‘අද දවසේ හතුරකුට දිය යුතු හොඳම තෑග්ග කුමක් විය යුතුයි කියලද ඔබ සිතන්නේ?’ පසුගියදා ජනපි‍්‍රය ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙක් සිය සහාය නිවේදිකාවගෙන් මේ ප‍්‍රශ්නය ඇසුවේ එම නාලිකාවේ උදෑසන වැඩසටහනක් මෙහෙයවන අතරතුරය. ඇයට එසැණින් පිළිතුරක් දීම අපහසු විය. ප‍්‍රශ්නය ඇසූ නිවේදකයාම පිළිතුරු සපයමින් පැවසුවේ දැන් හතුරකුට දිය යුතු හොඳම තෑග්ග විදුලිය යන්නය.
වත්මන් විදුලි අර්බුදයට හේතු වී තිබෙන විදුලි ගාස්තු ක‍්‍රමයේ ආදීනව හාස්‍යජනක ක‍්‍රමයකින් වුවද තියුණු ලෙස සමාජගත වෙමින් පවතින්නේ මෙලෙසිනි. ”මේ විදුලි බිල නම් ඔරොත්තු දෙන්නෙ නෑ.” සමහරු සඳහන් කරන්නේ එහෙමය. කිසිවෙක් තමන්ගේ විදුලි බිල වැඩිවෙනවාට කැමති නැත. පෘතග්ජන ජනමනස යම් දෙයක් වැඩිවෙනවාට අකැමැතිය. අඩු වෙනවාට කැමැතිය. ආණ්ඩුව පවසන්නේ වෙන කළ හැකි දෙයක් නොමැතිවීම නිසා කනගාටුවෙන් වුවද මේ පියවර ගැනීමට සිදු වූ බවය. එය හෝ නිවැරැදිව පැවසීමට මේ ආණ්ඩුවට පොදු එකඟතාවක් නැත. වැඩි වූ විදුලි බිලට අයිතිකාරයකු නැති ගානය. විදුලිය සම්බන්ධයෙන් කැබිනට් සාමුහිකත්වය බිඳවැටිලාය. විපක්ෂය පවසන දේම ආණ්ඩුවේ සමහරුන් වෙන විධියකට පැවසීම නිසා ආණ්ඩුවේ පසුපෙළ මන්තී‍්‍රහු වුවද අතරමංව සිටිති.
වරක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු වූ එම්.ඞී.එච්. ජයවර්ධන කැබිනට් සාමූහිකත්‍වයට පටහැනිව පාර්ලිමේන්තුවේ කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් එදා රණසිංහ පේ‍්‍රමදාස අගමැතිවරයා සඳහන් කළේ තමා ජනාධිපතිවරයා නම් ඇම්.ඞී.එච්. ඇමැති මණ්ඩලයෙන් ඉවත්කරන බවය. ඔහු එසේ සඳහන් කළේ කැබිනට් සාමූහිකත්‍වයට පටහැනිව එකිනෙකාට තමන්ට ඕනෑ ඕනෑ දේවල් කියමින් කැබිනට් මණ්ඩලයක කටයුතු කිරීම නුසුදුසුය යන ප‍්‍රතිපත්තියක් හා සම්ප‍්‍රදායක් තිබෙන නිසාය. පළාත් සභා ක‍්‍රමයට එරෙහිව අමාත්‍ය සිරිල් මැතිව් හා ගාමණී ජයසූරිය කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වූයේ මේ සම්ප‍්‍රදායට ගරු කරමිනි. මේ දෙදෙනාම එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ ප‍්‍රබල ඇමැතිවරුන් මෙන්ම පතාක යූ.ඇන්.පී. කාරයෝද වූහ. හරි හෝ වැරැදි ආණ්ඩුවක් යම් ප‍්‍රතිපත්තියක පිහිටා තීන්දුවක් ගන්නේ නම් ඊට ගරු කරමින් සාමූහික මතයක පිහිටා කරුණු ඉදිරිපත් කිරීමේ සම්ප‍්‍රදායක් ඇත. ඕනෑම ගෝරියක් කැබිනට් මණ්ඩලය ඇතුළේ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායමේ ගෙනයාම යහපත්ය. ඇමැති පදවියක් බාර දී ඇන ගන්න තෙක් බලා සිටීමට ඇනගන්න හේතු කාරණා සම්පාදනය කිරීමත් ඒ හා සමානය. එහෙත් මේ ආණ්ඩුවට එවන් සම්ප‍්‍රදායක් තිබේද යන්නත් ප‍්‍රශ්නයකි. ආණ්ඩුවක් වැටෙන විට වැටෙන්නේ එකිනෙකා වෙන් වෙන් වශයෙන් නොව සාමූහිකව බව මතක තබා ගැනීම වැදගත්ය.
