මෙම නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමඟ නීතිගත විය.
සෑම වසරක් පාසාම පෙබරවාරි 04වන දින ශ්‍රී ලාංකිකයන් සමරනු ලබන්නේ ශ්‍රී ලංකාවට නිදහස උදාවීමේ මතක සැමරුමයි. මෙවර අභිමානයෙන් යුතුව සමරනු ලබන්නේ නිදහසේ 73වන සංවත්සරයයි. ඔබ අප මතකයේ රැන්දූ විශේෂිත සිදුවීම් සමඟින් සමරන ලද නිදහස් උත්සව කිහිපයක් පිළිබඳ තොරතුරු මේ ලිපිය ඔස්සේ දිග හැරීමට අපේක්ෂිතයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම 1948 පෙබරවාරි 04 වනදා ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු සභා වාරය කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ තාවකාලිකව ඉදිකළ ශාලාවකදී පැවැත්විණ. ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ මේ ඵෙතිහාසික දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී. ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර්ගේ සහභාගීත්වයෙන් උත්සවය ආරම්භ විය. ප්‍රථම නිදහස් සමරු දින නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා ලෙස තේරීපත් වූ ඩී. එස්. සේනානායක මහතා ගුවන් විදුලිය ඔස්සේ ලංකාවාසීන් අමතන ලදී. එහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රමුඛ අදහසක් වූයේ ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ඉදිරියට ගෙන යාමට සියලු ජාතීන් අතර සමඟිය පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි. ප්‍රථම නිදහස් දින උත්සවය ඇරඹුවේ එදින උදෑසන 7.00ට වන අතර පළමුව මෙරට පළමු ආණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර් දිව්රුම් දුණි.
‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය මෙරට ජාතික ගීය ලෙස තෝරා ගැනීමෙන් පසුව ප්‍රථමවරට ගායනා කොට ඇත්තේ 1949 පෙබරවාරි 04 දින පැවැත්වූ මෙරට දෙවන නිදහස් සමරුවේදීයි. එය ගායනා කරන ලද්දේ ටොරින්ටන් චතුරස්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය වෙනුවෙන් පැවති උත්සවයේදී ය. ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත වර්තමානයේ අප ජාතික ගීතය වන නමෝ නමෝ මාතා ගීය 1940 දීී රචනා කර ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයීය සිසුන් තුළ ජාතික හැඟීම වැඩි වර්ධනය කිරීම සඳහාය. කොළඹ මියුසියස් විද්‍යාලයීය සිසු දරුවන් 50 දෙනෙක් විසින් නමෝ නමෝ මාතා ගීය ප්‍රථම වරට ගායනා කරන ලද්දේ මෙරට දෙවන නිදහස් සමරු උළෙලේදීය.
1815 මාර්තු 02වන දා බිම හෙළුවේ සිංහලයේ පැරණි ජාතික කොඩියයි. සිංහල රාජ්‍ය ඉංග්‍රීසීන් විසින් පවරා ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සිංහලයේ පැරණි ජාතික කොඩිය ඉංග්‍රීසීන් යටතට ගැණුනි. මෙරට සඳහා නිල වශයෙන් ජාතික කොඩියක් තෝරා ගැනීම සඳහා ජාතික ධජ කමිටුව නමින් විශේෂ කමිටුවක් 1948 වසරේදීම පත් කරන ලදී. 1950දී ධජ කමිටු වාර්තාව රජය වෙත බාර දුන් අතර 1951 දී එම වාර්තාවේ සඳහන් ජාතික කොඩිය මෙරට නිල ජාතික කොඩිය වන බව පිළිගන්නා ලදී. එම නිර්දේශයන්ට අනුව මෙරට සුළු ජාතිකයන් නියෝජනය සඳහා කොළ සහ තැඹිලි පැහැති වර්ණ තීරු 02ක් එක් කරමින් නැවත ප්‍රතිනිර්මාණය කළ ජාතික කොඩිය 1952 වසරේ පැවති නිදහස් උත්සවයේ ලෙළ දුනි. හය වැනි ජෝර්ජ් රජුගේ අභාවය එම මස සිදු වූ බැවින් ගිනි කෙළි සංදර්ශනවලින් තොරව සරල සහ චාම් අයුරින් එය පවත්වන්නට යෙදුණි.
1961 වසරේ මෙරට මෙන්ම සමස්ත ලෝකයේද ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය සමරන ලද්දේ මහනුවරදීයි. එවකට ජාතික ගීයේ මුල් වචන අරඹයා විවිධ මතභේදාත්මක අදහස් පළ වූ අතර නමෝ නමෝ හි ‘න’ ආරම්භ වන බැවින් නමෝ නමෝ යන්න වෙනුවට ‘ශ්‍රී ලංකා මාතා’ යන වදන් එක් කරමින් 1961 දී ජාතික ගීයේ වචන රචකයාගේ අනුදැනුමකින් තොරව වෙනස් කරන ලදී. එබැවින් මහනුවර පැවැත්වූ නිදහස් උලෙළේදී ජාතික ගීයේ අනුවාදනය පමණක් වාදනය කෙරුණු බවද සඳහන්ය.
1978 වසර මෙරට පළමු විධායක ජනාධිපතිවරයා අභිෂේක ගැන්වූ වසර විය. එනම් ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලද්දේ ද 1978 වසරේ නිදහස් දිනයේදී වීම විශේෂ අවස්ථාවකි.
1998 වසරේ මෙරට නිදහස් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ මහනුවරදීය. නමුත් නිදහස් දිනට දින කිහිපයකට මත්තෙන් දළදා මාළිගාවට දරුණු කොටි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එබැවින් මහනුවර පැවැත්වීමට නියමිතව තිබූ නිදහස් උළෙල කොළඹදී පැවැත්විණි. රුදුරු ත්‍රස්තවාදී භීෂණය අතරතුර සැමරූ නිදහස් දින සෑම එකක්ම පාහේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂිතය.
ත්‍රස්තවාදය මෙරටින් මුලින් උපුටා දැමීමත් සමඟ 2010 වසරේ සැමරූ මෙරට 62 වන නිදහස් සමරුව අභිමානයෙන් යුතුව සැමරූ තවත් නිදහස් දිනයකි. 30 වසරක් මු`ඵල්ලේ මෙරට ජනයා පීඩාවට පත් කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කිරීමත් සමඟ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ එම නිදහස් දිනය උත්කර්ෂයෙන් යුතුව සමරන ලදී.
2021 වසරේ සැමරෙන මෙරට නිදහසේ 73 වන සමරුව ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟී සියලු ජාතීන්ගේ එකමුතුභාවය තුළින් අභිමානවත් ලෙස සැමරිය යුත්තකි.
(*** හෂිනි ඉරේෂා ගුණවර්ධන)