කොළඹ කියන්නේ නරකාදියක් නොවේ. ඔබේ ජීවිතය අපාගතකරන්න තරම් කොහේ වුණත් ඉන්න බැරි නෑ ආශාවට තටු නොදෙනවා නම්.
අම්මා, තාත්තාගේ, රැකවරණයෙන් මිදිලා කොළඹට එන නෙඟා් මේ අහපන්. නුඹට කලින් කොළඹට ආව ගෑනු ළමයි මග වරද්දගෙන ගමේ ගියේ ඇඬූ කඳුළින්. පොලිස් පොතේ ලියවුණු පමණින්ම යුක්තිය ඉටුවන්නේ නෑ නෙඟා්.
නුඹට පණ දෙන්න වගේ හිටපු කොණ්ඩ කුරුල්ලා පණවගේ රැකගත්තු වටිනාකම් හොරකම් කරගෙන ගියාම තමාගේ කැමැත්තට වුණ දේවල්නේ කියලා නීතියෙ බැමිත් නුඹවම වෙළනකොට දැක්කද නුඹව ජාතක කළ තාත්තාගේ ඇස්වලට උනපු කඳුළු.
මේ කතාව අපට ඇහෙන්නේ රත්මලාන කර්මාන්ත පුරෙන්. පොලිස් පොතේ පැමිණිල්ලක් විදිහට ලියවුණු මේ කතාවේ කතා නායිකාව වන තරුණිය ගාල්ලේ අකුරණ පදිංචිකාරියක්.
ඇයගේ නම සිතුමි ජයසේකර. අක්කයි මල්ලීයි අම්මයි තාත්තයි ඉන්න පවුලේ සිතුමි මද්දුමී.
ඇයගේ අම්මා, තාත්තා ගමේ පිළිගත්තු උදවිය සුළු ව්‍යාපාරයක් කරගෙන ගියා. සිතුමිගෙ තාත්තා තමාගේ දරුවන්ට උගන්වන්න ඔවුන් සමාජයේ ඉහළට අරගෙන එන්න බොහෝම උත්සාහ දැරුවා.
සිතුමිගේ අක්කා ගෙදරින් ගෙනාව යෝජනාවකට අනුව විවාහ වුණේ රත්මලාන ප‍්‍රදේශයේ තරුණයෙකුත් එක්ක.
විවාහයත් එක්ක කොළඹට ගිය අක්කාගේ ගෙදර යන්න එන්න සිතුමි බොහෝම ආස කළා.
අනිත් හැමෝටම වඩා බලාපොරොත්තු ගොන්නක් හිතේ පුරාවාගෙන ඇය ජීවත් වුණේ ගමෙන් කොළඹට එන හීනය තුළ.
ගමෙන් කොළඹට ඇවිත් රස්සාවක් කරන්න හීන දැක්කට මොකද අම්මා, තාත්තා සිතුමිගේ කොළඹ ගමනට තදින්ම විරුද්ධ වුණා.
ඒත් ඇයගේ බලාපොරොත්තු වෙනමම විදිහකට පණ ලැබුවා.
ඇයට ෆේස්බුක් එකෙන් හඳුනා ගත්තු යාළුවෙක් හිටියා. ඔහු තිවංක. කොළඹ ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක් වන තිවංක එක්ක ෆේස්බුක් චැට් කරගෙන දැන හඳුනාගත්තු සිතුමි තිවංකගේ මාර්ගයෙන් හරි කොළඹට ඇවිත් රස්සාවක් කරන්න පෙරුම් පිරුවා.
මට ආසයි කොළඹ ඇවිත් රස්සාවක් කරන්න. ගාමන්ට් එහෙක වුණත් කමක් නෑ. පුළුවන් නම් රස්සාවක් හොයල දෙන්න. ඇය නිතරම ඔහුට ඇවිටිලි කළා.
ෆේස්බුක් එකෙන් හඳුනා ගත්තු දුරකථනයෙන් කතාකරන හැබැහින් දැකලා නැති සිතුමිව දැකගන්නට ඔහුට තිබුණෙත් ලොකු ආසාවක්.
දන්නෙම නැතුව ආදරේකට පෙරළුන හිතවත්කම එක්ක සිතුමි අහස උසට බලාපොරොත්තු ගොඩගැහුවා.
ඔහු යාළුවන්ගේ මාර්ගයෙන් ඇයට රස්සාවක් හොයලා දුන්නා. රත්මලානේ කර්මාන්තපුරේට මැෂින් සහයිකාවක් විදිහට රස්සාවක් තියෙනවා කියලා දැනගත්තම කොළඹට යන්න සිතුමි ගත්ත තීරණේට අම්මා තාත්තා බොහෝම විරුද්ධ වුණා. මොනතරම් අවවාද අනුශාසනා ලැබුණත් ඇයට ඕනෑ වුණේ කොළඹ යන්න.
අම්මා තාත්තා ආදරේට කියන දේත් ආරෝවට හිතපු ඇය කොළඹ ආවා.
දුවගේ කැමැත්තට විරුද්ධ වෙලා වැඩක් නැති බව තේරුම් ගත්තු දෙමහල්ලෝ සිතුමිගේ අක්කගේ ගෙදර කාමරයක නවතින්න ඇයට ඉඩ හදලා දුන්නා.
සිතුමිගේ අක්කා පදිංචි වෙලා හිටියේ රත්මලානේ. නංගිට අවශ්‍ය හැම සැප පහසුවක්ම අක්කගේ ගෙදරදී ලැබුණා.’’
බෝඩිමක අවශ්‍යතාව ඒ විදිහට අක්කගේ හෙවණේදී සම්පූර්ණ වෙනකොට සිතුමිගේ බලාපොරොත්තු දස දහසින් පණ ලැබුවා.
තිවංක සිතුමිව මුණගැහෙන්න පෙරුම් පිරුවා. තරුණයාගේ බලාපොරොත්තු තරුණියගේ අනාගතය අඳුරු කරගෙන පණ ලැබුවා.
ඇය ඔහුව මුලින්ම මුණගැහුණේ මොරටුව කටුබැද්ද ප‍්‍රදේශයේදී ගාමන්ට් එකේ ලොකු මහත්තයා හමුවෙන්න යනවා කියලා අක්කගේ ගෙදරින් පිටවුණ සිතුමි ඔහු කියපු මග සලකුණු ඔස්සේ කටුබැද්දට එන්නේ ආදරය හිතේ පුරවගෙන.
පියුමි වෙනුවෙන් ආශාව හිතේ පුරවගත්තු තිවංක හිටියේ සිතුමිට වඩා වෙනස් සිතුවිල්ලක. ඇයව තමාගේ කරගන්න වුවමනාවක් හිතේ කොනකවත් නැති වුණාට ඇය සමග යහන් ගත වෙන්න මේ නරුම පෙම්වතා පෙරුම් පිරුවා.
ඒත් කොහොමද පළමු හමුවීමේදී ආදරයේ අනන්තෙට යන්නේ. සිතුවිල්ලෙන් හැඟීමෙන් වෙනස් විදිහට එකම මගක දෙන්නගෙම සිතුවිලි ගමන් කළා.
කාලය ගෙවිලා ගියේ තරුණිය රැුකියාවට පුරුදුකාරියක් කරගෙන.
කාටත් හොරා පැටලූන පේ‍්‍රමයේ හිමිකරු වන තිවංක හැමවෙලාවේ උත්සහ කළේ ඇයව අමුතුම ලෝකෙකට අරගෙන යන්න.
අම්මා, තාත්තාගේ රැුකවරණය නැති නන්නාඳුනන පුරවරයක මොනවා වුණත් කාගෙන් තහනමක්ද?
තිවංක එක්ක හෝටල් කාමරයකට යන්න දෙපාරක් හිතන්නේ මොකටද? තිවංක හොඳ කෙනෙක්. කවදාහරි කසාද බඳින්නෙත් තිවංකව නම් ඒක වෙනස් වෙන්නෙත් නැත්නම් එයා එක්ක හෝටල් කාමරේකට යන්න බය වෙන්නේ මොකටද?
තමන් කරන්න පෙරුම් පුරණ වරද සිතුමි සාධාරණ කළේ එහෙමයි. ඒ හැඟීම් ගොන්න සිතුමිගේ හිතට හරිම විදිහට ඇතුළු කරන්න තිවංක වගබලාගත්තා.
සිතුමි තිවංක එක්ක හෝටල් කාමරයක තනි වුණේ හැම ආශාවකටම පණ දීගෙන. තිවංක අතින් තමන් ගැහැණියක් වීම ගැන ඇයට දුකක් තිබුණේ නෑ. ඇය ඔහුව ඒ තරමටම විශ්වාස කළා. ඔහුට ආදරය කළා.
කාලය ගෙවිලා ගියේ දින, සති මාස ගෙවමින් පුළුවන් හැම වෙලාවෙම සිතුමි තිවංක එක්ක හෝටල් කාමරවල ලැගුම් ගත්තා. රස්සාවට යන මුවාවෙන් ගෙදරින් පිටවෙන සිතුමි සමහර දවස්වලට දවස පුරාම හෝටල් කාමරයක තිවංකට තුරුල් වෙලා දවස ගෙවුවා. දවසින් දවස තමාගේ සොයුරියගේ වෙනස් හැසිරීම් ගැන අක්කට සැක නොහිතුනා නෙවෙයි. නංගි තරුණයෙක් එක්ක තැනින් තැන ඇවිදින බව ඇයගේ සැමියා ඇයට ඇවිත් කියනකොට සිතුමි ගැන අහිතක් හිතන්න අක්කට බැරි වුණා. ඇය හිතුවෙ තමාගේ සැමියා නිරපරාදේ නංගිට දොස් කියනවා කියලා.
දවසින් දවස සිතුමිගේ අමුතු ජීවිතේ ගැන දන්නා අඳුරන හිතුවතුන් අතරින් කනින් කොනින් පැතිරෙනකොට තමාගේ ආදරේ ගැන මහා ඉහළින් හිතාගත්තු සිතුමි තිවංක තමාගේ සැමියා කියලා හිතාගෙන ජීවිතේ අරගෙන ගියා.
ජීවිතේ ගැන හරි අත්දැකීමක් නැති තරුණිය හිතුවෙ තමන් ඉදිරියේ දිගහැරෙන්නේ වටිනාම ජීවිතයක් කියලා. ජීවිතේ හැමදේම සිතුමිටයි තිවංකටයි වුවමනා ආකාරයට පෙළ ගැහෙනකොට තාත්තා හිටියේ තමන්ගේ දියණිය ගැන සෙවිල්ලෙන්.
දවසක් හැන්දෑවක දියණියට දුරකථන ඇමතුමක් ගත්තු මේ තාත්තා ඇයගෙන් කොහෙද ඉන්නේ කියලා ඇහුවාම ඇය කියන්නේ ගෙදර ඉන්නවා කියලා.
නමුත් ඒ වෙලාවෙත් ඇය හිටියේ තිවංකගේ තුරුලේ. තමන්ගේ මද්දුමී ගැන සැක හිතපු තාත්තා ලොකුදුවට ගන්න ඇමතුමේදී පොඩිදුව කියන්නේ බොරුවක් කියලා දැනගන්නවා.
මේ තාත්තාගේ සිතුවිලි මොනතරම් ගින්දරකට පත් වුණාද ඒ වෙලාවෙම ගාල්ලෙන් පිටවෙන මේ තාත්තා කොළඹට එන්නේ තමුන්ගේ පොඩි දුව බොරු කිවුවේ මොන හේතුවකටද කියලා හොයාගෙන.
කරුණාපාල තමන්ගේ ලොකු දුවගේ ගෙට ගොඩ වෙනකොට රෑ හත පහුවෙලා තිබුණා. නංගි කෝ දුවේ කියලා කරුණාපාල ලොකු දුවගෙන් අහනකොට නංගි වැඩටගියේ උදේ තාත්තේ දැන් එනවා ඇති කියල ලොකු දුව පිළිතුරු දෙනකොට කරුණාපාල වෙව්ලන්න ගත්තා.
සිතුමි කාටත් හොරෙන් අමුතු සෙල්ලමක් පටන් අරගෙන කියලා තේරුම් ගන්න කරුණාපාලට අපහසු වුණේ නෑ.
මම හවස කෝල් කරනකොට ඇයි පොඩි දුව එයා ගෙදර ඉන්නවා කිවුවෙ? උදේම වැඩට යනවා කියලා කොහේද ගියේ? මේ රෑ බෝවීගෙන එන වෙලාවෙත් ඇයි දුව ගෙදර නාවේ? මොන තරම් රැවටිල්ලක්ද මොන තරම් බොරුවක්ද මේක.
කරුණාපාලගේ හිත ගිනි ගත්තේ එක සීරුවට. රෑ අටවෙනකොට සිතුමි ගෙදර ආවා. දරු කැක්කුමට හිත රිදදගත්තු තාත්තා බොරු කියලා හොරගමන් ගිය සිතුමිට පාරක් දෙකක් ගැහැවුවේ. ඉවසන්න බැරිම තැන. තමන්ගේ දියණියගේ ජංගම දුරකථනය උදුරලා ගත්තු තාත්තා ඇය ගිය ගමන ගැන හෝඩුවාවක් හෙවුවා.
ඒ වෙනකොට සිතුමි හිටියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි තැනක. දුවගේ දුරකථනය පරීක්‍ෂා කරපු මේ තාත්තාට දකින්න ලැබුණ එස්.එම්.එස්. පණිවිඩවලින් දුවගේ තත්ත්වය තේරුම් ගන්න ඔහුට අපහසු වුණේ නෑ.
තමන්ගේ දුව දැන් තරුණියක් නොවෙයි. කසාදයක් නොබැඳපු හෝටල් ගානේ ගිය ගෑනියෙක්.
කරුණාපාලගේ ඇස්වලට කඳුළු ඉනුවේ දරු කැක්කුමට. ඇස් දෙක වගේ රැුකබලා ගත්තු දරුවන්ට මෙහෙම වෙන්න පුළුවන්ද?
ඇයි මට මේවගේ ගින්දරක් උහුලන්න වුණේ.
දැන් ඉතින් ඌටම උඹව දීලා දානවා මිසක් මොනවා කරන්නද?
කරුණාපාල තමන්ගේ දුවට කෑ ගැහුවේ උහුලන්න බැරි හිත් වේදනාවකින්.
කරුණාපාලගේ දියණියට වුණ අකරතැබ්බය ගැන පොලිස් පොතේ පැමිණිල්ලක් ලියවෙන්නේ ඔන්න ඔය විදිහට.
පොලිස් පොතේ පැමිණිලි කොයි තරම් නම් සටහන් වෙනවද. නමුත් නීතිමය රාමුවක් තුළ නිසි රැුකවරණයක් තරුණ කෙල්ලකට ලැබෙන්නේ මොන විදිහෙන්ද. තමන් රැක නොගත්තු කැමැත්තෙන් නැති වෙන්න ඇරපු කිසිම දෙයකට නීතියෙන් හයියක් ලැබෙනවද?
තිවංක පොලීසියට කැඳවන්න කාන්තා කාර්යංශයෙන් පියවර ගත්තා. ඔහු ආවේ අම්මයි තාත්තයි එක්ක. තමන්ගේ අතින් සිතුමි ගැහැණියක් වුණ බව පිළිගන්න මේ නරුම පෙම්වතාට හැකියාවක් තිබුණේ නැහැ. තමන්ගේ අම්මා තාත්තා ඉස්සරහ පිට තිවංක පිරිසිදු තවුසෙක් වගේ හැම වරදක්ම සිතුමිගේ පිටම පටවද්දී තමන් විශ්වාස කරපු තමන් ආදරේ කරපු තිවංක දිහා බලාගෙන අඬනවා ඇරෙන්න කියන්න දෙයක් කරන්න දෙයක් ඇයට තිබුණේ නෑ.
තමන්ගේ කැමැත්තෙන් තිවංක එක්ක හෝටල් කාමරවල තනිවෙච්ච සිතුමිව බාරගන්න තිවංක කාරුණික වුණේ නෑ. තිවංකගේ මව්පියන් පවා ඇයට එරෙහිව ගතයුතු හැම පියවරක්ම ගත්තා.
ඒ මව්පියන් තමන්ගේ පුතා වටා ආරක්ෂක පවුරක් වෙද්දී අවලංගු කාසියක් වගේ වුණ තමන්ගේ දුවව අරගෙන කරුණාපාල ගමට ගියා.
නංගියේ ඔයා හිතන තරම් ලෝකය ලස්සන තැනක් වුණා නම් මොනතරම් අපූරුද?
මේ අපට අහන්න ලැබුණු එක කතාවක් විතරයි. මේ වගේ අසරණ වෙලා කරකියා ගන්න දෙයක් නැතුව ගමේ ගිය ගැහැණු ළමයින් ගැන කොතෙකුත් කතා තියෙනවා.
ඒ නිසා පරිස්සම් වෙන්න. තමුන්ගේ දේවලට තමුන් වටිනාකම් නොදුන්නොත් අනිත් අය ඉදිරියේ අවලංගු කාසියක් වෙන එක කොහොම නවත්තන්නද?
මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.