මාර්තු මස ජිනීවාහිදී පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කරන බව මේ වනවිට නිවේදනය කොට ඇත. එහෙත් එවැනි තීන්දුවකට පසුව ශ්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉන්දියානු විරෝධයක් ගොඩනැගෙන බව ඉන්දියාව ඉතා හොඳින් දන්නා කරුණකි. එම තත්ත්වයට මුහුණදීම සඳහා ඉන්දියාව ඉතා සුක්ෂම සැලසුමක් සකස්කොට ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් සැක පහළ කරමින් ඇත. එම සැලසුමට අනුව ඉන්දියාව කරන්නට බලාපොරොත්තු වෙනවා යැයි සැක කෙරෙන්නේ මුලින් දැඩි ස්ථාවරයක් පෙන්වා පසුව මෘදු ස්ථාවරයක් දක්වා ගමන් කිරීම හරහා ශ්‍රී ලංකාව උගුලකට කොටුකර ගැනීමයි. වෙනත් වචනවලින් කියනවා නම් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බිම හෙළීමේ උපාය මාර්ගයක් අනුගමනය කර ශ්‍රී ලංකාව අමාරුවේ දමන අතර ශ්‍රී ලාංකික ජනතාව අතර තම ප‍්‍රතිරූපයද බේරා ගැනීමට ඉන්දියාව සැලසුම් කරන බව පෙනේ.
දැනට යම් පමණකට එළිදරව් වී ඇති එම උපාය මාර්ගයට අනුව ඉන්දියාව සහ ඇමෙරිකාව අන්‍යොන්‍ය එකඟතාවෙන් යුතුව ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන එන යෝජනාවට බරපතළ කාරණා ඇතුළු කරනු ඇත. ඉන්පසුව ඉන්දියාව ”හොඳ මිනිසාගේ” භූමිකාව රඟපාමින් එම යෝජනාවලියේ බරපතළකම අඩුවී පෙනෙන ලෙස ඒවා සංශෝධනය කිරීමට ඉදිරිපත්වනු ඇත. ඉන්පසු තවත් රටවල් කිහිපයකද මැදිහත්වීම මත එම ”සංශෝධිත යෝජනාවට” ඡන්දයකට නොගොස් එකඟ වන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කෙරෙනු ඇත. එහිදී ඇමරිකානු යෝජනාවට එරෙහිව ඡුන්දයක් ඉල්ලා සිටියහොත් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම පරාජයට පත්වන නිසා ඡුන්දයකට නොගොස් ඒවා බාරගැනීම වඩා සුදුසු බවට විවිධ පාර්ශ්වවලින් තර්ක ඉදිරිපත්වනු ඇත. එම තර්ක සාධාරණීකරණය කිරීම සඳහා දැනටමත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ යම් නිලධාරීන් කණ්ඩායමක් තාක්ෂණිකව කරුණු ඉදිරිපත් කරන බවද මේ වනවිට වාර්තාවේ. එසේ යටත්වීම මගින් ශ්‍රී ලංකාවට සහනයක් ලබා ගත හැකි බව ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රධාන තර්කයක් බව පෙනේ.
එහෙත් ශ්‍රී ලංකාව ඉන්දියානු - ඇමෙරිකානු යෝජනාවට කැමැත්තෙන්ම එකඟවුවහොත් එහි අඩංගු කරුණු සියල්ල ඉටුකිරීමට අන් රටවල් ඉදිරියේදී දැඩි සදාචාර බැඳීමක් ඇතිවේ. එම තත්ත්වය යෝජනාවට විරුද්ධවීමෙන් පසුව එය බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව මත පැටවීමට වඩා බරපතළ තත්ත්වයකි. ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව දියත්කොට ඇති යටත් කිරීමේ මෙහෙයුම තුළ ඔවුනට ඉතා වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලිගැසීම සඳහා නීතිමය සහ සදාචාරමය ඉඩක් විවෘත කර ගැනීමය. ඔවුන්ගේ අවසාන අරමුණ වන රට බෙදා වෙන් කිරීමේ ”සූඩාන ක‍්‍රමවේදය” සැබැවින්ම ආරම්භ වන්නේ ඒ ආකාරයට ජිනීවා යෝජනා හරහා ශ්‍රී ලංකාවට අත පෙවීමට ඉඩ ලබාගත් පසුවය.
