කොළඹ නගරය ආසන්නයේ ඉතාමත් අසිරිමත් පුරවරයක් ඉදිකිරීම සඳහා ව්‍යෘපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය සතියේදී ආරම්භ විය. මෙරටට සපැමිණි මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂි ජින්පිං මහතා හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් කොළඹ වරාය අබිමන්තොටදී මේ උත්කර්ශවත් අවස්ථාව ආරම්භ විය.
දේශීය හා විදේශීය සියලූම තරාතිරම්වල ජනතාව වෙනුවෙන් ඉදිකරනු ලබන මේ අසිරිමත් පුරවරය ශ්‍රී ලංකාවාසීන්ට අලූත්ම අපූරු අත්දැකීමක් වනු ඇත. ඉදිරි වසර 8ක කාලය තුළදී මෙම චමත්කාර නගරය ඉදිවනු ඇත.
මේ අලූත් අත්දැකීම පිළිබඳව වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා වරාය සංවර්ධන අධිකාරියේ සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡුාවේදී ඔහු දැක්වූ අදහස් මෙසේය.
වරාය සංවර්ධන අධිකාරියේ සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම.
ශ්‍රී ලංකාවේ මුළු බිම් ප‍්‍රමාණයට තවත් හෙක්ටයාර් 233 ක ප‍්‍රමාණයක් එක් කිරීම මෙම පෝට් සිටි ව්‍යාපෘතියෙන් සිදු කෙරේ. කොළඹ නගරයට අතිරේක ඉඩම් ප‍්‍රමාණයක් එකතු කර නව නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාව කාලයක සිට ඉදිරිපත් වී තිබූ එකකි.
මවුබිමේ ශීඝ‍්‍ර දියුණුවට සමගාමීව රටේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන කොළඹ නගරය සියලූ පහසුකම් සහිතව නවීන නගරයක් කිරීමට ඇති ප‍්‍රධානම බාධාව ලෙස ඉඩම් ආශ‍්‍රිත තදබද හඳුනාගෙන තිබිණි.
මෙහිදී කොළඹ නගර සංවර්ධනයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දායකත්වය සැපයෙන එක් ව්‍යාපෘතියක් ලෙස මේ වරාය නගරය සඳහා මූලිකත්වය දී කටයුතු කිරීමට සුදුසු බව තීරණය විය. වරාය නගරය ඉදිකිරීම සඳහා වූ සියලූ කටයුතු විනිවිදභාවයෙන් සිදුකර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා මූලික අධ්‍යයනයක් සිදුකරන අතුරතුර චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම (ක්‍ක්‍ක්‍ක්* මගින් ගොඩ කිරීම, දියකඩන ඉදිකිරීම්, සම්බන්ධතා මාධ්‍ය ජාලය සහ වෙනත් උපයෝජන සේවා ඇතුළුව මෙම ව්‍යාපෘතිය ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුණි.
මෙම යෝජනාව විදේශ ආයෝජනයක් ලෙස යෝජනා කරන ලද බැවින් ඊට අදාළ ඇගයීම් පටිපාටිය අනුගමනයකර ඇත. මෙම යෝජනාව රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව, මගින් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර සමාලෝචන කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබිණි. එම කමිටුවේ උපදෙස් පරිදි විස්තරාත්මක යෝජනාවක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළඹුණි. මේ සඳහා විස්තරාත්මක යෝජනාව ඇගැයීමට තාක්ෂණික ඇගැයීම් කමිටුවක්ද පත්කරන ලදී.එම තාක්ෂණික ඇගැයීම් වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර සමාලෝචන කමිටුව සමගද සාකච්ඡුා කරනු ලැබුණි. එම නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ඇත.
කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර් 233කට නොඅඩු භූමි භාගයක් මුහුදු පතුලෙන් ගොඩ කරනු ලබයි. මෙයින් හෙක්ටයාර් 170ක් සංවර්ධනය කළ හැකි ඉඩම් ප‍්‍රමාණයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඉතිරි හෙක්ටයාර 63 පොදු පහසුකම් ලෙස ඉදිරි ජලතීරුව, මාවත් හා උද්‍යාන වෙනුවෙන් වෙන්කර ඇත.
මහජන චීන සමූහාණ්ඩුවේ, චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම සමස්ත ඉදිකිරීම් පිරිවැය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 1337ක් ඇස්තමේන්තු ගතකර ඇත. මෙම මුදල ව්‍යාපෘති යෝජකයා විසින් ආයෝජනය කිරීමට නියමිතය. ආයෝජනය වෙනුවෙන් ලබාදෙන බදු සහන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ලබාදෙයි.
ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක පමණ ආයෝජනයන් වසර 20ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියරේදි වැය කෙරේ.
ව්‍යාපෘතිය අදියර දෙකකි. පළමු අදියර යටතේ දියකඩනය ඉදිකිරීම, ඉඩම් ගොඩකිරීම සම්පූර්ණයෙන්ම අවසන්කිරීම හා සංවර්ධනය කළ හැකි ඉඩම් වලින් ගොඩකරන ඉඩමේ ආරක්ෂාව සඳහා මීටර් 3.25ක පමණ දිගින් යුතු ගොඩබිම හා සම්බන්ධ නොවූ දියකඩනයක් ඉදිකෙරේ. මෙම දියකඩනය ඉදිකිරීමට අවශ්‍ය මූලික අධ්‍යයනයන් අන්තර් ජාතික ප‍්‍රමිතියේ පරීක්ෂණාගාරයන්හිදී සිදුකර ඇති අතර එම අධ්‍යනයන්හි ප‍්‍රතිඵල අවසන් සැලසුම් සඳහා ඇතුළත් කර ඇත.
ව්‍යාපෘති සීමාව තුළ සියලූ මාර්ග හා කෘත‍්‍රිම ඇළ හරහා වැටෙන පාලම් ව්‍යාපෘති යෝජකයා විසින් ඉදිකරනු ලබයි. එම අභ්‍යන්තර මාර්ග පද්ධතිය දැනට පවතින මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන හා සාකච්ඡුා කරමින් සිටී.
දෙවැනි අදියර යටතේ ඉතිරි සංවර්ධනය කළ හැකි ඉඩම් හෙක්ටයාර් 95ක ප‍්‍රමාණයකින් යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ.
අදියර දෙකම වසර අටකින් අවසන් වනු ඇත.
යෝජිත වරාය නගරය, උතුරින් කොළඹ දකුණු වරාය සඳහා ඉදිකෙරෙන ලද දියකඩනයෙන් ආරක්ෂාවේ.
මෙවැනි විශාල ව්‍යාපෘතියක් ඉදිකිරීමේදී ඉතා කාර්යබහුල කොළඹ නගරයේ තදබදය වැළැක්වීම සඳහා කළුගල් හා අනෙකුත් භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා කොළඹ වරායේ අභ්‍යන්තර මාර්ග යොදා ගැනීමට තීරණය කර ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කළුගල් ප‍්‍රමාණය ඝනමීටර් මිලියන 5කි.
ව්‍යාපෘතියට ප‍්‍රවේශ මාර්ග දෙකක් ලබාදී ඇත. එකක් චෛත්‍ය පාරෙන් ලබාදී ඇත. උතුරු පිහිසුම කොළඹ දකුණ වරායේ දියකඩනය විවෘත කර ලබාදීමට සැලසුම් කර ඇත.
මෙහිදී සඳහන් කළයුතු තවත් විශේෂ යමක් ඇත. එනමුත් මෙම ව්‍යාපෘතිය මගින් විශාල මුහුදු ප‍්‍රදේශයක් ගොඩකිරීම හා එම ගොඩකරන ලද ඉඩම ආරක්ෂා කිරීමට දියකඩනයක් හා විශාල පැති බැමි ඉදිකිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, පහසුකම් හා නිපුණතාවය හිමි එකම රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා වරාය අධිකාරියයි.
මෙහිදී ඉදිකරනු ලබන දියකඩනය, ඇළ මාර්ගය, කෘති‍්‍රම කළපුව හා වෙරළ නඩත්තු කර පවත්වාගෙන යාම ඉතා වැදගත් වන අතර මේ සඳහා අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර හා පුහුණු ශ‍්‍රමය ඇති එකම ආයතනයද වරාය අධිකාරියවේ.
වරාය නගරයේ ඉඩමේ ඇස්තමේන්තුගත මූලික වටිනාකම හෙක්ටයාර් එකක් (අක්කර 2.47ක් පමණ) ඇමෙරිකානු ඩොලර් මිලියන 24ක් වශයෙනි.
මුළු ඉඩමෙන් හෙක්ටයාර් 20ක් ව්‍යාපෘති ආයෝජකයාට නිදහසේ බුක්තිවිඳීමටත් හෙක්ටයාර් 88ක්, 99 වසර බදු පදනම මතත් ලබාදෙයි.
ශ්‍රී ලංකා රජයට සංවර්ධනය කළ හැකි ඉඩම හෙක්ටයාර් 62කි. පොදු පහසුකම් ප‍්‍රදේශය වශයෙන් හෙක්ටයාර් 63ක බිමක් වෙන් කෙරේ.
ඒ අනුව නව වරාය නගරයේ ශ්‍රී ලංකා රජය සතු මුළු බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 213කි. ආයෝජකයාට නිදහසේ බුක්තිවිඳීමට දෙන භූමිය හෙක්ටයාර් 20කි.
ගොඩකරනු ලබන ඉඩම මූලික වශයෙන් හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ කාර්යාල, විවේක හා විනෝදකාමී කටයුතු සඳහා භාවිත කරනු ලබයි.
මෙහිදී ගිවිසුමේ ප‍්‍රධාන කොන්දේසි පිළිබඳවත් සඳහන් කළ යුතුව ඇත.
විශේෂයෙන්ම දැනට පවතින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පනත මගින් මෙවැනි ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම සඳහා වරාය අධිකාරියට බලය පැවරී නොමැති බැවින් ඒ සඳහා අවශ්‍ය බලතල ලබාගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පනත සංශෝධනය කළ යුතුව ඇත.
ආරම්භයේ සිට පළමු වසර 6 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඉඩම් බදු දීමට හැකියාවක් නැත. හත්වැනි වසරේ සිට ව්‍යාපෘති යෝජක සමාකම විසින් අදාළ වසරේ ප‍්‍රධාන ණය මුදල පියවීමට අවශ්‍ය ප‍්‍රමාණයට ඉඩම් බදු දී ඇති අවස්ථාවක, ව්‍යාපෘති යෝජක සමාගම විසින් බදු දී ඇති ඉඩම් ප‍්‍රමාණයෙන් හතෙන් එකක ප‍්‍රමාණයක් බදුදීමේ හැකියාව වරාය අධිකාරිය සතුවේ.
පළමු වසර 6 අවසානයේදී ව්‍යාපෘති සමාගම විසින් ණය මුදල පියවීමට අවශ්‍ය ඉඩම් ප‍්‍රමාණයට වඩා වැඩි ඉඩම් ප‍්‍රමාණයක් බදු දී ඇති අවස්ථාවක, එම අතිරික්ත ඉඩම් ප‍්‍රමාණයෙන් 1/7ක ඉඩම් ප‍්‍රමාණයක් බදුදීමට වරාය අධිකාරියට හැකියාව ඇත.
කෙසේ වෙතත් මූලික ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන්වීමෙන් පසු පාර්ශ්වකරුවන්ට තම ඉඩම් කොන්දේසි රහිතව තම කැමැත්ත පරිදි බදුදීමට නිදහස තිබේ.
ව්‍යාපෘතිය සඳහා වන පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ලබාගතයුතු අතර එහි සියලූ අවශ්‍යතා සම්පූර්ණ කර ඇත.
ගොඩකරන ඉඩම මායිම තෙක් පිරිසිදු ජලය, විදුලි බලය, අප ජලය සහ කසළ බැහැර කිරීමට අදාළ උපයෝජන ආයතන මගින් සිදු කළ යුතු අතර මෙම ක‍්‍රියාවලිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අධීක්‍ෂණය කරනු ලැබේ.
අක්කර 50 ක් චීනයට සින්නක්කර දෙන්නේ ඇයි?
එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
වරාය නගරය පිහිටුවන ආකාරය පිළිබඳව කිසිවෙක් දැනුම්වත් කරල නැහැ. අඩු වශයෙන් මේ පිළිබඳව පාර්ලිමේන්තු සභාව දැනුම්වත් කරලත් නැහැ. විපක්ෂ නායකවරයා මේ ගැන පාර්ලිමේන්තුවේදී වරක් ප‍්‍රශ්න කළා. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මුහුද ගොඩකිරීම වැනි පාරිසරික බලපෑම් ඇතිවන කාර්යයක් සඳහා ක‍්‍රියා කළයුතු ක‍්‍රියාදාමයක් පවතිනවා. ඒ පිළිබඳව ප‍්‍රශ්නකිරීමේදී රජයේ පාර්ශ්වයෙන් ලැබුණු පිළිතුර වූයේ ලොරියක් තරම් ලිපි ගොනු තිබෙන බවයි. නමුත් මේ දක්වා කිසිම ලියවිල්ලක් ජනතාව හමුවේ ඉදිරිපත් කර නැත.
එබැවින් මේ වැඩපිළිවෙළ කොළේ වහල ගැහිල්ලක් වශයෙන් සඳහන් කළ යුතුය. රජයට මේ වරාය නගරය ඉදිකිරීමේ වැඩපිළිවෙළ වසන් කිරීමට අවශ්‍ය බවක් පෙන්නුම් කරයි. වසන් කිරීමට කිසිවක් නොමැති නම්, විනිවිදභාවයකින් මේ වරාය නගරය පිහිටුවීමේ කටයුතු කළ හැකිවේ. පරිසර වාර්තා නොමැතිව, ශක්‍යතා වාර්තා නොමැතිව, ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනතාවට සඟවමින් මේ නගරය ඉදිකිරීම යට මහා පරිමාන වංචාවක් ඇතිවිය හැකි බවට සැකයක් පැනනගී.
