඥාව ඔස්සේ හඳුන්වාදුන් ආචාරධර්ම පද්ධතිය යුග ගණනාවක් තිස්සේ වෛද්‍ය විද්‍යාලවල උපාධි ප්‍රදානෝත්සව වල දී භාවිතයට ගනු ලැබීය.
අලුතෙන් සේවයට එක්වන වෛද්‍යවරු ඒ අනුව දිවුරුම් දුන්හ. එම දිවුරුම කොටස් දෙකකින් යුක්ත විය. පළමු කොටස වෛද්‍යවරයාගෙන් සිය වෛද්‍ය ශිෂ්‍යයන්ට හා වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ට ඉටු විය යුතු යුතුකම් පිළිබඳවය. දෙවැනි කොටස වෛද්‍යවරයා තමන්ගේ, විනිශ්චය හා හැකියාව අනුව කිසිදු හානියක් නොකර රෝගියාට ප්‍රතිකාර කරන බවට කරන දිවුරුමකි.
1948 ජිනීවා ප්‍රකාශනයේ දී ලෝක වෛද්‍ය සංගමය හිපොක්‍රටික් දිවුරුම කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කළේය. ඉන්පසු 1968 දී හා නැවත 1983දී වියනා සම්මුතිය, අනුව ලෝක වෛද්‍ය සංගමය එකී ප්‍රතිඥාව සංශෝධනයට ලක් කරනු ලැබීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිපොක්‍රටීස් දිවුරුම අනුසාරයෙන් සකස් කළ මාර්ගෝපදේශ හා ආචාරධර්ම පද්ධතියක් ප්‍රකාශයට පත් කොට තිබේ. වෛද්‍යවරුන් දීමට නියමිත ප්‍රතිඥාවට අනුකූල කරුණු 10ක් පමණ එහි සඳහන් වේ. මගේ මූලික සැලකිල්ල මාගේ රෝගියාගේ සෞඛ්‍ය වන අතර මා මගේ වෘත්තිය මගේ රෝගියා සූරා කෑමට භාවිත නොකරමි යන අර්ථය දෙන ප්‍රතිඥාවක් ද, වෛද්‍ය වෘත්තියේ උත්තරීතර සම්ප්‍රදායයන් තමන්ගේ ශක්තියේ තරමින් ආරක්ෂා කරන බව කියැවෙන ප්‍රතිඥාවක් ද එහි ඇත. ඒ හැරුණු කොට රුඩ්යාඩ් කිප්ලින් ගේ if යන කාව්‍යයේ ආභාෂය ලබමින් මහාචාර්ය කේ. රාජසූරිය ලියූ වෛද්‍යවරුන්ගේ හා ආචාර ධර්ම පද්ධතියට අදාල කව් පෙළක් ද එහි ඇත.
හිපොක්‍රටික් ප්‍රතිඥාව හා වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය සම්බන්ධයෙන් මෙසේ කරුණු කියන්නට හේතුවූයේ පහළොස් වැනිදා දඹුල්ලේ වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වාර්තා වූ සිද්ධියක් නිසාය. හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු මාස පහක් වයසැති ළදරුවකුට ප්‍රතිකාර කිරීම මඟහැරීමේ සිද්ධියක් නිසා එම දරුවාගේ මවට එකී රෝහලින් පිටව ගොස් පෞද්ගලික ස්ථානයකින් ප්‍රතිකාර ලබන්නට සිදුවී තිබේ.
වර්ජනය ක්‍රියාත්මක වුවද නේවාසික හා හදිසි ප්‍රතිකාර කටයුතු කරමින් පවතින බව රෝහලේ ප්‍රධාන හෙද පාලකවරයා කියා සිටිය ද දොස්තර වර්ජනය නිසා මාස පහක නොදරුවකු මනුෂ්‍යත්වයට නොගැළපෙන තරම් නොසැලකිල්ලට ලක්වී තිබෙන බව එම සිද්ධියෙන් පැහැදිලි වේ.
වෛද්‍යවරුන් සිය වෘත්තීය අයිතීන් දිනා ගැනීම වෙනම කරුණකි. එහෙත් ඔවුන්ගේ වර්ජනය නිසා රෝගීන් අපහසුවට පත් කිරීම මානව ධර්මයට කිසිසේත් ගැළපෙන්නක් නොවේ. අපගේ දැනුමේ හැටියට එය වෛද්‍යවරුන්ගේ උත්තරීතර ප්‍රතිඥාවට ද විරුද්ධ ක්‍රියාවකි.
මෙරට රජයේ රෝහල්වලට ප්‍රතිකාර ගැනීම සඳහා වැඩිපුර යොමු වන්නේ දුප්පත් ජනයාය. ආර්ථික වශයෙන් යම් ශක්තියක් ඇති අයට පමණක් පෞද්ගලික රෝහල් වෙත යොමුවීමේ හැකියාව ඇත. රජයේ රෝහල්වලින් ප්‍රතිකාර නොලද විට එවැනි රෝගියකුට සිදුවන්නේ මුදලක් ණයට ගෙන පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබන්නටය. ශාරීරිකව රෝගී බවට පත් වූ තැනැත්තා එවිට මානසික වශයෙන් ද රෝගියෙක් වෙයි. ණය බේරා ගැනීම සඳහා කුසගින්නේ සිටීමට ද එම රෝගියාට සිදුවේ.
ඉදිරි කාලයේ දී ගන්නා වෘත්තිය ක්‍රියාමාර්ගවල දී රෝගීන් අපහසුවට පත් නොවන ආකාරයෙන් හා රෝගියාගේ මානව අයිතීන් ආරක්ෂා කරමින් එසේ කිරීම වෛද්‍ය වෘත්තියටත් මිනිස්කමටත් හොඳින් ගැළපේ.
(***)