වෙනුෂා දැරියගේ දිවිනසා ගැනීමෙන් රත්වූ කුරුණෑගල

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ එකොළහ වසරේ ඉගෙනුම ලැබූ වෙනුෂා ඉමන්දි බණ්්ඩාර සිසුවිය ගෙල වැළලා ගැනීමෙන් සියදිවි හානිකර ගැනීම මේ දිනවල රටපුරා දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් වී ඇත.

මියයාමට පෙර ඇය පියාට ලිපියක් ලියාතිබූ අතර ඉන් අනාවරණය වූයේ තරුණ පරපුරේ උන්මාදයක් බවට පත්ව තිබෙන ‘‘ෆේස් බුක්’’ වෙබ් අඩවිය වෙනුෂිගේ මරණයට හේතුව වී ඇති බවය.

දුව සඳුදා පාසල් ගිහින් ඇවිත් කීවා තාත්තේ ප‍්‍රින්සිපල් අද මට පාසලේදී විශාල පිරිසක් ඉස්සරහා ලජ්ජා හිතෙන විදිහට බැන්නා කියලා. දුවගේ ෆේස්බුක් ගිණුමේ පාසලේ පින්තූර දාලා තිබුණ නිසා ප‍්‍රින්සිපල් බැන්න බවත් ඒ නිසා හිතට හරිම වේදනයි කියලත් දුව මාත් සමග පැවසුවා. ඒත් මෙහෙම අපරාධයක් දුව කරගනීවි කියලා නිකමටවත් සිතුවේ නැහැ.

මේ වෙනූෂාගේ පියාවන පටබැඳිවසම් බදුගේ අරුණසිරි මහතා (55) වෙනුෂාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවසූ දේය.

ෆේස්බුක් සිදුවීම මත කොතලාවල විදුහල්පතිවරයා බැණ වැදීම නිසා මේ ආකාරයට සියදිවි නසාගැනීමට සිතූ බව වෙනුෂා තම අවසන් ලිපියෙහි  සඳහන්කර තිබුණාය.

මේ සිදුවීම හරහා ෆේස් බුක් භාවිතය සම්බන්ධයෙන් සමාජය තුළ යළි කතිකාවතක් නිර්මාණය වූවා සේම පාසල්වල විදුහල්පතිවරුන්ගේ භූමිකාව සම්බන්ධයෙන්ද කතිකාවතක් නිර්මාණය වී ඇත.

මියගොස් ඇත්තේද දියණියන්ම තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දියණියයි. ඇගේ බාල නැගණියද කොතලාවල විදුහලේ අටවැනි වසරේ ඉගෙනුම ලබන්නීය.

උණහපුළුවාට උගේ පැටවා මැණිකක් සේ පෙනෙන්නාසේම මාපියන්ටද දරුවා සම්පතකි. මේ නිසාම තම දියණියගේ මරණය සම්බන්ධයෙන් කොතලාවල විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවට චෝදනාකරමින් උපවාසයකට පිවිසුනේය. ඒ අනුව ඔවුන් කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණය අසලට වී පසුගිය දින දෙකකදී උපවාසයෙහි යෙදී සිටියහ. මේ උපවාසය වෙනුෂාගේ මාපියන් සේම ඇගේ සොයුරියන් දෙදෙනාද තවත් පිරිසක්ද එක්ව සිටියහ.

සමන් ඉන්දරත්න මහතා විදුහල්පතිධූරයකට අවශ්‍ය සුදුසුකම් කිසිවක් සපුරා නැතිබවත් ඔහු වහාම විදුහල්පතිධූරයෙන් ඉවත්කොට වෙනුෂාගේ මරණය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස උපවාසකරුවෝ ඉල්ලා සිටියහ.
 
මියගිය වෙනුෂා සිසුවිය
 
වෙනුෂාගේ මව

මෙම උපවාසය පැවැත්වූ ස්ථානයට කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිමෙවන් පොඩිනිළමේ පැමිණි අවස්ථාවේදී ඉන්ද්‍රරත්න මහතාගේ පත්වීම දේශපාලන පත්වීමක් බැවින් ඔහු ඉවත්කර එම තනතුරට වෙනත් අයෙකු පත්කරන්නැයි උපවාස කරුවෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාගෙන් ඉල්ලා සිටියහ.

