අහස පුරා එකම තාරකාවක්වත් නොමැත. වනාන්තරය දෙසින් ගම්මානය දෙසට කළුපාට පොදියක් මෙන් වවුල් රංචුවක් පියඹා එන්නට වුහ. ඒ සමගින්ම මේ කෑලි කපන රාත‍්‍රීයේ අවතාරය නිසොල්මන්ය. අඩි ගණනාවක් පමණ උස, ඉතා කළු, නළ දත් දෙකක් ඇති, දෑස ඉදිරියට නෙරා ඉනේ පිහියක් ගසාගෙන සිටින මේ අවතාරය හිටිහැටයේ නොපෙනී ගොස් යළිත් මහගස් අස්සේ සිට එබිකම් කරන්ට විය. එක්වරම අහසට පැන්න මේ අවතාරය වලාකුළු දෙබෑ කරමින් අහසේ ඒ මේ අත පාවෙන්නට විය. සත්තකින්ම මේ ඇවිදින භූතයා දෙස සම්පත් නෙත් දල්වාගෙනම බලා සිටින්නට විය.
ඒ ගල් වලින් ලේ ගලනවා මම නම් එක ගලක්වත් ඇල්ලූවේවත් නෑ. ඒත් ඒ ලේම තමයි. මම නම් ඕනෑ දෙයක් වුණාට කමක් නෑ කියලා අල්ලලා බැලූවා. ඒවා ලේම තමයි මගේ අතෙත් ගෑවුණා යැයි සම්පත් කියන්නට විය.
කලකට ඉහත පොළොන්නරුව ප‍්‍රදේශයේ සිදුවූ එක්තරා සිදුවීමක් මුළු ප‍්‍රදේශය පුරාම ඇතිකළේ ඉමහක් භීතියකි. ඇසුවන් පවා මවිතයට මෙන්ම භීතියට ද පත් කරවන මෙකී සිදුවීම ඔබගේද ලොමු දැහැ ගන්වන සිඳුවීමක් වනු නිසැකය.
ලලිත් මහතා, පොළොන්නරුව ප‍්‍රදේශයේ දුෂ්කර ගම්මානයක ජීවත් වූ ගොවිතැන ජීවීකාව කරගත් අයෙකි. දරු දෙදෙනකුගේ පියකු වන ලලිත්ගේ ආදරණීය භාර්යාව මීට කලකට පෙර දරුණු රෝගාබාධයක් හේතුවෙන් මිය ගියාය. එතැන් සිට ලලිත් හා ළමයින් දෙදෙනාගේ තනි නොතනියට සිටියේ ලලිත්ගේ ආදරණීය මෑණියන් පමණි.
අගහිඟකම් අහස උසට තිබුණද, තම දරුවන්ගේ දෑස කෙසේ හෝ පාදනු වස්, ළමුන් දෙදෙනා ගමේ පාසලට ඇතුළත් කිරීමට වග බලා ගත්තේය. වැඩිමලා සම්පත් වූ අතර බාලයා ගැහැනු දරුවෙකි. නමින් ඈ ලක්මාලි වුවාය. සම්පත් මෙන්ම ලක්මාලිද ඉගෙන ගැනීමෙහි මනා දක්‍ෂයෝ වූහ. මේ සිදුවීමට ආසන්න කාලයේ දී ඔවුහු පිළිවෙලින් 4 ශ්‍රේණිය හා 3 ශ්‍රේණියෙහි ඉගෙනුම ලැබුහ. දසදුක් විදි තම පියාණන්ගේ සිහිනය සැබෑ කරවමින් ළමුයි දෙදෙනාම සුබ අනාගතයක පෙර නිමිති පෙන්නුහ. ළමයි දෙදෙනාම පැහැබර අනාගතය පිළිබද සුබවාදී බලාපොරොත්තු ලලිත් තව තවත් උනන්දු කරවීමට සමත් විය. අධ්‍යාපනයට අවශ්‍ය සෑම පහසුකමක්ම ඉතා අසීරුවෙන් වුවද ලලිත් ළමයින්ට සැපවූයේ බඩ වියත පවා රැුක ගැනීමට නොහැකිව තිබියදීය.
ලලිත්ගේ සියලූම බලාපොරොත්තු සුන්කරවීමට වැඩි කලක් ගතවූයේ නැත. හදිස්සියේම ළමයි දෙදෙනාගෙන් වැඩිමලාට භූත දෝෂයක් ලෙසින් පිළිගන්නා රෝගයක් වැළදුණි. බාහිරයට පෙනෙන රෝගී ලක්‍ෂණ එහි නොතිබු අතර දවසේ ඇතැම් වේලාවන්හි දී සම්පත්ට කිසියම් අවතාරයක සේයාවක් නිරීක්‍ෂණය වන බව සම්පත් කියන්නට විය.
අහස පුරා එකම තාරකාවක්වත් නොමැත. වනාන්තරය දෙසින් ගම්මානය දෙසට කළුපාට පොදියක් මෙන් වවුල් රංචුවක් පියඹා එන්නට වුහ. ඒ සමගින්ම මේ කෑලි කපන රාත‍්‍රීයේ අවතාරය නිසොල්මන්ය. අඩි ගණනාවක් පමණ උස, ඉතා කළු, නළ දත් දෙකක් ඇති, දෑස ඉදිරියට නෙරා ඉනේ පිහියක් ගසාගෙන සිටින මේ අවතාරය හිටිහැටයේ නොපණීගොස් යළිත් මහගස් අස්සේ සිට එබිකම් කරන්ට වුහ. එක්වරම අහසට ගණින මේ අවතාරය වලාකුළු දෙබෑ කරමින් අහසේ ඒ මේ අත පාවෙන්නට විය. සත්තකින්ම මේ ඇවිදින භූතයා දෙස සම්පත් නෙත් දල්වාගෙනම බලා සිටින්නට විය.
මම යක්ෂයා, භූතයා ඇස්්දෙකෙන්ම දැක්කා. මෙම සිඳුවීමෙන් ඉමහත් භීතීයට පත් පියා සම්පත් කැඳවා ගෙන කට්ටඩි රාළ කරා ගිය අතර එහිිිිදී සම්පත්ට තෙල් මතුරා ආරක්‍ෂක නූලක්ද පළඳවනු ලැබීය. මේ සිදුවීමෙන් දින කිහිපයක් යන තෙක් සම්පත්ගේ භූත දෝෂය පෙනෙන්නට නොතිබූ අතර එක්වරම නැවතත් රෝගී තත්ත්වය අළු යට ගිනි පුපුුරු මෙන් මතුවිය.
මෙවර තත්ත්වය කළින් තත්ත්වයට වඩා වෙනස් වූ අතර මෙවර වහලයට ගල් මුල් ආදියද වැටෙන්නට විය. දිනකට දෙවතාවක් හෝ තුන් වතාවක් මේ තත්ත්වය පැවතුණ බව ලලිත් අප හා පැවසීය.
ඇතැම් අවස්ථාවන්හි දී මේ ගල් වැටීම නිසා නිවසේ තිබූ උළුවලට පවා දැඩි අලාභ හානී සිදුවිය. මේ සිදුවීම ප‍්‍රදේශය පුරා ලැව් ගින්නක් මෙන් පැතිර යන්නට විය. ඈත ප‍්‍රදේශවලින් පවා මිනිසුන් පැමිණියේ මේ ගල් ගසන අමුතු භූතයා දැක බලා ගැනීමටය. ඇතැමුන් රාත‍්‍රී නිදි වර්ජිතව රැුක සිටියේ මේ අවතාරය දක බලා ගැනීමටය.
මේ අතර ඉතාම සුවිශේෂි සිදුවීමක් සිඳුවිය. භූතයින් විසින් නිවසට ගසන ගල් වලින් රුධිරය වැස්සෙන බව නිවැසියන් මෙන්ම අවතාරය දැක බලා ගැනීමට පැමිණි ප‍්‍රදේශවාසීන් පවා දැක තිබේ. මේ ගල් අතුරින් සමහර ගල්වල පමණක් රුධිරය බින්දු දක්නට ලැබුණු අතර බොහෝ ගල් වල තිබු රුධිරය බිඳුවකට වඩා වැඩි නොවීය.
එක පිට එක සිදු වූ මේ සිදුවීම් මාලාවෙන් ප‍්‍රදේශවාසීහු පවා මහත් සේ තැති ගත්හ. මේ සිදුවීම පිළිබඳ ආරංචිය මෙන්ම අසල්වාසී ආරාධනය මත පී.එන්. විද්‍යාකුලපති මහතා, මනෝ චිකිත්සක නයනරංග මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම ප‍්‍රදේශයට ලගා වූහ.