ඒ අනුව මෙවර යෝජනාවේ ප‍්‍රධාන අංගය වන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ බලයලත් නිලධාරීන්ට ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට ඇතුළුවී කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා විවෘත ආරධනාවක් ලබා ගැනීමය. මීට පෙරද එවැන්නක් සඳහා උත්සාහයක් ගැනුණු බව රහසක් නොවේ. ශ්‍රී ලංකා රජය එදා ඒ උගුලෙන් බේරුණත් මෙදා නැවත වටයකින් වඩාත් ප‍්‍රබල ලෙස ඒ දෙසට රජය තල්ලූ කිරීමට කි‍්‍රයා කරන බවට සැකයක් නැත.
දෙවැනි අංගය මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘතකිරීමය. ඒ සඳහාද 2008 වසරේදී ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණු නමුත් ප‍්‍රතික්ෂේප විය. නමුත් මෙවරද වඩාත් වැඩි පීඩනයක් යටතේ එම උත්සාහය ගනු ඇත. ඉන්දියානු - ඇමරිකානු යෝජනාවේ තුන්වැනි අංගය විය හැක්කේ ශ්‍රී ලංකාවේ නිලධාරින් සහ මුලින් සඳහන් කළ එක්සත් ජාතීන්ගේ විදේශ බලයලත් නිලධාරීන් එකට එක්ව ඒකාබද්ධ කි‍්‍රයාකාරී යාන්ත‍්‍රණයක් සකස්කිරීමය.
මෙම ඒකාබද්ධ යාන්ත‍්‍රණය සාධාරණීකරණය කිරීම සඳහා පසුගිය මාර්තු මස සම්මත වූ ඇමරිකානු යෝජනාවට අදාළ පසු විපරම් වාර්තාවද යොදාගනු ඇත. පසුගිය වතාවේ යෝජනා වූයේ විවෘත ආරාධනාවක් නොමැතිව විශේෂ ඉල්ලීම මත පැමිණෙන එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට උපදෙස් දිය යුතු බව සහ ශ්‍රී ලංකාව එම උපදෙස් භාරගත යුතු බවකි. ගැනී මෙහාලී නමැති විශේෂ බලයලත් නිලධාරියා ශ්‍රී ලංකාවට පැමිණියමුත් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්වූ කි‍්‍රයාකාරී සැලැස්ම කි‍්‍රයාත්මක කිරීම අධීක්ෂණය කිරීමට හෝ ඊට මැදිහත්වීමට එම නිලධාරියාට අවස්ථාව ලැබුණේ නැත. ඒ අනුව මෙවර ඔවුන් ඒ වැරැුදි දෙකම නිවැරැුදි කිරීම සඳහා මෙම ඒකාබද්ධ යාන්ත‍්‍රණය යොදා ගනු ඇත. එනම් ඒකාබද්ධව කි‍්‍රයාකාරි සැලසුම් නැවතත් සකස් කිරීමට සහ ඒකාබද්ධව එම කි‍්‍රයාවලිය අධීක්ෂණය කොට වාර්තා කිරීමට ඔවුන් උත්සාහ ගනු ඇත.
ශ්‍රී ලංකාව ඔවුනට අවශ්‍ය ප‍්‍රමාණයට යටත් නොවුවහොත් ඊළඟ සමුළුවේදී එනම් ලබන ජනාධිපතිවරණය ආශි‍්‍රතව ඔවුන් දියත් කිරීමට නියමිත මෙහෙයුමට සාපේක්ෂව ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් සඳහා යෝජනා ගෙන එනු ඇත. එහෙත් ඉන්දියාව සහ ඇමෙරිකාව එක්ව අටවන මෙම උගුලට මෙම මාර්තුවේදීම පය තැබුවහොත් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවලට වැඬේ පහසුවනු ඇත. ඔවුනට පළමු වටයේදී අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලිගැසීමට ඉඩ සලසා ගැනීමය. යුද අපරාධ චෝදනා එන්නේ ජනාධිපතිවරණයට පසුව බව ඇලන් කීනත් නමැති ජාත්‍යන්තර බෙදුම්වාදී විශේෂඥයා පසුගියදා පවසා තිබුණි.