මේ අවස්ථාවේදී උපවාසයට සහාය දැක්වීමට එකතුවී සිටි බාහිර පුද්ගලයන් දෙදෙනකු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට දැඩි ලස දෝෂාරෝපණය කිරීම හේතුවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ එම පුද්ගලයන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය. මේ නිසා උපවාසකරුවන් සමග සාකච්ඡුා කිරීම පසෙක තබා සිරිමෙවන් මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

මේ උපවාසය පිළිබඳව අදහස් දක්වමින් පෙරපාසල් පාලිකාවකවන මියගිය වෙනුෂාගේ මව වූ ශිරානි ආරියලතා මහත්මිය එල්ල කළේ මෙවැනි චෝදනාවකි.
මගේ දරුවා මියයාමට පෙර ලියා තිබූ ලිපියෙන් දුවගේ මරණයට වගකිවයුත්තා විදුහල්පතිවරයා බව පැහැදිලිවම ඔප්පු වෙලා තිබුණා. නමුත් ඔහුට විරුද්ධව මේ වනතුරුත් නීතිය ක‍්‍රියාත්මක වෙලා නැහැ. අප ඉල්ලන්නේ දුවගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වලා මියගිය දුවට සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලයි.

ඒ වගේම මේ විදුහල්පතිවරයා වෙනුවට දරුවන් දිහා සානුකම්පිතව බලන්න පුළුවන් යහපත් විදුහල්පතිවරයෙක් පත්කරන්න කියලත්් අපි බලධාරින්ගෙන් ඉල්ලනවා. මගේ දරුවා මානසික රෝගියෙක් කියා ප‍්‍රචාරය කරලා මියගිය එයාගේ ආත්මය පවා මේ අය විනාශ කරලා දාලා ඉවරයි. ජීවත්වෙලා ඉඳිද්දී පාසලේදී අපහාස වින්දා මදිවාට මියගියාට පසුවත් අපහාසයට ලක්කරලා තිබෙනවා. අපේ දරුවාට සාධාරණයක් ඉටු වෙනකල් අප මේ සටන ගෙනියනවා.

මේ උපවාසයේදී කොතලාවල විදුහල්පතිවරයාට එරෙහිව නගා තිබූ චෝදනා වලට විරෝධය පළකරමින් එම විදුහලේ ආදි සිසුන් විශාල පිරිසක් මාපියන්ද සමග එක්ව උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම්වූ අවස්ථාවේදී කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මහතාගේ මැදිහත්වීමෙන් එම උද්ඝෝෂණය අත්හිටුවනු ලැබීය. පොලිසියේ ඉල්ලීමට ගරු කරමින් තමන් ඉවත්ව යනවා සේම විදුහලට එරෙහිව උපවාසයක යෙදී සිටින පිරිසද එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීම විය. එසේ නුවුවහොත් දෙපිරිස අතර ගැටුමක් ඇතිවේයැයි සිතූ පොලිසිය උපවාසකරවැන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටියද අධිකරණය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබුණි. මේ නිසා සිදුවූයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වංශනාථ මහතා සමග වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරි පිරිසක් ගොස් උපවාසකරුවන් සමග සාකච්ඡුා කොට එඟතාවයකට පැමිණීමෙන් අනතුරුව උපවාසය අතහැරීමට ඔවුන් එකඟවීමය.

එම එකඟතාවයට අනුව වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් අනුව මේ සිද්දිය පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා වයඹ පළාත් සභාවේ උසස් නිලධාරින් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්. තිලකරත්න මහතා පැවසුවේ

මේ මරණය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව වලින් කරුණු විමසා අපක්ෂපාති පරීක්ෂණයක් කරන බවද එහි තීන්දුවලට අනුව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත්ය.

කෙසේ වුවද මේ සිදුවීම හරහා දැඩි ආන්දෝලනාත්මක වාතාවරණයක් මේ වන විට කුරුණෑගල ප‍්‍රදේශය හරහා ගොඩනැගී තිබේ. වෙනුෂාගේ මරණයෙන් පසුව කොතලාවල විදුහල්පතිවරයාට එක් පිරිසකුත්, වෙනුෂා ගේ පවුලේ සාමාජිකයන් සමග තවත් පිරිසකුත් දෙපිළකට බෙදී එකිනෙකාට එරෙහිව පෙනී සිටින්නට පටන්ගෙන තිබේ.

වෙනුෂා මියයාමට පෙර ලියා තිබූ ලිපිය ඡුායාපිටපත් කොට එය කුරුණෑගල ප‍්‍රදේශය පුරා බෙදා හැරීමෙන්ද, මාධ්‍ය ආයතනවලට යැවීමෙන්ද විදුහල්පති ඉන්ද්‍රරත්න මහතාට එරෙහිව ප‍්‍රචාරයක් ගෙන යාමට පිරිසක් උත්සාහ දරුවද එයින් සිදුව තිබෙන්නේ මියගිය සිසුවියගේ ජීවිතය තව තවත් ඝාතනය වීම බව පැහැදිලිවම කිවයුතුය. එපමණක් නොව ඇයට ආදරයෙන්, කරුණාවනේ සැලකූ ගුරුවරුන් පිරිසකටද මේ ක‍්‍රියාවෙන් බරපතල හානියක් ගෙන දී තිබේ. මෙම ලිපිය බෙදා හැරීමේ අරමුණින් තවත් පැත්තකින් සිදුවූයේ විදුහල්පතිවරයාට වඩා සමස්ත විදුහලම අපකීර්තියට ලක්වීමය.

විදුහල්පතිවරයකුට හැසිරිය යුතු සීමාවක් තිබෙන බැවින් ඔහු එය තේරුම් නොගෙන කටයුතු කළානම් ඔහු තම වගකීම් පැහැර හැරිය අයකුවන බවද පැවසීය.
විදුහල්පතිවරයා පාසලේදී එවැනි ආකාරයට සැරපරුෂ ලෙස හැසිරුණානම් එය අනුමත නොකරන බවද විදුහල්පතිවරයකු කටයුතු කළ යුත්තේ විදුහල්පතිවරයකුට පැවරී ඇති සීමාවේ සිට බවත්, ඔහු හමුදාවක මෙන් ආඥාදායකයකු නොවිය යුතු බවත් මරණ පරීක්ෂණයේදී කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක දේශබන්දු ධර්මකීර්ති අමරසිංහ මහතාද ප‍්‍රකාශ කළේය.

මරණ පරීක්ෂකවරයා මෙහිදී තවත් වැදගත් අදහසක්ද ප‍්‍රකාශ කළේය.

නවීන තාක්ෂණය හරහා පැමිණෙන මේ ෆේස්බුක්, ජංගම දුරකථන වැනිදේ මුළු ලෝකයටම වගේම අපේ රටටත් මහා විනාශයක් ගෙන දී ඇතිබව මේ සිද්දියෙන් නැවත වරක් තහවුරු වුණා. මේ සිසුවියගේ මාපියන් තමන්ගේ දරුවා ගැන විමසිල්ලෙන් කටයුතු කළානම් මේ මරණය සිද්ධවෙන්නේ  නැහැ.

