දිගු මිනිස් ඝාතන වැළක අවසන කොටකෙතන පසුගිය කාලසීමාවේ සන්සුන් වුවද යළිත් උණුසුම් වූයේ පේ‍්‍රමාවතී හා පුෂ්පකුමාරි යන අයගේ ඝාතන සම්බන්්ධයෙන් බන්ධනාගාරගතව සිටි සැකකරුවන් තිදෙනෙකුට පසුගියදා නිදහස ලැබීමත් සමගය. කහවත්ත හා කොටකෙතන ආශ‍්‍රිතව යළිත් ජනතා උද්ඝෝෂණ දියත් විණි. එහි සිදුවූ ඝාතන 16ක නියම අපරාධකරුවන් කවුදැයි යන්න තවමත් සත්‍ය ලෙස හෙළිදරව් නොවී පුද්ගලයෝ ගණනාවක්ම පොලිසියේ අමානුෂික පහරදීම් වලට ලක්ව අසරණ වී ඇති බව මෙම සිදුවීම් ජාලය තුළට එබී බලන්නෙකුට මැනවින් අවබෝධ වෙයි.
කොටකෙතන පළමු ඝාතනය වූ ආරියවතීගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මාලූ රාජා, අබේ ප‍්‍රියන්ත හා සනත් නන්දන යන අය දෙවසරයි මාස දෙකක් සිරදඬුවම් විඳීමෙන් අනතුරුව ඔවුනට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ගමෙන්ම පළිගන්නා බවට ඔවුහු ගෝරනාඩු කළහ. ඉන්පසුව මොවුන් තිදෙනාගෙන් මාලූ රාජා හා සනත් නන්දන මේ වනවිටත් අතුරුදන් වී ඇති අතර අබේප‍්‍රියන්ත ද කපා කොටා මහපාරේම ඝාතනය විණි. ඉන් පසුව කොටකෙතන ඝාතන රැුල්ල තාවකාලිකව නැවතිණි. එසේ නම් කොටකෙතන නියම අපරාධකරුවන් ඔවුන්ද? යන සැකය කා තුළත් ජනිත විය හැකිය.
කෙසේ වුවද මෙම සියලූ සිදුවීම් අතරේ කොටකෙතන නියම අපරාධකරුවා අත්අඩංගුවට ගැනීමේ කීර්තිය දිනාගැනීමට පොලිස් නිලධාරීන් අතරේම තරගයක් නිර්මාණය වූ බවද නොරහසකි. ඒ වෙනුවෙන් විවිධ පුද්ගලයන්ට අඩම්තේට්ටම් සිදුකර මූල්‍ය අල්ලස් පවා ලබාදී ඔවුන් අපරාධකරුවන් ලෙස පාපොච්චාරණය කිරීමට සැලැස්වීමට උත්සාහ කළ බවද තතුදන්නෝ පවසති. අවසානයේ මෙම ඝාතන රැුල්ල සම්බන්ධයෙන් බමුණුගේ නාමල් චමින්ද සිල්වා, මිථිල ලොකුගන්හේවා සහ හෙට්ටිහේවාගේ සිසිර පි‍්‍රයන්ත නොහොත් නුෂාර නමැත්තන් අපරාධකරුවන් ලෙස බන්ධනාගාරගත වෙති. එහෙත් දෙවසරයි මාස 8ක් අවසන පිළිගත හැකි සාක්‍ෂි නොමැති බැවින් අධිකරණය ඔවුන් නිවැරැුදිකරුවන් ලෙස සලකා පසුගියදා නිදොස් කොට නිදහස් කර ඇත.
පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔවුනට මුහුණදීමට සිදුවූ අමානුෂික පහරදීම් හා වධහිංසා නිසාත්, කොටකෙතන ඔවුනගේ නිවාස ප‍්‍රදේශවාසීන් විසින් විනාශ කර දැමීම නිසාත් ඔවුනට අද තමන්ගේ සියලූ සේසත පවා අහිමිව අසරණ වී සිටිති. මේ එම ඛේදවාචකය පිළිබඳව ඔවුන් අපට කී කතාවයි.