ලලිත් මහතාගේ නිවස ප‍්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර 1ක් පමණ ගම්මානය ඇතුළට වන්නට පිහිටි හුදෙකලා නිවසකි. ප‍්‍රධාන මාර්ගයෙන් වෙන්වූ ඉඩම් කුට්ටියක පිහිටියා වූ මේ නිවස අසල තවත් එක් නිවසක් වත් තිබුණේ නැත.
ලේ තැවරුණු ගල් කැට ආදිය විද්‍යගාර පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණි. නිවසෙහි වූ නිවසියන් සමඟ සාකච්ඡුා කළ අතර අසල් වැසියන්ගේ පිළිතුරු ද සටහන් කර ගත්හ. අප එහි යන විට ආරංචියට ගමේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු රාශීයක් එහි පැමිණ සිටියහ.
මෙවර පරීක්‍ෂණය මෙහෙය වන්නට වූයේ තරමක් වෙනස් ආකාරයකිනි. මුලින්ම නිවසෙහි සිටි ළමයි දෙදෙනා කැඳවූ විද්‍යාකුලපති මහතා මුලින්ම සම්පත් සමඟ කථාබහ කළේය.
විද්‍යාකුලපති මහතා: මං දැන් විශේෂිත බලයකින් ඔබ ඔය කියන අවතාරය මෙතෙන්ට ගෙන්වනවා. ඔබ කාමරයේ මුල්ලක හැංගි ඉන්න. එන අවතාරය මොන වගේ කෙනෙක්ද කියලා හොදින් නිරීක්‍ෂණය කරලා බලලා මට දන්වන්න. ඔබ කියන අවතාරය මං 7ට ගණන් කරන විටම ඒවී. මම කාමරය මැද ගල් 2ක් තියලා තියෙනවා. ඒ අවතාරය ඇවිත් ඒ ගලක් අරගෙන විසි කරාවි. ඔබ හොදින් බලාගෙන ඉදලා මට ඒ අවතාරයේ හැඩය කියන්න. අපට එතකොට අවතාරය හඳුනා ගන්න ලේසියි.
මෙලෙස පැවසු විද්‍යාකුලපති මහතා වර්ණයක් ගැල්වු කළු ගල් දෙකක් කළුවර කාමරයක් මැද තබා කාමරයේ විදුලි පහන් සියල්ල නිවා සම්පත් පමණක් කාමරයේ අයිනක තබා කාමරයෙන් පිටතට පැමිණ ශබ්ද නගා ගණන් කරන්නට විය. එසේ ක‍්‍රමයෙන් ගණන් කර 7 කියනවාත් සමගම පැමිණ සිටි සියල්ලෝම මවිතයට පත් කරවමින් මහ ගල් ගෙඩියක් ටකරමක් මත පතිත වන්නට විය. ලලිත්ගේ නිවස අංග සම්පුර්ණ නිවසක් නොවු අතර ජනෙල් වෙනුවට ටකරම් ආවරණ යොදා තිබුණි.
නැගුණු විශාල ශබ්දයත් සමඟම නිවස වටා ඒකරාශී වී සිටි පිරිස ක‍්‍රමයෙන් ඈත්ව යන්නට වූහ. සියල්ලෝම නිවස පෙනෙන මානයේ පමණක් රැුදී සිටියහ.
නැවත වාරයක් ක‍්‍රමයෙන් ගණන් කර 7 කියනවාත් සමඟම තවත් මහා ශබ්දයක් ඇති කරමින් තවත් ගලක් කාමරයෙහි වූ පිඟන් ගොඩක් මත පතිත වී පිගන් ගොඩම සුනුු විසුණු විය. ක්‍ෂ්ණිකව සම්පත්ගේ කාමරයට ඇතුළු වු විද්‍යාකුලපති මහතා හා අනෙකුත් සාමාජිකයෝ කාමරයේ සියල්ලක්ම නිරීක්‍ෂණය කරන්නට වූහ.
මේ අතර විද්‍යාකුලපති මහතා සම්පත්ගෙන් ප‍්‍රශ්න කළ අතර, තවත් අයෙක් සම්පත්ගේ දත් සුක්‍ෂම පරික්‍ෂාවට ලක් කළේය. සම්පත් දුටු අවතාරය කළු, උස, මහත, කළු ඇදුමකින් සැරසී, ඉනේ පිහියක් ගසා ගත් අයකු බවත්, අවතාරය පැමිණ ගලක් අතට ගෙන ජනේලයටත්, පිගන් ගොඩටත් ගැසු බවත්, අවතාරය පැමිණියේ අහසේ සිට පාවී ගෙන බවත් පැවසීය.
මේ අතරතුර සම්පත්ගේ දෑත් සුක්‍ෂමව පරික්‍ෂා කළ පර්යේෂකයන්ට දැක ගත හැකි වුයේ අත්වල වර්ණක තැවරී ඇති බවත්, සම්පත්ගේ කලිසමේ පවා වර්ණක තැවරී ඇති බවත්ය. පසුව ලක්මාලි කැදවා ඉහත කී පිළිවෙලටම පරික්‍ෂණය ක‍්‍රියාත්මක කරවීය.එවිට දැක ගත හැකි වුයේ ලක්මාලිගේ අත් වලද වර්ණක තැවරී ඇති බවකී.
මේ අතරතුර විද්‍යාගාර පරික්‍ෂාව සඳහා යැවු පාෂාණ කැබලි වල වාර්ථාව විද්‍යාකුලපති මහතා අතට ලැබුණි. අවසාන වාර්ථාවේ සදහන් වී තිබුණේ, එම පාෂාණවල රුධිරය වැනි ද්‍රව්‍යයක් සොයාගත නොහැකි බවත්, පාෂාණ සියල්ලම රතු පැහැයට හුරු කබොක් ගල් විශේෂයක් බවත්, එළිමහනේ ඇති මෙවන් පාෂාණ මත ලේ බින්දු තැන්පත් වීමේන් තුෂර බිංදු රතු පැහැ වී රුධිර බිඳු ලෙස දිස්වීමට හැකියාව ඇති බවත්ය.
අවසානයේ කථාවේ නිධානය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස විස්තර කළේය.
මේ අවතාරයක් හරි භූතයෙක් හරි කරපු දෙයක් නෙවෙයි. මෙය හිස්ටීරීයා නම් සුළු මානසික තත්වයක්. මෙය කෙනෙක්ගෙන් තවත් අයකුට බෝ වෙන්න පුළුවන්. එය හදුන්වන්නේ මාස් හිස්ටීරීයා කියලා. සම්පත්ට වැළදුණු මේ තත්ත්වය පසුව ලක්මාලිටත් බෝ වෙලා. මේ අය මේ හිතලා කරන දෙයක් නෙවෙයි.
සම්පත්ට පාසලේ ඇතිවෙලා තියෙන දෙයක් තමයි මේකට මුල් වෙලා තියෙන්නේ පාසලේ සිද්ධවුන සිද්ධියකට සම්පත් නිකරුනේ වැරදි කරුවෙක් වෙලා තියෙනවා. එදා ඉඳලා සම්පත්ට පාසල එපා වෙලා ඒකමයි මේක වෙන්න මූලික හේතුව වෙලා තියෙන්නේ.
ගල්වල ලේ තැවරිලා නෑ. කබොක් ගල් විශේෂයක් මත ජල වාෂ්ප තැන්පත් වෙලා තමයි ඒ රතු පාට ලැබිලා තියෙන්නේ. එහෙම නැතුව ලේ තිබිලා නෑ. ළමයි දෙන්නම මාරුවෙන් මාරුවට ගල් ගහලා තියෙනවා. එය සුක්‍ෂමව කරපු දෙයක්. ගෙය පිටිපස්සේ කන්ද උඩ ඉදලා තමයි ඒ දේ කරලා තියෙන්නේ. මේ ළමයි දෙදෙනාම ඒ බව මෝහන ප‍්‍රතිගමනයේදී පාපොච්චාරනය කළා යැයි. වෛද්‍යතුමා පැවසීය.
ඉන්පසුව කිසිදු දිනක සම්පත් සොයා අවතාරය පැමිණියේ නැත. සුපුරුදු පරිදි යළිත් සම්පත් තම පාසල් ගමන අරම්භ කළේය.
නම්ගම් සියල්ම මනඃ කල්පිතයි. සත්‍ය සිදුවිමකි.