විදුහල්පතිවරයාට චෝදනා කරනවා වගේම තමන්ගේ අතිනුත් වරදක් වූ බව මාපියන්ද පිළිගත යුතුයි. එම නිසා සිවිල් නීතියක් ගෙනැවිත් හෝ පාසල් දරුවන්ට මේ විනාශකාරි දේවල් තහනම් කිරීමේ කාලය පැමිණ තිබෙනවා. ඒ වගේම මේ අවාසනාවන්ත සිදුවීම තමන්ගේ දරුවන් පිළිබඳව හොඳ අවධානයකින් සිටින ලෙස මාපියන්ට ලබාදුන් වැදගත් පණිවුඩයක් විදිහට සැලකන්නත් පුළුවන් යනුවෙන්ද අමරසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳව විදුහල්පති සමන් ඉන්ද්‍රරතන මහතාගෙන්ද විමසූ විට ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

මේ සිදුවීම හරහා මේ වනවිට මගේ චරිතය සම්පූර්ණයෙන්ම ඝාතනය කරලා අවසානයි. මරණ දැන්වීම්, අත්පත‍්‍රිකා වලින් පමණක් නොවෙයි, අන්තර් ජාලයෙන් පවා පිරිසක් මට විරුද්ධව අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් සිටිනවා. ඒ විතරක් නොවෙයි මට දුරකථයෙන් මරණ තර්ජන පවා එල්ලකරමින් සිටිනවා.

වෙනුෂා සිසුවියගේ මරණයට මා වගකිවයුතු බවට කරන චෝදනාව මා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා. මා ඇයට අවවාද කළේ පාසලට අගෞරවයක් වන විදිහට කටයුතු නොකරන ලෙසටයි. මා ඇයට පමණක් නොවෙයි විනය විරෝධීව හැසිරෙන තවත් සිසු සිසුවියන් පිරිසකටත් ඔය කියන දිනයේදී අවවාද කළා. මා විශාල පිරිසක් ඉදිරියේ ඇයට අවවාද කළා කියන සිදුවීම වුණේ මීට වසරකට පමණ පෙරයි. එහිදී මේ සිසුවියට පමණක් නොවෙයි තවත් වැරැුදි කළ සිසුසිසුවියන් ගණනාවකටම මා අවවාද කළා. හැබැයි පාසල් රැුස්වීමේදී ඔවුන් කැදෙව්වාට මා ඔවුන්ට අවවාද කළේ කාර්යාලයේදීයි. මේ කරුණ වැරදියට වටහාගන තමයි සමහරු මට නිකරුනේ චෝදනා කරන්නේ. ඒ ලිිපිය අවධානයෙන් කියවා බැලූවොත් මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා.

කොතලාවල විදුහලේ මාපියකු වන නාගොල්ලාගම පදිංචි සුනීතා අධිකාරී මහත්මිය මෙසේ ප‍්‍රකාශ කළාය.

”මගේ දියණියත් අධ්‍යාපනය ලබන්නේ මියගිය වෙනුෂා දුවගේ පන්තියට යාබද පන්තියෙයි. ඇයත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. අපේ දියණියත් හා සමානවම වෙනුෂා දියණියට අත්වූ ඉරණම ගැන මාපියන් වශයෙන් අපට දැඩි කනගාටුවක් තිබෙනවා. නමුත් මේ සිදුවීම මූලික කරගෙන විදුහල්පතිවරයාට පමණක් චෝදනා එල්ල කරනවාට අප මාපියන් විදිහට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

විදුහල්පතිවරයාට එරෙහිව පැවැත්වූ උපවාසය

විදුහල්පතිවරයා විදිහට ඔහු තමන්ගේ වගකීම ඉටුකර තිබෙනවා. මාපියන් විදිහට දරුවන්ගේ වගකීමෙන් වැඩි කොටසක් පැවරෙන්නේ අපටයි. දරුවන් ගැන හොඳ අවධානයෙන් හිඳිමින් ඔවුන්ට අවශ්‍ය ආදරය අප ලබාදෙනවා නම් දරුවෝ මානසිකව පිරිහෙන්නේ නැහැ. එම නිසා විදුහල්පතිවරයා වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඔහු නිර්දෝෂී බවයි අපේ පිළිගැනීම” යැයිද අධිකාරි මහත්මිය ප‍්‍රකාශ කළාය.

