අභිමානවත් 69 වන නිදහස සැමරීම සිදු කරන මොහොතේ සිහිපත් කළ යුතු වීරයන් රාශියකි. එම වීරයන් අතර මෙවර නිදහස් දිනයේ විශේෂයෙන් අවධානය යොමු විය යුතු වීරයන් පිරිසක්ද සිටිති. සිය මාතෘ භූමියේ නිදහස උදෙසා කැපවීම හේතුවෙන් දේශද්‍රෝහීන් ලෙස නම් කරන ලද එහෙත් මෙරට ජනතාවගේ හදවත් තුළ සදානුස්මරණ ඔවුන් 1818 ඉංග්‍රීසින්ට විරුද්ධව නැඟී සිටි අභීත ලංකා පුත්‍රයෝ පිරිසකි.
ලොවම සසල කළ ඉංග්‍රීසින් ඉදිරියේ නොසැලී සිටි ඔවුන් නම් මොරණවිල කැප්පෙටිපොළ මහ දිසාවේ ප්‍රමුඛ කැරලි නායකයින් 19 දෙනෙකි. ඔවුන් දේශද්‍රෝහීන් කරනු ලැබුවේ මෙරට මහජනතාව නොව පරදේශික ඉංග්‍රීසින් විසිනි.
ඒ 1818 ජනවාරි මස 10 වන දින එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් නිකුත් කරන ලද අංක 851 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟිනි. ඉංග්‍රීසින්ගේ අයුක්ති සහගත පාලනයෙන් නිදහස්ව ස්වකීය මාතෘ භූමිය තුළ නිදහස්ව නිවහල්ව දිවිගෙවන්නට මෙරට ජනතාවට ඇති අයිතිය දිනා ගන්නට ඔවුහු සටන් කළහ.
නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1818 කැරැල්ලට සම්බන්ධ වී මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිතය පූජාකළ සහ දණ්ඩනයට පාත්‍රවූ කැරලි නායකයින් 19 දෙනෙකු දේශද්‍රෝහීන් බවට නම්කර තිබුඑම ඓතිහාසික වරද නිවැරදි කරමින් කැප්පෙටිපොළ මහ දිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, කතරගම මහ ඛෙත්ම රටේරාල, කතරගම කුඩා ඛෙත්ම රටේරාල, පළංගොල්ලේ මොහොට්ටාල, වන්නෙකාලේ මොහොට්ටාල, පොල්ගහගෙදර රෙහෙනරාල, පොසේරවත්තේ විදානෙ, කිවුලේගෙදර මොහොට්ටාල, කළුගමුවේ මොහොට්ටාල, උඩුමාදුර මොහොට්ටාල, කොහුකුඹුරේ වලව්වේ රටේරාල, කොහුකුඹුර වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේ රාල, භගිනිගහවෙල රටේරාල, මහබදුල්ලේ ගම්මානේ රටේරාල,බුලූපිටියේ මොහොට්ටාල,පල්ලේ මල්හෙයායේ ගම්තිරාලේ යන නායකයින් රෝම ලන්දේසි නීතිය යටතේම ජාතික වීරයන් ලෙස නම් කරන ලදී.
මෙම ජාතික වීරයන් නැවත නෛතිකව ජාතික වීරයන් බවට පත් කිරීමට අපට ගතවූ කාලය වසර දෙසීයකි. මේ තුළින් කියැවෙන්නේ අප සත්‍ය වශයෙන්ම ජාතික වීරයන් කෙරෙහි දක්වන සැලකිල්ල නොවේද? යන්න සිතා බැලීමට අප මනස වෙහෙසවීමට හොඳම දිනය මෙවර ජාතික නිදහස් දිනයයි.
1815 මාර්තු 2 වැනිදා ස්වදේශීය ප්‍රභූවරුන් හා ඉංග්‍රීසින් අතර ඇතිකරගත් ගිවිසුම් අනුව මෙරට ජනතාවටත් බුදු දහමටත් ඉංග්‍රීසින් විසින් ඉටු කළයුතු කරුණු කාරණා අන්තර්ගතවී තිබු,නමුත් 1815 ඉංග්‍රීසින් විසින් පොරොන්දුවූ දේවල් ඉටු නොකරන බවටත් හා ස්වදේශිකයන් මුළා වූ බවටත් අවබෝධ වීමට එතරම් කලක් ගතවූයේ නැත.
ඉංග්‍රීසින්ට විරුද්ධව ස්වදේශිකයන් ආරම්භ කළ පළමු කැරැල්ල 1818 දී ඇති වූ අතර කැරැල්ල දරුණු ස්වරූපයක් ගන්නා විට ඉංග්‍රීසීන් එය මර්දනය කිරීමට මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව ඇතුළු සේනාවක් පිටත් කරනු ලැබීය. එසේ කැප්පෙටිපොළ දිසාව මෙම කැරැල්ල මර්දනය කිරීමට එවීමට හේතුවූයේ එතුමා විසින් ගොඩනඟා ගෙන තිබූ යුදමය කීර්තිය හේතුවෙන් විය යුතුය.
නමුත් ඉංග්‍රීසි ආණුඩුකාරවරයාගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් කැරලි නායකයින්ගේ ඉල්ලීම් තේරුම් ගනිමින් එතුමා සිය සේනාව හා යුද උපකරණ ආපසු යවා කැරලිකරුවන්ට එක් විය. එය ඉංග්‍රීසින් ලැබූ පරාජයක් මෙන්ම කැරලිකරුවන් ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් වූයේ යුද උපාය පිළිබඳව හසල දැනුමක් කැප්පෙටිපොළ දිසාවේ වෙත තිබූ බැවිනි. කැප්පෙටිපොළ විරුවාණන් සිය උත්තුංග පෞරුෂය විදහාපාමින් තමන් සමඟ පැමි,එකදු ඉංග්‍රීසි ජාතික සෙබළෙකුට හෝ හානියක් නොකොට ඔවුන්ගේ අවි ආයුධත් සමඟ ආපසු පිටත් කර තිබේ.
එසේම ඔහු හා සටනට එන සිංහල නායකයින් සමඟ සුහදව කතාකර යථාර්ථය අවබෝධකර ගැනීමට තරම් නිහතමානි විය. තමන්ට පැවති සියලූ වරප්‍රසාද අතහැර දමා මාතෘ භූමියේ විමුක්තිය උදෙසා කැපවී ක්‍රියාකළේය. ඔහු හා පෙරමුණේ සටන් කළ අනෙකුත් විරුවන් ද කියා පෑවේ මාතෘ භූමියේ විමුක්තිය උදෙසා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නැඟී සිටීමට තරම් ඔවුන් සතුව පැවති ආත්ම අභිමානයයි.
මෙහිදී අප සිහිපත් කළ යුතු අනෙක් කරුණ වන්නේ උක්ත නායකයින් සමඟ අසාධාරණ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව නැඟී සිටි අනෙකුත් සියලූම ලංකා පුත්‍රයින්ය. ඔවුන් ද නමින් නොපතල නමුත් සිය මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සිය ජීවිතය පවා පූජාකරමින් සටන් කළෝය.
2016 දෙසැම්බර් 8 වන දින උක්ත නායකයින් 19 දෙනා වෙත පනවා තිබූ දේශද්‍රෝහී චෝදනාව ඉවත්කර ඔවුන් නැවත වීරයන් ලෙස නම් කරන ලදී. මේ සඳහා වසර 200කට ආසන්න කාලයක් ගතවීම මෙන්ම මෙරට නායකයින් රාජ්‍ය නායකත්වයට පත්වී බොහෝ කලක් ගතවීම සැබවින්ම ඛේදවාචකයකි. නමුත් එය ඔවුන්ට කරන ලද අපහාසයක් ලෙස සැලකීම උගහටය.
එසේ වන්නේ ඉංග්‍රීසින් විසින් ඔවුන් දේශද්‍රෝහින් කළ ද අපේජනතාවට ඔවුන් සෑම විටම ජාතික වීරයන් වූ බැවිනි.ඉංග්‍රීසින් විසින් නිකුත්කරන ලද ගැසට් පත්‍රය මෙරට මහජනතාව ඉදිරියේ හුදු නාමික ලියවිල්ලක් පමණක්ම විය. 1818 වර්ෂයේ සිට වර්තමානය දක්වාත් තවත් දිගු කලක් යන තුරුත් ඔවුන් අපේ මාතෘ භූමියේ වීරයන් ලෙසින් සෑම විටම ගරු බුහුමනට ලක්වීම කිසිවෙකුට වැළැක්වීමට හැකියාවක් නොමැති බව ප්‍රත්‍යකෂ කරුණකි.
නමුත් අප අවබෝධ කරගත යුතු කරුණු රාශියක් තිබේ. එනම් ඉංග්‍රීසින් විසින් සිදුකළ බොහෝ වැරදි තවමත් අප නිවැරදි කරගෙන නොමැති බවයි. එම වැරදි නිවැරදි කර ගැනීමට අප රටේ පාලකයින්, පූජ්‍ය පක්ෂය සහ මහජනතාව පෙරමුණ ගතයුතු වේ. මීට සියවස් දෙකකට පෙර අපේ ජනතාව මුහුණ දුන් ගැටලූවලට තවමත් අප මුහුණ දෙන බව විටක සිතේ. එනම් අදටත් ශ්‍රී ලංකාව විදේශිකයින් ඉදිරියේ ද,න් වැටීමයි. ඒ සඳහා නොයෙකුත් හේතු සාධක ඉදිරිපත් විය හැකිය.
අපේ ආර්ථීක ශක්තිය දුර්වල බව අපේ හැකියාවන් අවම බව අපට වඩා විදේශිකයින් දියුණු ජීවිත ගත කරන බව වැනි ශෝකාලාප නිරත්නරයෙන් අසන්නට ලැඛෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න මතුකළ යුතු පැනයකි. අප අන්‍යයන් හා සන්සන්දනය කිරීම තුළින උකටලී වීම හැර අන් කුමක් සිදුවේද? අප කළ යුත්තේ විදේශයන් අධ්‍යයනය කිරීමයි
එම රටවල තාක්ෂණය අධ්‍යයනය කිරීමයි. ඒ හරහා අපේ දුර්වලතාවන් බිඳ දැමීම නොවේද? ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ මාතෘභූමිය වෙනුවෙන් සැබැවින්ම කැපවුණ නායකයින් වේ. මේ ලංකාද්වීපය සිය සෞභාග්‍ය උදෙසා නායකයින් සොයන අවධියයි. එම නායකත්වය නිවසක නායකත්වය, ගමක,නගරයක නායකත්වයක් ලෙස සෑම තරාතිරමක නායකත්වයන් වෙත ආරෝපණය විය යුතු වේ.
ශ්‍රී ලංකාවට නායකයින් අවශ්‍ය කර තිඛෙන මොහොතක සෑම පුරවැසියකුම තමන්ගේ හා තම සමාජ කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කළ යුතු වේ. හුදු නාම මාත්‍රික ලියවිල්ලක් බවට පත් ඉංග්‍රීසි ගැසට් පත්‍රය අපට කියා දුන්නේ එම නායකත්වයේ අභිමානයයි. සැබෑ නායකයින් සැමදා විරුවන් වේ. ඔවුන් කළ මහා කැපකිරීම්වල ප්‍රතිලාභයන් මේ ධර තලයේ සෑම අයෙකුගේම හිත සුව පිණිස වේ. එබැවින් කාලයේ වැලි තලාවෙන් වැසී නොයන නිවැරදි නායකයින් දේශයට පහළ වීමට අවකාශය සලසා දීමට ඔබ අප කැප වීම යුගයේ අවශ්‍යතාව බවට පත්ව ඇත.