රටක් හෝ ප්‍රාන්තයක් පාලනය කරන රජු ජීවත්වන නිවස මාලිගය යනුවෙන් ඈත අතීතයේ සිට හැඳින් වූ අතර ක්ෂ්ත්‍රියයන් ප්‍රධාන අනෙකුත් සෑම නිවසක්ම හැඳින්වූවේ “ගෙදර” යනුවෙන් වන අතර ගෙහිමියාගේ තනතුරට අනුව එම ගෙදරට තවත් විශේෂණ පදයක් එක්වන බවත් ඒ අනුව වෛද්‍යවරයාගේ නිවස වෙද ගෙදර යනුවෙන්ද, අක්ෂි වෛද්‍යවරයාගේ නිවස ඇස් වෙදගෙදර යනුවෙන්ද, කුඹල් කර්මාන්තකාරයාගේ නිවස කුඹල් ගෙදර, රජකයාගේ නිවස රදාගෙදර, බලි ඇදුරාගේ නිවස බලිතියන්නලාගේ ගෙදර, හංගිඩියාගේ නිවස හංගිඩි ගෙදර නමින්ද එකී මෙකී විවිධ තනතුරු දැරූ උදවිය පදිංචිව විසූ නිවාස උසස් පහත් භේදයෙන් තොරව ගෙදර යනුවෙන් ඈත අතීතයේ හෙළ රජ දවස හැඳින්වූ බැව් “කන්ද උඩරට සමාජ සංවිධානය” (පිටු 36) කියයි.
එදා පැවති ජන සමාජය තුළ විවිධ සේවා කටයුතු සඳහා කුල ක්‍රමයක් පැවැති නමුත් කුල භේදය නොතිබුන බැව් ඓතිහාසික කටයුතු පිළිබඳ පුළුල් පර්යේෂණයක යෙදෙන විට මැනවින් පෙනී යන සත්‍යයකි.
ක්‍රි.ව. 1739 දී අප රට තුළ ආරම්භ වූ දකුණු ඉන්දියානු නායක්කර රාජ්‍ය පාලනය යුගයේ දී ප්‍රභූන් පදිංචි නිවාස “වලව්” යනුවෙන් හැඳින්වූ අතර එය තෙළිඟු බසින් ශබ්ද වූව කැයි “ශ්‍රී ලංකා දීප වර්ණනා” ග්‍රන්ථයේ (පිටු 33) සඳහන් වේ. පුරාණ රදළවරුන්ට නඩු ඇසීමට බලතල තිබුණ අතර ඔවුන් එම නඩු විභාග කිරීම සිය නිවසේවලම සිදුකළ බැවින් “වලවුම්” යනුවෙන් එම නිවෙස්වලට භාවිතා කළ බවත් “වලකු” යනුවෙන් නඩුවට ද්‍රවිඩ බසින් භාවිතය වන බවත් මේ පිළිබඳ “කන්ද උඩරට සමාජ සංවිධානය “(පිටු 36) සඳහන් කර ඇත.
මේ අනුව විමසා බලන විට ක්‍රි.ව 1739 සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රභූ නිවාස වලව් යනුවෙන් බෙහෙවින් හැඳින්වෙන බැව් කිව හැකිය.
“මැටි ගැසූ වරිච්චි බිත්ති හා කොකු උළු සෙවෙළි කළ වහලක් ඇති බිම් ගොඩ මැටි ගා තිබෙන “වලව්ව” එතරම් පෙනුම ඇති ගොඩනැගිල්ලක් නොවීයයි, මාවනැල්ලේ ගල් අතර ගමේ පිහිටි “ලෙව්කේ වලව්ව” ගැන පර්යේෂණයක් කළ එච්.සී.පී. බෙල් ක්‍රි.ව 1892 දී සිය වාර්තාවේ සඳහන් කර ඇත.
වලව්ව පිළිබඳ එච්.සී.පී. බෙල් එදා මෙසේ කීවත් ගාළු දිස්ත්‍රික්කයේ අහංගම කතළුවේ පිහිටි අටදාගේ වත්ත වලව්ව, එම දිස්ත්‍රික්කයේම පිහිටි වැලිතොට මහා කප්පින වලව්ව, රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි මඩුවන්වල වලව්ව ආදී වලව් රජ මැදුරුවලට පමණක් දෙවැනි වූ බැව් බෙල්ට නොපෙනීම පුදුමයකි.
ක්‍රි.ව 1734 සිට වලව් සංඛ්‍යාව අනුක්‍රමයෙන් වැඩි වූ නමුත් ක්‍රි.ව 1510 දී පමණ අප රට තුළ වලව් කිහිපයක් තිබුණ බවට සාක්ෂි ඇත. ඇහැලේපොල පරපුරේ ආදි පුරුෂයා වූ දොන් කොස්මෝ විජේසේකර යුද්ධ මුදලි තුමා ජනිත වූ වැලිතොට “බ්‍රාහ්මණ වත්තේ වලව්ව” ක්‍රි.ව එක්දාහස් පන්සිය ගණන්වල ආරම්භ වූ එක් වලව්වකි. මේ අනුව විමසා බලන විට ද්‍රවිඩ හා තෙළිගු වචන පුරාණ සිංහල රජ යුගයේ සිට (ක්‍රි.ව 1500) ව්‍යවහාරවූ බව සැක සිතිය හැක. අටදාගේ වත්ත වලව්ව ක්‍රි.ව 1630 පමණ ඉදිකළ බවට සාක්ෂි ඇත.
15 වැනි සියවසේ සිට සිංහල රජ පවුලට හා පොදුවේ මුළු මහත් රජයටම දකුණු ඉන්දියානු බලපෑම සංස්කෘතික වශයෙන්ද ක්‍රියාත්මක වූ බැව් මේ අනුව සිතාගත හැක.
''VILLA'' විලා ඉංග්‍රීසි වචනයෙන් “වලව්ව” සෑදුන බැව් තවත් මතයකි. නමුත් ඉංග්‍රීසීන් හෙළදිවට පා තැබීමට පෙර සිට හෙළදිව “වලව්” තිබුණ බැව් මතක් කළ යුත්තකිවලව් නමින් හැඳින්වෙන ප්‍රභූ නිවාසය තුළ පළමුව ජීවත් වූයේ ක්ෂ්ත්‍රිය, බ්‍රාහ්මණ සහ ගොවි කුලයේ ඉහළම ශ්‍රේණියේ රදළවරු පමණකි. පසු කලෙක මෙම ක්ෂත්‍රීය හා බ්‍රාහ්මණ කුලීනයන්ද ගොවි කුලේ ඉහළම ශ්‍රේණියට ඇතුළත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ ප්‍රබල රදළ පිරිසක් බිහි වී ඇත. මුළු රටේම ජනගහනයෙන් 52% ක් නියෝජනය වන්නේ වත්මන් ගොවි කුලයට බැවින් එහි ඉහළම තලයේ සිටින රදළවරුන්ට අදෘශ්‍යමාන ශක්තියක් ඇති බැව් සමාජ විද්‍යා පාර්යේෂණවලින් පෙනී ඇත.
කිසිදු කුලයකට සම්බන්ධ නොවී සිටින බ්‍රාහ්මණ පවුල් කිහිපයක්ද අප රට තුළ වෙසෙති. බෞද්ධ බ්‍රාහ්මණයින් මෙන්ම හින්දු බ්‍රාහ්මණයින් ලෙස දිවි ගෙවන ඔවුන්ගේ ජන ගහණය සීමිත වූවකි. ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ සහ ගොවි වංශිකයින් හැර වෙනත් කිසිදු කුලයක පුද්ගලයෙක් වෙසෙන නිවසක් වලව්වක් ලෙස හැඳින්වීමට ජනතාව තුළ ඇත්තේ ඉමහත් අප්‍රසාදයකි. වලව්ව යනු කුලීන ප්‍රභූවරයෙකුගේ වාස භාවනය බැව් මේ අනුව සිතාගත හැක.
ගෘහ නිර්මාණය
ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම කිහිපයකින් යුත් වලව් රැසක් අප රට තුළ දැනට ඇත. ආන්ද්‍ර දේශීය ක්‍රමයට ගොඩ නංවා ඇති වලව් කිහිපයක් මෑතක් වන තුරු අප රට තුළ තිබුණි. එම පැරණි වලව් පැවති ස්ථානවල අද දක්නට ලැබෙන්නේ අලුත් වලව්ය. එසේත් නැත්නම් සංචාරක හෝටල්ය. පුරාණ ලන්දේසි ගෘහ නිර්මාණය අනුව ගොඩනැගූ වලව් කිහිපයක්ද දකුණු පළාතේ ඇත. ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩ නංවා ඇති වලව් රැසක්ද වරින් වර පැරණි මුහුණ වෙනස් කළ වලව් රැසක්ද ඇත. පෝටිකෝව (CAR PORCH&) යනු සෑම වලව්වකම අත්‍යවශ්‍ය අංගයක් ලෙස එදා සළකා ඇති බැව් කිව යුතුය. මෝටර් රියෙන්, අශ්ව කරත්තයෙන්, බක්කි කරත්තයෙන් හෝ තිරික්කලයෙන් පැමිණ වර්ෂා දිනයකදී ඉතා පහසුවෙන් වලව්වට ඇතුළු වීමට පෝටිකෝව ආධාර වේ.
හෙළ රජ සමයේ නිවෙස්වල උළු සෙවෙලි කිරීමට රාජ්‍ය අවසරය ලැබිය යුතුව තිබුණි. රාජ මුද්‍රාව ගැසූ තඹ උළු කැටය ගෙහිමියාට ලැබීමෙන් අනතුරුව නිවසේ උළු සෙවිළි කරනු ලැබේ.
මැද මිදුල, සේවක සේවිකාවන්ට හිඳීමට කුඩා නිවාස දෙකක් හෝ තුනක්, වී අටුව, රිය ගාල, අශ්ව ගාල සහ කුක්කන් මඩුව (Kennel Shed) යනු සෑම වලව්වකම තිබෙන ප්‍රධාන අංගෝපාංගයන්ය. ඇතැම් වලව් සංකීර්ණයට කුඩා නිවාස රැසක් ඇතුළත් වේ.
ඇතැම් වලව්වල මූලික වෙනස්කම් නොකර අලුත් වැඩියා කිරීමට පමණක් කොන්දේසි පනවා ඇත. වැලිතොට මහා කප්පින වලව්වේ මූලික පෙනුම කිසිසේත් වෙනස් නොකිරීමට එහි ආදි කර්තෘ ඒඩි්‍රයන් ද ආබ්‍රෘ රාජපක්‍ෂ මහමුදලි (1830) තුමා නියෝග කර ඇති බැව් එහි හිමිකරුවෙක් වූ දිවංගත ගිරිජා රාජපක්‍ෂ 1965 දී මා සමග ප්‍රකාශ කළේය.
කතළුවේ අටදාහේ වත්තේ වලව්ව පසුකලෙක අලුත්වැඩියා කළ අතර එයට අලුත් කොටසක් ද එකතු කර ඇත.
පානම රාසගල නිල්ගල වලව්ව ද ක්‍රි.ව 1650 පමණ ගොඩනගා ඇති පුරාණ වලව්වකි. එම වලව්වෙන් ව්‍යාප්ත වූ නිල්ගල වලව් තුනක් විවිධ පෙදෙස්වල පිහිටා ඇත. මෙම වලව් මුරුණ්ඩ රාජ වංශික පරපුරකට අයත් බැව් පුරාණ ලිපි ලේඛන තල්පත් වලින් පෙනී යයි. සිංහල සංස්කෘතික දායාදයක් වූ මෙම වලව්ව දැන් ත්‍රස්තවාදී තර්ජන වලට ගොදුරු වී ඇත. නැගෙනහිර පළාතේ පිහිටා තිබෙන වලව් රැසක්ම දැනට ද්‍රවිඩ ජාතිවාදී ත්‍රස්තයින්ගේ ග්‍රහණයෙන් විනාශ වී තිබීම ජාතියේ අවාසනාවකි.
වලව්වක ඇතුළත පරිසරය
වලව්ව යනු වත්මන් නිවාස හා මැඳුරුවලට වඩා බෙහෙවින් වෙනස් වූ ස්ථානයකි.
එහි ඇතුළත විසිත්ත කාමරයද අසමාන ස්ථානයකි. පරම්පරා කිහිපයකට අයත් ප්‍රභූවරුන්ගේ ඡායාරූප, පදක්කම්, කඩු, කස්තාන ස්තූති පත්‍ර V.O.C පිඟන් ආදී විවිධ විසිතුරු භාණ්ඩ පමණක් නොව පුරාණ කොඩි වර්ග සිය පරපුරට අයත් ධජ පතාක, පිත්තල භාජන, සේසත්, අවි අතු, මුරායුධ ආදිය වලව්වේ විසිත්ත කාමරයේ නැරඹිය හැක.
ඉංග්‍රීසින් යටතේ රාජ සේවය කළ නමුත් ඔවුන් ඉංග්‍රීසින්ට විරුද්ධ දේශප්‍රේමීන් පිරිසක් බැව් ඇතැම් වලව් පිළිබඳ ඉතා සූක්‍ෂම ලෙස සමීක්‍ෂණය කරන විට මැනවින් පෙනී යයි. වලව්වේ පයට පෑගෙන තැන්වල ඉංග්‍රීසි රජවරුන්ගේ රූප සහිත පිඟන් ගඩොල් හෝ පැරණි පිඟන් සවිකර තිබීම එයට නිදසුනකි. ඓතිහාසික මඩුවන්වල වලව්ව එයට එක් සාධකයකි.
වලව්වේ නිර්මාතෘවරුන්ගේ පරපුරට අයත් කොඩි වලින් වලව් කිහිපයකම බිත්ති සකසා ඇත. නිල්ගල වලව්වේ මුරුණ්ඩ රාජ වංශික කොඩිය, මහ කප්පින වලව්වේ නන්එදිරි කොඩිය, කැප්පටිපොල වලව්වේ ඌවේ හංසයා කොඩිය, ඉර හඳ, කොඩිය, මාතර ඉලංගකෝන් වලව්වේ කොඩිය, දොන් කොස්මෝ විජයසේකර මුදලිඳු ගේ රාවණ කොඩිය මෙම කොඩි අතර විශේෂත්වයක් ගනිති. ගල් කොටුවේ රාළ නැමැති ප්‍රභූවරයා විසූ මාරඹේ කන්ද වලව්ව ඓතිහාසික සබරගමුවේ තවත් සුවිශේෂ ස්ථානයකි. රට දැය සමය සුරැකීමට වෙහෙසුන මාරඹේ වීරසිංහ ප්‍රතිරාජයන්ගේ පරපුරට අයත් මාරඹේ කන්දේ වලව්ව ඉපැරණි අංගෝපාංගයන් ගෙන් යුත් ඓතිහාසික ස්ථානයක් ලෙස ගම්වැසියන් සළකති.
උරුමය අන්සතු වීම
අප රටේ පුරාණ වලව් රැසක්ම විවිධ හේතු නිසා අන්සතු වී තිබීම කණගාටුදායක තත්ත්වයකි. දක්‍ෂිණ ලංකාවේ මුහුදු බඩ පෙදෙස්වල සිට කන්ද උඩරට රාජධානියේත්, ඌවේ සහ සබරගමුවේත් උතුරු සහ නැගෙනහිර පළාතේත් ඉතා අගනා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති වලව් රැසක් අන්සතු වී තිබීම ඛේදජනක සිද්ධියකි.
ඇතැම් වලව් ඒවායේ හිමිකරුවන්ට නඩත්තු කිරීමට අපහසු වූ බැවින් විකුණා ඇති අතර ඇතැම් වලව් එම පරම්පරාවලට අයත් නැති ධනවතුන් විසින් අධික මිලට ගෙන ඇත. මේ අතර තවත් වලව් කිහිපයක් සංචාරක හෝටල්බවට පත්වී ඇත. එංගලන්තයේදී වලව් (^Manor Houses) දැන් දැන් සංචාරක නිවාස බවට පත්වෙන බැව් ඬේවිඞ් කැන්ඩින් (The Aspects of Aristocracy) කියයි.
zzThe other has been the growth of the ''stateley homes'' business as a result of which millions of tourists each year pay money to look at assorted art works owned by assorted aristocrats'' (Observer Lon don)
හෝටල් බවට පත් වූ වලව් ලංකාවේ පමණක් නොව එක්සත් රාජධානියේද අපමණ ඇත.
ලබන සතියට....