කෙසේ වෙතත් මෙවර සමුළුවේදී බලපෑම්වලට ශ්‍රී ලංකාව යටත්වී ඉන්දියානු උගුලට පය තැබුවහොත් උදාවන්නේ යුද්ධය පැවැති කාලයේදී තිබූ තත්ත්වය බවට කිසිදු සැකයක් නැත. එනම් එරික් සොල්හයිම් ඇතුළු ඊනියා සම සභාපතිවරුන් ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වූ ආකාරයේ තත්ත්වයකි. එය කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි තත්ත්වයක් බව ඉතා පැහැදිලිය. පය තැබීමට ඉඩ දුනහොත් දිගින් දිගටම තම කටයුතු දිගුකර ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත. එවිට ඔවුන් ආපසු යැවීම හෝ වීසා නොදී සිටීම හෝ ඔවුනට බාධා කිරීම පහසු වන්නේ නැත. ඒ නිසා කළ යුතුව ඇත්තේ උගුල කුමක්දැයි ඉතා හොඳින් තේරුම් ගෙන ඊට පය නොතබා සිටීමය. එවිට මතුවන තර්කය වන්නේ යෝජනාවෙන් ශ්‍රී ලංකාව පරාජය වූ පසුව එම බලපෑමෙන් මිදෙන්නේ කෙසේද යන්නයි. එහෙත් එවිට ඉන්දියාවට සහ ඇමෙරිකාවට සිදුවන්නේ බලහත්කාරය යෙදවීමටය. නමුත් එය යටත්වීමේදී පෑගීම තරම් පහසු කි‍්‍රයාවක් නොවේ. ඊට මුහුණදීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ මහජන සහයෝගයයි. ඒ නිසා අද රට ඉදිරියේ අටවා ඇති උගුල පිළිබඳව රජය මහජනයා ඉතා හොඳින් දැනුවත් කළ යුතුව ඇත. ඒ දැනුවත් කිරීමට සාපේක්ෂව රජය ස්ථිරසාරව කොන්ද කෙළින් තබා ගෙන ජාත්‍යන්තර බලපෑමට මුහුණ දෙන්නේ නම් ජනතාව රජය සමඟ එකට සිටගනු ඇත.
එහෙත් දැන් සිදුවන ආකාරයට 13 වැනි සංශෝධනය තුළ පවතින භයානක බෙදුම්වාදී ලක්ෂණ එසේ තිබියදීම උතුරේ පළාත් සභා පවත්වන බව යම් පාර්ශ්ව විසින් ප‍්‍රකාශ කිරීම මඟින් ජනතාවගේ විශ්වාසය පළුදු කර ඇත. බෙදුම්වාදයේ ජයග‍්‍රහණයට අවශ්‍ය පළමු පූර්ව කොන්දේසිය උතුරේ පළාත් සභා බෙදුම්වාදී බලවේග අත්පත් කර ගැනීමය. එය සුනාමි සහන මණ්ඩලය හෝ තාවකාලික ආණ්ඩුව පිහිටුවීමට වඩා බරපතළ තත්ත්වයක් බව ජනතාව වැඩි කලක් නොගොස් තේරුම් ගනු ඇත.
එමනිසා එම වරද ජිනීවාවලදී වරද්දවා ගැනීමටත් වඩා විශාල වරදක් බවට සැකයක් නැත. ජිනීවාවලදී ඉන්දියාව සහ ඇමෙරිකාව අපෙන් උදුරා ගන්නේ යතුර නම් බෙදුම්වාදී ලක්ෂණ සහිත පළාත් සභාව පිහිටුවීම යනු බෙදුම්වාදී දොර ඇරීම සඳහා පාවාඩ එළීමක් ලෙස හඳුනාගැනීමේ වරදක් නැත. එය ඉතා පැහැදිලිවම යුද ජයග‍්‍රහණය පාවාදීමක් ලෙස ජනතාව හඳුනාගනු ඇත. එසේ වුවහොත් ජාත්‍යන්තරයට ඉතිරි ගනුදෙනු බේරා ගැනීමට සිදුවන්නේ ජන පදනමක් නොමැති රජයක් සමඟය. එසේ වුවහොත් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග පැත්තෙන් ගත් විට එය දැන් පවතින තත්ත්වයට වඩා ඉතා පහසු තත්ත්වයක් උදාවීමකි. ඒ අනුව යුද්ධයෙන් රට බෙදීමට වසර 30 ක් ගත වුවත් මානව හිමිකම් හරහා රට බෙදීමට වසර 03ක් වත් ගත නොවෙනු ඇත.
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය