ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක නායක ආචාර්ය ඇන්.එම්.පෙරේරා මේ රටේ වාමාංශික ව්‍යාපාරය බිහි කළ කෘතහස්ත අවංක දේශපාලනඥයෙකි. රටක් බාරදීමට හැම අතින්ම සුදුසු නායකයෙක් වීය. රටේ අවාසානවට දෝ එය සිදු නොවුණි. ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ කීර්තියක් හිමිකර ගෙන සිටි ආර්ථික විද්‍යාඥයකු වූ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වන විට එහි ප‍්‍රධානීන් අසුන්වලින් නැඟිට ඔහුට ගෞරව කළ බව කියැවේ. එදා ඔහු නියෝජනය කළ වාමාංශික ව්‍යාපාර මේ රටේ වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාවටම දිනා දුන් දෑ බොහෝ ය.
අභ්‍යන්තර සාකච්ඡා අවුල්කරන්නේ ක්ෂේත‍්‍රයේම ඇතැම් ප‍්‍රධානීන්
|
මෙවන් කීර්තිමත් ජනනායකයකු වුව ද 1970 සමගි පෙරමුණු රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස සිටි අවදියේ පැවැති බැංකු සේවක වැඩ වර්ජනය කඩාකප්පල් කර තලා දමා සිය දේශපාලන දිවියට කළු පැල්ලමක් අත්පත් කර ගත් බව කියැවේ. ලංකා සමසමාජ පක්ෂයේ අයට මේ සම්බන්ධයෙන් විවිධ විග‍්‍රහ හා අර්ථ කථන තිබිය හැකිය. එහෙත් වමේ ආණ්ඩු වැඩ වර්ජන තලා දමන විට එ්වා ප‍්‍රගතිශීලි වීමටත් දක්ෂිණාංශික ආණ්ඩු එයම කරන විට පමණක් ප‍්‍රතිගාමී වීමටත් විශේෂ හේතුවක් නැත. ආචාර්ය ඇන්.ඇම්.ගේ තද පිළිවෙත නිසා රැකියා අහිමි වූ සමහර බැංකු සේවකයන් නැවත රාජකාරියට වාර්තා කළේ එදා අධිරාජ්‍ය ගැත්තා ප‍්‍රතිගාමියා යැයි හැඳින් වූ ෆීලික්ස් ආර්.ඩයස් බණ්ඩාරනායක සමගි පෙරමුණු රජයේ මුදල් ඇමතිවරයා වීමෙන් පසුව ය.
සාමාන්‍යයෙන් බැංකු සේවකයන් වැඩ කරන ජනතාව අතර දැන උගත් ප‍්‍රජාවකි. ආචාර්ය ඇන්.එම්. වැනි දැන උගත් වාමාංශික කම්කරු නායකයකු වුවද රාජ්‍ය බලයත් සමඟ හිස උදුම්මාගෙන අධිපතිවාදී මානසිකයෙන් හැසිරුණු අයුරු බැංකු සේවක වැඩ වර්ජනය මර්දනය කළ ආකාරයෙන් පැහැදිලි වේ. මේ අතීතය අපේ මතකයට එන්නේ පසුගිය දා දෙපර්ශ්වයේ ම එකඟතාවෙන් නිමාවට පත් වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය අවසන් වූ ආකාරය ගැන සොයා බැලීමේ දී ය.
එම වර්ජනය නොවිසඳී පැවැති ආකාරයට අනුව පෙනෙන්නට තිබුණේ එදා බැංකු සේවකයනට අත් වූ ඉරණම යු.ඇන්.පී. විරෝධී ආණ්ඩුවක් යටතේ ම මෙදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද අත් විය හැකි බවය. නැතිනම් අඩු ම තරමින් ආචාර්යවරුන්ට හිඟ වැටුප් රහිතව හිස් අතින් නැවතත් වැඩට හෝ ගෙදර යෑමට හෝ සිදු විය හැකි බවයි. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. ඊට හේතුවක් ඇත. එම හේතුව පිටුපසින් මතු වූ විශ්වාසනීය දේශපාලන චරිතයක් තිබේ. එය රටට හෙළි කිරීම ද මාධ්‍යයේ වගකීමකි.
”අයියෝ ඔය වර්ජනය සමතලා කරලා දාන්න සර්. ඕකුන්ට කිසිදෙයක් දෙන්න එපා.
‘‘කොහේද ? මේ ආණ්ඩුවේ ඉන්න කීප දෙනෙක් මේ අය හුරතල් කරනව නෙ.”
අභ්‍යන්තර සාකච්ඡාවල දී එහෙම කීවෝ විශ්වවිද්‍යාල ක්‍ෂෙත‍්‍රයේම සමහර ලොක්කෝ ලොක්කියෝ ය.
අඩුම ගානේ අමාත්‍ය එස්. බී. දිසානායකවත් නොවේ ය.
ආණ්ඩුවේ ම කීපදෙනෙක්, ඔවුන් නලවනවා යැයි පැවසුවේ මධ්‍යස්ථව කල්පනා කරමින් වැඩ වර්ජනය විසඳීමට දිවා රෑ වෙහෙසුණු ආණ්ඩුවේ ආයතන කීපයක ප‍්‍රධාන තනතුරධාරී හිටපු කථිකාචාර්ය මහාචාර්යවරු ගැනය. මේ නිසා වැඩ වර්ජනය නිමා කරලීම උදෙසා පැවැති අභ්‍යන්තර සාකච්ඡුා අසාර්ථක විය. එය ආණ්ඩුවේ දේශපාලන නායකයන් නිසා නොවේ ය. අදාළ ක්‍ෂෙත‍්‍රයේ ම සමහර ප‍්‍රධානීන් නිසා ය.
තනතුරක් වෙනුවෙන් ආණ්ඩුවක් නොමඟ යවන මෙවන් අය ඕනෑම ආණ්ඩුවක සිටිති. ඒ අය හඳුනා ගැනීමට නොහැකි වීම ආණ්ඩුවකට සෙනසුරා ලැබුවා වාගේ ය. අවසානයේ සෙනසුරා දීලා දීලා අරගෙන යන්නා සේ ආණ්ඩුවක් වුව ද වළපල්ලට රැගෙන යා හැකි ය. එසේ නම් අර්බුදයක දී කුමන්ත‍්‍රණය පිටතට වඩා ආණ්ඩු ඇතුළෙන් ම කි‍්‍රයාත්මක වීමේ ඉඩකඩ නැතුවා නොවේ.
වාසනාවකට මේවා සම්බන්ධයෙන් මැද තැනක සිට කල්පනා කර තීන්දු ගන්නා දේශපාලන චරිතයක් මේ ආණ්ඩුව සතුය. ඔහු නිහඬය. ආවාට ගියාට මාධ්‍යවල මතුවන්නේ ද නැත. අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කිරීමට නිතරම සුදානම්ය. හෙතෙම මාධ්‍ය සාකච්ඡාවකට වුව ද පැමිණෙන්නේ අත්‍යවශ්‍ය නම් පමණක් ය. එහෙත් ඔහු සතු දේශපාලන අත් දැකීම අමාත්‍යධුරයට වඩා දශක ගණනාවක් පැරණිය. ඔහු 1977 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මුල්කිරිගල ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්‍ෂකයා වූවේය. ඊටත් පෙර සිට ශී‍්‍ර.ල.නි.ප.ය හා සම්බන්ධතා පවත්වන මේ දේශපාලනඥයා ශී‍්‍ර ලංකා නිදහස් තරුණ සමිති සම්මේලනයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ එහි සභාපති ධූරය හොබවන ලද්දේ අනුර බණ්ඩාරනායක ය. එදා මෙදා තුර ලත් දේශපාලන අත්දැකීම් හා පන්නරය අද ඔහු වත්මන් ආණ්ඩුව අර්බුදයකට ලක්වන ඕනෑම මොහොතක සාර්ථක ලෙස කි‍්‍රයාවේ යෙදෙවෙන බව පෙනේ. මේ කතාකරන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ගැනය. ඔහුගේ අලූත්ම වික‍්‍රමය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නය සමථයකට පත් කිරීමය.
සාධාරණ තැනක සිට ප‍්‍රශ්න විසඳාගැනීම කාටත් හොඳයි
|
ඇත්තටම බැසිල් කොහොමද ඒක කළේ?
මේ අය කොහොමද හීලෑකර ගත්තේ.
කාටත් තිබෙන ප‍්‍රශ්නය ඒකය. මේ ආණ්ඩුවේ ”බැසිලියානු පිළිවෙත.” කි‍්‍රයාවට නැඟෙන්නේ තම සහෝදරයා ජනාධිපති වීමේ අනුහසින් නොවේය. අභියෝගාත්මක ව්‍යාපෘතිවලට අත ගසා ලැබූ සාර්ථකත්වය හා අත්දැකීම් හරහාය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව එකට බැඳ තැබෙන දැක්ම මහින්ද චින්තනය වුවද එකිනෙකට පරස්පර විරෝධී මතධාරී කණ්ඩායම් යා කෙරෙන දේශපාලන දම්වැල බැසිල් රාජපක්‍ෂය. මේ දම්වැල කඩා දැමීම විපක්ෂයේ ජයග‍්‍රහණයේ ආරම්භයක් ලෙස සටහන් විය හැකි වුවද ඊට ඉඩක් නොලැබෙන්නේද අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ නිසාමය.
ඔහු කළේ බත්මූණෙන් ඈත්මූණ බින්දා සේ වැඩකි. විරුද්ධවාදියා ගෞරවනීයව දිනා ගැනීමකි.
”මම ඔයාල කුමන්ත‍්‍රණ කාරයො කියල කියන්නෙ නෑ. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක අතකොළු කියල කියන්නෙත් නැහැ. ඒත් අපේ රටට එරෙහිවත් කුමන්ත‍්‍රණ කි‍්‍රයාත්මක වෙනවා. මේ වගේ වැඩ වර්ජන වුවද නොදැනුවත්වම ඒවායේ මෙවලම් වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ නිසා සාධාරණ තැනක ඉඳල අපේ ප‍්‍රශ්න විසඳගන්න එක කාටත් හොඳයි.’’
