ඇවන්ගාඞ් සම්බන්ධයෙන් නිර්මාණය වූ ආන්දෝලනය තවමත් පහව ගොස් නැත. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අර්ථකථන දෙමින් සිටී. මේ ඒ සම්බන්ධයෙන් ඇවන්ගාඞ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා කියන කතාවය.
ප‍්‍රශ්නය : පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යළිත් ප‍්‍රශ්නයක් මතු කරලා තිබුණා.
පිළිතුර : හරියට කරුණු නොදැන තමයි ඔහොම කතා කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක් උඩ අපි සාමාජික රටක් විදිහට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මැඩ පැවැත්වීමට අපි උදව් කළා. ඒකට අපි බැඳිලා ඉන්නවා නීත්‍යානුකූලව. ඒගොල්ලන්ගේ නීතිය අනුව මේ පාවෙන අවි ගබඩාව ස්ථාපනය කරන්න පෙර මේක නාවික හමුදාව කළා. නමුත් එතැන අඩුපාඩු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති හා රෙගුලාසි නොදැන කටයුතු කිරීම නිසා ගොඩක් ප‍්‍රශ්න මතුවුණා.
ප‍්‍රශ්නය : ඔබ වගකීමෙන්ද කියන්නේ?
පිළිතුර : ඔව්. බොහොම වගකීමෙන් කියන්නේ. මං ළඟ ලිඛිත සාක්ෂි තියෙනවා. විශේෂයෙන්ම විවිධ වර්ගයේ අවි ආයුධ ආවට පස්සේ ඒවා අස්ථාන ගත වෙන්නත් පුළුවන්. ඒවා රට තුළට වැරදි මාර්ගයෙන් එන්නත් පුළුවන්. ඒක ඉතාම භයානකයි. මොකද ඒ අවි රට ඇතුළට ඇවිත්නේ තියෙන්නේ. ලෝකයේ කිසිම රටක ඒ අවි රට තුළට ගන්නේ නෑ. ඒ නිසා මේ ක‍්‍රියාදාමයේදී වැරදි වෙන්න බෑ. නමුත් එහෙම වැරදි වුණා. මේක දැන ගත්තාම ආරක්ෂක අමාත්‍යාංශය වහාම ක‍්‍රියාත්මක වුණා. නාවික හමුදාව තමන්ගේ අතින් ඒ වැරදි වුණා කියලා ලිඛිතව පිළිගත්තා. රට ඇතුළට එක එක ජාතියේ අවි එන එක විශාල ප‍්‍රශ්නයක් වුණා. ඊට පස්සේ තමයි ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කළේ මේක නාවික හමුදාවෙන් අයින් කරන්න. එහෙම අයින් කරලා මේක හරි විදියට කරන්නේ කොහොමද කියලා සැලසුම් කළා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රත්නාලංකා සමාගමට මේක බාර දෙන්න තීරණය කළේ ඊට පස්සේයි. එම ආයුධ ටික මුහුදට ගෙනගිහිල්ලා ඒවා තැන්පත් කරලා තියන්න ගබඩා පහසුකම් සපයන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා.
ප‍්‍රශ්නය : ඒ කියන්නේ නාවික හමුදාවේ අවි ඔබේ බාරයට දුන්නා.
පිළිතුර : නෑ. සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ අවි තියෙන්නේ වෙනදාටත් වැඩිය නාවික හමුදාව බාරයෙයි. නාවික හමුදාව තමයි මේ අවිවලට වග කියන්නේ. අවි නිකුත් කරන්නේ. අවි බාර ගන්නේ. ඒ අවිවල නිවැරදිතාවයට වග කියන්නේ. අපි කරන්නේ ගබඩා පහසුකම් දීම පමණයි. ඩොලර් මිලියන ගානක් වියදම් කරලා ඒ වෙනුවෙන් අපි නැවක් ගෙනාවා. එතැනදිත් තවත් මොනවා හරි වැරැුද්දක් වෙයි කියලා හිතලා තමයි අපි කරන වැඬේ අධීක්ෂණය කරන්න රත්නාලංකා සමාගමට බාර දුන්නේ. එතකොට මේ අවි අරගෙන මුහුදට යන එකයි එන එකයි අපි නොවෙයි කරන්නේ. ඒක කරන්නේ නාවික හමුදාවයි, රත්නාලංකා සමාගමයි. අපිට තියෙන්නේ මේකේ ලිපි ලේඛන කටයුතු කිරීම හා මුදල් එකතු කිරීමයි.
ප‍්‍රශ්නය : ආරක්ෂක නිලධාරීන් සපයන්නේ ඔබයි?
පිළිතුර : වැරදියි.
ප‍්‍රශ්නය : නමුත් විශ‍්‍රාමික නාවික නිලධාරීන් හා සෙබළුන් විශාල ප‍්‍රමාණයක් ඔබ ළඟ ඉන්නවා?
පිිිළිතුර : ඒ ඔක්කෝම අය රත්නාලංකා එකේ මිනිස්සු. මේ වැරදි කතා කියන්නේ. ඔය වගේම සෙබළු කියලා අපි ළඟ ඉන්නවා කියන්නේ. හරි එහෙම ඉන්නවා කියමු. එහෙම විශාල පිරිසකට රැුකියා දීම ජාතික අපරාධයක්ද? මේ රණවිරුවන් විශ‍්‍රාම ගියාට පස්සේ නාට්ටාමිලා බවට පත් කිරීමද හරි? පාතාලයට තල්ලූ කරන එකද හරි? ගස් ගෙඩි කඩන්න යවන්නද කියන්නේ? කුලියට මිනී මරන්න යවන එක හරිද? රටේ ඉන්න විශ‍්‍රාමික රණවිරුවන්ට රස්සාදීම ජාතික අපරාධයක් නම් ඒ දේශපාලනය මොකක්ද කියලා මටනම් තේරෙන්නේ නැහැ.
ප‍්‍රශ්නය : අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා මතු කරන්නේ පෞද්ගලික සමාගමක් සතුව අවි ගබඩා තිබීම ගැනයි.
පිළිතුර : ඒක එතුමගේ නොදන්නාකම. පුළුවන්නම් මං ළඟ එක අවියක් හරි තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා ඒ මහත්තයාට මම කියනවා. මේ අවි ඔක්කොම නාවික හමුදාව බාරයේ මුහුදේ තියෙන්නේ. මං ළඟ එක ටී පනස් හය වර්ගයේ අවියක් තිබෙනවද කියලා පුළුවන්නම් පෙන්වන්න. ඒවා ඔක්කොම නාවික හමුදාව බාරයේ තියෙන්නේ. මේක මේ මහත්වරුන් නොදැන කරන සංදර්ශන.
ප‍්‍රශ්නය : සෝමාලියා මුහුදු කොල්ලකරුවන් මැඩලීමේ ක‍්‍රියාන්විතයේ ඇවන්ගාඞ් සමාගම ඉන්නවා.
පිළිතුර : ඇවන්ගාඞ් විතරක් නොවෙයි. සමාගම් 24ක් ඉන්නවා. මමත් තව එක්කෙනෙක් විතරයි. ඒගොල්ලන්ගෙන් මමත් ගාඞ්ලා අරගෙන අවි අරගෙන මුහුදට ගිහින් තවත් සිකියුරිටි කොම්පැණියකට දෙනවා. නැවකට ආරක්ෂාව දෙනවා. බි‍්‍රතාන්‍ය රජයේ සැමී කියන ඕගනයිසේෂන් එක තමයි මැරිටයිට් කොම්පැනි සම්බන්ධයෙන් ප‍්‍රධාන වගකීම තියෙන්නේ. ඒ අය ලංකාවට ඇවිත් දීපු සහතිකය මොකක්ද? ඒ අය කියනවා ලංකාවේ පාවෙන අවි ගබඩාව ලෝකයේ තියෙන එකම තීන්‍යානුකූල පාවෙන අවි ගබඩාව කියලා. ඒ නිසාම ලෝකයට ආදර්ශයක් කියලා. ඒ වගේම මේකෙන් ලෝකයට එල්ලවන වෙනත් තර්ජන මැඩලන්න පුළුවන් කියලත් කියනවා. ලිඛිතව දීලා තියෙනවා. මේ විෂය පථය අනුර කුමාර දිසානායක මහත්තයා දන්නේ නැහැනේ. දේශපාලනය ගැන දන්නවා ඇති. එතුමා යුද ශිල්පය ඉගෙන ගෙන නෑනේ. යුද උපක‍්‍රම ඉගෙන ගෙන නෑනේ. යුද උපක‍්‍රම විද්‍යාව පිළිබඳව පොත් ලියල තියෙන්නේ යුද විශේෂඥයන්. ලෝකයේ තියෙන විශාලතම යුද හමුදා විද්‍යා පීඨවල ඉගෙන ගත්ත අද්මිරාල්වරුන් හා ජෙනරාල්වරුන්. තමයි අපේ මේ ව්‍යාපෘතිය සැලසුම් කළේ. එබඳු විශේෂඥයන් හදපු මේ සැලැස්ම වැරැුදියි කියන්න පුළුවන් ජගතා කවුද? මේවා ගැන සොයා බැලීමකින් තොරව කවුරු හරි ජාවාරම්කාරයෙක් කියන එකක් වගකීමකින් තොරව කීම මට අනුමත කරන්න බෑ.
ප‍්‍රශ්නය : ඔබ හදිසියේ විදේශගතවීම මේ වනවිට රටේ විශාල ආන්දෝලනයකට තුඩුදෙන සිදුවීමක් වෙලා.
පිළිතුර : ඔව්. මම ආපසු ලංකාවට ආවට පස්සේ මාධ්‍ය හරහා මම ඒක දැක්කා. සමහරු කියලා තිබුණා මම රටින් පැනලා ගිහින් කියලා. ඇයි මම එහෙම පැනල යන්නේ? මම කරපු වැරැුද්ද මොකක්ද?
ප‍්‍රශ්නය : ඔබ මෙවර විදේශගත වුණේ?
පිළිතුර : මම මෙවර ගියේ නයිජීරියාවට. ඒ රටට අදාළ අතිශයින්ම වැදගත් කාරණාවකට. මේ කාරණාව වෙනුවෙන් පසුගිය අවුරුදු එකහමාර තුළ මම විසි එක් පාරක් නයිජීරියාවට ගියා. එබොලා වසංගතය වේගයෙන් පැතිරී යමින් තිබියදී. ඒ නිසා මම එහෙ යන එක අනතුරුදායකයි කියලා හැමෝම කියද්දී මම ගියා.
ප‍්‍රශ්නය : මොකක්ද ඔය තරම් අතිශයින්ම වැදගත් කාරණාව?
පිළිතුර : සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රශ්නය තව අවුරුද්දකින් දෙකකින් ඉවරයි. අපේ පන්සියයක් පමණ පිරිසක් ඒ මෙහෙයුමේ තවමත් නිරතව ඉන්නවා. තව අවුරුද්දකින් දෙකකින් ඔය ප‍්‍රශ්නය ඉවර වුණාම අපට අලූත් තැනක් හොයා ගන්න වෙනවා. ඒක මම කලින්ම දැක්කා. ඇවන්ගාඞ් සංකල්පයේ අර්ථය තමයි අලූත් දේවල් සොයා යෑම. මම ඉන්නේ ඒ මාර්ගයේ. ඒ අනුව අපි අපේ රටේ වේග ප‍්‍රහාරක යාත‍්‍රා නිෂ්පාදනය කරලා නයිජීරියා නාවික හමුදාවට බාර දෙනවා. අවුරුදු එක හමාරක් නයිජීරියාවට ගිිහින් රුපියල් මිලියන 291ක් මගේ අතින් වියදම් කරගෙන මම කරපු ව්‍යාපෘතිය සාර්ථකයි. මේක නියාමන ව්‍යාපෘතියක්. නයිජීරියානු රජයෙන් මේ ව්‍යාපෘතිය බාර ගන්න රටවල් විසි හයක් ඉදිරිපත් වෙලා හිටියා. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය වගේ රටවල් පවා ඉදිරිපත් වෙලා හිටියා. නමුත් ඒ ව්‍යාපෘතිය දිනා ගන්න මම සමත් වුණා.
ප‍්‍රශ්නය : ඒ වගේ රටවල් එක්ක හැප්පිලා ඔබ කොහොමද මේ ව්‍යාපෘතිය දිනා ගත්තේ?
පිළිතුර : මම නයිජීරියානු රජයට පැහැදිලි කළා ඔය කිසිම රටක් තාම යුද්ධයක් ඉවර කරලා නෑ. යුද්ධය ඉවර කරපු එකම රට ශ්‍රී ලංකාව. අවුරුදු 30ක් මේ රටේ තිබුණ බිහිසුණු යුද්ධය ජය ගන්න භාවිතයට ගත් යුද්ධෝපක‍්‍රම හා යුද්ධායුද අපිම නිර්මාණය කර ගත්ත ඒවා. ඒවායින් තමයි අපි හොඳම ප‍්‍රතිඵලය ගත්තේ” කියලා. අපේ නාවික හමුදාව ගියා ඒ රටට මේ ගැන ”ප‍්‍රසන්ට්ටේෂන්ස්” කරන්න. අද්මිරාල් රොසයිරෝ මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් තමයි ඒ රටට ගියේ. ආණ්ඩුවෙන් නිසි අවසරය මේ සඳහා ලැබුණා. ඒ වෙලාවේ වැඩබලන විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා මැතිතුමා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මැතිතුමා, හමුදාපතිතුමා, නාවික හමුදාවේ නියෝජ්‍ය නාවික හමුදාපතිතුමා, බුද්ධි අංශ ප‍්‍රධානි ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව සාකච්ඡුාවලට සහභාගි වුණා.
ප‍්‍රශ්නය : ඒ රටෙන් කවුද සහභාගී වුණේ?
පිළිතුර : නයිජීරියාවේ ආරක්ෂක ඇමැතිතුමා, ඒ රටේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා, ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඒ සඳහා සහභාගි වුණා. අපේ රටට විතරයි දවස් දෙකක් ප‍්‍රසන්ට්ටේෂන්ස් සඳහා ඉඩ ලැබුණෙ. මේ පිළිබඳව ඒ රටේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මාධ්‍යයට කරලා තිබුණු ප‍්‍රකාශවලට විශාල ඉඩක් වෙන් කරලා තිබුණා. ඇත්තටම මම සතුටු වෙනවා අපේ විරෝධාර රණවිරුවන්ගේ කීර්තිනාමයට ඒ විදිහට වටිනාකමක් ලබාදීමට හැකිවීම ගැන.
ප‍්‍රශ්නය: ආරංචි විදිහට මෙම ව්‍යාපෘතියට ඩොලර් මිලියන තුනයි දශම පහක් ලැබෙනවා.
පිළිතුර : ඔව්. ඒක හරි. වේග ප‍්‍රහාරක යාත‍්‍රා දහසයක ඕඩර් එකක් අපට ලැබුණා. මේක පළමු නියාමන ව්‍යාපෘතිය. වේග ප‍්‍රහාරක යාත‍්‍රා දහසක් හැදීමේ ඇණවුම අපට ලැබිලා තියෙනවා.