මේ සඳහා වැයවන මුදල පිළිබඳව පැහැදිලි දැක්වීමක් නැත. මුලින්ම ප‍්‍රකාශ කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන 900ක මුදලක් වැයවන බවයි. චීන තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් වැය වන බවයි. යන වියදම කුමක්දැයි අවිනිශ්චිතය.
මෙම වරාය නගරය කොළඹ නගරයේ වැදගත්ම ස්ථානය වන කොළඹ වරායේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් වනු ඇත. එයට හේතුව නම්, මෙම ගොඩකරන බිමෙන් අක්කර 50ක ප‍්‍රමාණයක් චීනයට සින්නක්කරව ලබාදීමයි. එසේ ලබාදුන් පසු එම භූමියේ චීනයට ඕනෑම දෙයක් කරගත හැකි වනු ඇත. අනුන්ගේ ඉඩමකට අත ගැසීමට අපට හැකියාවක් නොලැබෙනු ඇත. රටේ නීතියට අනුව විදේශිකයන්ට ඉඩම් පැවරිය නොහැක. මේ පිළිබඳව මම ජනාධිපතිවරයාගෙන් විමසුවෙමි. ඔහු ප‍්‍රකාශ කළේ ‘‘මේක මුහුද නේ’’ කියායි. මුහුදත් රටට අයිති කොටසකි. අපේ රටට ඇති භූමියකි. මේ රජය රටට ඇති අයිතිය නොසලකා ක‍්‍රියාකරන බව කිව යුතුය. රටේ නීති උල්ලංඝනය කරමින් ක‍්‍රියාකරන බව කිව යුතුය.
ජාත්‍යන්තර වශයෙන් ඇතැම් රටවල් මුහුද ගොඩකර ඇත්තේ ගොඩින් ඉඩමක් ලබාගැනීමට නොහැකි අවස්ථාවලදීය. සිංගප්පූරුව මුහුද ගොඩකර ‘‘මැරිනා බේ’’ පිිහිටුවනු ලැබීය. ඒ කැසිනෝ මධ්‍යස්ථානයක් සඳහාය. ඩුබායි රටේ මුහුද ගොඩකර නිවාස ඉදිකර ඇත. ඉඳිගසක ස්වරූපයට ඒ ගොඩබිම සකස් කර ඇත.
ශ්‍රී ලංකාවට විසඳා ගතයුතු ප‍්‍රශ්න අතිවිශාල සංඛ්‍යාවක පවතී. කොළඹ නගරය ව්‍යාප්ත කිරීමට ඕනෑතරම් ඉඩකඩ ඇත. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා කෝට්ටේ නගරයට පාර්ලිමේන්තුව ගෙන ගියේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස කෝට්ටේ, කඩුවෙල, මාලඹේ, බත්තරමුල්ල, කොස්වත්ත, තංලගම, මහරගම, නුගේගොඩ ඒ සියලූ ප‍්‍රදේශ දියුණු විය. නගරයක් දියුණුවන විට එහි වාසිය අවට ගම්වලට, නගරවලට පුළුල්වේ. එහෙත් වරාය නගරය පිහිටුවීමෙන් අවට නගරවලට, ගම්මානවලට කිසිම දියුණුවක් හෝ බලපෑමක් සිදු නොවේ. සිදුවන එකම දේ කොළඹ නගරයේ වටිනාකම හීනවීම පමණි.
කොළඹ නගරයේ ඉඩම් කොල්ලකෑමේ කූට ව්‍යාපාරයක් මේ වරාය නගරය පිහිටුවීමේ වැඩ පිළිවෙළ යටින් තිබිය හැකිය. වරාය නගරයේ පිහිටුවන ඉඩම් විකුණන විට කොළඹ නගරයේ ඉඩම් මිල පහත බැසීමක් සිදුවිය හැකිය. කොළඹ නගරයේ ආර්ථික, වටිනාකම පහළ වැටීමට ඉඩ ඇත.
කොටස් වෙළෙඳපොළේදී කඩාවැටුණු ව්‍යාපාර ඔසවා තැබීමටත්, දියුණු ව්‍යාපාර කඩාවැටීමටත් කිසියම් කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක විය. කොළඹ නගරයේ වටිනාකම පහළ දැමීමට මෙයත් එවැනි කුමන්ත‍්‍රණයක් විය හැකිය.
වරාය නගරයේ ඉඩම් අලෙවි කරන්නන්ට අවශ්‍ය පරිදි කොළඹ ඉඩම් මිල ඉහළ පහළ දැමීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත. කොළඹ ඉඩම් කොල්ලකෑමට උත්සාහ දැරීමක් වනු ඇත.
වරාය නගරය ඉදිකිරීම් ආයතනයට අවුරුදු 25ක බදු සහන ලබාදීමට ආර්ථික වශයෙන් රට පිරිහීමකි.