මේ රටේ විදුලිය සැපයීම අලාභදායක වෙළෙඳාමකි. ඊට හේතුව තවමත් රටේ සමස්ත විදුලිය නිෂ්පාදනයෙන් සියයට 51 ක් ඛනිජ තෙල් වැනි ලෝකයේ මිල අධිකම අමුද්‍රව්‍ය මගින් නිපදවීමත්, එ්කකයක් නිපදවීමට යන වියදමටත් වඩා වැඩියෙන් පෞද්ගලික අංශයෙන් අධික මිලකට විදුලිය ලබාගැනීමත් එ්වා සහන මිලට සැපයීමත් නිසාය. මේ මොහොත වන විට රටේ නිපදවෙන විදුලිය එ්කකයක සාමාන්‍ය මිල රු. 23.30 කි. එහෙත් ඊටත් වඩා වැඩි මිලට නැතිනම් රු. 30/=, 35/=, රු. 40/= වැනි මිල ගණන් යටතේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික අංශයෙන් විදුලිය මිලයට ගනී. ඊට අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ වසර 20, 25 වැනි දීර්ඝ කාල සීමා ගිවිසුම්වලට අනුවය. මෙසේ ලබාගන්නා විදුලිය ඒකක ද සහනාධාර පදනමින් අඩු මිලට සැපයීම මේ අර්බුදයට හේතුවී තිබේ. මේ නිසා විදුලිබල මණ්ඩලයේ 2012 වසරේ අලාභය රු. බිලියන 61 කි. මේ විධියට ගියොත් මේ වසර අවසානයේ එම අලාභය රු. බිලියන 768 ක් පමණ වේ යැයි දැනටමත් ගණන් බලා තිබේ. මේ බිලියන 78 න් කොටසකට විදුලි පාරිභෝගික ජනතාව කර ගහන්නේ නැත්නම් ආණ්ඩුව දරාගත යුතුය. නැතිනම් විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යෑමට එම මුදල මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතුය. සහන මිලට විදුලිය නොදිය යුතු යැයි මින් අදහස් වන්නේ නැත.
දැනටත් ගෘහස්ථ විදුලි පාරිභෝගික ජනතාවට විදුලිය සැපයෙන්නේ සහන මිලකටය. එ් වෙනුවෙන් විදුලිබල මණ්ඩලය ලබන අලාභය රුපියල් දශ ලක්ෂ 35,000 කට වැඩිය. වෙන විධියකින් සඳහන් කරන්නේ නම් මෙය ජනතාවට සැපයෙන සහනාධාරයකි. එහෙත් විදුලිබල මණ්ඩලයේ සමහරුන්ගේ නොහොබිනා කල් කි‍්‍රයා නිසා මේ සත්‍යය යටපත් වී ඇත. ජනතාව පවසන්නේ විදුලිබල මණ්ඩලයේ දුෂණ අක‍්‍රමිකතා හා නාස්තිය වසා ගැනීමට විදුලි බිල වැඩිකරන බවය. එහෙත් එය පොදු සත්‍යය නොවේ. විචාරාත්මකව කල්පනා කරන විට එහි ඇත්තේ කුඩා සත්‍යයකි.
”ලංවිම” යනු සුළු පිරිසකගේ දුෂිත මාෆියාවකට යට වූ ආයතනය සේ පැවසේ. එය පිරිසුදු කිරීමට අවංක ඇමැතිවරයකු වූ චම්පික රණවක යම් වෙහෙසක් ගත් බව සඳහන් කළ යුතුය. පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිනියටද එම හැකියාව හා ශක්තිය තිබේ. එහෙත් මේ වනවිට ”ලංවිම” සතු එම දුර්වලතාවය සමස්ත විදුලි බිලේ වැඩිවීමට හේතුවක් සේ සමාජගත කිරීමට විපක්ෂය සමත්ව සිටී. සාමාන්‍යයෙන් විපක්ෂය කටයුතු කරන්නේ එහෙමය. මේ ආණ්ඩුව අද විපක්ෂයේ සිටියා නම් හැසිරෙන්නේ මේ විපක්ෂය හැසිරෙන මේ ක‍්‍රමයටමය. එහෙත් එය සාධාරණ නොවේ. අපේ රටේ විදුලිය නිපදවීමේ ඇත්ත කතාව මේ නිසා හිතාමතා යටපත් වන්නේය. ඇත්ත කතාව වහාම ඛනිජ තෙල් මගින් විදුලිය නිපදවීම අවම මට්ටමක තබා ගනිමින් ගල් අඟුරු හා වෙනත් පුනර්වීමන බලශක්ති මගින් සිදුකරනු ලබන විදුලිය නිෂ්පාදනය වැඩි කළ යුතුය. එසේ නොවනතාක් විදුලිය ජනතාවටත් ආණ්ඩුවටත් දෙපාර්ශවයටම අර්බුදයක් වනු ඇත.
විශේෂයෙන්ම සාමාන්‍ය පන්තියේ ජනතාවට ඔරොත්තු දෙන මට්ටමකට යම් විදුලි එ්කක ප‍්‍රමාණයක මිල නියම වීමේ අවශ්‍යතාව ගැන විවාදයක් නැත. එ් සඳහා ආණ්ඩුවකට මහා භාණ්ඩාගාරය හිස්වන හා අනෙකුත් සංවර්ධන කටයුතු අඩපණ කර මුදල් පොම්ප කළ නොහැක. ආණ්ඩුව ඇතුළෙන්ම විකල්ප මතවාදයක් පවතින්නේ මේ සාධාරණ විදුලිය ඒකක ප‍්‍රමාණය සම්බන්ධයෙන්ය. එ් සඳහා එකිනෙකාට චෝදනා කර ගැනීමේ ආණ්ඩුවේ ස්ථාවරය මගින්ම විපක්ෂයට හොඳ වේදිකාවක් සකස්කර දී තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2005 බලයට පත්වීමත් සමගම විදුලිය සම්බන්ධයෙන් දැරූ මතයට අනුව නිසි අයුරින් ගල් අගුරු බලාගාර ඉදිවුණි නම් ආණ්ඩුව මෙවත් අර්බුදයකට මුහුණ දෙන්නේ නැත. ඔහුගේ නියමයෙන් ”සාම්පූර්” ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙන්නේ 2006 දීය. එහෙත් තවමත් සාම්පූර් හි ඉදිකිරීම් කටයුතු ඇරඹී නැත. එම ගිවිසුමට අනුව මේ වන විට සාම්පූර් බලාගාරයෙන් මෙ. වො. 600 ක විදුලිය ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු විය යුතුව තිබුණි. එය තවමත් ඉටු වී නැත. ඉඩම තෝරාගැනීම සඳහා පමණක් ගත කළ කාලය මාස ගණනකි. ව්‍යාපෘති හා තාක්ෂණික වාර්තා විවිධ කොන්දේසි ඇතුළත් කිරීම් සම්බන්ධ එකඟතා ආදී කාරණා අනවශ්‍ය ලෙස වසර ගණනාවක් දිග්ගැසී ඇත. ජනාධිපතිවරයා විදුලි බිල හා බලශක්ති අමාත්‍යාංශයේ හා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රධානීන් හමුවූ හැම අවස්ථාවකදීම ප‍්‍රකාශ කළේ ගල් අඟුරු බලාගාරවල ඉදිකිරීම් කඩිනම් කරන ලෙසයි. විවිධ කාරණා ඉදිරිපත් කරමින් ඒවා ප‍්‍රමාද කළෝ කවරහුද?
”ලක්විජය බලාගාරයේ දෙවන අදියර යටතේ තව මෙ. වො. 600 ක විදුලි ධාරිතාවක් 2012 දී ජාතික විදුලිබල පද්ධතියට එකතු වෙනවා.
(අමාත්‍ය චම්පික රණවක 24. 3. 2012 ලංකාදීප)
ඇමැතිවරයා එදා දුන් පොරොන්දුව ඉටු වී තිබේද? නොරොච්චෝලේ 2 වැනි අදියර විවෘත වීමට නියමිතව තිබුණේ 2012 දීය. දෙවැන්න පමණක් නොව මේ වන විට නොරොච්චෝලේ අදියර 3 ම නිමාවට පත් වී ජාතික විදුලිබල පද්ධතියට ගල් අඟුරු මගින් ගි. වො. පැ. 5600 ක විදුලිය ධාරිතාවක් එක්වීමට නියමිතව තිබුණි. මෙම ගි. වො. පැය 5600 සාම්පූර්වලට අමතරවය. එ් සමගම මේ වන විට ඛනිජ තෙල් මගින් විදුලිය නිපදවන ගි.වො. පැ. 6100 ධාරිතාවය 3300 දක්වා අඩුවෙනු ඇත. තෙල් වලින් කරනු ලබන නිපැයුම අඩු වී ගල් අඟුරු නිපැයුම වැඩිවනු ඇත. වෙන විධියකින් සඳහන් කරන්නේ නම් තෙල්වලින් කරනු ලබන විදුලිය නිපැයුම සමස්ත නිෂ්පාදනයෙන් තුනෙන් එකක මට්ටමක් දක්වා අඩුවනු ඇත. එසේ වූයේ නම් විදුලිබල මණ්ඩලය 2013 ට ඇස්තමේන්තු කරන ලද වියදම රු. බිලියන 256 සිට රු. බිලියන 211 දක්වා අඩුවේ. මේ වෙනස සිදු වුණි නම් විදුලි බිල වැඩි කිරීමක් හෝ ඉන්ධන ගැළපුම් ගාස්තු එකතු කිරීමක් අවශ්‍ය වන්නේ නැත. එසේම ආණ්ඩුව මේ පරිප්පුව කන්නේද නැත. යෝජිත එක් ගල් අඟුරු බලාගාරයක ඉදිකිරීම් කටයුතු මසකින් ප‍්‍රමාදවීම, රු. බිලියන 9 ක අලාභයක් ගෙන දේ. එවන් මාස කොපමණ ගණනක් මේ වන විට නිකරුණේ ගෙවා දමා තිබේද? මේවාට වගකිව යුත්තෝ කවරහුද?
අබිරහස ඇත්තේ මෙම රස්තියාදුකාර පිළිවෙතේය. ආණ්ඩුව මේ කමින් සිටින්නේ සාම්පූර් හා නොරොච්චෝලේ 2 වැනි හා 3 වැනි අදියර මහින්ද චින්තනයට අනුව කලට වේලාවට ඉදිකර ගැනීමට නොහැකි වූ නැතිනම් හිතාමතා ප‍්‍රමාද කිරීමේ පරිප්පුවයි. මේ දිනවල දේශද්‍රෝහීන් සොයමින් සිටින අයට සැබෑ දේශද්‍රෝහීන් කවුරුන්දැයි මෙමඟින් සොයාගැනීමට හැකිවනු ඇත. සැබෑ දේශද්‍රෝහීන් කුමන්ත‍්‍රණකාරී ලෙස ගල් අඟුරු බලාගාරවල ඉදිකිරීම් ප‍්‍රමාද කළ විදුලිබල ෙක්‍ෂත‍්‍රයේ මාෆියාකාරයන් බව මේ සිදුවීම් දෙස අපක්ෂපාතීව හා විචාරාත්මකව බලන ඕනෑම කෙනකුට වැටහේ.
ගල් අගුරු බලාගාරවලින් විදුලිය නිපදවීම කඩිනම් වීමට සාපේක්‍ෂව පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීම් නතරවනු ඇත. ප‍්‍රමාදයේ කුමන්ත‍්‍රණය ඇත්තේ මෙතැනය. විදුලිබල මාෆියාව කි‍්‍රයාත්මක වන්නේ එ් සඳහාය. මේ වන විට සාම්පූර් හා නොරොච්චෝලේ දෙවැනි අදියර කි‍්‍රයාත්මක වී තිබුණා නම් විදුලි එ්කකයක මිල රු. 14/ = දක්වා අඩුවීමට ඉඩ තිබුණ බවද පැවසේ.
ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදය ජයගත් ආණ්ඩුව මේ වන විට විදුලිබල ෙක්‍ෂත‍්‍රයේ මාෆියාව ජය ගැනීමට සමත් වී නැත. කොටින්ම රටේ නායකයාගේ මතය හා ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමට අදාළ ක්ෂේත‍්‍රයේ සමහර දේශපාලන පරිපාලන හා තාක්‍ෂණික බලධාරීහු සමත් වී නොමැත. ඒ නිසා දැන් මොනවා කීවත් පලක් නොවේ. ආණ්ඩුව මේ අර්බුදයට පත් කරනු ලැබ සිටින්නේ ආණ්ඩුවේම කොටසක් විසින්ද එහෙමත් නැත්නම් නිලධාරීන් විසින් ද එහෙමත් නොවේ නම් ඔවුන් හා අතයට සෙල්ලමක යෙදෙන විදුලිය මාෆියාව විසින් දැයි කියා සොයා බලා එය හැඳින ගැනීම වැදගත්ය. එය ආණ්ඩුවේ ඉදිරි කටයුතුවලට වුවද වැඩදායකය.
වසන්තප‍්‍රිය රාමනායක