ශ්‍රී මහා බෝධිය පේන මානයේ නළගනන් රඟ දෙන මහා මේලාවක්


30-page-01-Nim-2     

බුදු දහම ලංකාවට ව්‍යාප්ත වීමෙහිලා කේන්ද්‍රස්ථානය වූ, ජීවමාන බුදු දහමේ මුදුන් මල්කඩ පිහිටා තිබෙන අනුරාධපුර පූජා නගරයේ සිදු නොවිය යුතු දේ වර්තමානයේ සිදුවෙමින් පවතී.

 


අනු බුදු මිහිඳු මා හිමියන්ගේ ලංකා ගමනය556 අනුස්මරණය කෙරෙන පොසොන් පුර පසළොස්වක් පොහොය නිමිති කරගෙන අනුරාධපුරයට හා මිහින්තලයට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා දාන, ශිල, භාවනා වැඩ සටහන් ක‍්‍රියාත්මක කරනවා වෙනුවට, අනුරාධපුර මහ නගර සභාව සංවිධානත්වයෙන් පූජා නගරය අසල වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයේ ‘‘පුරවර උදානය’’ නමින් සැණකෙළියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙය පූජා නගරය අසළ පැවැත්වීමට කටයුතු කිරීම නගරවාසීන්ගේ මෙන්ම බැතිමතුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

30-page-01-Nim-1


දින 6ක් පුරා පැවැත්වෙන මෙම සැණකෙළියේ සෑම දිනකම රැුය පහන්වන තුරු සංගීත ප‍්‍රසංගයක් පැවැත්වෙන අතර, එහි ගැයෙන බයිලා සින්දුවලට රංගනයේ යෙදෙන නළඟනන් ශ්‍රී මහා බෝධියට පිටුපා සකස් කොට අති දැවැන්ත වේදිකාවේ රංගනයේ යෙදෙති. සැණකෙළි භූමියේ සූදූ ක‍්‍රීඩාවලට සමාන ක‍්‍රීඩාද පැවැත්වීමට නියමිතව ඇතැයි ද ඒ සඳහා නීත්‍යානුකූලව මුදල් ගෙවා බිම්කඩවල් වෙන්කරගෙන ඇති බවද සඳහන් කෙරේ.


මේ උද්‍යානයේ 30-page-01-Nim-6ඉදිරිපසින් පිහිටා ඇත්තේ අනුරාධපුර යුද හමුදා රෝහලය. පසුගිය යුද සමයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා හේතුවෙන් ප‍්‍රහාරවලට ලක්ව ප‍්‍රථිකාර ලබන සෙබළුන්ට අවශ්‍ය මානසික සුවය පවා මෙම සැණකෙළියෙන් පිටවන කර්කෂ ශබ්ද හේතුවෙන් නැතිව යනු ඇත.


පොසොන් සතිය නිමිති කරගෙන අනුරාධපුර නගරයේ සුරාසැල් වසා තිබුණත් එම සතිය පුරාවට නගරයේ දුම්වැටි අලෙවිය පවා නතර කිරීමට බලධාරීන් තීරණය කර තිබුණත්, පසුගිය වසරේ මෙන් මෙහි පැමිණෙන බොහෝ දෙනා මත්පැන් හා දුම්වැටි පානය කර සැණකෙළි භූමියේ සැරි සැරීම නතර නොවනු ඇති බව නගර වාසීන්ගේ මතයයි.


බොහෝ දෙනෙක් අනුරාධපුරයට පැමිණෙන්නේ මහ මෙවුනා උයනේ සිල් සමාදන් වී ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමටය. මෙම සැණකෙළියෙන් ලැබෙන ආදායමෙන් නගරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලීමට යැයි සඳහන් කරමින් නගර සභාව මඟින් පුවරු ප‍්‍රදර්ශනය කළත් නගර වැසියන් පවසන්නේ පූජා නගරය අසල මෙවැනි දේ අනුමත නොකරන බවය. එය අපේ ආගමික වටිනාකමට සංස්කෘතියට කෙතරම් ගැලපෙනවාද? යන්න ඉහළ අංශවල නිලධාරින් තවදුරටත් සිතා බැලිය යුතු නොවේද?

30-page-01-Nim-5

30-page-01-Nim-4

m.

 

මේ සැණකෙළිය තියෙන්නෙ පූජා නගර සීමාවෙ නෙවෙයි

 

සම්පත් රෝහණ ධර්මදාස නාගරික කොමසාරිස් අනුරාධපුර මහ නගර සභාව

 


අපි මේ සැණකෙළිය පවත්වන්නේ පූජා නගර සීමාව ඇතුළත නෙවෙයි. මම ඒක ඉතාම වගකීමෙන් කියනවා. මේක නව නගරයේ හරිස්චන්ද්‍ර උද්‍යානයේ තියෙන්නෙ. ඒ කියෙන්නෙ පූජා නගරය තියෙන්නේ මල්වතු ඔයෙන් එහා පැත්තෙනෙ. නව නගරය තියෙන්නෙ මෙහා පැත්තෙ, වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යනය කියන්නේ නව නගරයේ තියෙන විනෝදාත්මක කටයුතු සඳහා වෙන් කරලා තියෙන උද්‍යානයයි. ඒ උද්‍යානෙ තමයි මේ සැණකෙළිය පවත්වන්නෙ.


ඒත් එක්කම, මේ සැණකෙළිය පළවැනි වතාවට පවත්වන එකක් නෙවෙයි. මේක කාලාන්තරයක් තිස්සේ සෑම පොසොන් එකකම කරපු වැඩක්. අනිත් කාරණාව තමයි මේකෙන් ලැබෙන ආදායම අපි යොදවන්නේ පූජා නගරයේ සනීපාරක්‍ෂක කටයුතු, කසළ කළමනාකරණ කටයුතු සඳහාය. මේ කටයුතු කිරීමට අපිට වෙනත් ආයතනවලින් මුදල් ලැබෙන්නෙ නෑ. නගරසභාවෙන් ආදායම් උපදවලා තමයි අපි ඒ කටයුතු කරන්නෙ. පූජා නගරය නගරයෙන් එන ජනතාව වගේම බැහැරින් එන විශාල ජනතාවත් පරිහරණය කරනවා. මේ සම්බන්ධයෙන් නගර සභාවට ඇත්තටම වියදම දරාගන්න බෑ. ඒ වෙනුවෙන් සහ පූජා නගරයේ සුභසාධන කටයුතු සඳහා තමයි අපි මේ මුදල් යොදවන්නේ.


මේ සැණකෙළිය පවත්වනවට විරුද්ධව මේ වනතෙක් අපිට කිසිම විරෝධයක් එල්ල වෙලා නෑ. පොසොන් කමිටුව මගින් මේ සම්බන්ධව අපිට කොන්දේසි කිහිපයක් පැනෙව්වා. පළවැනි කොන්දේසිය තමයි පෝය දිනයේ මේ සැණකෙළිය පවත්වන්න එපා කියන එක. ඒ දිනය අපි සම්පූර්ණයෙන්ම යෙදෙව්වා බෞද්ධ නාට්‍ය සහ බැති ගී සංදර්ශනයක් පැවැත්වීමට. ඊළඟට කිව්වා සූදු වගේ ක‍්‍රීඩා මේකෙ ඇතුළෙ ක‍්‍රියාත්මක කරවන්න එපා කියලා. අපි ඉතාම වගකීමෙන් කියනවා අපි ඒ වගේ ක‍්‍රීඩා ක‍්‍රියාත්මක කරවන්නේ නෑ.


මම ඉතාම වගකීමෙන් කියනවා මේ සැණකෙළිය පැවැත්වෙන දින හය ඇතුළත මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කරන්න ඉඩ දෙන්නේ නෑ. එහෙම වුණොත් මම මේ තනතුරින් ඉල්ලා අස්වෙනවා.

mm