විදුහල්පතිවරයකුට හැසිරිය යුතු සීමාවක් තිබෙන බැවින් ඔහු එය තේරුම් නොගෙන කටයුතු කළානම් ඔහු තම වගකීම් පැහැර හැරිය අයකුවන බවද පැවසීය.
විදුහල්පතිවරයා පාසලේදී එවැනි ආකාරයට සැරපරුෂ ලෙස හැසිරුණානම් එය අනුමත නොකරන බවද විදුහල්පතිවරයකු කටයුතු කළ යුත්තේ විදුහල්පතිවරයකුට පැවරී ඇති සීමාවේ සිට බවත්, ඔහු හමුදාවක මෙන් ආඥාදායකයකු නොවිය යුතු බවත් මරණ පරීක්ෂණයේදී කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක දේශබන්දු ධර්මකීර්ති අමරසිංහ මහතාද ප‍්‍රකාශ කළේය.

මරණ පරීක්ෂකවරයා මෙහිදී තවත් වැදගත් අදහසක්ද ප‍්‍රකාශ කළේය.

නවීන තාක්ෂණය හරහා පැමිණෙන මේ ෆේස්බුක්, ජංගම දුරකථන වැනිදේ මුළු ලෝකයටම වගේම අපේ රටටත් මහා විනාශයක් ගෙන දී ඇතිබව මේ සිද්දියෙන් නැවත වරක් තහවුරු වුණා. මේ සිසුවියගේ මාපියන් තමන්ගේ දරුවා ගැන විමසිල්ලෙන් කටයුතු කළානම් මේ මරණය සිද්ධවෙන්නේ  නැහැ.

විදුහල්පතිවරයාට චෝදනා කරනවා වගේම තමන්ගේ අතිනුත් වරදක් වූ බව මාපියන්ද පිළිගත යුතුයි. එම නිසා සිවිල් නීතියක් ගෙනැවිත් හෝ පාසල් දරුවන්ට මේ විනාශකාරි දේවල් තහනම් කිරීමේ කාලය පැමිණ තිබෙනවා. ඒ වගේම මේ අවාසනාවන්ත සිදුවීම තමන්ගේ දරුවන් පිළිබඳව හොඳ අවධානයකින් සිටින ලෙස මාපියන්ට ලබාදුන් වැදගත් පණිවුඩයක් විදිහට සැලකන්නත් පුළුවන් යනුවෙන්ද අමරසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳව විදුහල්පති සමන් ඉන්ද්‍රරතන මහතාගෙන්ද විමසූ විට ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

මේ සිදුවීම හරහා මේ වනවිට මගේ චරිතය සම්පූර්ණයෙන්ම ඝාතනය කරලා අවසානයි. මරණ දැන්වීම්, අත්පත‍්‍රිකා වලින් පමණක් නොවෙයි, අන්තර් ජාලයෙන් පවා පිරිසක් මට විරුද්ධව අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් සිටිනවා. ඒ විතරක් නොවෙයි මට දුරකථයෙන් මරණ තර්ජන පවා එල්ලකරමින් සිටිනවා.
වෙනුෂා සිසුවියගේ මරණයට මා වගකිවයුතු බවට කරන චෝදනාව මා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා. මා ඇයට අවවාද කළේ පාසලට අගෞරවයක් වන විදිහට කටයුතු නොකරන ලෙසටයි. මා ඇයට පමණක් නොවෙයි විනය විරෝධීව හැසිරෙන තවත් සිසු සිසුවියන් පිරිසකටත් ඔය කියන දිනයේදී අවවාද කළා. මා විශාල පිරිසක් ඉදිරියේ ඇයට අවවාද කළා කියන සිදුවීම වුණේ මීට වසරකට පමණ පෙරයි. එහිදී මේ සිසුවියට පමණක් නොවෙයි තවත් වැරැදි කළ සිසුසිසුවියන් ගණනාවකටම මා අවවාද කළා. හැබැයි පාසල් රැස්වීමේදී ඔවුන් කැදෙව්වාට මා ඔවුන්ට අවවාද කළේ කාර්යාලයේදීයි. මේ කරුණ වැරදියට වටහාගන තමයි සමහරු මට නිකරුනේ චෝදනා කරන්නේ. ඒ ලිිපිය අවධානයෙන් කියවා බැලූවොත් මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා.