(තරිඳු ජයවර්ධන)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව? එය ආප්තෝපදේශයකි.නීතිය ක‍්‍රියාත්මක කරන අය වැරදි කරයිනම් ජනතාවට අන් කවර සරණක්ද යන්න මෙහි සාමාන්‍ය අර්ථයයි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිසිය වැරදි කරනවා නම් සාමාන්‍ය ජනතාවට කවර සරණක්ද?
පොලිසියේ සියලූම දෙනා හොරුන්, වංචාකාරයන්, පගාකාරයන් හෝ දූෂිතයන් නොවන බව මුලින්ම කිව යුතුය. මෙවැනි අයථා වැඩවලට සම්බන්ධ වන්නේ පොලිසියේ අතලොස්සක් පමණි. එනමුත් පොලිසියේ ‘හොඳ’ නම නැතිකරන්නට එම පිරිස හොඳටම ප‍්‍රමාණවත්ය.
මේ සතිය ආරම්භයේදීම පොලිසියේ සුජාතභාවය පිළිබඳ යළි යළිත් කතා කරන්නට පටන් ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟය. ලලිත් ජයසිංහ යනු එසේ මෙසේ පොලිස් නිලධාරියෙක් නොව ඔහු ශ‍්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වය අනුව හතර වැනියා.
එන් කේ ඉලංගකෝන් හිටපු පොලිස්පතිවරයා විශ‍්‍රාම ගන්නා විට ශ‍්‍රී ලංකා පොලිසියේ සිටි ජ්‍යෙෂ්ඨතමයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික‍්‍රමසිංහ මහතාය. ඔහු එවකට ජනාධිපති ආරක්ෂක අංශය බාරව සිටියේය. ඉන් පසු ජ්‍යෙෂ්ඨත්වය අනුපිළිවෙළ වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ පූජිත් ජයසුන්දර, චන්දන ඞී වික‍්‍රමරත්න සහ ලලිත් ඒ ජයසිංහය.
ඉලංගකෝන් මහතාගෙන් හිස්වූ පොලිස්පති ධුරයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පූජිත් ජයසුන්දර මහතා පත් කරනු ලැබීය. රාජපක්ෂ යුගයේ සිදුවූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසකට චෝදනා එල්ල වූ අතර එවකට එම පිරිස බාරව සිටි පුද්ගලයා වීම නිසා ජ්‍යෙෂ්ඨතමයා වූ එස් එම් වික‍්‍රමසිංහ පොලිස්පති නොකරන ලෙස සිවිල් සංවිධානවලින් ඉල්ලීම් තිබිණි. කෙසේ වෙතත් පූජිත ජයසුන්දර මහතා 2020 වසරේ මාර්තු මාසයේ විශ‍්‍රාම ගැනීමට නියමිත අතර ඊට වසරකට පෙර එනම් 2019 අපේ‍්‍රල් මාසයේ දී එස් එම් වික‍්‍රමසිංහ මහතා විශ‍්‍රාම ගැනීමට නියමිතය.
2020 වසරේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විශ‍්‍රාම යෑමෙන් පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව අනුපිළිවෙළින් සිටින දෙදෙනා චන්දන ඞී වික‍්‍රමරත්න මහතා සහ අපේ කතානායකයා වන ලලිත් ජයසිංහ මහතාය. පොලිසියේ ජ්‍යෙෂ්ඨතමයා ලෙස වික‍්‍රමසිංහ මහතා සිටිය දී පූජිත මහතා පත් කළාක් මෙන් ඇතැම් විට 2020 වසරේ දී වික‍්‍රමරත්න සිටිය දී ලලිත් ජයසිංහ මහතාට එම පුටුව හිමිවීටම ද ඉඩ තිබිණි. එනම් ලලිත් ජයසිංහ මහතා යනු පොලිසියේ සාමාන්‍ය නිලධාරියෙකු නව ඔහු සැලකිය යුතු මට්ටමේ ‘චරිතයකි’.
ඒ ‘චරිතය’ පසුගියදා අත්අඩංගුවට පත්වූයේ යාපනයේ පුංකුඩුතිව්හි ශිවයෝගනාදන් විද්‍යා නම් පාසල් දැරිය අපයෝජනය කර මරා දැමීමේ ප‍්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරීම හා ඔහුට රැකවරණය දීම සම්බන්ධයෙනි. සිද්ධිය ගැන විමර්ශන සිදු කර වසරක් යන තුරුත් අත්අඩංගුවට පත් නොවීමට තරම් ජයසිංහ මහතා ‘පින්‘ කර තිබිණි. සාමාන්‍යයෙන් සිදු වනුයේ පරීක්ෂණ අවසන් වූ සැනින් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම වුවද මෙම සිද්ධියේදී එය සිදුවූයේ පරීක්ෂණ අවසන්වී වසරකට පසුව එය සිදුවීමකි. වසරක කාලයක් ඔහුට නිදැල්ලේ සිටීමට ලැබුණේ ඇතැම් විට ඔහු පොලිසියේ ‘චරිතයක්’ වූ නිසා විය හැකිය. මෙම අපරාධය සම්බන්ධයෙන් ඇති තරම් මාධ්‍ය වාර්තා පළ වූ නිසා ඒ ගැන වැඩිදුරටත් සඳහන් කිරීමේ අවශ්‍යතාවක් නැත. අවශ්‍ය වන්නේ මෙවැනි චරිතත් අත්අඩංගුවට පත්වීමෙන් පොලිස් පොඞ්ඩන් ඉගෙන ගත යුතු පාඩම ගැන සඳහන් කිරීම පමණි.
පොලිස් කබාය ඇඟලා ගත් සැනින් තමන්ට සියල්ල පහළ වුණා යැයි සිතා වැඩ කරන පිරිසක් ද පොලිසියේ සිටිති. ඔවුන් සිතා සිටින්නේ ඕනෑම ‘කැත වැඩක්’ නිල ඇඳුමෙන් වසා ගෙන යහතින් සිටිය හැකි බවයි. එය බොරු බව සනාථ කිරීමට ලලිත් ජයසිංහ සිද්ධිය උදාහරණයකි.පොලිසියේ හතර වැනියාට වුව නීතිය පොදු නම් සාමාන්‍ය පොලිස් නිලධාරීන් ගැන කවර කතාදැයි ඔවුන් කල්පනා කළ යුතුය.
2013 වන විට පොලිසියේ සිටි වැඩිම කතා බහට ලක්වූ ‘වැඩකාරයන්’ අතර ඉදිරියෙන්ම සිටියේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාය. දිනක් ලියම්කරු රාජකාරි කටයුත්තක් සඳහා ඔහුගේ කාර්යාලයට යන විට ඔහු ලැප්ටොප් පරිගණයක් මේසය මත තබාගෙන මිනී කිහිපයක ඡායාරූ බලමින් සිටයේය. එය දුටු විටම දැනුණු අපුල නිසාම ‘ඇයි මේ මිනීවල පින්තූර බලන්නේ’ යනුවෙන් ලියුම්කරු විමසීය. ‘මේ 1996 වුණු ත‍්‍රිත්ව මිනී මැරුමක්. මේ ප‍්‍රදේශයේ (ගම්පහ දිස්ත‍්‍රික්කයේ) ඒවගේ සිදුවීම් ගොඩක් තියෙනවා. ඒව ඔක්කොම හොයන්න ඕනෑ. ඒ නිසයි මේ පින්තූර බලන්නේ.’ නියෝජ්‍ය පොලිස්පති වාස් උත්තර දුන්නේය. ‘1996 කියන්නේ දැන් අවුරුදු 15ක් විතර වෙනවා නේද? දැන් ඕවා බලලා වැඩක් තියෙනවායැ?’ ලියම්කරුගේ ප‍්‍රකාශයට පෙළරලා පිළිතුරු දෙමින් වාස් ගුණවර්ධන මෙසේ කීවේය. ‘‘අපරාධයක් කරලා කවදාවත් සාක්කි ඔක්කොම වසන් කරන්න බෑ. පුංචි සාක්කියක් හරි ඉතුරු වෙනවා. අවුරුදු කීයක් ගියත් හරියට මහන්සිවෙලා විමර්ශන කළොත් සැකකරු අල්ලා ගන්න පුළුවන්.’’ ඒ වාස් ගුණවර්ධනගේ ප‍්‍රකාශයයි.
වාස්ගේ ‘තියරිය’ වාස්ටම පෙරළා පැමිණියේ මොහොමඞ් සියාම් ඝාතන සිදුවීමේදී ය. ‘සාක්කි කවදා හරි එළියට එනවා. සැකකාරයා අල්ලන්නත් පුළුවන්.’ කියුම රහස් පොලිසිය වාස් කෙරෙහිම සනාථ කළේය. මොහොමඞ් සියාම් ඝාතන සිදුවීමට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එල්ලූම් ගහ නියම විය. පසුගිය ආණ්ඩු කාලයේ පොලිසියේ නිල නොවන පොලිස්පති යැයි ඇතැමුන් හැඳින්වූ චරිතය වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකය. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ ඔහු එකල සැබෑ දක්ෂයෙක් විය. කෙසේ වෙතත් තරු පටි වැඩි වෙන්නට වැඩි වෙන්නට තත්ත්වය වෙනස් වූ අතර දේශපාලනයත් සමඟ ඔහු අවසන් කාලයේ කළ බොහෝ දෑ ගැන දැඩි විවේචන එල්ල විය. අවසානයේ විශ‍්‍රාම ගැනීමෙන් පසු අත්අඩංගුවට පත්වූ ඒ මහතාට වසරක පමණ කාලයක් රිමාන්ඞ් බාරයේ සිටීමට සිදු විය.
නිධන් සිදුවීමක් සම්බන්ධයෙන් වවුනියාවේ නියේාජ්‍ය පොලිස්පතිවරයකු පසුගිය වසරේ අත්අඩංගුවට පත් වූ අතර මාස ගණනක් රිමාන්ඞ් බාරයේ සිටීමට ද සිදු විය. නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම පොලිසියේ සියලූම දෙනාට නීතිය පොදුය. රටේ සියලූම වැසියන්ට බලපාන සිවිල් හා අපරාධ නීති පොලිසියට ද එලෙසින්ම බලපාන බව පොලිසියේ ඇතැම්හූ නොසිතති.
නීතියට පයින් ගසා නිල ඇඳුමට වසන් වී අයථා වැඩ කරන පොලිසියේ උදවියට කිව යුත්තේ ‘වාස් ගුණවර්ධන’ තියරිය සියලූම දෙනාට පොදු බවයි. කවදා හෝ නීතිය ක‍්‍රියාත්මක වෙද්දී ඔවුන්ට සිදු වන්නේ උගුඩුවාට වූ දෙයමය. එය අලූතින් පොලිසිය එක්වන පිරිස ඇතුළු සියලූම පොලිස් නිලධාරීන් සිත්හි තබාගෙන වැඩ කරන්නේ නම් රටේ නීතිය සාමය ආරක්ෂා කිරීම පහසු වනු ඇත.