”අපි ආණ්ඩුවක් විදියට අධ්‍යාපනයට කරන වියදම ආයෝජනයක් විදියට සලකනවා. ඒ නිසා එය වැඩිවිය යුතු බව පිළිගන්නව. විශ්වවිද්‍යාල සේවය විශේෂ සේවාවක් විධියටත් දැනටමත් පිළිඅරගෙන තියෙන්නෙ. වැටුප වෙනුවෙන් කාල රාමුවක් සකස් කර ගනිමු.”
ඔහු සාකච්ඡාවට ප‍්‍රවේශයක් ගෙන තිබෙන්නේ මෙලෙසින්ය. බලයත් සමඟ ඔළුව ඉදිමෙන දේශපාලනය අපි දැක ඇත්තෙමු. සමහරුන් අද හැසිරෙන්නේ ලැබී තිබෙන බලය සදාකාලික යැයි සිතාගෙනය. අවසානයේ අත්හැරීමට සිදුවන දිනක සියල්ල ඛේදවාචකයකින් අවසන් වීමටද ඉඩ තිබේ. උගතුන්, නූගතුන්, සාමාන්‍ය ජනයා අබියස පාවිච්චි කරන වචන කතා කරන ශෛලිය, ප‍්‍රශ්නයට අවතීර්ණ වන නම්‍යශීලී රටාව දේශපාලනඥයෙකුට වැදගත්ය. කෙනකුගේ අනාගත දේශපාලනය වුවද තීරණය වන්නේද මෙවන් නිර්නායක හරහාය. අමාත්‍ය එස්. බී. දිසානායක, බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට විශ්ව විද්‍යාල ප‍්‍රශ්නයට මැදිහත් වීමට ආරාධනා කරන්නේම ඔහු ඊට සුදුසුම තෝරා ගැනීම ලෙස කල්පනා කළ නිසා විය හැකිය.
එස්. බී. ද එසේ මෙසේ කෙනෙක් නොවේ. ඔහුටද කරුණු කාරණා තේරේ. මේ රටේ විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රය අන්තවාදී දේශපාලනයේ ග‍්‍රහණයෙන් මුදාගනු ලැබුවේ එස්. බී. ය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය නිසා ආණ්ඩුවට අත්වීමට තිබූ අපකීර්තියක් වෙත්නම් ඉන් මේ රජය මුදාගනු ලැබුවේ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂය.
පසුගියදා අවසන් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය අවසානයේ මාධ්‍යකරුවෙක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට මෙවන් ප‍්‍රශ්නයක් යොමු කළේය.
‘‘ඔබට බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමා විශ්වාසද ?
”ඔව් මට බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා විශ්වාසයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට මා විශ්වාසයි.” වැඩිදුරටත් ආචාර්ය නිර්මාල් රංජිත් මෙසේ පැවසීය.
”බැසිල් ඇමතිතුමා සමඟ තිබ්බ සාකච්ඡාවේදී ඔහු කිව්වේ මගේ වචනය විශ්වාස කරන්න කියලයි. ඇත්තටම මට පෞද්ගලිකව බැසිල් ඇමතිවරයාගේ වචනය විශ්වාසයි. ඒක මගේ පෞද්ගලික විශ්වාසයයි. මම පෞද්ගලිකව අවදානමක් අරගෙන එම විශ්වාසයේ ඉන්නවා.” (13.10.2012 ලංකාදීප)
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි උපන්ගෙයි වාමාංශිකයෙකි. ඔහුට කියන්නේද ”වමා” කියලාය. පසුගිය සමයේ මේ ආණ්ඩුවේ සමහරුන්ට ඔහු හතුරෙකි, රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ කරුවෙකි. කාලකන්නියෙකි පැරණි කොටියෙකි. ඒ තරමටම නිර්මාල්ලාටද මේ ආණ්ඩුව වහකදුරු ගානය. මෙය ප‍්‍රගතිශීලී හම පොරවාගත් මූල්‍ය අරමුදලේ න්‍යාය පත‍්‍රයට යට වූ ප‍්‍රතිගාමී ආණ්ඩුවකි.
එහෙත් අවසානයේ සියල්ලම එක මතයකට පැමිණෙන්නේ කෙසේ ද ? වැඩ වර්ජනය පැවැති සමයේ ආචාර්ය නිර්මාල් රංජිත් නමැති ආණ්ඩුවේ සමහර අයගේ ද්‍රෝහියාට විශ්වාසදායකම දේශපාලනඥයා ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෙනුණේ කෙසේ ද ? මෙම පෙළ ගැස්ම වැඩ වර්ජනය අවසන් වන තැනට වර්ධනය වූයේ කෙසේද? හෙට දවසේ මේ ආණ්ඩුවේ සමහරුන්ට මෙම ”බැසිලියානු පිළිවෙත” දේශපාලන පාඩමක් ලෙස හැදැරීමට වුවද වටින්නේය.
වසන්තප‍්‍රිය රාමනායක