ප‍්‍රශ්නය : මේ මුදල් ලැබෙන්නේ ඔබටද ආණ්ඩුවටද?
පිළිතුර : ඒ ප‍්‍රශ්නය ඉතාම වැදගත්. ඉස්සර අපට තිබුණේ තේ, පොල්, රබර් පිටරට යවලා ආදායමක් ලැබීමයි. ඊට පස්සේ ආවා ඇඟළුම් කම්හල්. දැන් ඒවා ඔක්කොම වැහීගෙන යනවා. ශ‍්‍රමය පිටරටට වික්කා. ඒකත් දැන් වැහීගෙන යනව. දැන් අපි කොහොමද විදේශ විනිමය හොයන්නේ? අපට ඉන්නේ යුද ශිල්පයේ අතිදක්ෂ රණවිරුවන්. ත‍්‍රස්තවාදයක් පරාජය කිරීමට යුද්ධෝපක‍්‍රම දන්න එකම ජාතිය අපි. මම මේ රටට ආදරෙයි. මම සැබෑ ශ්‍රී ලාංකිකයෙක්. මම මගේ රට වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම කරනවා. ඒක මගේ යුතුකම. සොල්දාදුවන් විශ‍්‍රාම ගියාම ඔවුන් ජීවත් වෙන්නේ කොහොමද? නොයෙක් අපරාධවලට ඔවුන් පෙළෙඹෙන්නේ ඒ සඳහා පරිසරයක් තියෙන නිසයි. රට වෙනුවෙන් අප‍්‍රමාණ කැප කිරීම් කරපු රණවිරුවන්ගේ ඒ ඉරණම වෙනස් කළ යුතුයි. මේ ව්‍යාපෘතියට මම යොමු වුණෙත් ඒ නිසයි. ලෝකයේම ප‍්‍රසිද්ධ, ඒ වගේම විශ්වාසය දිනාගත්ත සමාගමක් අපි. එහෙම විශ්වාසයක් නැත්නම් කිසිම රටක් කිසිම ආයතනයක් සමග ගනුදෙනු කරන්නේ නැහැ. ඒ විශ්වාසය අපට තියෙනවා. මේ වේග ප‍්‍රහාරක යාත‍්‍රා හදන්නේ නාවික හමුදාව ඇතුළේ. ඒ මුදල් ඒ නිසාම ලැබෙන්නේ නාවික හමුදාවට. අපේ සමාගමටත් යම්කිසි ආදායමක් ලැබෙනවා. එයිනුත් සියයට දහයක් මම රජයට දෙනවා. ඉතිරි මුදල් අපි යොදවන්නේ රණවිරුවන්ගේ සුබ සාධනයට. ඒ වගේම ඔවුන්ට රැකියා ලබාදීමට.
ප‍්‍රශ්නය : මේ ව්‍යාපෘතිය ඇයි කෙලින්ම නාවික හමුදාවට කරන්න බැරි?