ඉහත සඳහන් කළ අත්අඩංගුවට පත් වූ තිදෙනාම වැරදිකරුවන් ලෙස හංවඩු ගසා බන්ධනාගාරගත කිරීමට පොලිසිිය ව්‍යාජ සාක්‍ෂි සකසන්නේ කුලීවැඩ කර ජීවිකාව ගෙන යන සිරිපාල නමැති පුද්ගලයකු හරහාය. මුලින්ම ඔහු අත්අඩංගුවට ගෙන රජයේ සාක්‍ෂිය ලෙස නාමල්, මිථිල හා නුෂාර යන පුද්ගලයින් තිදෙනාම ඊට ඈඳාගන්නට පොලිසිය ගත් උත්්සාහය සිරිපාල නමැත්තා අපට කීවේ දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේය.
‘‘මම කොටකෙතන ගමේ කුලී වැඩ කර ජීවත් වුණු අයෙක්. මට මිනිහෙක් මරණවා තියා සතෙක්වත් මරන්න බැහැ මහත්තයෝ. දවසක් රෑ පොලිසියේ මහත්වරු කීපදෙනෙක් ඇවිත් සාක්කියක් ගන්න කියලා මමත් බිරිඳත් පොලිසියට අරන් ගියා. එහෙම ගෙනිහින් ටික දවසක් අපිව රඳවාගෙන හිටියා. ඒ අතරතුරේ ඒ අය මට පහර දුන්නා. නාමල්, මිථිල හා නුෂාර යන තුන්දෙනා අත්අඩංගුවට ගන්න වුවමනා කරන විදිහේ සාක්කියක් ඒ අයම හදලා අර තුන්දෙනා අත්අඩංගුවට ගත්තම ඒ අය ඉදිරියේ ඒ සාක්කිය ඒ විදිහටම කියපං කිව්වා. එහෙම නොකළොත් මගේ බිරිඳට පොලිසියේ මහත්තුරු කරදර කරනවා කියලා මාව බයකළා. ඊට පස්සේ රත්නපුරේ වහලා දාලා තියෙන හෝටලයකට මාවත් බිරිඳත් අරගෙන ගියා. එතනදීත් මට ගැහුවා. මගේ බිරිඳ කිව්වා මට කරදර නොකර එයාට ගහන්න කියලා. ඒත් පොලිසිය ඇහුවේ නැහැ. ගැහුවා.
ඊට පස්සේ දවසක් නාමල්, මිථිල, නුෂාර තුන්දෙනාම ඒ හෝටලයට ගෙනාවා. මම හිටපු කාමරයට ඒ අය ගෙනාවට පස්සේ පොලිසිය කිව්වා ‘ඇයි අම්මයි දුවයි, උඹලා ඒ අයව මම ඉද්දිම දූෂණය කරපු හැටි කියපං’ කියලා. මම බයට එහෙම කිව්වා. ඒ තුන්දෙනා එහෙම දෙයක් කළෙත් නැහැ. මම එතැන හිටියෙත් නැහැ. මට පොලිසියෙන් ගැලවිල්ලක් තිබුණේ නැහැ. පස්සේ කොළඹටත් ගෙනත් මට පහර දුන්නා. එහේදි මට ගුටිකාලා කලන්තෙත්් හැදුණා.
පොලිසිය රත්නපුරේ මාව කාමරේක දාගෙන ඉද්දී අල්ලපු කාමරේ ඉඳන් ඒ අය බීලා ‘හිඟන්නෙක් හරි කමක් නෑ ගෙනල්ලා ගහල ගහල මරලා කොටකෙතන අපරාධකාරයා කියලා පෙන්වන්න ඕනෑ’ කියලා කතාවෙනවා මට ඇහුණා. මමත් බිරිඳත් කුලී වැඩ කරලා ජීවත්වුණේ. මගේ පොඩි පුතා ඉදිරියේත් පොලිසිය බිරිඳට කුණුහරුපෙන් බැනලා අඩම්තේට්ටම් කළා. අද අපට කහවත්තට යන්න විදියක් නැහැ. අපිව වරදකාරයෝ විදියට හංවඩු ගැහිලා. ඒත් අවුරුදු දෙක හමාරක් අත්අඩංගුවේ ඉඳලා නාමල්ලා නිදහස් කරන්න මාස දෙකකට කළින් මාව නිදහස් කළා. අපි නොකළ වරදක් නිසා අද අන්ත අසරණ වෙලා.’ ඔහු කීවේය.
අධිකරණය ඔහු වරදකරුවෙකු නොකළ ද සමාජය ඉදිරියේ තවමත් ඔහු වරදකරුවෙක්ය. ඒ සමාජය නිවැරදි කරන්නට අද ඔහුට හැකියාවක් නැත.
බමුණුගේ නාමල් චමින්ද සිල්වාගේ උපන් ගම කොටකෙතනයි. වාහන පින්තාරුකරුවෙක් වූ ඔහු කොටකෙතන අපරාධ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වන්නේ 2012 සැප්තැම්බර් 10 වැනිදාය.
‘‘පොලිස් ස්ථානාධිපතිවරයා 10 වැනිදා සවස 3.00ට තිළිණ, හිරන්ත කියන මිතුරන් දෙදෙනාත් එක්ක රත්නපුරේට එන්න කියලා මට දුරකථන ඇමතුමක් දුන්නා. අපි තුන්දෙනා කහවත්ත නගරයට යද්දී ඒ පොලිසියේ මහත්තයම හිරන්තගේ දුරකථනයට ඇමතුමක් දුන්නා එයලා පැල්මඩුල්ලට එනවා එතනදී අපට එයාලව හමුවෙන්න පුළුවන් කියලා. අපි එතැනට යද්දී එයාලා නිල්පාට කාර් එකක එතැනට ආවා. වාහනේ තවත් සිවිල් දෙන්නෙක් හිටියා. එයාලා අපෙන් ගමේ විස්තර ඇහුවා. රැුකියාව ඇහුවා. තවත් විස්තර ඇහුවා.
රත්නපුරේට ගිහින් පොළ පාරෙන් ටිකක් දුර ගිහින් වහල දැමූ හෝටලයකට අපිව අරන් ගියා. පොලිසියේ 10 දෙනෙක් විතර එතැන හිටියා. අර ස්ථානාධිපතිවරයා මගෙන් ඇහුවා, කලින් දවසේ ගෙදරට කවුරු හරි ආවද කියලා. මම නෑ කිව්වා. ඔයාගේ ගෙදරට රෑ 10.00ට කවුරුහරි එනවා දැකපු කෙනෙක් මෙතැනට ගේනවා කියලා සිරිපාලයි, බිරිඳයි එතැනට ගෙනාවා. එයාලව කලින් ගෙනත් තිබුණා. සිරිපාල අර ස්ථානාධිපතිවරයා කියපු දේම කිව්වා. අපේ ගෙදර රෑ පාටියක් තිබුණා කිව්වා. උදේ 7.30ට මේසේ උඩ අරක්කු භාගයයි වීදුරු දෙකයි තියනවා දැක්කා කියලත් කිව්වා. මගේ බිරිඳ ඒවා අස්කරනවා දැක්කත් කිව්වා.
ඒ වෙලාව වෙද්දි මගේ බිරිඳ ගාමන්ට් එකේ වැඩට ගිහින්. ඕනනම් ඒ ගාමන්ට් එකෙන් අහන්න කියලත් මම කිව්වා. සිරිපාලගේ කතාව බොරුවක් කිව්වට ස්ථානාධිපතිවරයා පිළිගත්තේ නැහැ. ඊට පස්සේ ඔක්තෝබර් 3 වැනිදා දක්වා ඒ හෝටලයේ තියාගත්තා. හිරන්ත යැව්වා. මමයි, සිරිපාලයි, බිරිඳයි දෙමටගොඩ අපරාධ කොට්ඨාසයට ගෙනාවා. මාව වෙනම කූඩුවක දැම්මා. දවස් 2කට පස්සේ රෑ 10ට විතර මාව තුන්වෙනි තට්ටුවේ කාමරයකට ගෙනාවා. ඒ කාමරේ බිම සිරිපාල වාඩි වෙලා හිටියා. අතේ සිගරට්ටුවක් තිබුණා. තව පොලිස් නිලධාරින් හත් අට දෙනෙක් වටේ හිටියා.
සිරිපාල මට කිව්වා උඹයි, මිථිලයි, නුෂාරයි අම්මයි දුවයි මරලා දූෂණය කරපු හැටි මම මේ මහත්වරුන්ට කිව්වා. උඹට බේරෙන්න ඕනෑ නම් ඇත්ත කියපං කියලා. මේක සම්පූර්ණ බොරුවක් කියලා මම ඒ නිලධාරින්ට කිව්වා. එතකොට එක නිලධාරියෙක් කිව්වා ‘‘අපිව ගෝඨාභය මහත්තයා එව්වේ මේ කේස් එක ඉවරකරන්න. සිරිපාලගේ කතාව අපට පැහැදිලියි. අපට දැන් උඹව මරන්නත් පුළුවන් කියලා. මිථිලයි, නුෂාරයි දෙන්න ටිකකින් මෙතනට ගේනවා කිව්වා. උඹ රජයේ සාක්කිකාරයෙක් වෙයන් මාසෙකින් එළියට දානවා කියලත් කිව්වා.
‘‘මට දරුවෝ තුන් දෙනෙක් ඉන්න නිසා නොකරපු වරදකට වරද බාරගන්න බෑ කියලා මම කිව්වාම ආයෙත් මාව රත්නපුරේ හෝටලයට ගෙනත් ඇස් බැඳලා, අත් කකුල්වලින් එල්ලලා පොලූවලින් ගැහුවා. මට අඳින්න ඇඳුම් නෑ කිව්වම බිරිඳට කෝල් එකක් අරන් දුන්නා. ඇඳුම් ගේන්න කියපං කියලා. පස්සේ මට මාංචු දාලා කාමරයකට දැම්මා.
පස්සේ හෝටලයේම වෙන කාමරයක බිරිඳ කෑ ගහනවා ඇහුණා. මම මාංචු පිටින් ඒ කාමරය පැත්තට දිව්වා. එතකොට බිරිඳටත් මාංචු දාලා ඇයටත් ගහලා මුහුණ තුවාල වෙලා බිම වැටිලා හිටියා. ගහද්දී දුවත් එතැන ඉඳලා. එයා පහ වසරේ ඉගෙන ගන්නේ. දවස් හතරක් පහක් එයත් විශාල කම්පනයකින් හිටියේ. බිරිඳට ගහද්දී පොලිස් කාන්තාවක් හිටියේ නැහැ. උදේ එයාව යැව්වා. උදේ නිලධාරියෙක් ඇවිත් පේනවනේ වෙන දේ. උඹ රජයේ සාක්කිකාරයෙක් නොවුණොත් උඹේ ගෑණිවත් මේකට පටලනවා කිව්වා. අවසානයේ බිරිඳව බේරගන්න මම පොලිසිය කියන විදිහට වැඩ කරන්නම් කිව්වා.
මිථිලයි, නුෂාරයි ඊට පස්සේ හෝටලයට ගෙනාවා. උසාවියට සාක්ෂි දෙන්න සිරිපාල කියන සාක්කිය අපට කටපාඩම් කරගනින් කිව්වා. අපි තුන් දෙනාම රත්නපුරේ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා ළඟට දැම්මා. මම ඔහුට ඇත්ත විස්තරේ කිව්වා. ඒ වෛද්‍යවරයාට ඇත්ත කිව්වා කියලා මාව රෝහලේ මුල්ලකට ගෙනිහින් හොඳටම පහර දුන්නා.
ඊට පස්සේ අධිකරණයට ගෙනියද්දි සිරිපාලගේ සාක්කිය ඒ විදිහට නොකිව්වොත් දරුවත්් බිරිඳත් මරනවා කියලා පොලිස් නිලධාරියෙක් අඩම්තේට්ටම් කළා. අධිකරණයෙන් අපව අවුරුද්දකට කුරුවිට බන්ධනාගාරයට දැම්මා. තවත් අවුරුද්දයි මාස 8ක් කොළඹ බන්ධනාගාරේ හිටියා. සාක්ෂි පරස්පර නිසා අපිව වරදකාරයෝ කියලා පොලිසියට ඔප්පු කරගන්න බැරිවුණු නිසා අපිව නිදහස් කළා. නමුත් මටත්, මිථිලටත්, නුෂාරටත් වෙන්න ඕනෑ හැමදෙයක්ම වෙලා. අද ගමට යන්නත් බෑ. ගෙවල් දොරවලූත් විනාශ කරලා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් නැවතිලා. අපි තුන්දෙනාම ලංකාවේ විවිධ පළාත්වල හිතුවතුන්ගේ ගෙවල්වල අන්ත අසරණව කාලය ගෙවනවා. අපට අද ජීවිතය මුල ඉඳන් පටන්ගන්න වෙලා.
ඔවුහු ජීවිතයේ හෙට දවස වෙනුවෙන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියලූ සේසත අහිමිව සුසුම්ලති. නමුත් තවමත් මෙම ඝාතන ජාලයට අදාළ නියම අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන්නට පොලිසිය සමත්වී නැත. ඝාතන ආරම්භ වූ මුල් කාලයේ කොටකෙතන ගම්වාසීන්ට මූල්‍ය අල්ලස් දී අපරාධකරුවා තමා යැයි පාපොච්චාරණය කරවන්නට පොලිසිය උත්සාහ ගත්තා යැයි සමාජයේ කතා පැතිරිණි. විවිධ දේශපාලන කණ්ඩායම් මේ සිදුවීම් ජාලය දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් උපයෝගී කරගැනීමට ද උත්සාහ දැරූ බව පෙනෙන්නට තිබිණ. නාමල්, මිථිල, හා නුෂාර යන සැකකරුවන් තිදෙනා පසුගිය දිනවල නිදහස ලැබීමෙන් අනතුරුව කහවත්ත නගරයේ ගම්වාසීන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයේදී ද මෙම දේශපාලන චරිත පෙනී සිටියේ ඉදිරි මැතිවරණවලදී වාසි ලබාගැනීම වෙනුවෙන් වේදිකාවල කෑමොර දෙන්නට පසුබිමක් සකසා ගැනීම වෙනුවෙන් විය හැකිය.
වාස් ගුණවර්ධන මහතා විසින් කොටකෙතන ඝාතන සම්බන්ධයෙන් සකස් කරන ලද සමීක්ෂණ වාර්තාව අධිකරණය දක්වා ගියේ නැත. එම වාර්තාව තුළ මෙම ඝාතකයන්ට සම්බන්ධ වැදගත් කරුණු තිබෙන්නට පුළුවන. ඒවාට අනුව නිවැරැුදි අපරාධකරුවන් හඳුනාගත්තේ නම් පේ‍්‍රමාවතී හා පුෂ්පකුමාරි ඝාතනවල අපරාධකරුවන් ලෙස බන්ධනාගාරගතව පසුව නිදහස ලැබූ නාමල්, මිථිල හා නුෂාර වැන්නවුන්ට නිරපරාදේ පහර කන්නට සිදුනොවෙන්නට ඉඩ තිබිණි. කෙසේ වුවද ඔවුනට අද උපන් ගම හා තමන්ගේ හෙට දවස අහිමිය. වරදකරුවන් තවමත් නිදැල්ලේ ද විය හැකිය. කොටකෙතන ජනතාව තේරුම් ගත යුතු යථාර්ථය ද මෙයයි.