පිළිතුර : කොයි රටේ හමුදාවටද පුළුවන් සෘජුව වෙළඳ ව්‍යාපාර කරන්න. ඒක කරන්න බෑ. රජයකට පුළුවන් උත්සාහ කරලා බලන ව්‍යාපෘතියකට මුදල් යොදවන්න. බැරිවෙලාවත් උත්සාහය අසාර්ථක වුණොත් ඒ මුදල්වල වගකීම බාර ගන්නේ කවුද? මම කරන්නේ අතරමැදියාගේ කාර්යභාරයයි. රටවල් 26ක් මේ සඳහා ඉදිරිපත් වුණා. ඒ ඔක්කොම රටවල් පරාජය කරලයි මම මේ ව්‍යාපෘතිය මගේ රටට ගත්තේ. යුද්ධෝපකරණ හදලා පිටරටකට අපි වික්කේ කවද්ද? අඩුම තරමේ ඇල්පෙනෙත්තක්වත් අපි හදනවද? මම ඒ ඉතිහාසය වෙනස් කළා. මම මේ පාර නයිජීරියාවට ගියාම ඒ රටේ බලධාරීන් මගෙන් ඉල්ලීමක් කළා ඒ රටේ නාවික හමුදාවේ නාවික නැව් නඩත්තු කිරීමේ වගකීම හා අවි ආයුධ නඩත්තු කිරීමේ වගකීම බාර ගන්න කියලා. ලෝකයේ කොහේද රටක නාවික හමුදාවක් නැව් නඩත්තු කිරීමේ වගකීම පෞද්ගලික අංශය දිනාගෙන තියෙන්නේ? අපි ගැන තියෙන විශ්වාසය නිසා දැන් ඒ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. වේග ප‍්‍රහාරක කුඩා බෝට්ටු ව්‍යාපෘතිය අපි කරන්නේ නයිජීරියාව එක්ක විතරක් නොවෙයි. ටෝගෝ, ඝානා, සෙනගල්, බෙනින්, කැමරූන් මේ රටවල් ඔක්කොම අපෙන් බෝට්ටු ගන්න කැමැත්ත ප‍්‍රකාශ කරලා තියෙන්නේ. බෝට්ටු දහසකට වැඩියෙන් අපට හදන්න වෙනවා.
මේ සමස්ත ව්‍යාපෘතියම ඩොලර් මිලියන තුන්සිය පන්නනවා. නාවික හමුදාවේ ඉඳල විශ‍්‍රාම ගිය තව 380 කට මම මේ හරහා රස්සා දෙනවා. ඉතිහාසයේ පළමු වරට නයිජීරියාවේ නාවික හමුදාව පුහුණු කරන්න මට බාර දුන්නා. ඒ පළමු කණ්ඩායම තව මාසයකින් ලංකාවට එනවා. විශ‍්‍රාමික රණවිරුවන් 8400කට වඩා වැඩි පිරිසකට මම ගොඩබිමේ රැුකියා අවස්ථා හදලා දීලා තියෙනවා. මේ බෝට්ටු ව්‍යාපෘතිය රස්සා 2000ක ව්‍යාපෘතියක්. ගල්ෆ් ඔෆ් ගිනිවල සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මැඩලන්න නයිජීරියා නාවික හමුදාවත් සමග සාකච්ඡුා කරලා ආරම්භ කරන්න සියලූ කටයුතු සැලසුම් කරලා තියෙන්නේ. එයින් රැුකියා 4000ක් බිහි වෙනවා. ඒක ඩොලර් මිලියන 500ක ව්‍යාපෘතියක්. මතක තියා ගන්න. මේ අවුරුද්ද අවසන් වෙනකොට ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් විසි දහසක් පමණ පිරිසක් විශ‍්‍රාම යනවා. මේ රණවිරුවන්ට වඩාත් යහපත් ආර්ථිකයක් හැදිය යුතුයි. ඔවුන් නොයෙක් විෂමාචාර ක‍්‍රියාවලට යොමු වෙන්නේ ඉගෙන ගත්ත යුද ශිල්පයෙන් ප‍්‍රයෝජනයක් ගන්න අවස්ථා නැති වුනාම තමයි. මේක බරපතළ සමාජ ප‍්‍රශ්නයක්. මගේ මේ ව්‍යාපෘති හරහා ඒ ප‍්‍රශ්නයට කල් පවත්නා හා ස්ථිරසාර විසඳුමක් ලැබෙනවා. ඒ නිසා මම කියනවා ”එන්න සාකච්ඡුා කරන්න. සියල්ල අකුරක් නෑර පරීක්ෂා කරන්න. කෙස් ගසක තරමේ වැරැුද්දක් මම කරලා තියෙනවද කියලා පෙන්වන්න කියලා මම සුහදව ආරාධනා නරනවා”.